Saturday, March 23, 2019

AEC RFW coach from CTB Udubaddawa tourist depot

This photo was taken in 1965 in Kandy, Central, LK.
Click for the full size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Udubaddawa tourist depot, AEC RFW (standing for Regal Four Wide) Coach (23ශ්‍රී1437) in Kandy. -- 1965 වසරේ ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම / වත්මන් ශ්‍රී ලංගම) විශේෂ සංචාර සේවා ඇණිය සඳහා එංගලන්තයෙන් ආනයනය කර ඇති, උඩුබද්දාව විශේෂ සංචාර ඩිපෝවට අයත්ව තිබුණු AEC RFW වර්ගයේ බස් රථයක මහනුවරදී ලබාගන්නා ලද ඡායාරූපයකි. මෙම බස් එකල සංචාරකයන් ප්‍රවාහනය සඳහා යොදාගෙන ඇති අතර මේවායේ බඳ බ්‍රිතාන්‍ය AEC සමාගම මගින් නිමවා ඇත. එම සමාගම මගින් මෙම වර්ගයේ බස් රථ 15 ක් නිපදවා ඇති අතර එයින් 13 ක් ලංගම විශේෂ සංචාර ඇණිය සඳහා මිලදී ගෙන ඇත. එම රථ 23-1431 සිට 23-1443 අතර ලියාපදිංචි අංක ලැබී ඇත. මෙම බස් රථ වල එන්ජිම බසයේ මැද පිහිටා ඇති අතර එන්ජිමට අවශ්‍ය වාතාස්‍රය ලබාගැනීමට ඉදිරි රෝදයට පිටුපසින් ඇති සිදුර භාවිතා කර ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

7 comments:

  1. කියන්න කණගාටුයි,
    කෞතුකාගාරය ට යවන්න ඕන දේවල් අපේ අය අන්තිමට යැව්වේ යකඩ ගොඩට
    😕😕😕😕

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ.. අඩුම ගානේ මෙහෙ හදපු එකක් වත් නෑ බලා ගන්න

      Delete
  2. කටුබැද්ද සංචාරක ඩිපෝව බිහි උනේ 1980 ගනන්වල.මේ බස්රථය හිමිව තිබුනේ උඩබද්දාව ඩිපෝවේ.එහි ලාංචනය උනේ උව.

    ReplyDelete
    Replies
    1. පෑලියගොඩත් සංචාරක ඩිපෝවක් තිබිල තියෙනවා.. මේක උඩුබද්දාවේ කියල හොඳටම ෂුවර් ද?

      Delete
  3. මහනුවර පෙරහැර තිබුන කාලයක සංචාරකයන් පිරිසක් රැගෙනආ බස් 10කට වැඩි සංඛ්‍යාවක් මම දැක්කා.ඉන් කීපයක් අපේ ගමවූ දංගොල්ලේ තිබුන ලේඩිහිල් හෝටලයට ආවා.උව ලාංචනය නුපුරුදු නිසා මම එහි රියදුරු මතාගෙන් ඇසුවාට පසුවයි උඩබද්දාව ඩිපෝව ගැන දැනගත්තේ.ඔහු තමයි කිව්වේ මේ බස් තිබුනේ ඒවා තිබුනේ උඩබද්දාවේ පමණක් බව.මීට අමතරව සංචාරක සේවා සඳහා සාමාන්‍ය බස් කීපයකුත් තිබිලා තියෙනවා. පසුකාලීනව පෑලියගොඩ හෝ කටුබැද්දට අනුයුක්ත කලාද දන්නේ නැහැ

    ReplyDelete
  4. Dear Zacky, These buses carried the abbreviation (Depot name in short) as UVA in sinhala. UVA is Urugodawatta near Peliyagoda now called Orugodawatta. These buses were operated from this Urugodawatta tourist depot. Now CTB is running a filling station in thi location.

    ReplyDelete
  5. Me wargaye lankawe bus ekaka photo ekak mata internet eken hamba una.eka ewannam.

    ReplyDelete