Showing posts with label WN. Show all posts
Showing posts with label WN. Show all posts

Thursday, November 18, 2021

Antony bodied TATA LP 1510/52 bus from SLTB Walapane depot

This photo was taken on November 19, 2014, in Watumulla, Nuwara-Eliya, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Walapane depot, Antony bodied TATA LP 1510/52 bus (WN 17 / NA-4356) at Walapane bus stand. The bus acquired SLTB the fleet in 2007. It is observed that the bus has undergone a complete body repair at the Lakdiva workshop in Ekala recently. This photo was taken in November 2014 while it was allocated for the services between Walapane and Nildandahinna. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වලපනේ ඩිපෝව යටතේ ධාවනය වන, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 බස් රථයක් වලපනේ බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම යටතේ ධාවනයට එක්වී ඇත. බස් රථය, මෑත කාලීනව ඒකල පිහිටි ලක්දිව වැඩපොළේ දී පූර්ණ බඳ අලුත්වැඩියාවකට ලක්වී ඇති බවද  නිරීක්ෂණය වේ. 2014 වසරේ නොවැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ වලපනේ හා නිල්දණ්ඩාහින්න අතර ධාවනයට යොදවා තිබුණි.

Friday, September 20, 2019

TVS bodied Ashok Leyland Viking modified bus from SLTB Walapane depot

This photo was taken on November 19, 2014 in Watumulla, Nuwara-Eliya, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Walapane depot TVS bodied Ashok Leyland Viking modified bus (63-3402) in the depot premises. Body rehabilitated by the government owned, Lakdiwa Engineering (pvt) Ltd in 2014. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වලපනේ ඩිපෝවට අයත් TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1999 වසරේ ධාවනයට එක්වී ඇති රථය, 2014 වසරේ ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු සමාගමේ දී සිදුකල පූර්ණ බඳ අලුත්වැඩියාවකින් පසු මුහුණත මුල් පෙනුම මඳක් වෙනස්ව මෙසේ දිස් විය.

Friday, September 28, 2018

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Walapane depot

This photo was taken on September 27, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Walapane depot, 54 seater Ashok Leyland Viking Tubro bus (WLP 48 / NC-0291) in the Maharagama depot engineering division. Allocated for the services on the route no 182, between Walapane and Maharagama. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වලපනේ ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් මහරගම ඩිපෝවේ ඉංජිනේරු අංශයේ දී. රථය මාර්ග අංක 182 යටතේ වලපනේ හා මහරගම අතර (අධිකාරීගම, මහනුවර, පස්යාල, හංවැල්ල හරහා) ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි. සුළු අලුත්වැඩියා කටයුත්තක් වෙනුවෙන් මහරගම ඩිපෝ ඉංජිනේරු අංශයට පැමිණි අවස්ථාවකි.

Monday, April 23, 2018

Ashok Leyland Lynx D type bus from SLTB Walapane depot

This photo was taken on November 20, 2014 in Walapane, Nuwara-Eliya, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Walapane depot, Bharat bodied Ashok Leyland Lynx D type bus (NB-5671) at the Walapane bus stand. Allocated for the services between Kandy and Uda Pussellawa via Padiyapelella. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වලපනේ ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් Lynx වර්ගයේ බස් රථයක් වලපනේ බස් නැවතුමේ දී. රථය මහනුවර හා උඩ පුස්සැල්ලාව අතර (පදියපැලැල්ල හරහා) සේවා සඳහා යෙදවූවකි. 2013 වසරේ ඩිපෝවට ලැබී ඇත.

Wednesday, September 13, 2017

SLTB bus stand - Walapane

This photo was taken on November 19, 2014 in Walapane, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Walapane SLTB bus stand in November 2014. -- වලපනේ ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති වලපනේ, නුවරඑළිය හා ත්‍රිකුණාමලය ඩිපෝවන්ට අයත් බස් රථ 2014 වසරේ නොවැම්බර් මස 19 වන දින. වලපනේ ඩිපෝවේ කාර්මික සේවා රථයද දකුණුපස ඈතින් දිස් වේ.

Thursday, April 16, 2015

SLTB breakdown service - Walapane depot

This photo was taken on November 20, 2014, in Walapane, Nuwara-Eliya, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Walapane depot, TATA LP 1210/36 breakdown service vehicle (23ශ්‍රී5989) at the Walapane bus stand. A CTB bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වලපනේ ඩිපෝවට අයත් ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක්ව වලපනේ බස් නැවතුමේ දී. 1973 වසරේ ධාවනයට එක්වී ඇති ලංගම බඳ සහිත බස් රථයක්, මෙලෙස ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Tuesday, April 7, 2015

Ruby bodied TATA LP 1510/36 bus from SLTB Walapane depot

This photo was taken on November 19, 2014, in Watumulla, Nuwara-Eliya, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Walapane depot, Ruby bodied TATA LP 1510/36 bus (WN 08 / GI-0476) coming out from the depot premises. The bus acquired to the NBC fleet in 2000. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වලපනේ ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1510/36 බස් රථයක් හිමිදිරි උදෑසන ඩිපෝ පරිශ්‍රයෙන් පිටතට පැමිණෙන ආකාරය. රථය 2000 වසරේ එවකට නුවරඑළිය බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත.

Saturday, November 22, 2014

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Walapane depot

This photo was taken on November 19, 2014 in Watumulla, Nuwara-Eliya, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Walapane depot, Ashok Leyalnd Viking 210 Turbo bus (WN 23 / NB-1200) at Watumulla, Walapane. Acquired to the depot in 2011 under a leasing scheme. Allocated for the services between Walapane and Trincomalee. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වලපනේ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් වතුමුල්ලේ දී. ඩිපෝව මගින් උපයා ගෙවීමේ පදනම මත 2011 වසරේ දී මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය වලපනේ හා ත්‍රිකුණාමලය අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, March 4, 2014

BRIJ bodied Ashok Leyland Viking bus from SLTB Walapane depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Walapane depot, BRIJ bodied Ashok Leyland Viking bus (63-3401) at Kataragama. Rehabilitated by the depot workers in 2013 to celebrate the President's induction.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වලපනේ ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. රථය සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති අතර බඳ සකසා ඇත්තේ BRIJ සමාගම විසිනි. රථය 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් වී ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කොට තිබී ඇති බස් රථය, ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා ඇත්තේ ජනාධිපති තුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම පිණිසයි.

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.