Showing posts with label cubic. Show all posts
Showing posts with label cubic. Show all posts

Tuesday, April 14, 2020

ISUZU Cubic ULV324L city bus from SLTB Ambalatota depot

This photo was taken on December 30, 2013 in Ambalanthota, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota depot, ISUZU Cubic ULV324L city bus (AT 75 / NA-0561) in the depot premises. Acquired to the SLTB in 2005 as a Tsunami aid by the Japanese government. Special received form the Thalangama depot for the Hambantota - Mattala Airport service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්තොට ඩිපෝවට අයත් ඉසුසූ කියුබික් ULV324L වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2005 වසරේ ජපානයෙන් ලැබෙන සුනාමි අධාරයක් වශයෙන් ශ්‍රී ලංගමට ලැබී ඇති මෙම බස් රථය ටෝකියෝ අගනුවර පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් 1993 වසරේ නිමවා ඇත. මුලින් ශ්‍රී ලංගම උඩහමුල්ල ඩිපෝවටද දෙවනුව ශ්‍රී ලංගම තලංගම ඩිපෝවට අනියුක්ත වී ඇති බස් රථය, 2013 වසරේ මෙලෙස අම්බලන්තොට ඩිපෝවට අනියුක්ත කර ඇත්තේ හම්බන්තොට හා මත්තල ගුවන්තොටුපොළ සේවාවන් සඳහා යෙදවීමටය. එම සේවාව ක්‍රියාත්මක නොවීමත් සමඟ රථය මෙලෙස හම්බන්තොට හා බඳගිරිය අතර ධාවනයට යොදවා තිබුණි.

මෙම බස් රථය තලංගම ඩිපෝව යටතේ ධාවනය වූ අවධිය පිලිබඳ අප පළකල ලිපිය 

Thursday, May 21, 2015

ISUZU Cubic city bus from SLTB Jaffna depot

This photo was taken in September 2014 in Jaffna, Northern, LK.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Jaffna depot, ISUZU Cubic bus (NA-1726) at the Jaffna central bus stnad. Acquired to the SLTB fleet in 2005 as a Tsunami aid by the Japanese Government. Here it is seen in September 2014 in the original Japanese livery. Allocated for the services between Punnalaikadduvan and Jaffna under the route number 764. Photo by: Dave Spencer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යාපනය ඩිපෝවට අයත් ISUZU Cubic වර්ගයේ බස් රථයක් යාපනය මධ්‍යම බස් නැවතුම් පරිශ්‍රයේ දී. 2005 වසරේ ජපානයෙන් ලැබෙන සුනාමි අධාරයක් වශයෙන් ශ්‍රී ලංගමට ලැබී ඇති මෙම බස් රථය ටෝකියෝ අගනුවර පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් 1993 වසරේ නිමවා ඇත.  2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් ආධාර වශයෙන් ලංකාවට ලැබී ඇත. 2005 වසරේ මෙම බස් රථ යාපනය ඩිපෝවට ලබාදෙන අවධියේ, ත්‍රස්ත තර්ජන හේතුවෙන්  A9 ප්‍රධාන මාර්ගය වසා තිබුණු හෙයින් ඍජුව නැව් මහින්ම යාපනය වෙත ගෙන ගොස් ඇත. එහෙයින් ශ්‍රී ලංගම සම්මත රතු වර්ණය ගැල්වීම සඳහා අවස්ථාවක් ලැබී නොමැත. කෙසේ වෙතත් මෙම ඡායාරූපය ලබාගත් 2014 සැප්තැම්බර් වනතුරුම මෙම බස් රථය එහි මුල් ජපන් වර්ණ වලින්ම පැවතී ඇත. ඡායාරූපය ලබාගත් අවස්ථාවේ මාර්ග අංක 764 යටතේ පුන්නාලෙයිකඩ්ඩුවාන් හා යාපනය අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ඩේව් ස්පෙන්සර්.

