Showing posts with label PN. Show all posts
Showing posts with label PN. Show all posts

Thursday, January 25, 2024

SLCTB bodied Ashok Leyland Viking 210 bus from SLCTB Panadura depot

This photo was taken in 1981 in Colombo, Western, LK.
Click for the full-size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Panadura depot, SLCTB bodied Ashok Leyland Viking 210 bus (23ශ්‍රී8480) in Colombo. The body of the bus was built by the SLCTB Ekala Workshop and allocated for the services in 1978. This photo was taken in 1981 while it was playing to panadura from Pettah under route number 100.  Photo by: Dave Spencer. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම.ග.ම.) පානදුර ඩිපෝව යටතේ ධාවනය වූ, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ ඒකල මධ්‍යම වැඩපොළ යටතේ බඳ එකලස් කර 1978 වසරේ ධාවනයට එක්ල කරන ලද අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් කොළඹ දී. 1981 වසරේ ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය මාර්ග අංක 100 යටතේ පිටකොටුව සිට පානදුර බලා ධාවනය වී ඇත. ලංගම වර්ග කිරීම් වලට අනුව B+ කාණ්ඩයේ බස් රථයකි. ඡායාරූපය: ඩේව් ස්පෙන්සර් මහතා.

Wednesday, August 4, 2021

Latec TATA LP 1510/52 bus from SLTB Panadura depot

This photo was taken on September 15, 2014, in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Panadura depot, Latec TATA LP 1510/52 bus (PN 59 / GD-6904) in the depot premises. Body built by Latec with Duple Metsec (UK) and acquired to the depot fleet in 2000. . -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පානදුර ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේ ලටෙක් සමාගම මගින්, බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ,  (පුද්ගලීකරණය කල) ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ එකලස් කර, එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් කර ඇත. 2014 වසරේ සැප්තැම්බර් මස ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ අතිරේක බස් රථයක් ලෙස භාවිතයට ගැනුණි. 

Saturday, June 15, 2019

Ashok Leyland Lynx D type bus from SLTB Panadura depot

This photo was taken on July 26, 2017 in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Panadura depot, Ashok Leyland Lynx D type bus (PN 107 / NB-7565) at Panadura. Allocated for a school services between Panadura and Bandaragama. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පානදුර ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් Lynx වර්ගයේ බස් රථයක් පානදුර දී. රථය පානදුර හා බණ්ඩාරගම අතර පාසල් ධාවන වාරයක් වෙනුවෙන් යොදවා තිබුණි. 2013 වසරේ ධාවනයට එක් වී ඇති බස් රථයකි.

Thursday, April 19, 2018

Wesco ISUZU MT 111 L semi luxury bus from KLBC Panadura depot

This photo was taken in 2000 in Bambalapitiya, Western, LK.
Click for the full size picture.
Kalutara Bus Company (K.L.B.C. / Now SLTB) Panadura depot Wesco ISUZU MT111 L semi luxury bus (PN 151 / 62-4302) playing on the Galle road (under route no. 100 from Pettah to Panadura) at Bambalapitiya. The image is copyright to the respective photographer -- කළුතර බස් සමාගමේ (ක. බ. ස / වත්මන් ශ්‍රී ලං. ග. ම.) පානදුර ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT 111 වර්ගයේ අර්ධසුඛෝපබෝගී බස් රථයක් 2000 වසරේ බම්බලපිටියේ දී. ඡායාරූපය ලබාගනන්නා අවස්ථාවේ මාර්ග අංක 100 යටතේ පිටකොටුවේ සිට පානදුර බලා ධාවනයට යොදවා ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය

Monday, August 21, 2017

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Panadura depot

This photo was taken on April 28, 2016 in Wewaldeniya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Panadura depot, Ashok Leyland Viking Tubro 54 seater  bus (PN 94 / NB-4932) at Wewaldeniya. The bus allocated to the Teldeniya 17 Panadura service via Kandy. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පානදුර ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් වේවැල්දෙණියේදී.  රථය මාර්ග අංක 17 යටතේ තෙල්දෙණිය හා පානදුර අතර (මහනුවර හරහා) ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

This photo was taken on April 28, 2016 in Wewaldeniya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, January 27, 2016

