Showing posts with label typeAp. Show all posts
Showing posts with label typeAp. Show all posts

Sunday, June 30, 2024

Ex London Transport Leyland RTW Double-decker bus from CTB Maharagama depot

This photo was taken in 1977 in Maharagama, Western, LK.
Click for the full-size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Maharagama depot, (Ex London transport) Leyland RTW double decker bus (23ශ්‍රී2696) on the Highlevel road in1977 . This photo was taken while it was running under the route number 138 between Maharagama and Townhall. Even though it has been 11 years since it was put into service under the CTB, the bus is unique in its original appearance and a high state of maintenance. Photo by: John Miller. Courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත්ව තිබූ ලේලන්ඩ් RTW වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් 1977 වසරේ හයිලෙවල් මාර්ගයේ දී. රථය 1966 වසරේ ලංගමට ලැබී ඇත. London transport ආයතනයේ භාවිතා කල මෙම රථ පසුව ලංගම සඳහා මිලදී ගෙන ඇත. Leyland වර්ගයේ තට්ටු යොදාගෙන "London Transport" ආයතනයේ පිරිවිතරයන්ට අනුව, Park Royal Vehicles Ltd මගින් බඳ නිමවා ඇති මෙම බස් රථ ලන්ඩන් නගරයට ආවේණික සංඛේතයක් බඳුය. ලංගමට ලැබුණු RT වර්ගයේ දෙමහල් බස් රථ අතරින් මෙම රථය සුවිශේෂී වී ඇත්තේ මම රථය වසර ගණනක්ම එහි මුල් පෙනුමෙන් මෙන්ම මනා නඩත්තු තත්වයකින් පැවතීම නිසාය. ධාවනයට එක්වූ දින සිටම එකම සේවක මඩුල්ලක් යටතේ රථය පැවතීම එම සුවිශේෂී බවට හේතු වී ඇත. ධාවනයට එක්වී ඇති දින සිටම මාර්ග අංක 138 ආවරණය කර ඇති මෙම රථය මුල් අවධියේ බොරලැස්ගමුව - නුගේගොඩ බාලිකා පාසල් බස් රථය ලෙස සේවා සලසා ඇත. රථයේ අවසාන කාල සීමාවේ මාර්ග අංක 112 යටතේ ද ධාවනය වී ඇති බව සැලයි. කෙසේ නමුත් 1980 දශකයේ අග භාගයේ මේම බස් රථය ආන්දෝලනාත්මක ලෙස ධාවන තත්වයේ තිබියේදීම වෙන්දේසි කොට ඇති අතර රථය පිලිබඳ  එවකට පාර්ලිමේන්තුවේ පවා කථිකා වී ඇත. අවාසනාවට මෙන් වත්මන් ශ්‍රී ලංගම සතුව මෙම වර්ගයේ එක් බස් රථයක් හෝ නොමැත. අවිධ්මත් ලෙස වෙන්දේසි නොකිරුණි නම්, අද වන විට ලංගම දෙමහල් බස් රථ වංශකතාවේ අපූරු නියෝජනයක් වීමට මෙම රථයට හැකියාව තිබෙන්නට ඇත. ඡායාරූපය: John Miller. උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide. තොරතුරු සැපයීම: ප්‍රේම් පෙරේරා මහතා

Thursday, September 8, 2022

Ex London Transport Leyland RTL Double-decker bus from CTB Galle depot

This photo was taken in May 1972 in Galle, Southern, LK.
Click for the full-size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Galle depot, (Ex London transport) Leyland RTL double decker bus (23ශ්‍රී2762) in Galle. This photo was taken in May 1972 while it was allocated for the services between Dalawella and Galle. Photo by: John Shearman. Courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) ගාල්ල ඩිපෝවට අයත්ව තිබූ ලේලන්ඩ් RTL වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් ගාල්ලේ දී. London transport ආයතනයේ භාවිතා කල මෙම රථ පසුව ලංගම සඳහා මිලදී ගෙන ඇති අතර මෙම රථයේ එංගලන්ත ඇණි අංකය RTL 763 ලෙස වේ.  Leyland වර්ගයේ තට්ටු යොදාගෙන "London Transport" ආයතනයේ පිරිවිතරයන්ට අනුව බඳ නිමවා ඇති මෙම බස් රථ ලන්ඩන් නගරයට ආවේණික සංඛේතයක් බඳුය. අවාසනාවට මෙන් වත්මන් ශ්‍රී ලංගම සතුව මෙම වර්ගයේ එක් බස් රථයක් හෝ නොමැත. මෙම ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය දළවැල්ල හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබී ඇත. ඡායාරූපය: John Shearman. උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide.

