Showing posts with label KS. Show all posts
Showing posts with label KS. Show all posts

Sunday, October 30, 2022

Jay bodied TATA LP 1210/52 bus from SLTB Kandy South depot

This photo was taken on 14 October 2022 in Kandy, Central LK using a Canon PowerShot SX620 HS
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB)  Kandy South depot, Jay bodied Tata LP 1210/52 bus (61-5053) in the depot premises. The bus, which was launched in 1992 under the then PTS Kalutara (Peoplized Transport Service), is made entirely in India. The body of the bus is manufactured by Jay coach builders. Later, this bus has been used as a staff transport bus at Ekala Lakdiwa workshop and has been given to Kandy South depot in 2022 based on passenger service requirements. At the time of taking the photograph in October 2022, the bus was ready to run from Kandy to Pilimathalawa. Photo by: Primal Madusanka -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ  (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වන ජායි බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1992 වසරේ එවකට කළුතර ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. පසුව ඒකල පිහිටි ලක්දිව වැඩපොළේ සේවක ප්‍රවාහන රථයක් ලෙස භාවිතා වී ඇති මෙම බස් රථය 2022 වසරේ මෙලෙස සේවා අවශ්‍යතා මත ශ්‍රී ලංගම මහනුවර දකුණ ඩිපෝව වෙත පවරා දී ඇත. 2022 වසරේ ඔක්තෝබර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මහනුවර සිට පිළිමතලාව බලා ධාවනයට සූදානම්ව තිබී ඇත. ඡායාරූපය: ප්‍රීමාල් මධුසංක. 

Technical Specifications
Make :- Tata Motors in India
Model :- LP 1210/52
Coach Builder :- Jay Coach Builders Ltd in India
Engine :- NA 692 DI (naturally aspirated ) 6 cylinders
Wheel Base :- 5195 mm
Steering type :- Normal
Year of Manufacturing :- 1992
SLTB type :- B
Received from:- SLTB Kalutara depot / Ekala Lakdiwa workshop 
Status :- In service

 Information as at 30.10.2022

Monday, October 17, 2022

Azad bodied Ashok Leyland Comet Minor bus from SLTB Kandy South

This photo was taken on May 4, 2012, in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy south depot, Azad bodied Ashok Leyland Comet Minor bus (KS 29 / 61-4882) at the Kandy good shade bus stand. Body built by Azad coach builders in India and acquired to the PTS Kandy South in 1992. Allocated for the services on a local route between Ratemulla and Kandy under the route number 640. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් මහනුවර ගුඩ් ෂෙඩ් බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 1992 වසරේ එවකට සීමාසහිත මහනුවර දකුණ ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. 2012 වසරේ මැයි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 640 යටතේ ගාල්තැන්න හරහා රටේමුල්ල හා මහනුවර අතර සේවාවන් සඳහා යොදවා තිබුණි.

Tuesday, December 21, 2021

SLTB breakdown service - Kandy South depot

This photo was taken on 11 February 2021 in Kandy, Central LK using a Xiaomi Mi 9T
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Kandy South depot, TATA LP 1210/36 breakdown service vehicle (KS 07 / 23ශ්‍රී9130) in the depot premises. SLCTB bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත්, ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1978 වසරේ ධාවනයට එක්වී ඇති ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත බස් රථයක් මෙලෙස ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Friday, February 19, 2021

SLCTB bodied TATA LPO 1210/55 bus from SLTB Kandy South depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full-size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Kandy south depot, SLCTB bodied TATA LPO 1210/55 bus (KS 20 / 23ශ්‍රී8636) in Kandy. The bus allocated to the SLCTB fleet in 1978. This photo was taken in 1981 while it was allocated for the services between Peradeniya and Akurana via Kandy under route number 652. Photo by: Dave Spencer -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග. ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත්, ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත ටාටා LPO 1210/55 වර්ගයේ බස් රථයක් 1981 වසරේ මහනුවර දී. 1978 වසරේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ පේරාදෙණිය, මහනුවර හරහා අකුරණ අතර ධාවනයට යොදවා ඇත්තේ මාර්ග අංක 652 යටතේය. B+ කාණ්ඩයට අයත් මෙම දිගින් වැඩි ටාටා වර්ගයේ බස් රථ, එවකට කඳුකර ප්‍රදේශවල නාගරික සේවා වෙනුවෙන් යොදවා තිබී ඇත. ඡායාරූපය: ඩේව් ස්පෙන්සර් මහතා.