Ex London Transport Leyland RTL Double-decker bus from CTB Panadura depot

This photo was taken on February 02, 1974 in Colombo, Western, LK.
Click on the image for full size picture.
Ceylon Transport Board (CTB) Panadura depot, ex London Transport Leyland RTL double-decker bus (පාන 45 / 22ශ්‍රී3239) near the Dickman's road post office in Colombo. Playing on route no. 106 Panadura - Kotahena. (Pic by: Trevor Rowe / Photo courtesy: RTW 501 (Les) on flickr) -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම) පානදුර ඩිපෝව යටතේ මාර්ග අංක 106 න් පානදුර සිට කොටහේන බලා ධාවනය වන Leyland RTL වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් කොළඹ ඩික්මන් පාරේ තැපැල් කාර්යාලය ඉදිරිපිට දී. 1960 දශකයේ මුල භාගයේ ලංගමට ලැබී ඇති මෙම තට්ටු දෙකේ බස් රථ ලන්ඩනයේ ධාවනය වී පසුව ලැබුණු ඒවාය. මුලින් ලංගම රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වී 1969 වසරේ පානදුර ඩිපෝවට අනියුක්ත වී ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1974 වසරේ පෙබරවාරි මස 2වන දිනය. (ඡායාරූපය: ට්‍රේවර් රෝව් මහතා / උපුටා ගැනීම flickr අඩවියෙන්)

Thursday, September 10, 2015

Repowered Ashok Leyland Hinopower bus from SLTB Panadura depot

This photo was taken on September 09, 2015 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Panadura depot, Ashok Leyland Viking Hinopower bus (PN 120 / NA-1218) playing on the Galle road. This bus repowered with an Ashok Leyland Turbo engine. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පානදුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් මාර්ග අංක 133 යටතේ ගල්කිස්ස බලා ධාවනය වන අවස්ථාවක බම්බලපිටියේ දී. 2005 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වී ඇති මෙම බස් රථය ම. බ. ක. ඩිපෝව යටතේ සේවයට එක් වී ඇත. පසුකාලීනව අශෝක් ලේලන්ඩ් ටර්බෝ එන්ජිමක් ආධාරයෙන් නැවත බල ගන්වා තිබේ.

Wednesday, August 26, 2015

Ashok Leyland Viking bus from SLTB Panadura depot

This photo was taken on March 22, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.
Sri Lanka Transport board (S.L.T.B) Panadura depot, Ashok Leyland viking  TVS bodied bus (63-3212) playing on the Route 400 Kaluthara - Colombo in March 2012. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පානදුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් මාර්ග අංක 400 යටතේ කොළඹ සිට කළුතර බලා ධාවනය වෙමින්. 2012 වසරේ මාර්තු මස ලබාගෙන ඇති මෙම ඡායාරූපයේ ඇති බොහෝ දෑ මේ වන විට වෙනස් වී ඇත. ශ්‍රී ලංගම වෙනුවෙන් නව බස් රථ ලැබී ඇති බැවින්, මෙවැනි 63- කාණ්ඩයේ ලියාපදිංචි බස් රථ මේ වනවිට නගරාන්තර සේවා වල ධාවනය නොවේ. මේ වන විට මෙවන් බස් රථ කෙටි ධාවනයන්ට සීමා වී ඇත. තවද ගාලුපාරේ මිලාගිරිය සහ වැල්ලවත්ත අතර මෙම කොටස ඒක් දිශාවකට පමණක් ධාවනය කල හැකි පරිදි යාවත්කාලීන කර ඇති නිසා මේ දිශාවට මේ වන විට වාහන ධාවනය වීමක් සිදු නොවේ. මෙම ස්ථානයේ ඇති බස් නැවතුමද දැන් එහි නොමැත.