Wednesday, September 24, 2014

ISUZU Cubic city bus from SLTB Nuwara-Eliya regional office

This photo was taken on July 30, 2014 in Gampola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya regional office, ISUZU Cubic city bus (NA-0612) in the Gampola depot premises. Acquired to the SLTB fleet in 2005 as a Tsunami aid from the Japanese Government. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නුවරඑළිය ප්‍රාදේශීය කාර්‍යාලයට අයත් 'ISUZU Cubic' වර්ගයේ බස් රථයක් ගම්පොල ඩිපෝ පරිශ්‍රයේ දී. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් ආධාර වශයෙන් ලංකාවට ලැබී ඇත. මුලින් ශ්‍රී ලංගම තලංගම ඩිපෝවට අනියුක්ත වී ඇති මෙම රථය පසුකාලීනව උඩහමුල්ල ඩිපෝවේ අලුත්වැඩියා කර අම්බලන්තොට ඩිපෝව යටතේ හම්බන්තොට හා මත්තල ගුවන්තොටුපොළ අතර ධාවනයට යොදවා ඇත. පසුව එම සේවාව අත්හිටුවීමත් සමඟ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය මගින් නැවත අලුත්වැඩියා කර නුවරඑළිය ඩිපෝව යටතේ සේවයට අනියුක්ත කොට තිබේ.

This photo was taken on July 30, 2014 in Gampola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, September 9, 2013

ISUZU Cubic city bus from SLTB Gampaha depot

This photo was taken on September 09, 2013  in Jawatta, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha depot, ISUZU Cubic city bus (GM 05 / NA-0608) at Jawatta near the Thurstan college cricket grounds. Acquired in 2005 in SLTB service as a Tsunami aid from the Japanese Government.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝවට අයත් ඉසුසූ Cubic වර්ගයේ බස් රථයක් ජාවත්ත තර්ස්ටන් විද්‍යාලීය ක්‍රිකට් ක්‍රීඩාංගනය අසල දී. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් ආධාර වශයෙන් ලංකාවට ලැබී ඇත. බොහොමයක් මෙම බස් රථ ලංගමට ලබාදීමේදී වායු සමන යන්ත්‍ර ක්‍රියා විරහිත කර ලබා දී ඇතත් මෙම රථයේ වායු සමාන යන්ත්‍ර ඩිපෝව මගින් නැවත අලුත්වැඩියා කර ඇත.

This photo was taken on September 09, 2013  in Jawatta, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on September 09, 2013  in Jawatta, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, December 12, 2012

ISUZU Cubic city bus from SLTB Thalangama depot

This photo was taken on December 11, 2012  in Kollupitiya , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangama depot, ISUZU Cubic city bus (TL 62 / NA-0561) at Kollupitiya. Awaiting to leave for Avissawella under the route number 3/177. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝවට අයත් ඉසුසූ කියුබික් වර්ගයේ බස් රථයක් කොල්ලුපිටිය බස් නැවතුමේ දී. 2005 වසරේ සුනාමි ආධාර ලෙස ජපානයෙන් ලැබුණු බස් රථයකි. පුර්ණ අලුත්වැඩියාවකින් පසු මෙලෙස ධාවනයට එකතු කර තිබේ. මාර්ග අංක 3/177 ඔස්සේ කඩුවෙල හරහා අවිසාවෙල්ල බලා ධාවනය වීමට සුදානමින්.

This photo was taken on December 11, 2012  in Kollupitiya , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 11, 2012  in Kollupitiya , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on December 11, 2012  in Kollupitiya , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2014/01/05 යාවත්කාලීනය: පසු කාලීනව මෙම බස් රථය මත්තල ගුවන් තොටුපොළ හා හම්බන්තොට අතර ධාවනය පිණිස අම්බලන්තොට ඩිපෝවට ලබා දී ඇති අතර, එම සේවාව අත්හිටුවීමෙන් පසු අම්බලන්තොට ඩිපෝව යටතේ සාමාන්‍ය ධාවනය සඳහා යොදවා ඇත. අම්බලන්තොට ඩිපෝව යටතේ ඇති අවධිය පිලිබඳ අප පළකළ ලිපිය

Sunday, March 25, 2012

ISUZU Cubic city bus (Tsunami bus) from SLTB Moratuwa depot

This photo was taken on December 12, 2011 in Bambalapitiya, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot, ISUZU Cubic City bus (MR 164 / NA-0613) at Bambalapitiya. Acquired in 2005 in SLTB service as a Tsunami aid from the Japanese Government.   -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වන 'ISUZU Cubic' වර්ගයට අයත් බස් රථයකි. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් ආධාර වශයෙන් ලංකාවට ලැබී ඇත.  ඡායාරුපය ලබාගත්තේ බම්බලපිටියේදීය.

The Other Side of this Bus -- මෙම බසයේ අනෙක් පස පෙනුම
This photo was taken on Auguast 13, 2012  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 17, 2012  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on Auguast 13, 2012  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.