Showing posts with label GP. Show all posts
Showing posts with label GP. Show all posts

Tuesday, July 13, 2021

Antony bodied TATA LP 1510/52 bus from SLTB Gampola depot

This photo was taken on November 11, 2017, in Gampola, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Gampola depot, Antony bodied TATA LP 1510/52 bus (GP 50 / NA-3702) at Gampola. The bus acquired to SLTB the fleet in 2006. This photo was taken in November 2017 while it was allocated for the services between Gampola and Doragala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පොල ඩිපෝව යටතේ ධාවනය වන, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 බස් රථයක් ගම්පොල දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම යටතේ ධාවනයට එක්වී ඇත. 2017 වසරේ නොවැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ගම්පොල හා දොරගල අතර (උලපනේ, මාවතුර, කඩදොර හරහා) ධාවනයට යොදවා තිබුණි.

Thursday, September 12, 2019

SLCTB bodied TATA LP 1210/52 bus from SLCTB Gampola depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Gampola depot, SLCTB bodied TATA LP 1210/52 bus (GP 76 / 23ශ්‍රී8861) in Kandy. Playing to Gampola on the route number 718. Photo by Dave Spencer. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම.ග.ම.) ගම්පොල ඩිපෝව යටතේ ධාවනය වූ, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේ 1979 වසරේ මෙරටදී බඳ එකලස් කරන ලද ටාටා TATA LP 1210/52 වර්ගයේ බස් රථයක් මහනුවර දී. ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය මාර්ග අංක 718 යටතේ මහනුවර හා ගම්පොල අතර ධාවනයට යොදවා තිබී ඇත. ලංගම වර්ග කිරීම් වලට අනුව B කාණ්ඩයේ බස් රථයකි. ඡායාරූපය ඩේව් ස්පෙන්සර්.

Monday, July 9, 2018

TVS bodied Ashok Leyland Viking bus from SLTB Gampola depot

This photo was taken on July 30, 2014 in Gampola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampola depot Ashok Leyland Viking IRZAR TVS bodied bus (63-2780) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පොල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙම බස් රථ සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති අතර බඳ (body) සකසා ඇත්තේ ඉන්දියාවේ IRZAR TVS සමාගම විසිනි. 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් වී ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා රථයේ ඉදිරිපස සහ පිටුපස මුහුණත් මුල් පෙනුමෙන් වෙනස් වී ඇත. 

This photo was taken on July 30, 2014 in Gampola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, November 18, 2017

SLTB bus stand - Gampola

This photo was taken on November 11, 2017 in Gampola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Gampola SLTB bus stand in November 2017. -- ගම්පොල ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති ගම්පොල හා නාවලපිටිය ඩිපෝවන්ට අයත් බස් රථ 2017 වසරේ නොවැම්බර් මස 11 වන දින.

Tuesday, March 22, 2016

Wesco TATA 1210 bus from SLTB Gampola depot

This photo was taken on July 30, 2014 in Gampola, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampola depot, Wesco TATA 1210 bus (GP 51 / 62-5266) at the Gampola bus stand. Body built by Wesco with Duple Metsec. --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පොල ඩිපෝව යටතේ ධාව්නය වන වෙස්කෝ ටාටා 1210 බස් රථයක් ගම්පොල බස් නැවතුමේ දී. වෙස්කෝ සමාගම බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව මෙරටදී බඳ (body) සැකසූ මෙම බස් රථ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වන්නේ 1995 වසරේ පමණය.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on July 30, 2014 in Gampola, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Monday, March 23, 2015

Ashok Leyland Comet Minior modified bus from SLTB Gampola depot

This photo was taken on November 22, 2014, in Gampola, Central, LK, using a Sony Ericsson C905.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Gampola depot, Ashok Leyland Comet Minior modified bus (GP 33 / 61-5550) at the Gampola bus stand. Acquired to the PTS fleet in 1992. Allocated for the on a local route between Ganhatha and Gampola. Photo by: Tharindu Wikramarathne. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පොල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ගම්පොල බස් නැවතුමේ දී. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇති රථයේ මුල් පෙනුම පසුකාලීන අළුත්වැඩියාවන් නිසා බොහෝ සෙයින් වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මර්ගයක් ඔස්සේ ගංහත හා ගම්පොළ අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න

