Showing posts with label MV. Show all posts
Showing posts with label MV. Show all posts

Sunday, January 3, 2021

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Mullaitivu depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Mullaitivu depot, Ashok Leyland Viking 210 Turbo bus (MV 26 / NC-1127) at the Galle face green. The bus acquired to the SLTB fleet in 2014. Rehabilitated by the Ekala Lakdiwa workshop and the Mullaitivu depot workers as the bus met with a big accident in July 2018. The bus will re-allocate for the services under the 2020 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මූලදූව ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ උපයා ගෙවීමේ පදනම මත 2014 වසරේ ඩිපෝව මගින් මිල දී ගෙන ඇති බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. 2018 වසරේ ජුලි මස පුතුකුඩිරිප්පු හා කොළඹ අතර ධාවනය වෙමින් තිබියෙදී විශාල අනතුරකට ලක්වී ඇති මෙම බස් රථයේ බඳ ඒකල ලක්දිව වැඩපොළ මගින් පුනරුත්ථාපනය කර ඇති අතර අනෙකුත් කාර්මික කටයුතු ඩිපෝව මගින් නිමවා මෙලෙස ධාවනයට එක් කර ඇත. බස් ජනසතු දිනයට සමගාමී වසර අවසාන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ 2020 වසරේ දෙසැම්බර් 31 දින මෙලෙස සංඛේතාත්මකව ධාවනයට එක් කර තිබේ.
This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
The accedent site (2018 July) -- 2018 වසරේ ජුලි මස අනතුරට ලක්වූ බස් රථය

Wednesday, June 19, 2019

Ashok Leyland Viking Turbo 42 seater bus from SLTB Mullaitivu depot

This photo was taken on September 22, 2017 in Jaffna, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mullaitivu depot, 42 seater Ashok Leyland Viking Tubro bus (MV 19 / NB-8678) at the Jaffna bus stand. Awaiting to leave for Mullaitivu under the route number 89/1. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මූලදූව (මුලතිවු) ඩිපෝව යටතේ ධාවනය වන ආසන 42 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් යාපනය මධ්‍යම බස් නැවතුමේ දී. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 89/1 යටතේ මූලදූව (මුලතිවු) බලා පිටත් වීමට සූදානමින් තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Monday, June 15, 2015

Ashok Leyland Viking 193 Turbo bus from SLTB Mullaitivu depot

This photo was taken on June 11, 2015, in Thabbowa, Wayamba, LK, using a NIKON D5200.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Mullaitivu depot, 42 seater Ashok Leyland Viking 193 Turbo bus (MV 18 / NB-8675) at Thabbowa Wewa. Acquired to the SLTB fleet in 2014. It is operating out from Mullaitivu along the Puttalam Trincomalee highway on the route 4/1 Mullaitive - Kalpitiya. Photo by: Rajitha Perera) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මූලදූව (මුලතිවු) ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ ආසන 42 බස් රථයක් තබ්බෝව වැව අසල දී. 2014 බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 4/1 යටතේ මූලදූව (මුලතිවු) හා කල්පිටිය අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: රජිත පෙරේරා.

Thursday, November 6, 2014

Ashok Leyland Viking 210 Turbo SLTB edition bus from SLTB Mullaitivu depot

This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mullaitivu depot, Ruby bodied Ashok Leyland Viking 210 Turbo SLTB edition bus (MV 08 / NB-3656) in the Anuradhapura depot premises. The bus acquired to the fleet in 2012. Allocated for the services under the route number 04/01 between Mullaitivu and Kalpitiya via Vavniya, Anuradhapura, Puttalama and Alankuda. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මූලදූව (මුලතිවු) ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2012 වසරේ මෙම මාදිල්යේ බස් රථ 120 ක් ලංගමට ලැබී ඇත. ඉන්දියාවේ රුබී සමාගම මගින් ශ්‍රී ලංගම පිරිවිතර අනුව ලංගම වෙනුවෙන් එකලස් කල බඳකින් යුත් රථය 2x3 සැකස්මෙන් යුත් ආසන 54 කින් සමන්විතය. සාමාන්‍ය වයිකින්ග් බස් රථයකට වඩා යම් යම් වෙනස් කම් මෙහි දක්නට ලැබෙන අතර ආපදා දොරටුව බසයේ පසුපස මුහුණතෙහි පිහිටා තිබීම, ඩිකියක් නොමැති වීම, ගමනාන්තය දැක්වෙන පුවරු කොටස් දෙකින් යුතු වීම වැනි වෙනස්කම් බාහිරින් නිරීක්‍ෂණය කළ හැකිය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 04/01 ඔස්සේ මූලදූව (මුලතිවු) හා කල්පිටිය අතර (වවුනියාව, අනුරාධපුර, පුත්තලම, ආලංකුඩා හරහා) ධාවනයට යොදවා ඇත.