Showing posts with label LOGO. Show all posts
Showing posts with label LOGO. Show all posts

Tuesday, October 8, 2013

SLTB Logo (2005 - Present Day) -- වත්මන් ශ්‍රී ලංගම ලාංඡනය (2005 - මේ දක්වා)

SLTB (Sri Lanka Transport Board) Logo. 2005 - Present Day. -- 2005 වසරේ සැප්තැම්බර් මස, අංක 27 දරණ පාර්ලිමේන්තු පනත මගින් ඒ දක්වා පැවති ප්‍රාදේශීය බස් සමාගම් විසුරුවා හැර නැවත ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වශයෙන් තනි පරිපාලන ඒකකයක් ලෙස පිහිටුවන ලදී. ඒ සමඟ එතෙක් කහ පැහැයෙන් තිබුණු ලංගමය සතු බස් රථ රතු පැහැයට වෙනස් කරන ලද අතර 1971-1977 ත් අතර පැවති ලංගම ලාංඡයනට බෙහෙවින් සමාන නව ශ්‍රී ලංගම ලාංඡනය හඳුන්වා දී ඇත.

SLTB Flag -- ශ්‍රී ලංගම ධජය

New Ashok Leyland LYNX bus with SLTB logo -- 2013 වසරේ ඉන්දියාවෙන් ආනයනය කල අශෝක් ලේලන්ඩ් LYNX බස් රථයක, ශ්‍රී ලංගම ලාංඡනය පින්තාරු කර ඇති ආකාරය.
This photo was taken on May 30, 2013 in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
2004 වසරේ බස් සමාගම් විසිරුවාහැරීමෙන් පසු, කඩවත ඩිපෝවේ බස් රථයක ශ්‍රී ලංගම ලාංඡනය පින්තාරු කරන කඩවත ඩිපෝවේ සේවක මහතෙක්

හැඩ අච්චුවක් ආධාරයෙන්, බස් රථයක ශ්‍රී ලංගම ලාංඡනය පින්තාරු කරන හෝමාගම ඩිපෝ සේවක මහතෙක්

මෙම ලාංඡනය සහිත තවත් බස් රථ සහිත ලිපි කිහිපයක්.
                                 

                               

2008 SLTB 50th anniversary Stamp -- 2008 වසරේ ශ්‍රී ලංගම 50 වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කල මුද්දරය මෙම ලාංඡනය සහිතව මුද්‍රණය වී ඇත.

Monday, August 26, 2013

Logos of Regional Bus Companies (1997-2004) -- පොකුරු බස් සමාගම් ලාංඡන (1997-2004)

1997 වසරේ දෙසැම්බර් මස එතෙක් පැවති ජනතා සන්තක ප්‍රවාහන සේවය විසිරුවා හැර පොකුරු බස් සමාගම් පිහිටුවනලදී. එනම් ශ්‍රී ලංගම ප්‍රාදේශිකයන් වශයෙන් වෙන් කර වෙන වෙනම සමාගම් පිහිටුවා පරිපාලනය සිදු කර ඇත. එම වකවානුවේ එම ප්‍රාදේශීය සමාගම් අනුව වෙන වෙනම ලාංඡන ද භාවිතා වී ඇත. තවද මෙහිදී උතුරු ප්‍රාදේශිකය වෙනම සමාගමක් නොකොට මධ්‍යම ගමනාගමන මණ්ඩලය මගින්ම පරිපාලනය සිදුකර ඇත්තේ එකල එම ප්‍රදේශයේ පැවති දේශපාලන අස්ථාවරභාවය නිසාය. 2004 වසරේ ශ්‍රී ලංගමය යලි පිහිටුවන තුරුම මෙම ලාංඡන භාවිතා වී ඇත.

