Showing posts with label Events. Show all posts
Showing posts with label Events. Show all posts

Saturday, January 1, 2022

Friday, January 15, 2021

කොළඹ 'City Bus' සේවය -- Colombo 'City Bus' Service

'City Bus' සේවාව සඳහා යොදාගන්නා බස් රථ
කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් 'City Bus' සේවාව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙය ක්‍රියාත්මක වන්නේ 'Park and Ride' සේවාවක් හෙවත් මගියාගේ පුද්ගලික වාහනය ගාල් කර බස් රථයෙන් කොළඹ නගරයට ඇතුළු විය හැකි අයුරිනි. කොළඹ නගරය ආශ්‍රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද (2021 ජනවාරි 15) දින පෙරවරුවේ ආරම්භ කෙරිණ.

පුද්ගලික අංශයෙන් කුලී පදනම මත ලබා ගන්නා ලද බස් රථ බස් රථ 25 ක පමණ ඇණියකින් මුල් අදියරේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ඒ සඳහා Toyota Coaster, Mitsubishi Rosa යන වර්ග ප්‍රමුඛව යොදාගෙන ඇති බව නිරීක්ෂණය වේ. ඉදිරියේ දී පත්ල පහත් (low Floor) නාගරික සේවා බස් රථ 200 ක ඇණියක් මෙම සේවාව සඳහා ශ්‍රී ලංගමට ලබා දීමට නියමිතය.
'City Bus' සේවාව සඳහා යොදාගන්නා බස් රථ
'City Bus' සේවාව සඳහා යොදාගන්නා බස් රථ
මෝටර් රථයෙන් සහ යතුරු පැදියෙන් ගමන් ගන්නා මගීන් සඳහා සුවපහසු, ආරක්ෂිත පොදු ප්‍රවාහන බස්රථ සේවාවක් සැපයීම මගින් කොළඹ සහ තදාසන්න නගර වලට ගමන් කරන වාහන සංඛ්‍යාව අඩු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. පරිසර දූෂණය, වැයවන කාලය සහ මගීන්ගේ මානසික පීඩනය අවම කිරීම ද අපේක්ෂා කෙරේ. 
ආසනගත මගීන් පමණක් රැගෙන යාමට සුඛෝපභෝගී බස්රථ පමණක් යොදා ගැනේ. අයකෙරෙන මුදල සාමාන්‍ය බස් රථ ගාස්තුව මෙන් දෙගුණයකි. නැවතුම්පොළ සීමිත සංඛ්‍යාවකින් පමණක් මගීන් නංවා ගැනීම, අඩු කාලයකින් ගමනාන්තය කරා ළඟාවීම, ආචාරශීලී, සුහදශීලී හා ආකර්ශණීය ප්‍රවාහන සේවාවක් සැලසීම, තාක්ෂණය උපයෝගී කරගෙන දිනපතා කෙරෙන පසුවිපරම සහ Clock Wise හා Anti Clock Wise ගමන් වර්ග දෙකක් ක්‍රියාත්මක වීම වැඩසටහනට අයත් වේ. 

මගීන්ට සිය පුද්ගලික වාහනය ආසන්නතම Park & Ride රථ ගාලෙහි මුදල් ගෙවීමකින් තොරව නතර කර තැබීමට පහසුකම් සලසා තිබේ. වැඩසටහනෙහි ප්‍රගතිය සැලකිල්ලට ගෙන වාහන නවතා තැබීමේ ඉඩ තවදුරටත් පුළුල් කිරීමට ලංගම සූදානමින් සිටී. පෙ.ව 06.00 සිට පෙ.ව 08.00 සහ ප.ව 04.00 සිට ප.ව 09.00 දක්වා විනාඩි 15 කට වරක් බස් රථ ධාවනය කරනු ලැබේ. පෙ.ව 08.00ත් ප.ව 04.00 ත් අතර කාලය තුළ බස් රථ ධාවනය වන්නේ විනාඩි 25කට වතාවකි. දැනට, දිනකට ගමන් වාර 64ක් සිදු කෙරේ.
'City Bus' සේවාව ක්‍රියාත්මක වන මාර්ග සිතියම. නිල් පැහැයෙන් වාහන ගාල් කල හැකි ස්ථාන දැක්වේ.
ධාවන_මාර්ගය 01
මාකුඹුර - කොට්ටාව - පන්නිපිටිය - තලවතුගොඩ - පැලවත්ත - බත්තරමුල්ල - රාජගිරිය - බොරැල්ල - මරදාන - පිටකොටුව - ගාමිණි හෝල් - පුරහල - නුගේගොඩ - කොට්ටාව - මාකුඹුර 