Saturday, February 13, 2021

SLTB breakdown service - Kandy South depot

This photo was taken on 11 February 2021 in Kandy, Central LK using a Xiaomi Mi 9T
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Kandy South depot, TATA LP 1210/36 breakdown service vehicle (61-0536) in the depot premises. Ruby bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත්, ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1991 වසරේ ධාවනයට එක්වී ඇති රුබී බඳ සහිත බස් රථයක් මෙලෙස ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Friday, September 11, 2020

Ruby bodied TATA 1210/36 SLCTB edition bus from SLCTB Kandy South depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport board (SLCTB) Kandy South depot, Ruby bodied TATA LP 1210/36 SLCTB edition bus (KS 210 / 29ශ්‍රී1340) in Kandy. Built in India according to the SLCTB specifications and acquired to the SLTB fleet in 1980. Allocated for the services between Deltota and Kandy under the route number 633. Photo by: Dave Spencer -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම. ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වූ ටාටා LP 1210/36 රූබී බඳ සහිත බස් රථයක්, මහනුවර දී. 1980 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේදී නිමවා ඇත්තේ ශ්‍රීලංමගම සැලසුම් නිර්මාණයන්ට අනුවය. ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 633 යටතේ දෙල්තොට හා මහනුවර අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය ඩේව් ස්පෙන්සර්. 

Saturday, August 1, 2020

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Kandy South depot

This photo was taken on May 17, 2013, in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy South depot, Ashok Leyland Viking 222 Hinopower, bus (KS 131 / NA-3455) at Kandy. Acquired to the SLTB fleet in 2006. Allocated for the services between Jaffna and Kandy under the route number 43. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 Hinopower වර්ගයේ බස් රථයක් මහනුවර දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2013 වසරේ මැයි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 43 යටතේ මහනුවර හා යාපනය අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, December 24, 2019

Latec TATA LP 1210/52 bus from KBC Kandy south depot

This photo was taken in 2003, in Kandy, Central, LK.
Click for the full size picture.
Kandy bus company (KBC) Kandy south depot, Latec TATA LP 1210/52 bus (KS 172 / 61-7335) at Kandy in 2003. Playing on a local route between Pilimathalawa and Kandy. The image is copyright to the respective photographer. -- මහනුරව බස් සමාගමේ (ම. බ.ස.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වූ ලටෙක් ටාටා LP 1210/52 බස් රථයක් 2003 වසරේ මහනුවර දී. 1993 වසරේ ලටෙක් සමාගම මගින්, බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ එලස් කොට එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් වූ බස් රථයකි. ඉන් වසර 10 කට පසු මෙලෙස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය පිළිමතලාව හා මහනුවර අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Thursday, September 13, 2018

Ashok Leyland Viking Turbo 42 seater bus from SLTB Kandy south depot

This photo was taken on September 12, 2018 in Kandy, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy south depot, 42 seater Ashok Leyland Viking Tubro bus (KS 93 / NB-9869) near the Malwathu maha viharaya in Kandy. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වන ආසන 42 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් මහනුවර මල්වතු මහා විහාරය අසල දී. රථය මාර්ග අංක 694 යටතේ පස්ගම  සිට තලාතුඔය හරහා මහනුවර බලා ධාවනය වන අවස්ථාවකි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Monday, September 10, 2018

Sundaram bodied TATA LPO 1210/55 bus from SLCTB Kandy south depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Kandy south depot, Sundaram bodied TATA LPO 1210/55 bus (KS 202 / 29ශ්‍රී1563) playing on the route number 652 between Panideniya and Katugasthota in 1981. Photo by: Dave Spencer -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග. ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත්, සුන්දරම් බඳ සහිත ටාටා LPO 1210/55 වර්ගයේ බස් රථයක් 1981 වසරේ මහනුවර දී. රථය මාර්ග අංක 652 යටතේ පැණිදෙණිය හා කටුගස්තොට අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. B+ කාණ්ඩයට අයත් මෙම දිගින් වැඩි බස් රථ එවකට කඳුකර ප්‍රදේශවල නාගරික සේවා වෙනුවෙන් යොදවා තිබී ඇත. බස් රථ වල බඳ ශ්‍රී ලං.ම.ග.ම. සැලසුම් නිර්මාණයන්ට අනුව සුන්දරම් ඉන්ඩස්ට්‍රීස් සමාගම මගින් නිෂ්පාදිතය. ඡායාරූපය: ඩේව් ස්පෙන්සර් මහතා