1) Colombo Metropolitan Bus Company -- කලම්බු මෙට්‍රෝපොලිටන් බස් සමාගම (කොළඹ)
   මෙම ලාංඡනය භාවිතා කල ඩිපෝවන් වන්නේ
     AG       අංගොඩ
     HG       හෝමාගම
     KB       කැස්බෑව
     KTB    කටුබැද්ද
     MH     මහරගම
     MK     මට්ටක්කුලිය
     MM    මීතොටමුල්ල
     MR     මොරටුව
     RL      රත්මලාන
     TL      තලංගම
     UM    උඩහමුල්ල

2) Gampaha Bus company -- ගම්පහ බස් සමාගම 
   මෙම ලාංඡනය භාවිතා කල ඩිපෝවන් වන්නේ
     DP        දිවුලපිටිය
     GM      ගම්පහ
     JL         ජා-ඇල
     KD       කිරිදිවැල
     KE       කැළණිය
     KW     කඩවත
     NB      මීගමුව
     NT      නිට්ටඹුව
     WS     වැලිසර

3) Kalutara Bus Company -- කළුතර බස් සමාගම 
   මෙම ලාංඡනය භාවිතා කල ඩිපෝවන් වන්නේ
     AL       අළුත්ගම
     HR      හොරණ
     KT      කළුතර
     MG     මතුගම
     PN      පානදුර

4) Kandy Bus Company -- මහනුවර බස් සමාගම
  මෙම ලාංඡනය භාවිතා කල ඩිපෝවන් වන්නේ
     KN     මහනුවර උතුර
     KS      මහනුවර දකුණ
     ML      මාතලේ
     TD      තෙල්දෙණිය
     UD      උඩ දුම්බර
     WG     වත්තේගම
     YT      යටිනුවර

5) Ruhunu (Southern) Bus Company --රුහුණු බස් සමාගම
  මෙම ලාංඡනය භාවිතා කල ඩිපෝවන් වන්නේ
     AB        අම්බලංගොඩ
     AK       අකුරැස්ස
     AT        අම්බලංතොට
     EP        ඇල්පිටිය
     GL        ගාල්ල
     HM       හක්මන
     KOG    කොග්ගල
     KTG     කතරගම
     MT       මාතර
     TG       තංගල්ල
     UG      උඩුගම

6) Rajarata (North Central) Bus Company -- රජරට බස් සමාගම
   මෙම ලාංඡනය භාවිතා කල ඩිපෝවන් වන්නේ
     AP    අනුරාධපුර
     DB    දඹුල්ල
     DS     දියසෙන්පුර
     GG    ගල්ගමුව
     HP     හොරොව්පොතාන
     KBG  කැබිතිගොල්ලෑව 
     KK    කැකිරාව
     PL     පොලොන්නරුව 

7) Sabaragamuwa Bus Company -- සබරගමුව බස් සමාගම
   මෙම ලාංඡනය භාවිතා කල ඩිපෝවන් වන්නේ
     AV       අව්ස්සාවේල්ල
     BG       බලංගොඩ
     DR       දැරණියගල
     EMB    ඇඹිලිපිටිය
     GW      ගොඩකවෙල
     KL        කෑගල්ල
     KLW    කළවාන
     MW      මාවනැල්ල
     RB        රඹුක්කන
     RP        රත්නපුර

8) Nuwara-Eliya Bus Company -- නුවරඑළිය බස් සමාගම
   මෙම ලාංඡනය භාවිතා කල ඩිපෝවන් වන්නේ
     GP         ගම්පොල
     HK        හගුරන්කෙත
     HT         හැටන්
     KDW    කුරුදුවත්ත
     KOT     කොත්මලේ
     NE        නුවරඑළිය
     NW      නාවලපිටිය
     WN      වලපනේ

9) Uva Bus Company -- ඌව බස් සමාගම
   මෙම ලාංඡනය භාවිතා කල ඩිපෝවන් වන්නේ
     BB        බිබිල
     BD       බදුල්ල
     BW      බණ්ඩාරවෙල
     DAK    දෙහිඅත්තකණ්ඩිය
     KPP     කැප්පෙටිපොල
     MON   මොණරාගල
     MY      මහියංගණ
     SBD     සියඹළාණ්ඩුව
     TMV   තණමල්විල
     WW    වැල්ලවාය