ධාවන_මාර්ගය 02
මාකුඹුර - මහරගම - නුගේගොඩ - නාවල - නාරාහේන්පිට - ටොරින්ටන් - පුරහල - කොම්පඤ්ඤ වීදිය - ගාලුමුවදොර - බම්බලපිටිය - තුම්මුල්ල - කිරුලපන - මාකුඹුර

ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව යන ආයතනවල දායකත්වය ද ව්‍යාපෘතියට හිමිව ඇත.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය, බස් රථ කාල සටහන සහ ආසන්නතම බස් රථයේ ළඟාවීම දැනගැනීමටත් හඳුන්වා දී ඇති විශේෂ 'City Bus' නම් ජංගම දුරකථන මෘදුකාංගය (APP) දියත් කිරීමද සමඟාමීව සිදුකෙරිණි.
'City Bus' නම් ජංගම දුරකථන මෘදුකාංගය (APP) 
'City Bus' ජංගම දුරකථන මෘදුකාංගය (APP) මෙතැනින් ගන්න  

විවෘත කිරීමෙන් පසු නව සේවාව සඳහා යොදවා ඇති බස් රථයක ගමන් කළ ජනාධිපතිතුමාද එහි පහසුකම් නිරීක්ෂණ කළේය.
'City Bus' සේවාව ආරම්භ කරමින් ජනාධිපතිතුමා අතින් විවෘත වූ බස් රථය.
ජනාධිපතිතුමා, ප්‍රවාහන ඇමතිවරුන් සහ ශ්‍රී ලංගම සභාපතිතුමා බස් රථයෙන් ගමන් කිරීම.

Friday, January 1, 2021

Happy New Year 2021

📷 Uthpala Dilhan | Location: Galle Face Green | Date Taken: 31/12/2020

Tuesday, June 2, 2020

අත්‍යවශ්‍ය සේවාවන්ට අදාළ ප්‍රවාහන සේවාවන් සඳහා සම්බන්ධ කරගතයුතු දුරකථන අංක

ලොව පුරා වසංගත මට්ටමෙන් පැතිරී යන කොවිඩ් 19 වෛරසය ශ්‍රී ලංකාව තුල පැතිරී යාම වැලැක්වීම පිණිස රජය මගින් එක් එක් ප්‍රදේශ සඳහා දිස්ත්‍රික් මට්ටමින් ඇඳිරි නීතිය පනවා ඇත. ඒ අනුව ශ්‍රී ලංගම බස් සේවාද සීමා වී ඇත. 2020 මැයි මස 26 වන දින සිට ඇඳිරි නීතිය ලිහිල් කිරීමට රජය මගින් කටයුතු යොදා ඇති අතර ඇඳිරි නීතිය ඉවත් කරන කාල සීමාවන් වල දී පමණක් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංගම සූදානමින් සිටී. එලෙස පොදු ප්‍රවාහනය භාවිත කෙරෙන මගීන් පහත කරුණු වෙත අවධානය යොමු කරවන ලෙස ශ්‍රී ලංගම ඉල්ලා සිටී
  • බස් රථ වල ආසන ගණනට පමණක් මගීන් නංවා ගැනේ
  • සියලුම මගීන් මුඛ ආවරණ අනිවාර්යෙන් පැළඳ සිටිය යුතුය.
  • මගී පෝලිම් අතර මීටරයක සමාජ දුරස්තභාවය තබාගැනීම අනිවාර්ය වේ.
  • කිසිම මගියෙකුට සිටගෙන ගමන් කිරීමට අවසර නැත.
  • මගීන්ගේ දෑත් පිරිසිඳු කරගැනීම සඳහා සෑම බස් රථයකම විශබීජ නාශක දියර සැපයීම සිදුකෙරෙනු ඇත.
  • සෑම ගමන් වාරයකටම අනතුරුව බස් රථ විෂබීජ හරණය කෙරේ.
  • බස් පර්යන්ත දිනපතා විෂබීජ හරණය කෙරෙනු ඇත.
රජය මගින් ලබාදෙන උපදෙස් අනුව බස් රථ සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති අතර ඒවා පිලිබඳ පහත අංක විමසීමෙන් තොරතුරු ලබා ගත හැක.