Tuesday, July 14, 2015

Wesco ISUZU MT 112 L Luxury bus from K B C Panadura depot

This photo was taken in 2003 in Panadura, Western, LK.
Click for the full-size picture.
Kalutara Bus Company (KLBC / Now SLTB) Panadura depot, Wesco ISUZU MT112 L luxury bus (PN 161 / 63-1348) at the Panadura bus stand. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd and acquired to the fleet in 1999. Allocated for the luxury services between Panadura and Colombo under route number 100. The photo is copyright to the respective photographer. Photo courtesy: Ceylon bus circle. -- කළුතර බස් සමාගමේ (ක. බ. ස / වත්මන් ශ්‍රී ලං. ග. ම.) පානදුර ඩිපෝව යටතේ ධාවනය වූ වෙස්කෝ ඉසුසූ MT 112 වර්ගයේ සුඛෝපබෝගී බස් රථයක් 2003 වසරේ පානදුර බස් නැවතුමේ දී. වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1999 වසරේ කළුතර බස් සමාගම යටතේ ධාවනයට එක් වූ බස් රථයකි. ඡායාරූපය ලබාගෙන ඇති අවස්ථාවේ මාර්ග අංක 100 යටතේ පානදුර හා කොළඹ අතර සුඛෝපබෝගී සේවා වෙනුවෙන් යොදවා ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. ඡායාරූපය උපුටා ගැනීම: ලංකා බස් කවය.

Friday, June 19, 2015

SLTB breakdown service - Panadura depot

This photo was taken on September 15, 2014, in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Panadura depot, Leyland Comet breakdown Service vehicle (23ශ්‍රී0979) in the depot premises. CTB bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පානදුර ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1964 වසරේ ධාවනයට එක්වී ඇති ලංගම බඳ සහිත බස් රථයක් මෙලෙස කාර්මික සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Tuesday, February 17, 2015

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Panadura depot

This photo was taken on February 16, 2015 in Panadura, Western, LK, using a SAMSUNG SHW-M110S.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Panadura depot, 54 seater Ashok Leyalnd Viking 210 Turbo bus (PN 96 / NB-9440) at Panadura. Acquired to the SLTB fleet in 2014. Photo by: Naveen Darshana. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) පානදුර ඩිපෝවට අයත්, ආසන 54 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් පානදුර දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2014 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත්තේ බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ය. ඡායාරූපය: නවීන් දර්ශන

Monday, October 13, 2014

SLTB breakdown service - Panadura depot

This photo was taken on September 15, 2014 in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on September 15, 2014 in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Panadura depot, Leyland Comet breakdown service vehicle (23ශ්‍රී0978) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පානදුර ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1964 වසරේ ධාවනයට එක්වී ඇති ලංගම බඳ සහිත බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Sunday, September 28, 2014

SLTB supply division - Panadura depot

This photo was taken on September 15, 2014 in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Panadura depot, Leyland Comet supply service vehicle (26ශ්‍රී7293) in the depot premises. CTB bodied bus converted as the supply service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පානදුර ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1962 වසරේ ධාවනයට එක් වූ ලංගම බඳ සහිත බස් රථයක් මෙලෙස සම්පාදන සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත. රථය නැවත ලියාපදිංචියේ දී 26ශ්‍රී7293 දරණ ලියාපදිංචි අංකය ලැබී ඇත.

Monday, September 15, 2014

Nissan Diesel UD - UA440KAN City bus from SLTB Panadura depot

This photo was taken on September 15, 2014 in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Panadura depot, Nissan Diesel UD - UA440KAN city bus (NA-1963) in the depot premises. Acquired to the SLTB in 2005 as a Tsunami aid from the Japanese Government. Rehabilitated by the Panadura depot in 2014 and allocated for the services between Panadura and Matara on the southern Expressway. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පානදුර ඩිපෝවට අයත් නිසාන් ඩීසල් UD - UA440KAN වර්ගයට අයත් බස් අයත් බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබී ඇති මෙම බස් රථය 1995 වසරේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් රජයේ ආධාර වශයෙන් 2005 වසරේ ශ්‍රී ලංගමට ලැබී ඇත. ඒ යටතේද මෙම නිසාන් ඩීසල් වර්ගයෙන් ලැබී ඇත්තේ මෙම රථය පමණි. පසුකාලීනව ධාවනයන් සීමාකර තිබී ඇති රථය, පානදුර ඩිපෝ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කොට තිබේ. පුනරුත්ථාපනයේ දී රථයේ වායුසමන පද්ධතිය ද අලුත්වැඩියා කොට තිබීම විශේෂත්වයකි. වර්තමානයේ දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පානදුර හා මාතර අතර ධාවනයට යොදවා ඇත. ඩිපෝවේ සියළු දෙනාගේ උත්සාහයෙන් යලි ජවය ලැබුණු මෙම අපූරු බස් රථයට "උත්සාහය" යන අනුවර්ථ නාමය ලබා දී ඇත.