Monday, August 27, 2018

Voll bodied Mercedes-Benz OP 312 bus from CTB Kandy south depot

This photo was taken on February, 1977 in  Kandy, Central, LK.
Click for the full size picture
Ceylon Transport Board (CTB / Now SLTB) Kandy south depot, Voll bodied Mercedes-Benz OP 312 bus (22ශ්‍රී1666) in Kandy in February 1977. Photo by:  Martin White. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වූ, ස්විස්ටර්ලන්තයේ වෝල් සමාගම මගින් එකලස් කල බඳකින් යුතු මර්සිඩීස් බෙන්ස් OP 312 වර්ගයේ බස් රථයක් 1977 වසරේ පෙබරවාරි මස මහනුවර දී. 1958 වසරේ ලංගම පිහිටුවීමට සමගාමීව මෙම බස් රථ ලංගම රථ ඇණිය හා එක්වී ඇත. කෙසේ වූවද ධාවනයට එක්වී වසර 19කට පසුවද මෙලෙස දැක ගැනීමට ලැබී ඇත. ඡායාරූපය : Martin White

Friday, March 30, 2018

CTB bodied TATA LP 1210/42 bus from SLCTB Kandy south depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Kandy south depot, CTB bodied TATA LP 1210/42 bus (KS 189 / 23ශ්‍රී7801) in Kandy. Photo by Dave Spencer. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වූ, ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ 1977 වසරේ මෙරටදී බඳ එකලස් කරන ලද ටාටා TATA LP 1210/42 වර්ගයේ බස් රථයක් මහනුවර දී. ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය දොඩම්වල හා මහනුවර අතර ධාවනයට යොදවා තිබී ඇත. ලංගම වර්ග කිරීම් වලට අනුව C කාණ්ඩයේ බස් රථයකි. ඡායාරූපය ඩේව් ස්පෙන්සර්.

Sunday, December 17, 2017

CTB bodied Mercedes-Benz LP322 bus from CTB Kandy South depot

This photo was taken in 1971 in Kandy, Central, LK.
Click for the full size picture.
Ceylon Transport Board (CTB) Kandy south depot, CTB bodied Mercedes-Benz LP322 bus (23ශ්‍රී0648) in Kandy. Acquired to the CTB fleet in 1963.  Pic by: Barry Wilkinson -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වන, ලංගම බඳ සැකසූ මර්සිඩීස් බෙන්ස් LP322 වර්ගයේ බස් රථයක් 1971 වසරේ මහනුවර නගරයේ දී.  (ඡායාරූපය: Barry Wilkinson)

Thursday, July 6, 2017

SLTB Breakdown Service (Kandy South depot)

This photo was taken on May 05, 2017 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy South depot Latec TATA 909 breakdown service vehicle (KS 85 / 61-9659) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත් ලටෙක් ටාටා 909 වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී.

Monday, May 15, 2017

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Kandy South depot

This photo was taken on May 05, 2017 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy South depot, 54 seater Ashok Leyland Viking Tubro bus (KS 18 / NC-2126) in the depot premises. This bus allocated to the Potuvil - Kandy service via route no 41. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය මාර්ග අංක 41 ඔස්සේ පොතුවිල හා මහනුවර අතර අර්ධ සුඛෝපබෝගී සේවා යටතේ ධාවනයට යෙදවූවකි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Friday, December 9, 2016

TATA 1210 ALLWYN bodied bus from SLTB Kandy South Depot

This photo was taken on February 04, 2016 in Raremulla, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on February 04, 2016 in Raremulla, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy South depot, TATA 1210 ALLWYN bodied bus (KS 80 / 60-6247) at Ratemulla. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මහනුවර දකුණ ඩිපෝවට අයත් ටාටා 1210 බස් රථයක් රටේමුල්ල බස් නැවතුමේ දී. මෙම බස් රථ සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති අතර බඳ (body) සකසා ඇත්තේ ඉන්දියාවේ ALLWYN සමාගම මගිනි. මෙම බස් 1980 දශකයේ අග භාගයේ ලංගම ට ලැබුණු රථ වේ. මෙම බස් රථ ලංගම වෙනුවෙන්ම විශේෂයෙන් නිපදවා ඇති අතර මෙහි තවත් විශේෂත්වයයක් නම් එක් ආසනයකට එක් ජනේලය බැගින් තිබීමයි. මෙම බස් වල මුල් වර්ණ වූයේ සුදු පසුබිමේ රතු සහ කොළ ඉරි වශයෙනි (ISUZU AUTO බස් වල මෙන්).

