Showing posts with label citybus. Show all posts
Showing posts with label citybus. Show all posts

Friday, May 7, 2021

Toyota Coaster B50 bus from SLTB Colombo City Bus service

This photo was taken on March 17, 2021, in Ethul Kotte, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Colombo 'City Bus' service, Toyota Coaster B50 bus (NC-2802) at the Ethul Kotte. The bus hired from a private owner and allocated for the services under the Colombo 'Park and Ride City Bus' pilot project. Allocated for the services on the city bus route number 174 between Makumbura and Pettah. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොළඹ 'City Bus' නියමු ව්‍යාපෘතිය යටතේ ධාවනය වන ටොයෝටා කෝස්ටර් B50 වර්ගයේ බස් රථයක් ඇතුල් කෝට්ටේ දී. පුද්ගලික අංශයෙන් කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථය City Bus මාර්ග අංක 174 යටතේ මෙලෙස මාකුඹුර හා පිටකොටුව අතර ධාවනයට යොදවා ඇත.

Sunday, January 31, 2021

Toyota Coaster B50 bus from SLTB Colombo City Bus service

This photo was taken on January 18, 2021, in Bambalaptiya, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Colombo 'City Bus' service, Toyota Coaster B50 bus at the Bambalapitiya junction. The bus hired from a private owner and allocated for the services under the Colombo 'Park and Ride City Bus' pilot project. Allocated for the services on the city bus route number 02. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොළඹ 'City Bus' නියමු ව්‍යාපෘතිය යටතේ ධාවනය වන ටොයෝටා කෝස්ටර් B50 වර්ගයේ බස් රථයක් බම්බලපිටිය මංසන්ධියේ දී. පුද්ගලික අංශයෙන් කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථය City Bus මාර්ග අංක 2 යටතේ මෙලෙස මාකුඹුර හා බම්බලපිටිය අතර ධාවනයට යොදවා ඇත. 

Friday, January 15, 2021

කොළඹ 'City Bus' සේවය -- Colombo 'City Bus' Service

'City Bus' සේවාව සඳහා යොදාගන්නා බස් රථ
කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් 'City Bus' සේවාව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙය ක්‍රියාත්මක වන්නේ 'Park and Ride' සේවාවක් හෙවත් මගියාගේ පුද්ගලික වාහනය ගාල් කර බස් රථයෙන් කොළඹ නගරයට ඇතුළු විය හැකි අයුරිනි. කොළඹ නගරය ආශ්‍රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද (2021 ජනවාරි 15) දින පෙරවරුවේ ආරම්භ කෙරිණ.

පුද්ගලික අංශයෙන් කුලී පදනම මත ලබා ගන්නා ලද බස් රථ බස් රථ 25 ක පමණ ඇණියකින් මුල් අදියරේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ඒ සඳහා Toyota Coaster, Mitsubishi Rosa යන වර්ග ප්‍රමුඛව යොදාගෙන ඇති බව නිරීක්ෂණය වේ. ඉදිරියේ දී පත්ල පහත් (low Floor) නාගරික සේවා බස් රථ 200 ක ඇණියක් මෙම සේවාව සඳහා ශ්‍රී ලංගමට ලබා දීමට නියමිතය.
'City Bus' සේවාව සඳහා යොදාගන්නා බස් රථ
'City Bus' සේවාව සඳහා යොදාගන්නා බස් රථ
මෝටර් රථයෙන් සහ යතුරු පැදියෙන් ගමන් ගන්නා මගීන් සඳහා සුවපහසු, ආරක්ෂිත පොදු ප්‍රවාහන බස්රථ සේවාවක් සැපයීම මගින් කොළඹ සහ තදාසන්න නගර වලට ගමන් කරන වාහන සංඛ්‍යාව අඩු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. පරිසර දූෂණය, වැයවන කාලය සහ මගීන්ගේ මානසික පීඩනය අවම කිරීම ද අපේක්ෂා කෙරේ. 
ආසනගත මගීන් පමණක් රැගෙන යාමට සුඛෝපභෝගී බස්රථ පමණක් යොදා ගැනේ. අයකෙරෙන මුදල සාමාන්‍ය බස් රථ ගාස්තුව මෙන් දෙගුණයකි. නැවතුම්පොළ සීමිත සංඛ්‍යාවකින් පමණක් මගීන් නංවා ගැනීම, අඩු කාලයකින් ගමනාන්තය කරා ළඟාවීම, ආචාරශීලී, සුහදශීලී හා ආකර්ශණීය ප්‍රවාහන සේවාවක් සැලසීම, තාක්ෂණය උපයෝගී කරගෙන දිනපතා කෙරෙන පසුවිපරම සහ Clock Wise හා Anti Clock Wise ගමන් වර්ග දෙකක් ක්‍රියාත්මක වීම වැඩසටහනට අයත් වේ. 

