Showing posts with label wide body. Show all posts
Showing posts with label wide body. Show all posts

Monday, May 21, 2018

ALMA (wide) bodied Ashok Leyland Viking Turbo bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on March 01, 2018 in Nuwara-Eliya, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, Alma (wide) bodied Ashok Leyland Viking Turbo bus (NC-9553) at the Nuwara-Eliya bus stand. Acquired to the depot in June 2017 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝවට, උපයා ගෙවීමේ පදනම මත මිලදී ගත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ පළල් ඇල්මා බඳ සහිත බස් රථයක් නුවරඑළිය බස් නැවතුමේ දී. සාමාන්‍ය අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයකට වඩා පළලින් වැඩි බඳක් සහිත මෙම බස් රථ වල ආසන වල පළලද වැඩිය. 2x2 ආසන සැකැස්මට ශ්‍රී ලංගම මගින් ඉල්ලුම් කර තිබේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය නුවරඑළිය සහ නානුඔය අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, June 27, 2017

New ALMA (wide) bodied Ashok Leyland Viking Turbo bus from SLTB Maharagama depot

This photo was taken on June 24, 2017 in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on June 24, 2017 in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Alma (wide) bodied Ashok Leyland Viking Turbo bus (MH 110 / NC-9541) in the depot premises. Acquired to the depot in June 2017 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝවට, උපයා ගෙවීමේ පදනම මත අලුතින් මිලදී ගත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ පළල් ඇල්මා බඳ සහිත බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සාමාන්‍ය අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයකට වඩා පළලින් වැඩි බඳක් සහිත මෙම බස් රථ වල ආසන වල පළලද වැඩිය. 2X2 ආසන සැකැස්මට ශ්‍රී ලංගම මගින් ඉල්ලුම් කර තිබේ.  ක්‍රය ශක්තිය සහිත ඩිපෝවන් සඳහා, ධාවන අවශ්‍යතාවය මත මෙම බස් රථ මිලදී ගැනීම සඳහා ප්‍රධාන කාර්යාලය මගින් අවසර ලබා දී ඇත. ඒ අනුව මහරගම ඩිපෝව මගින් බස් රථ 04ක් මිලදී ගෙන ඇති අතර හැටන් ඩිපෝව 10ක්, නුවරඑළිය ඩිපෝව 04ක් ආදී වශයෙන් මේ වන විට මිලදී ගෙන ඇත. ම.බ.ක. ඩිපෝව සඳහා බස් රථ 04ක් මිලට ගැනීමට නියමිත බව ලංගම ආරංචිමාර්ග සඳහන් කරයි. මහරගම ඩිපෝව මගින් මාතලේ, අනුරාධපුර, මඩකලපුව ඇතුළු ගමනාන්ත සඳහා නව බස් සේවා 04ක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ඩිපෝ කළමනාකාරතුමා අප සමඟ පැවසීය.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on June 24, 2017 in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත

Wednesday, June 21, 2017

සජීව ලිපිය: 2017 ජුනි මස 21 දින ප.ව. 6.00 ට කොළඹ ම. බ. ක. පරිශ්‍රයේ දී.

This photo was taken on June 21, 2017 in Central Bus Stand, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
අද දින සවස කොළඹ ම. බ. ක. පරිශ්‍රයේ දී, රාත්‍රී 7.30 ට හැටන් බලා ධාවනය වීමට නියමිතව ගාල් කර තිබුණු මෙම, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ පළල් බඳ සහිත නවතම බස් රථය (HT 106 / NC-9529) දැකීමට ලැබීමෙන් මහත් සතුටක් ඇතිවිය. මුලින් 2x2 ආසන සැකැස්මට පැමිණි මෙම රථය, පළල් බඳෙන් වැඩි ඵලදායිතාවක් ලැබෙන පරිදි 3x2 ආසන සැකැස්මට ඩිපෝව මගින් සකසා තිබීමද සතුටට කරුණකි. ඒ අනුව දැන් මෙම රථය ආසන 54කින් යුක්තය. දැනට හැටන් ඩිපෝවට 10 ක් නුවරඑළිය ඩිපෝවට 04 ක් මහරගම ඩිපෝවට 04 ක් ආදී වශයෙන් කොටස් වශයෙන් ගෙවීමේ පදනම මත ඩිපෝවන් වෙත මෙම රථ ලබා දී ඇති බව සැලයි.