10) Wayamba Bus Company -- වයඹ බස් සමාගම
   මෙම ලාංඡනය භාවිතා කල ඩිපෝවන් වන්නේ
     AN         ආණමඩුව
     AW       අලව්ව
     CL        හලාවත
     GU        ගිරිඋල්ල
     KGN     කුරුණෑගල උතුර
     KGS     කුරුණෑගල දකුණ
     KP        කුලියාපිටිය
     MHO    මහව
     NK      නිකවැරටිය
     PT        පුත්තලම
     RG       රිදීගම
     WP      වෙන්නප්පුව
     WR     වාරියපොල

11) New Eastern Bus Company -- නැගෙනහිර බස් සමාගම

~ නැගෙනහිර බස් සමාගමට අදාළ ලාංඡනය මෙම ලිපියටම ඉදිරියේදී යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු ~

12) North Regional Transport Board -- උතුරු ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලය

පොකුරු බස් සමාගම් අවධියේ උතුරු ප්‍රදේශිකය පමණක් සමාගමක් ලෙස නොබෙදා ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය යටතේ පාලනය කර ඇත. එය NRTB (North Regional Transport Board) නොහොත් උතුරු ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලය ලෙස හඳුන්වා ඇත. උතුරු පළාතෙන් කොටසක් ත්‍රස්තවාදීන් යටතේ පැවතීම එයට හේතු වී ඇත. කෙසේ නමුත් වව්නියාව, මන්නාරම, යාපනය වැනි රජයේ පාලනය යටතේ පැවති ප්‍රදේශ වල පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන ගොස් ඇත්තේ මෙම උ. ප්‍රා. ග. ම. මගිනි.

ඊට අමතරව ම.බ.ක. ඩිපොවද පාලනය වී ඇත්තේ ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය මගිනි. 

Thursday, August 22, 2013

Peoplized Transport Service (PTS) Logos 1991-1997 -- ජනතා සන්තක ප්‍රවාහන සේවය ලාංඡන 1991-1997

1991 වසරේ දී "ශ්‍රී ලංගම" යන නාමය වෙනස් කොට "ජනතා සන්තක ප්‍රවාහන සේවය ලෙස නම් කර ඇත. ඒ ඒ ඩිපොවන් වල පරිපාලනය වෙන වෙනම සිදු වී ඇති එකල ඒ ඒ ඩිපොවන්ට වෙන වෙනම ලාංඡන තිබී ඇත. ඒවායින් තෝරාගත් කීපයක් පමණක් මෙම ලිපියේ පල කරන්නෙමු. ලැබෙන පරිදි අනෙක් ලාංඡන ද යාවත් කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු. 1997 දකවා ජනතා සන්තක ප්‍රවාහන සේවය ලෙස පැවතී ඇත.

1) Negumbo depot -- මීගමුව ඩිපෝව

2) Panadura depot -- පානදුර ඩිපෝව

3) Moratuwa depot -- මොරටුව ඩිපෝව

4) Maharagama depot -- මහරගම ඩිපෝව

5) Hanguranketha depot -- හඟුරන්කෙත ඩිපෝව

6) Galle depot -- ගාල්ල ඩිපෝව

7) Angoda depot -- අංගොඩ ඩිපෝව (සීමාසහිත අංගොඩ ජනතා සන්තක ප්‍රවාහන සේවය)

Friday, August 9, 2013

SRILANGAMA Logo 1983-1991 -- ශ්‍රීලංගම (ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය) ලාංඡනය 1983-1991

SRILANGAMA Logo. 1983-1991 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය 1983 දී යොදාගත් ලාංඡනයයි. එතෙක් පැවති සාම්ප්‍රදායක ලංගම ලාංඡනයේ හැඩය සම්පූර්ණයෙන්ම වෙනස් කල ලාංඡනයකි. මෙම ලාංඡනය 1991 දක්වා, එනම් ජනතාකරණය දක්වා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ලාංඡනය ලෙස භාවිතා වී ඇත.

Buses with this logo (Click on the thumbnail images for related posts) -- මෙම ලාංඡනය සහිත බස් රථ (ලිපි ලබාගැනීමට කුඩා පින්තූර මත click කරන්න)

                                


1988 SLTB  30th anniversary Stamp -- 1988 වසරේ ශ්‍රී ලංගම 30 වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කල මුද්දරය මෙම ලාංඡනය සහිතව මුද්‍රණය වී ඇත.



