Showing posts with label JohnS. Show all posts
Showing posts with label JohnS. Show all posts

Thursday, September 8, 2022

Ex London Transport Leyland RTL Double-decker bus from CTB Galle depot

This photo was taken in May 1972 in Galle, Southern, LK.
Click for the full-size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Galle depot, (Ex London transport) Leyland RTL double decker bus (23ශ්‍රී2762) in Galle. This photo was taken in May 1972 while it was allocated for the services between Dalawella and Galle. Photo by: John Shearman. Courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) ගාල්ල ඩිපෝවට අයත්ව තිබූ ලේලන්ඩ් RTL වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් ගාල්ලේ දී. London transport ආයතනයේ භාවිතා කල මෙම රථ පසුව ලංගම සඳහා මිලදී ගෙන ඇති අතර මෙම රථයේ එංගලන්ත ඇණි අංකය RTL 763 ලෙස වේ.  Leyland වර්ගයේ තට්ටු යොදාගෙන "London Transport" ආයතනයේ පිරිවිතරයන්ට අනුව බඳ නිමවා ඇති මෙම බස් රථ ලන්ඩන් නගරයට ආවේණික සංඛේතයක් බඳුය. අවාසනාවට මෙන් වත්මන් ශ්‍රී ලංගම සතුව මෙම වර්ගයේ එක් බස් රථයක් හෝ නොමැත. මෙම ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය දළවැල්ල හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබී ඇත. ඡායාරූපය: John Shearman. උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide.

Technical Specifications
Make :- Leyland
Model :- Titan RTL
Body By :- Park Royal in England
Steering system :- manual
Year of manufacture :- 1950
Year of registration in Sri Lanka: 1967 
SLTB type :- A+
Stats :- Withdrawn

Friday, October 2, 2020

Ex London Transport Leyland RTL Double-decker bus from CTB Jaffna depot

This photo was taken in 1972 in Jaffna, Northern, LK.
Click for the full-size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Jaffna depot, (Ex London transport) Leyland RTL double decker bus (22ශ්‍රී2692) in Jaffna. This photo was taken in 1972 while it was running under the route number 764 between Jaffna and Palaly. Photo by: John Shearman. Courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) යාපනය ඩිපෝවට අයත්ව තිබූ ලේලන්ඩ් RTL වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් යාපනයේ දී. රථය 1959 වසරේ ලංගමට ලැබී ඇත. London transport ආයතනයේ භාවිතා කල මෙම රථ පසුව ලංගම සඳහා මිලදී ගෙන ඇත. Leyland වර්ගයේ තට්ටු යොදාගෙන "London Transport" ආයතනයේ පිරිවිතරයන්ට අනුව බඳ නිමවා ඇති මෙම බස් රථ ලන්ඩන් නගරයට ආවේණික සංඛේතයක් බඳුය. අවාසනාවට මෙන් වත්මන් ශ්‍රී ලංගම සතුව මෙම වර්ගයේ එක් බස් රථයක් හෝ නොමැත. මෙම ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 764 යටතේ යාපනය හා පළාලි අතර ධාවනයට යොදවා තිබී ඇත. ඡායාරූපය: John Shearman. උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide.

Sunday, December 22, 2013

Leyland Tiger OPS buses from CTB Kandy region -- මහනුවර අවට තිබුණු "යකා බස්"

This photo was taken in 1972 in Kandy, Central, LK.
Click for the full size picture.
CTB (Ceylon Transport Board, Now SLTB) Leyland Tiger OPS bus (23ශ්‍රී0294) in Kandy. This photo was taken in 1972 by Mr. John Shearman. Allocated for the services between Penideniya and Katugastota. Photo courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide.  -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම., වත්මන් ශ්‍රී ලං.ග.ම.) යටතේ ධාවනය වූ 1962 වසරේ නිෂ්පාදිත ලේලන්ඩ් ටයිගර් OPS බස් රථයක් මහනුවරදී. එකල මෙම බස් රථ වැඩි වශයෙන්ම තිබී ඇත්තේ මහනුවර ප්‍රාදේශිකය ආශ්‍රිතව වන අතර ජනතාව අතර "යකා බස්" යන අනුවර්ත නාමයෙන්ද ප්‍රචලිතව තිබී ඇත. ආසන 32 කින් සමන්විත වී ඇති මෙම වර්ගයේ බස් රථ 20ක් 1962 වසරේ ලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1972 වසරේ ජෝන් ෂර්මන් මහතා විසින් මහනුවර නගරයේ දීය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ පැණිදෙනිය හා කටුගස්තොට අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide.

Another Leyland OPS bus follows an Austin Lorry at Peradeniya (Photo by: Mr. Robert Kingsford-Smith / Photo courtesy: "Lanka Railway Digest", Volume 2- Issue 2) -- තවත් ලේලන්ඩ් OPS බස් රථයක් පේරාදෙණියේ දී ඔස්ටින් වර්ගයේ ලොරි රථයකට පිටුපසින්. ඡායාරූපය රොබට් කිංග්ස්ෆර්ඩ් මහතා විසින් ලබාගන්නා ලද්දකි.
This photo was taken in 1974 in Kandy, Central, LK.
Click for the full size picture.

Friday, September 21, 2012

CTB bodied Austin 830 WF lorry bus from CTB Maharagama depot

This photo was taken in 1971 in Maharagama, Western, LK.
Click for the full size picture.
Ceylon Transport Board (CTB) Maharagma depot, CTB bodied Austin 830WF lorry bus (23ශ්‍රී4989) near the depot. This model was actually a truck chassis but CTB had quite a number built as buses (Photo by: John Shearman)  -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වූ ඔස්ටින් 830 WF වර්ගයේ ලොරි බස් රථයකි. රථය මාර්ග අංක 110 යටතේ මහරගම හා පිළියන්දල අතර ධාවනයට යොදවා තිබී ඇත. 1970 දශකයේ මුල් භාගයේ  පුද්ගලික අංශය විසින් ගෙන්වූ ලොරි තට්ටු (chassis) තොගයක් රජයට පවරාගෙන ලංගම වැඩපොළ වල දී බඳ සකසා ලංගම යටතේ මගී ප්‍රවාහනයට එක් කර ඇත. ලොරි තට්ටුවක් යොදාගෙන නිපදවා ඇති නිසා ගැස්සෙන සුළු බස් රථයක් බව අත්දැකීම් ඇත අය කියති. පසුකාලීනව ඇතිවූ අමතර කොටස් ගැටළු නිසා ලංගම මගින් මෙම බස් වෙන්දේසියට නියම කර ඇති අතර පුද්ගලක අංශය විසින් මිලදී ගෙන ඇතැම් බස් නැවත ලොරි ලෙස භාවිතා වී ඇත. කෙසේ වූවද 1990 දශකයේ අග භාගය දක්වාම මෙම වර්ගයේ බස් රථ ධාවනය වී ඇති බවට සාක්ෂි තිබේ. (ඡායාරූපය:  John Shearman)