Thursday, April 16, 2020

ලංගම මතක සටහන් - ලිපි අංක 07

This photo was taken in 1992 in Randenigala, Central, LK.
Click for the full size picture.
සත් වන මතක සටහන ලෙස ඔබට ගෙන එන්නේ ජනතා සන්තක ප්‍රවාහන සේවය කිරිඳිවැල ඩිපෝව හා බැඳුණු මතක සටහනකි. 1992 වසරේ සීමාසහිත කිරිඳිවැල ජනතා සන්තක ප්‍රවාහන සේවයේ සේවක පිරිස වසින් මෙම TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයෙන් (KD 35 / 61-4150) සුභසාධක චාරිකාවක් පැමිණි අපූරු මතක සටහනකි. මෙම ඡායාරූපය 1992 වසරේ රන්දෙනිගල ප්‍රදේශයේ චාරිකාව අතරතුර ලබගාන්නා ලද්දකි. මෙම මතක සටහනේ හිමිකරුවා වන්නේ එවකට කිරිඳිවැල ඩිපෝවේ රියදුරු මහතෙකු වශයෙන් සේවය කල එම්. පී. රූපසිංහ මහතාය. සුදු වර්ණ සහිත කමිසයකින් ඔහුද ඡායාරූපයේ පෙනී සිටී. අප වෙත එවන ලද්දේ ලංගම බස් අඩවියේ පාඨක අනුර සෝමරතන මහතා විසිනි.

මෙම බස් රථය පිලිබඳ අමතර යමක් සඳහන් කරන්නේ නම්, මෙය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවූ බස් රථයක් වන අතර TVS සමාගමේ එකලස් කරන ලද බඳකින් යුක්ත වී ඇත. රථය උදාගම් වැඩපිළිවෙළ යටතේ කෑරගල මහාබෝධිගම ගම්මානය ආරම්භක අවස්ථාවේදී, මාර්ග අංක 227 යටතේ යටතේ හේනේගම හා කොළඹ අතර ධාවනය සදහා යෙදවූවකි. එලෙස ධාවනය කරවීම සඳහා 1991 වසරේ දී බස්‍ රථය ඩිපෝව වෙත ලබා දී ඇත්තේ භික්‍ෂූන් වහන්සේ නමක් විසිනි. මෙම බඳ සහිත බස් රථ ඉතා සීමිත ගණනක් පමණක් ලංගම යටතේ මෙන්ම සමස්ථ ශ්‍රී ලංකාවේම තිබී ඇත.

චාරිකාව අතරතුර ලබාගත් තවත් ඡායාරූපයක්.
This photo was taken in 1992 in Randenigala, Central, LK.
Click for the full size picture.
ඔබටත් ශ්‍රී ලංගම හා බැඳුනු මෙවන් සුන්දර මතකයන් තිබෙන්නට ඇති. ඒවා ලංගම බස් අඩවියේ පාඨක ප්‍රජාව සමඟ බෙදා ගැනීමට, ඡායාරූපයේ විස්තරද සමඟ අදම අප වෙත යොමු කරන්න>> sltbbus@hotmail.com

No comments:

Post a Comment