මගීන්ට සිය පුද්ගලික වාහනය ආසන්නතම Park & Ride රථ ගාලෙහි මුදල් ගෙවීමකින් තොරව නතර කර තැබීමට පහසුකම් සලසා තිබේ. වැඩසටහනෙහි ප්‍රගතිය සැලකිල්ලට ගෙන වාහන නවතා තැබීමේ ඉඩ තවදුරටත් පුළුල් කිරීමට ලංගම සූදානමින් සිටී. පෙ.ව 06.00 සිට පෙ.ව 08.00 සහ ප.ව 04.00 සිට ප.ව 09.00 දක්වා විනාඩි 15 කට වරක් බස් රථ ධාවනය කරනු ලැබේ. පෙ.ව 08.00ත් ප.ව 04.00 ත් අතර කාලය තුළ බස් රථ ධාවනය වන්නේ විනාඩි 25කට වතාවකි. දැනට, දිනකට ගමන් වාර 64ක් සිදු කෙරේ.
'City Bus' සේවාව ක්‍රියාත්මක වන මාර්ග සිතියම. නිල් පැහැයෙන් වාහන ගාල් කල හැකි ස්ථාන දැක්වේ.
ධාවන_මාර්ගය 01
මාකුඹුර - කොට්ටාව - පන්නිපිටිය - තලවතුගොඩ - පැලවත්ත - බත්තරමුල්ල - රාජගිරිය - බොරැල්ල - මරදාන - පිටකොටුව - ගාමිණි හෝල් - පුරහල - නුගේගොඩ - කොට්ටාව - මාකුඹුර 

ධාවන_මාර්ගය 02
මාකුඹුර - මහරගම - නුගේගොඩ - නාවල - නාරාහේන්පිට - ටොරින්ටන් - පුරහල - කොම්පඤ්ඤ වීදිය - ගාලුමුවදොර - බම්බලපිටිය - තුම්මුල්ල - කිරුලපන - මාකුඹුර

ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව යන ආයතනවල දායකත්වය ද ව්‍යාපෘතියට හිමිව ඇත.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය, බස් රථ කාල සටහන සහ ආසන්නතම බස් රථයේ ළඟාවීම දැනගැනීමටත් හඳුන්වා දී ඇති විශේෂ 'City Bus' නම් ජංගම දුරකථන මෘදුකාංගය (APP) දියත් කිරීමද සමඟාමීව සිදුකෙරිණි.
'City Bus' නම් ජංගම දුරකථන මෘදුකාංගය (APP) 
'City Bus' ජංගම දුරකථන මෘදුකාංගය (APP) මෙතැනින් ගන්න  

විවෘත කිරීමෙන් පසු නව සේවාව සඳහා යොදවා ඇති බස් රථයක ගමන් කළ ජනාධිපතිතුමාද එහි පහසුකම් නිරීක්ෂණ කළේය.
'City Bus' සේවාව ආරම්භ කරමින් ජනාධිපතිතුමා අතින් විවෘත වූ බස් රථය.
ජනාධිපතිතුමා, ප්‍රවාහන ඇමතිවරුන් සහ ශ්‍රී ලංගම සභාපතිතුමා බස් රථයෙන් ගමන් කිරීම.