Thursday, August 8, 2013

SL CTB (Sri Lanka Central Transport board) Logo 1977-1983 -- ශ්‍රී ලං ම ග ම (ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය) ලාංඡනය 1977-1983

SL CTB (Sri Lanka Central Transport board) Logo 1977-1983  -- 1977 වසරේ ශ්‍රී ලංකාවේ සිදු වූ දේශපාලන වෙනස් වීම් අනුව ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය ලෙස වෙනස් කෙරෙන අතර එහි නිල ලාංඡනය ලෙස මෙම ලාංඡනය 1983 දකවා භාවිතයට ගෙන ඇත.

Buses with this logo (Click on the thumbnail images for related posts) -- මෙම ලාංඡනය සහිත බස් රථ (ලිපි ලබාගැනීමට කුඩා පින්තූර මත click කරන්න)
                          

                        

ඉහත ලාංඡනය ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේ ධාවනය වූ බස් රථ වල දැක ගත හැකි වූවද ආයතනයේ නිල ලාංඡනය වූයේ පහත දැක්වෙන ලාංඡනයයි. මණ්ඩලයේ යටතේ නිකුත් වූ ලිපි ශීර්ෂ ඇතුළු නිල ලියවිලි වල එය භාවිත වී ඇත.

Wednesday, August 7, 2013

CTB (Ceylon Transport board) Logo 1971-1977 -- ලංගම ලාංඡනය 1971-1977

CTB (Ceylon Transport Board) Logo. 1971-1977 -- ලංකා ගමනාගමන මණ්ඩලය 1971 දී යොදාගත් ලාංඡනයයි. මෙම ලාංඡනය 1977 දකවා ලංකා ගමනාගමන මණ්ඩලයේ ලාංඡනය ලෙස භාවිතා වී ඇත. ලංගම ලාංඡනය තුලට සිංහ සලකුණ ඇතුල් වන්නේ මෙම ලාංඡනයේ සිටයි.

CTB buses wth this logo in Benthota 1973 (pic by: The Douglas Campbell Show on flickr) -- 1973 වසරේ බෙන්තොට බස් නැවතුමේ නවතා ඇති බස් රථයක මෙම ලාංඡනය පින්තාරු කර ඇති අයුරු. 


Buses with this logo (Click on the thumbnail images for related posts) -- මෙම ලාංඡනය සහිත බස් රථ (ලිපි ලබාගැනීමට කුඩා පින්තූර මත click කරන්න)

                               


Tuesday, August 6, 2013

CTB (Ceylon Transport board) Logo 1965-1971 -- ලංගම ලාංඡනය 1965-1971


CTB (Ceylon Transport Board) Logo. 1965-1971 -- ලංකා ගමනාගමන මණ්ඩලය 1965 දී යොදාගත් ලාංඡනයයි. මෙම ලාංඡනය 1971 දකවා ලංකා ගමනාගමන මණ්ඩලයේ ලාංඡනය ලෙස භාවිතා වී ඇත.


Buses with this logo (Click on the thumbnail images for related posts) -- මෙම ලාංඡනය සහිත බස් රථ (ලිපි ලබාගැනීමට කුඩා පින්තූර මත click කරන්න)

                               

                                                  


Monday, August 5, 2013

CTB (Ceylon Transport board) Logo 1958-1965 -- ප්‍රථම ලංගම ලාංඡනය 1958-1965


The first CTB (Ceylon Transport Board) logo. 1958-1965 -- ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවීම හෙවත් බස් ජනසතුවට සමගාමීව 1958 දී හඳුන්වා දුන් ප්‍රථම ලාංඡනයයි. මෙම ලාංඡනය 1965 දකවා ලංකා ගමනාගමන මණ්ඩලයේ ලාංඡනය ලෙස භාවිතා වී ඇත.

Buses with this logo (Click on the thumbnail images for related posts) -- මෙම ලාංඡනය සහිත බස් රථ (ලිපි ලබාගැනීමට කුඩා පින්තූර මත click කරන්න)