This photo was taken on September 15, 2014 in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Interior of the Bus -- අධි සුඛෝපබෝගී ධාවනයට අවශ්‍ය ලෙස අලුත්වැඩියා කෙරුණු රථයේ ඇතුලත.
This photo was taken on September 15, 2014 in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
This photo was taken on September 15, 2014 in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Sunday, November 10, 2013

New Ashok Leyland Viking AC luxury bus from SLTB Panadura depot

Sri Lanka Transport Board (SLTB) Panadura depot, Ashok Leyland Viking AC (AZAD body) luxury bus playing to Colombo on E03 (Katunayake) Express way. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) පානදුර ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් අසාඩ් බඳ සහිත සුඛෝපබෝගී බස් රථයක් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ දී. රථය අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ බලා ධාවනය වෙමින්. ශ්‍රී ලංගම කළුතර ප්‍රාදේශීකයේ සුඛෝපබෝගී බස් රථ සහිත ප්‍රථම ඩිපෝව බවට මේ අනුව පානදුර ඩිපෝව පත් වෙනවා.

Thursday, October 10, 2013

SRILANGAMA bodied Ashok Leyland Viking bus from SLTB Panadura depot

This photo was taken on October 10, 2013  in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Panadura depot, SRILANGAMA bodied Ashok Leyalnd Viking  bus (PN 98 / 60ශ්‍රී5801) at Panadura bus stand. One of the last batch of Werahara bodied SLTB buses built in 1988. Allocated with a local service between Ratugettuwa and Panadura. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පානදුර ඩිපෝව යටතේ ධාවනය වන, ශ්‍රීලංගම බඳ සැකසු අශෝක් ලේලන්ඩ් බස් රථයකි. ශ්‍රීලංගම යටතේ වේරහැර වැඩපොළේ බඳ නිෂ්පාදනය කළ අවසන් බස් රථ කාණ්ඩය වන්නේ මේවාය. 1988 වසරේ ශ්‍රී ලංගම රථ ඇණියට එකතු වී ඇත. වසර 25 ක සේවා කාලය සේවා කාලය සම්පූර්ණ කල තැන මෙලෙස පානදුර හා රතු ගේට්ටුව අතර කෙටි ධාවනයට යොදවා ඇත.

This photo was taken on October 10, 2013 in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, July 27, 2013

Ketawatta Panadura Bus service from SLTB Panadura depot -- පානදුර කැටවත්ත බස් සේවය

This photo was taken on July 23, 2013 in Beragala, Badulla, Uva, LK
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Panadura Depot Ashok Leyland Viking Brij body bus (PN 83 / NA-1124). The Bus running under route 64 Panadura- Ketawatta via Badulla. (Pic by: Naveen Darshana) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) පානදුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. මෙම බස්රථය මාර්ග අංක 64 ඔස්සේ පානදුර හා කැටවත්ත අතර ධාවනය බදුල්ල හරහාය. වසර 49 ක් පුරා අකණ්ඩව ධාවනය වන මෙම අපූරු බස් සේවය පිලිබඳ රසවත් කතා පුවතක් ඇත. එම කතා පුවත දිවයින පුවත්පතේ තිලක් පුෂ්පකුමාර සටහන් කර තිබුනේ මෙසේය.


Saturday, February 4, 2012

Ruby bodied TATA 1510c bus from SLTB panadura depot

This photo was taken on January 12, 2012 in Kollupitiya, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Panadura depot, Ruby bodied TATA 1510c bus (PN 19 / NA-4731) at Bambalapitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) පානදුර ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා 1510c වර්ගයේ බස් රථයක් බම්බලප්ටියෙදී. රථය මාර්ග අංක 100 යටතේ පානදුර බලා ධාවනය වන අවස්ථාවකි. 2006 වසරේ ලංගම රථ ඇණිය හා එක්වූ බස් රථයකි.