Tuesday, October 29, 2013

Veera bodied Ashok Leyland ULE city buses from SLTB Maharagama depot

This photo was taken on October 28, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Veera bodied Ashok Leyland ULE city bus (NB-5537) at the Central Bus Stand. Ready to leave for Negombo via newly opened Katunayake Express Way (E03). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත්, වීරා බඳ සහිත අශෝක් ලේලන්ඩ් ULE වර්ගයේ සුඛෝපබෝහී බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී. රථය, අලුතින් විවෘත්ත කරන ලද කොළඹ කටුනායක අධිවේගී මාර්ගය [E 03] ඔස්සේ මීගමුව බලා ධාවනය වීමට සූදානමින්. අකෙකුත් නාගරික සේවා බස් රථයකට වඩා ඇති වෙනස් කම් නම්, දුර ගමනකට ගැලපෙන පරිදි උස් ආසන තිබීම හා තනි දොරකින් යුක්ත වීමයි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් කුලී පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි.

Rear view of  another veera city bus (NB-4843) -- මෙම වර්ගයේ තවත් බස් රථයක පිටුපස පෙනුම
This photo was taken on October 28, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Side view a Veera city bus -- බස් රථයක් පැත්තෙන් පෙනෙන ආකාරය
This photo was taken on October 28, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, October 2, 2013

Yutong ZK6118HGA city bus from SLTB Colombo luxury city service

This photo was taken on October 02, 2013  near Racecourse, Colombo 07, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Colombo city service, YUTONG ZK6118HGA (micro) city bus (NB-2206) near the Colombo Racecourse. Playing on the route no. 154 from Bambalapitiya to Kadawatha. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)  කොළඹ සුඛෝපබෝගී නාගරික සේවා නියමු ව්‍යාපෘතිය යටතේ ධාවනය වන යුටෝන්ග් ZK6118HGA (මයික්‍රෝ) වර්ගයේ නාගරික සේවා බස් රථයක්, කොළඹ තුරඟ තරඟ පිටිය අසල දී.  රථය මාර්ග අංක 154 යටතේ බම්බලපිටියේ සිට කඩවත බලා ධාවනය වන අවස්ථාවකි.

Monday, September 9, 2013

ISUZU Cubic city bus from SLTB Gampaha depot

This photo was taken on September 09, 2013  in Jawatta, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha depot, ISUZU Cubic city bus (GM 05 / NA-0608) at Jawatta near the Thurstan college cricket grounds. Acquired in 2005 in SLTB service as a Tsunami aid from the Japanese Government.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝවට අයත් ඉසුසූ Cubic වර්ගයේ බස් රථයක් ජාවත්ත තර්ස්ටන් විද්‍යාලීය ක්‍රිකට් ක්‍රීඩාංගනය අසල දී. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් ආධාර වශයෙන් ලංකාවට ලැබී ඇත. බොහොමයක් මෙම බස් රථ ලංගමට ලබාදීමේදී වායු සමන යන්ත්‍ර ක්‍රියා විරහිත කර ලබා දී ඇතත් මෙම රථයේ වායු සමාන යන්ත්‍ර ඩිපෝව මගින් නැවත අලුත්වැඩියා කර ඇත.

This photo was taken on September 09, 2013  in Jawatta, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on September 09, 2013  in Jawatta, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, December 4, 2012

Ashok Leyland, Volvo and Yutong (Micro) city buses

This photo was taken on April 09, 2012 in Moratuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Ashok Leyland ULE, Volvo B7R LE  and Yutong ZK6118HGA (Micro) city buses at the Moratuwa bus stand. Photo by Sameera Rukshan. -- ශ්‍රී ලං.ග.ම. කොළඹ සුඛෝපබෝගී නාගරික සේවා යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් ULE, වොල්වෝ B7RLE සහ යූටොන්ග් ZK6118HGA යන බස් වර්ග 3 ම අඩංගු ඡායාරූපයක්. (ඡායාරූපය සමීර රුක්ෂාන්)

Thursday, July 26, 2012

Veera bodied Ashok Leyland ULE bus from SLTB Maharagama depot

This photo was taken on July 26, 2012  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Veera bodied Ashok Leyland ULE bus (NB-4077) at the Central bus stand, Pettah. Awaiting it's turn on the newly started Galle - Colombo luxury bus service via southern expressway -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන වීරා බඳ සහිත අශෝක් ලේලන්ඩ් ULE වර්ගයේ බස් රථයක් පිටකොටුව ම.බ.ක. පරිශ්‍රයේ දී. රථය අලුතින් ඇරඹි, අධිවේගී මාර්ගය හරහා ගාල්ල කොළඹ සේවාවට යොදවා තිබුණි. නියමු ව්‍යාපෘතියක් ලෙස අශෝක් ලේලන්ඩ් සමාගම මගින් කුලී පදනම මත මෙම බස් රථ ඩිපෝවට ලබාගෙන තිබේ. 

