Tuesday, April 14, 2020

ISUZU Cubic city bus from SLTB Ambalatota depot

This photo was taken on December 30, 2013 in Ambalanthota, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota depot, ISUZU Cubic city bus (AT 75 / NA-0561) in the depot premises. Acquired to the SLTB in 2005 as a Tsunami aid by the Japanese government. Special received form the Thalangama depot for the Hambantota - Mattala Airport service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්තොට ඩිපෝවට අයත් ඉසුසූ කියුබික් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2005 වසරේ ජපානයෙන් ලැබෙන සුනාමි අධාරයක් වශයෙන් ශ්‍රී ලංගමට ලැබී ඇති මෙම බස් රථය ටෝකියෝ අගනුවර පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් 1993 වසරේ නිමවා ඇත. මුලින් ශ්‍රී ලංගම උඩහමුල්ල ඩිපෝවටද දෙවනුව ශ්‍රී ලංගම තලංගම ඩිපෝවට අනියුක්ත වී ඇති බස් රථය, 2013 වසරේ මෙලෙස අම්බලන්තොට ඩිපෝවට අනියුක්ත කර ඇත්තේ හම්බන්තොට හා මත්තල ගුවන්තොටුපොළ සේවාවන් සඳහා යෙදවීමටය. එම සේවාව ක්‍රියාත්මක නොවීමත් සමඟ රථය මෙලෙස හම්බන්තොට හා බඳගිරිය අතර ධාවනයට යොදවා තිබුණි.

මෙම බස් රථය තලංගම ඩිපෝව යටතේ ධාවනය වූ අවධිය පිලිබඳ අප පළකල ලිපිය 

No comments:

Post a Comment