Monday, September 29, 2014

Wesco ISUZU MT111L bus from SLTB Gampola depot

This photo was taken on July 30, 2014 in Gampola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampola depot, Wesco ISUZU MT 111L bus (GP 47 / 62-3767) at the Gampola SLTB bus stand. The bus acquired to the fleet in 1996. Body built by Wesco (Werahera Engineering Services Co.) with Duple Metsec UK. Allocated for the services between Gampola and Kandy. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පොල ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT 111L වර්ගයේ බස් රථයක් ගම්පොල ශ්‍රී ලංගම බස් නැවතුමේ දී. ජපානයෙන් ආනයනය කරන ලද ඉසුසූ ISUZU MT111L තට්ටුවකට, එංගලන්තයේ ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව වෙස්කෝ (වේරහැර ඉංජිනේරු සේවා පුද්.) සමාගම මගින් බඳ සකසා මෙම බස් රථය 1996 වසරේ ධාවනයට එක් කර ඇත. මුල් කාලීනව අර්ධ සුඛෝපබෝගී රථයක් ලෙස ධාවනයට එක්වී පසුකාලීනව මෙලෙස සාමාන්‍ය ගාස්තු යටතේ කෙටිදුර සේවා සඳහා යෙදවී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මහනුවර හා ගම්පොල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on July 30, 2014 in Gampola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on July 30, 2014 in Gampola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, July 31, 2014

Latec TATA LP 909/36 bus from SLTB Gampola depot

This photo was taken on July 30, 2014  in Gampola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampola depot, Latec TATA LP 909/36 bus (GP 19 / 61-9972) at the Gampola SLTB bus stand. The bus acquired to the fleet in 1994. Awaiting to leave for Kahawatta on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පොල ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් ගම්පොල ශ්‍රී ලංගම බස් නැවතුමේදී. ටාටා 909 වර්ගයේ තට්ටුවක් (chassis) යොදාගෙන ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ පුද්ගලික කරණය කරන ලද කහගොල්ල ලංගම වැඩපොළේ දී බඳ නිමවා 1994 වසරේ ධාවනයට එක් කර ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ ගම්පොල සිට කහවත්ත බලා ධාවනය වීමට සූදානමින් තිබුණි.

This photo was taken on July 30, 2014  in Gampola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, February 17, 2014

SLTB breakdown service - Gampola depot

This photo was taken on February 13, 2012 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampola depot Mercedes-Benz LP 312/32 breakdown service vehicle (GP 66 / 23ශ්‍රී4240) in kandy bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පොල ඩිපෝවට අයත් මර්සිඩීස් බෙන්ස් LP 312/32 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් මහනුවර බස් නැවතුමේ දී. ලංගම බඳ සහිත බස් රථයක්, ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Sunday, February 16, 2014

Ashok Leyland Viking Turbo Intercooler SLTB edition bus from SLTB Gampola depot

This photo was taken on March 7, 2011 in Habarana, North Central, LK using a Nikon D200.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampola depot Ashok Leyland Viking Turbo Intercooler SLTB edition bus (GP03 / NA-6843) at Habarana. Playing to Kandy from Polonnaruwa. Photo courtesy: pontfire on flickr -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පොල ඩිපෝවට යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් හබරණ දී.  2008 වසරේ ශ්‍රී ලංගම හා එක් වී ඇති පළමු අශෝක් ලේලන්ඩ් ටර්බෝ කාණ්ඩයට අයත් බස් රථයකි. මෙම රථ සතුව ශ්‍රී ලංගම වෙනුවෙන් විශේෂයෙන් එකසල් කරන ලද බඳක් ද ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ පොළොන්නරුවේ සිට මහනුවර බලා ධාවනය වන අවස්ථාවක දීය. ඡායාරූපය උපුටා ගැනීම: pontfire on flickr.

Wednesday, July 31, 2013

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Gampola depot

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampola depot, Ashok Leyland Viking Turbo bus (NA-8946) at Anuradhapura. Allocated for the services under the route No. 43 between Gampola and Anuradhapura via Kandy. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පොල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 කින් යුත් බස් රථයක් අනුරාධපුර දී. රථය මාර්ග අංක 43 ඔස්සේ අනුරාධපුර හා ගම්පොල අතර (මහනුවර හරහා) ධාවනයට යොදවා තිබුණි. උපයා ගෙවීමේ පදනම මත 2011 වසරේ ඩිපෝවට ලබාගත් බස් රථයකි.