The Other Side of this Bus -- මෙම බසයේ අනෙක් පස පෙනුම.
This photo was taken on July 26, 2012  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on July 26, 2012  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Seats Of the Bus (Specially Designed With Head Rest and Seat Belts) -- දුර ගමනකට ගැලපෙන ලෙස සැකසු ආසන
This photo was taken on July 26, 2012  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත. වැඩි දුරක් පහසුවෙන් ගමන් කල හැකි වන පරිදි උස් ආසන සකසා ඇත.
This photo was taken on July 26, 2012  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, June 15, 2012

Hino KC-HU2MLCA city bus from SLTB Kadawatha depot

This photo was taken on June 15, 2012  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot Hino KC-HU2MLCA bus (KW 83 / NA-0579) at Bambalapitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කඩවත ඩිපෝවට අයත් ' KC-HU2MLCA' වර්ගයේ බස් රථයක් බම්බලපිටිය මංසන්ධිය ශ්‍රී ලංගම බස් නැවතුමේ දී. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් රජයේ ආධාර වශයෙන් ලංකාවට ලැබී ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on June 15, 2012  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2016 අගෝස්තු 12 යාවත්කාලීනය: මෙම බස් රථය පසුකාලීනව වායු සමන අලුත්වැඩියා කර අධිවේගී ධාවනය සඳහා යොදවන ලදී. අලුත් වැඩියාවෙන් පසු මෙම බස් රථය පිළිබඳව අප පළ කල ලිපිය මෙතැනින්. 

Saturday, April 14, 2012

Mitsubishi Fuso Aero Star city bus from SLTB Negombo depot

This photo was taken on February 8, 2012, in Oyamaduwa, Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot Mitsubishi Fuso Aero Star city bus (NA-1746) parked at the Deyata Kirula 2012 Exhibition premises, Oyamaduwa. Acquired to the SLTB fleet in 2005 as a Tsunami aid by the Japanese government.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝවට අයත් මිට්සුබිෂි ෆූසෝ එයිරෝ ස්ටාර් වර්ගයේ බස් රථයක්, ඔයාමඩුව දැයට කිරුළ 2012 ප්‍රදර්ශන භූමියේදී. 2005 වසරේ ජපානයෙන් ලැබෙන සුනාමි අධාරයක් වශයෙන් ශ්‍රී ලංගමට ලැබී ඇති මෙම බස් රථය ටෝකියෝ අගනුවර පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් 1993 වසරේ නිමවා ඇත. ඡායාරූප ලබා ගන්නා අවස්ථාවේ ඔයාමඩුව දැයට කිරුළ 2012 ප්‍රදර්ශන භූමියේ ගාල් කොට තිබුණි.

Thursday, April 5, 2012

Yutong ZK6118HGA (Micro) City buses for the SLTB Luxury city service

This photo was taken on April 09, 2012  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
A newly introduced Yutong ZK6118HGA model urban bus, deployed under the Colombo luxury City bus pilot project of the Sri Lanka Transport Board (SLTB), was captured in Bambalapitiya, with operations carried out under Route No. 100. A total of five buses of this model have been assigned to service under this project. These buses have been obtained from the Micro company on a lease basis and deployed specifically for the purposes of this pilot operation. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොළඹ  සුඛෝපබෝගී නාගරික සේවා, නියමු ව්‍යාපෘතිය යටත් මයික්‍රෝ සමාගම හා ගමනාගමන මණ්ඩලය එක්ව, මාර්ග අංක 100 යටතේ ධාවනයට යෙදවූ නවතම යුටොන්ග් ZK6118HGA වර්ගයේ නගර සේවා බස් රථයක් බම්බලපිටියේදී. මෙම වර්ගයේ බස් රථ 05 ක් එම ව්‍යාපෘතිය යටතේ ධාවනයට යොදවා ඇත. බස් රථ මයික්‍රෝ සමාගම මගින් කුලී පදනම මත ලබාගෙන අදාළ ව්‍යාපෘතිය සඳහා යොදවා ඇත.   