Technical Specifications
Make :- Leyland
Model :- Titan RTL
Body By :- Park Royal in England
Steering system :- manual
Year of manufacture :- 1950
Year of registration in Sri Lanka: 1967 
SLTB type :- A+
Stats :- Withdrawn

Sunday, November 21, 2021

MCW Metro double decker buses from SLTB Maharagama depot

This photo was taken in 2008 in Maharagama, Western, LK.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, MCW (Metro Cammell Weymann) Metro double decker buses (MH 160 / NA-0773 and MH 177 / NA-0771) in the depot premises. Built by Metro Cammell Weymann in 1988. Provided to the SLTB as a Tsunami aid by the British Government in 2005. The two buses were parked at the depot when the photo was taken in 2008 and both were allocated to route number 112 (Kotahena - Maharagama). The NA-0773 bus has now been transferred to the Polonnaruwa depot. Photo by: Andy Izatt  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වී ඇති MCW වර්ගයේ තට්ටු දෙකේ බස් රථ ද්විත්වයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1988 වසරේ බ්‍රිතාන්‍ය Metro Cammell Weymann සමාගම මගින් නිමවා ඇති මෙම බස් රථ 2005 වසරේ ශ්‍රී ලංගමට ලැබී ඇත්තේ බ්‍රිතාන්‍ය රජය විසින් ලබාදෙන සුනාමි ආධාරයක් වශයෙනි. ඒ යටතේ මෙම වර්ගයේ බස් රථ 14 ක් ලැබී ඇති අතර වෙනත් වර්ග වලින් බස් රථ 2ක් ලැබී ඇත. මහරගම ඩිපෝවට ලැබී ඇති මෙම බස් රථ ද්විත්වය 2008 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබී ඇති අතර ඒවා ධාවනය කරවා ඇත්තේ මාර්ග අංක 112 යටතේ කොටහේන හා මහරගම අතරය. NA-0773 බස් රථය පසුකාලීනව ශ්‍රී ලංගම පොළොන්නරුව ඩිපෝව වෙත මාරු කර යවා ඇති අතර NA-0771 බස් රථය ධාවනයෙන් ඉවත් වී ඇත. ඡායාරූපය:  Andy Izatt.

Our previous article on the NA-0773 bus operating under the SLTB Polonnaruwa depot. -- ශ්‍රී ලං.ග.ම. පොලොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන NA-0773 බස් රථය පිලිබඳ අප පෙර පළ ලිපිය.


Saturday, October 19, 2013

MCW Metro double decker bus from SLTB Yatinuwara depot

This photo was taken on February 11, 2021, in Kadugannawa, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Yatinuwara depot, MCW Metrobus (NA- 0768) in the depot premises. Built by Metro Cammell Weymann in 1987. Provided to the SLTB as a Tsunami aid by the British Government in 2005. Rehabilitated by the SLTB Ekala Workshop in 2021. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යටිනුවර ඩිපෝවට අයත් MCW Metrobus වර්ගයේ දෙමහල් බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ  දී. 1987 වසරේ බ්‍රිතාන්‍ය Metro Cammell Weymann සමාගම මගින් නිමවා ඇති මෙම බස් රථය 2005 වසරේ ශ්‍රී ලංගමට ලැබී ඇත්තේ බ්‍රිතාන්‍ය රජය විසින් ලබාදෙන සුනාමි ආධාරයක් වශයෙනි. ඒ යටතේ මෙම වර්ගයේ බස් රථ 14 ක් ලැබී ඇති අතර වෙනත් වර්ග වලින් බස් රථ 2ක් ලැබී ඇත. මුලින් රත්මලාන ඩිපෝවට ලැබී ඇති මෙම බස් රථය පසුකාලීනව මෙලෙස යටිනුවර ඩිපෝවට ඒවා ඇත්තේ යටිනුවර ඩිපෝව සතුව තිබුණු 60ශ්‍රී6640 දරණ ලේලන්ඩ් රූට්මාස්ටර් වර්ගයේ බස් රථය විශේෂ ව්‍යාපෘතියක් වෙනුවෙන් රතමලාන ඩිපෝවට පවරා ගෙන ඇති නිසාය. එලෙස ලැබුණු බස් රථය කලක් මාර්ග අංක 690 යටතේ කඩුගන්නාව හා මහනුවර අතර ධාවනය වී ඇති අතර 2014 වසරේ කාර්මික හේතු මත ධාවනයෙන් ඉවත්ව ඇත. පසුව කළුදෑවල ලංගම වැඩපොලටත්, ඒකල ලක්දිව වැඩපොළටත් යැවුණු බස් රථය 2021 වසරේ මෙලෙස පුනරුත්ථාපනය කර ධාවනයට එක් කර ඇත්තේ  බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේය.


