Showing posts with label TAC_Kalutara. Show all posts
Showing posts with label TAC_Kalutara. Show all posts

Friday, October 8, 2021

Ruby bodied TATA LP 1510/36 bus from SLTB Central Training School

This photo was taken on June 17, 2020, in Kalutara, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara central training school, Ruby bodied TATA LP 1510/36 bus (GI-0482) at the Basic training premises of the school of driving training. The bus, which came into service in 2001, is made entirely in India. This photo was taken in June 2020 while it was resting in the DTS premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර මධ්‍යම අභ්‍යාස විද්‍යලය යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/36 බස් රථයක් මධ්‍යම අභ්‍යාස විද්‍යාලයේ මූලික රියදුරු පුහුණු ඉගැන්වීම් පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති බස් රථය 2001 වසරේ ධාවනයට එක්වී ඇත. 2020 වසරේ ජුනි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මධ්‍යම අභ්‍යාස විද්‍යල පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. 

Friday, April 9, 2021

AZAD bodied Ashok Leyland Viking 193 bus from SLTB Talents Amelioration center, Kalutara

This photo was taken on June 17, 2020, in Kalutara, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara central training school (Talents Amelioration center) owned, AZAD bodied Ashok Leyland Viking 193 bus (63-3600) at the driver training school premises. This bus was given to the CMBC Meethotamulla depot in the year 2000 and later handed over to the Central Training College shortly after. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර මධ්‍යම අභ්‍යාස විද්‍යාලය යටතේ රියදුරු පුහුණුව සඳහා යොදා ගැනෙන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් මධ්‍යම අභ්‍යාස විද්‍යාලයේ රියදුරු පුහුණු පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති රථයේ බඳ නිපදවා ඇත්තේ අසාඩ් කොච් බිල්ඩර්ස් පුද්ගලික සමාගම මගිනි. 2000 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගමේ මීතොටමුල්ල ඩිපෝව හා එක් වී ඇති රථය ඉතා කෙටි කාලයකින්ම මධ්‍යම අභ්‍යාස විද්‍යාලය වෙත පවරා ඇත.

Monday, September 14, 2020

Ashok Leyland Viking 193 Turbo bus from SLTB Central Training School

This photo was taken on September 07, 2020, in Nugegoda, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara central training school, Ashok Leyland Viking 193 turbo bus (NC-0358) at Nugegoda. Acquired to the SLTB fleet in 2014. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර මධ්‍යම අභ්‍යාස විද්‍යාලයට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් නුගේගොඩ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2014 වසරේ බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 

Sunday, June 28, 2020

ශ්‍රී ලංගම මධ්‍යම අභ්‍යාස විද්‍යාලය - කළුතර (SLTB Talents Amelioration center)

මධ්‍යම අභ්‍යාස විද්‍යාලය පිහිටුවා ඇති  "තිලක වලව්ව"
ශ්‍රී ලංගම මධ්‍යම අභ්‍යාස විද්‍යාලය යනු මණ්ඩලයට අවශ්‍ය කාර්මික නොවන සේවක ප්‍රජාව පුහුණු කිරීම හා ඔවුන්ගේ කුසලතා වර්ධනය පිණිස මණ්ඩලය මගින් පවත්වාගෙන යන අභ්‍යාස විද්‍යාලයකි. ආයතනය 1980 වසරේ "ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ මධ්‍යම රියදුරු අභ්‍යාස විද්‍යාලය" නමින් ආරම්භ වී ඇත. ආයතනය පිහිටුවීමේ මූලික අරමුණ වී ඇත්තේ මණ්ඩලයට අවශ්‍ය රියදුරන් පුහුණු කිරීම, ලංගම රියදුරු අභ්‍යාස විද්‍යාල සම්බන්ධීකරණය කිරීම හා බාහිර පාර්ශව වෙනුවෙන් රියදුරු පුහුණු සේවා ක්‍රියාත්මක කිරීමය. ආයතනය පිහිටා ඇත්තේ කළුතර පළාතොට වන අතර ඒ සඳහා යොදාගෙන ඇත්තේ රජයට පරිත්‍යාග ලෙස ලැබී ඇති "තිලක වලව්ව" නම් පැරණි වලව්ව හා ඒ ආශ්‍රිත භූමියයි. පසුකාලීනව මෙම මධ්‍යම රියදුරු අභ්‍යාස විද්‍යාලයට අනුබද්ධව නුගේගොඩ, මොරටුව හා පොතුහැර රියදුරු අභ්‍යාස විද්‍යාල ආරම්භ කර ඇති අතර පොතුහැර රියදුරු අභ්‍යාස විද්‍යාලය මේ වන විට මධ්‍යම රියදුරු අභ්‍යාස විද්‍යාලය හරහා පාලනය නොවේ. 2015 වසරේ මධ්‍යම අභ්‍යාස විද්‍යාලයට අනුබද්ධව ශ්‍රී ලංගම බුලත්සිංහල රියදුරු අභ්‍යාස විද්‍යාලයද අරඹා ඇත.