කොළඹ -077 105 63 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර )
                077 105 63 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර )
ගම්පහ -  077 105 65 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර)
                  077 105 65 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර)
කළුතර 077 105 67 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර)
077 105 67 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර)
රුහුණ -077 105 68 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර)
077 105 68 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර)
මහනුවර -077 105 70 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර)
077 105 70 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර)
සබරගමුව - 077 105 75 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර)
077 105 75 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර)
නුවරඑලිය - 077 105 74 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර)
077 105 74 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර)
වයඹ - 077 105 72 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර)
077 105 72 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර)
ඌව - 077 105 77 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර)
077 105 77 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර)
රජරට -077 105 79 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර)
077 105 79 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර)
නැගෙනහිර - 077 105 82 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර)
077 105 82 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර)
උතුර - 077 105 81 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර)
077 105 81 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර)
ශ්‍රී ලංගම -077 105 60 32 - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන)
077 105 60 34 - ප්‍රධාන මෙහෙයුම් අධිකාරී

සියළු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් ගමන් බිමන් සීමා කරමු! රජය මගින් ලබාදෙන  සෞඛ්‍ය පිළිවෙත් පිළිපදිමු! ජාතියක් ලෙස එක්වී වසංගතය පරදවමු!

Wednesday, March 25, 2020

අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන්ට අදාළ ප්‍රවාහන සේවාවන් සඳහා සම්බන්ධ කරගතයුතු දුරකථන අංක

ලොව පුරා වසංගත මට්ටමෙන් පැතිරී යන කොවිඩ් 19 වෛරසය ශ්‍රී ලංකාව තුල පැතිරී යාම වැලැක්වීම පිණිස රජය මගින් එක් එක් ප්‍රදේශ සඳහා පොලිස් බල ප්‍රදේශ මට්ටමින් ඇඳිරි නීතිය පනවා ඇත. ඒ අනුව ශ්‍රී ලංගම බස් සේවා සීමා වී ඇත. ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන ප්‍රදේශ වලට අදාළව ඇඳිරි නීතිය ලිහිල් කරන සීමිත කාල සීමාවන් වල දී පමණක් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංගම සූදානමින් සිටී. එලෙස පොදු ප්‍රවාහනය භාවිත කෙරෙන මගීන් පහත කරුණු වෙත අවධානය යොමු කරවන ලෙස ශ්‍රී ලංගම ඉල්ලා සිටී
  • බස් රථයේ ආසන සංඛ්‍යාවෙන් හරි අඩකට නොවැඩි මගීන් ප්‍රමාණයක් නංවා ගැනේ.
                               ආසන 54 - මගීන් 27 දෙනයි
                               ආසන 49 - මගීන් 24 දෙනයි
                               ආසන 37 - මගීන් 18 දෙනයි
                               ආසන 33 - මගීන් 16 දෙනයි
                               ආසන 53 - මගීන් 26 දෙනයි
                               ආසන 58 - මගීන් 30 දෙනයි
                               ආසන 42 - මගීන් 22 දෙනයි
                               ආසන 28 - මගීන් 14 දෙනයි
  • සියලුම මගීන් මුඛ ආවරණ අනිවාර්යෙන් පැළඳ සිටිය යුතුය.
  • මගී පෝලිම් අතර මීටරයක සමාජ දුරස්තභාවය තබාගැනීම අනිවාර්ය වේ.
  • කිසිම මගියෙකුට සිටගෙන ගමන් කිරීමට අවසර නැත.
  • මගීන්ගේ දෑත් පිරිසිඳු කරගැනීම සඳහා සෑම බස් රථයකම විශබීජ නාශක දියර සැපයීම සිදුකෙරෙනු ඇත.
  • සෑම ගමන් වාරයකටම අනතුරුව බස් රථ විෂබීජ හරණය කෙරේ.
  • බස් පර්යන්ත දිනපතා විෂබීජ හරණය කෙරෙනු ඇත.
සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් හි නියුතු සේවක ප්‍රජාව වෙනුවෙන් මණ්ඩලය මගින් විශේෂ බස් රථ සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති අතර ඒවා පිලිබඳ පහත අංක විමසීමෙන් තොරතුරු ලබා ගත හැක.