Side view -- පැති පෙනුම
This photo was taken on February 04, 2016 in Raremulla, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on February 04, 2016 in Raremulla, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on February 04, 2016 in Raremulla, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, October 12, 2016

TATA 1510 Ruby bodied bus from SLTB Kandy South depot

This photo was taken on March 18, 2016 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy south depot TATA 1510 ruby bodied bus (KS 41 / 63-4500) in Kandy. Playing on a local route from Udaperadeniya  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර දකුණ ඩිපෝවට අයත් ටාටා 1510 වර්ගයේ බස් රථයක් මහනුවර දී. 2000 වසරේ ශ්‍රී ලංගම හා එකතු වී ඇති මෙම බස් සම්පුර්ණයෙන්ම ඉන්දියාවෙන් ආනයනය කර ඇති අතර බඳ රුබී කෝච් සමාගමේ නිෂ්පාදිතය. රථය උඩපෙරාදෙණිය සිට මහනුවර බලා ධාවනය වන අවස්ථාවකි.

Tuesday, September 30, 2014

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Kandy south depot

This photo was taken on September 13, 2014 in Nuwara Eliya, central, LK, using a SAMSUNG SHW-M110S.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy south depot, Ashok Leyland Viking 210 Turbo bus (KS 149 / NB-1243) at Nuwara-Eliya. The bus acquired to the depot fleet in 2011 under a special leasing scheme. Allocated for the services between Badulla and Kandy under route number 47. Photo by: Naveen Darshana -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් නුවරඑළියේ දී. 2011 වසරේ අග භාගයේ දී, ඩිපෝව මගින් උපයා ගෙවීමේ පදනම මත මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 47 යටතේ බදුල්ල හා මහනුවර අතර (නුවරඑළිය, වැලිමඩ හරහා) ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: නවීන් දර්ශන

Friday, May 2, 2014

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Kandy south depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy south depot, Ruby bodied TATA LP 1510/52 bus  (NA-1301) at Katharagama. Rehabilitated in 2013 by the Kandy south depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් කතරගම දී. රූබී සමාගම මගින් ඉන්දියාවේ බඳ සකසා ඇති මෙම බස් රථය ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත්තේ  2005 වසරේය. පසුකාලීනව බඳ අබලන් වීම නිසා ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් මහනුවර දකුණ ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස අළුත්වැඩියා කර නැවත ධාවනයට එක් කර තිබේ.

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, March 9, 2014

Wesco ISUZU MT112 bus from SLTB Kandy South depot

This photo was taken on September 01, 2009 in Dodamwala, Kandy, Central, LK, using a Nokia N73.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy South depot, Wesco ISUZU MT112 bus (KS 53 / 62-8067) at Dodamwala. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd. Photo by Chanaka Ratnayake -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වූ වෙස්කො ඉසුසූ MT 112 බස් රථයක් දොඩම්වල දී. වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් මෙරටදී බඳ සැකසු මෙම බස් රථ මුල් කාලීනව වායුසමනය කල සුඛෝපභෝගී බස් රථ ලෙස ධාවනය විය. එහෙත් පසු කාලීනව වායුසමන යන්ත්‍ර අක්‍රීය වීමත් සමග නැවත සාමාන්‍ය සේවා සඳහා යෙදවුණි. සාමාන්‍ය ධාවනයේදී තනි දොර ප්‍රමාණවත් නොවුණු හෙයින් බොහොමයක් බස්රථ වල පිටුපස දොරක් ඩිපෝ මගින් සකසා ඇත. මෙම බස් රථයේ බඳ අලුත්වැඩියාවක් පසුකාලීනව, කළුදෑවල ප්‍රාදේශීය වැඩපොළ මගින් ද සිදු කර ඇත. කෙසේ වෙතත් මෙම බස් රථය වර්තමානයේ ධාවනයේ නොමැත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ දොඩම්වල හා මහනුවර අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූප  චානක රත්නායක

This photo was taken on September 01, 2009 in Dodamwala, Kandy, Central, LK, using a Nokia N73.
Click for the full size picture.