 This bus in August 2013 -- 2013 වසරේ අගෝස්තු මස ලබාගත් ඡායාරූප 
This photo was taken on August 29, 2013, in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Interior of the bus (upper deck) -- බස් රථයේ ඇතුලත (ඉහල තට්ටුව)
This photo was taken on August 29, 2013, in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Last update: 11 February 2021 -- අවසන් යාවත්කාලීනය: 2021 පෙබරවාරි 11

Sunday, February 24, 2013

Park Royal bodied AEC Routemaster Double-decker bus from SLTB Maharagama depot

This photo was taken on February 20, 2013, in Maharagama depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot ex London Transport Routemaster double-decker bus (MH 48 / 60ශ්‍රී6605) in the depot premises. Body built by Park Royal Vehicles. Acquired to the Srilangama fleet in 1988 as an aid by the United Kingdom. At the time of taking the photo in February 2013, the bus was parked in the engineering section of the depot for repairs. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත් රූට්මාස්ටර් වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයේම එංගලන්තයේ නිෂ්පාදිත මෙම බස් රථ මුල් කාලීනව ලන්ඩන් ට්‍රාන්ස්පෝර්ට් යටතේ (ex London Transport) සේවය සපයා පසුව ආධාරයක් වශයෙන් 1988 වසරේ ශ්‍රීලංගම හා එක්වී ඇත.  ඒ යටතේ මෙම වර්ගයේ බස් රථ 50 ක් ලංගමට ලැබී ඇත. මෙම බස් රථයක මගීන් 64 දෙනෙකුට ගමන් පහසුව සලසාගත හැක. 2013 වසරේ පෙබරවාරි මස ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් ඩිපෝ ඉංජිනේරු අංශයට ගෙනැවිත් තිබුණු අතර ඉතා ඉක්මනින් ධාවනයට සැපයීමට නියමිත බව ඩිපෝ ඉංජිනේරුතුමන් අප සමඟ පැවසීය.

20 January 2021 update -- 2021 ජනවාරි 20 යාවත්කාලීනය
This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Later, this bus was repaired and under the year-end repair project of 2020, it has been repaired and made operational. The photo was taken while it was parked near the Galle face green in Colombo under the year-end repair project. After the relevant repairs, the bus was used for temporary coverage of the Route No. 122.-- පසුකාලීනව මෙම බස් රථය අලුත්වැඩියා කර ධාවනයට සැපයූ අතර 2020 වසරේ දී වර්ෂ අවසාන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ ද අලුත්වැඩියා කර ධාවනයට සපයන ලදී. 2020 වසරේ දෙසැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ අලුත්වැඩියාවෙන් පසු කොළඹ ගාළුමුවදොර පිටිය අසල ප්‍රදර්ශනය වෙනුවෙන් නවතා තිබුණි. අදාළ අළුත්වැඩියාවන්ගෙන් පසු බස් රථය මාර්ග අංක 122 යටතේ අවිස්සාවේල්ල හා මහරගම අතර තාවකාලික ගමන්වාර ආවරණය වෙනුවෙන් යොදවා තිබුණි.