Side view of the bus -- මෙම බස් රථ පැත්තෙන් පෙනෙන ආකාරය
This photo was taken on Auguast 20, 2012 in Bamabalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on April 06, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture. 

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on April 06, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on April 06, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.  
This photo was taken on April 06, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture. 
This photo was taken on April 06, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture. 

Driver Cab of the Bus -- බස් රථයේ රියදුරු කුටිය.
This photo was taken on April 25, 2012  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

At Galleface Before handover to the SLTB -- ලංගමට ලබාදීමට පෙර ගාලුමුවදොර නවතා තිබියෙදී..
This photo was taken on February 01, 2012 in Galleface, Colombo, Western, LK, using a Canon IXUS 210
Click for the full size picture.

Sunday, March 25, 2012

ISUZU Cubic city bus (Tsunami bus) from SLTB Moratuwa depot

This photo was taken on December 12, 2011 in Bambalapitiya, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot, ISUZU Cubic City bus (MR 164 / NA-0613) at Bambalapitiya. Acquired in 2005 in SLTB service as a Tsunami aid from the Japanese Government.   -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වන 'ISUZU Cubic' වර්ගයට අයත් බස් රථයකි. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් ආධාර වශයෙන් ලංකාවට ලැබී ඇත.  ඡායාරුපය ලබාගත්තේ බම්බලපිටියේදීය.

The Other Side of this Bus -- මෙම බසයේ අනෙක් පස පෙනුම
This photo was taken on Auguast 13, 2012  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 17, 2012  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on Auguast 13, 2012  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, March 8, 2012

Ashok Leyland Veera city bus from SLTB Luxury city service

This photo was taken on March 8, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) luxury city service, Ashok Leyland Veera city bus playing on the route no 100 at Bambalapitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොළඹ  සුඛෝපබෝගී නාගරික සේවා, නියමු ව්‍යාපෘතිය යටත් ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම හා ගමනාගමන මණ්ඩලය එක්ව මාර්ග අංක 100 යටතේ ධාවනයට යෙදවූ නවතම අශෝක් ලේලන්ඩ් වීරා වර්ගයේ සුඛෝපබෝගී බස් රථයක් බම්බලපිටියේ දී.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත

Disabled people easily get on and off the bus -- ආබාධිත අයවලුන් සඳහා පහසුවෙන් ගොඩවිය හැකි විශේෂ පිවිසුම් පඩිය.

Sunday, January 22, 2012

Mitsubishi Fuso Aero Star city bus from SLTB Moratuwa depot

This photo was taken on December 12, 2011 in Dehiwala, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.
Sri Lanka Transport Board (S.L.T.B.) Moratuwa depot, Mitsubishi Fuso Aero Star city bus (MR 174 / NA-0686) at Dehiwala -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වන මිට්සුබිෂි ෆූසෝ එයිරෝ සටාර් වර්ගයට අයත් බස් රථයකි. මෙම බස් රථ 2004 දී ඇතිවූ සුනාමි ව්‍යසනය සමග ජපන් ආධාර ලෙස ලැබුණු ඒවාය. ජපානයේ ටෝකියෝ නාගරික ප්‍රවාහන සේවය යටතේ ධාවනය වී ඇති මෙම රථ 1993 හා 1994 කාලසීමාවේ නිෂ්පාදිතය. යාරුපය ලබාගත්තේ දෙහිවලදීය.

නැවත අලුත්වැඩියාවකින් පසු කහ වර්ණ ගැන්වූ මෙම බස් රථය මහානාම විදුහලේ පාසල් බස් රථය ලෙස මොරටුව බලා ධාවනය වෙමින්.
This photo was taken on May 02, 2013  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 17, 2012  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.