කොළඹ -077 105 63 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර )
                077 105 63 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර )
ගම්පහ -  077 105 65 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර)
                  077 105 65 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර)
කළුතර 077 105 67 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර)
077 105 67 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර)
රුහුණ -077 105 68 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර)
077 105 68 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර)
මහනුවර -077 105 70 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර)
077 105 70 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර)
සබරගමුව - 077 105 75 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර)
077 105 75 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර)
නුවරඑලිය - 077 105 74 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර)
077 105 74 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර)
වයඹ - 077 105 72 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර)
077 105 72 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර)
ඌව - 077 105 77 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර)
077 105 77 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර)
රජරට -077 105 79 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර)
077 105 79 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර)
නැගෙනහිර - 077 105 82 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර)
077 105 82 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර)
උතුර - 077 105 81 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර)
077 105 81 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර)
ශ්‍රී ලංගම -077 105 60 32 - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන)
077 105 60 34 - ප්‍රධාන මෙහෙයුම් අධිකාරී

සියළු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් ගමන් බිමන් සීමා කරමු! රජය මගින් ලබාදෙන  සෞඛ්‍ය පිළිවෙත් පිළිපදිමු! ජාතියක් ලෙස එක්වී වසංගතය පරදවමු!

Friday, February 9, 2018

සජීව ලිපිය: 2018 පෙබරවාරි මස 09 දින පෙ.ව. 9.15 ට බෞද්ධාලෝක මාවත ඩී. එස්. සේනානායක විද්‍යාලය අසල දී.

This photo was taken on February 09, 2018 in Colombo 07, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
හෙට දිනයේ (පෙබ. 10) පැවැත්වීමට නියමිත 2018 පළාත පාලන ආයතන ඡන්ද විමසීමේ රාජකාරී සඳහා ශ්‍රී ලංගම බස් 1500 ක් පමණ යොදාගන්නා බව වාර්තා වේ. මැතිවරණ රාජකාරි වෙනුවෙන් කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ පිහිටුවා ඇති කොළඹ දිස්ත්‍රික් මැතිවරණ මධ්‍යස්ථානයට වාර්තා කර ඇති ලංගම බස්රථ වලින් කොටසක් ඡායාරූපයේ දැක්වේ. කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස ආවරණය කෙරෙන සෑම ඩිපොවකින්ම පාහේ බස් රථ මෙම ස්ථානයට වාර්තා කොට තිබුණි. ඡායාරූපය ලබාගත්තේ එම අවස්ථාවේ මාර්ග අංක 154 යටතේ ධාවනය වූ රත්මලාන ඩිපෝවට අයත් NA-0774 දරණ දෙමහල් බස් රථයේ ඉහල මාලයේ සිටයි.

Saturday, December 3, 2016

2016 දෙසැම්බර් 02 පෞද්ගලික බස් වර්ජනය



නියමිත ධාවන මංතීරුවෙන්, ගාලුපාරේ කොළඹ දෙසට ඇදෙන ලංගම සගයන්.
වැඩි කිරීමට නියමිත රථ වාහන දඩ අඩු කරීමට සහ තවත් ඉල්ලීම් මුල් කර ගනිමින් 2016 දෙසැම්බර් මස 02 වන දින පෞද්ගලික බස් වර්ජනයක් ක්‍රියාත්මක වූ අතර එදින පෞද්ගලික බස් සියල්ලක්ම පාහේ ධාවනයෙන් ඉවත්විය. එදින පොදු ප්‍රවාහන බස් රථයක් වෙනුවෙන් මාර්ගයට පැමිණි සෑම මගියෙක්ටම ප්‍රවාහන පහසුව සැලසීමේ අභියෝගයට මුහුණ දීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සිදුවිය. එම අභියෝගයට සාර්ථකව මුහුණ දීම සඳහා ශ්‍රී ලංගම කාර්ය මණ්ඩල මහත් කැපවීමේන් උත්සහ කල බව කිව යුතුය. දිවයින පුරා පුද්ගලික බස් රථ 25000ක් පමණ ධාවනය වන බවට සැලකේ. ශ්‍රී ලංගම සතුව ඇත්තේ බස් රථ 6000ක පමණ ඇණියකි. මෙම සීමිත සම්පත් යටතේ හැකි උපරිමයෙන්, ශ්‍රී ලංගමය වර්ජනයට මුහුණදුන් බව කිව යුතුය. එදිනෙදා බස් රථ භාවිතා කරන මගීන් බොහොමයක් එදින බස් රථ වෙනුවෙන් පාරට නොපැමිණියද, බස් රථයක් බලාපොරොත්තුවෙන් පාරට පැමිණි සෑම මගියෙක්ටම පාහේ ප්‍රවාහන සේවා සැලසීමට ලංගමයට හැකි වූ බව කිව යුතුය. එම මගීන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් පැමිණි ලංගම බස් රථ වලට වැටුනේ මල් වැසි නොව ගල් මුල් ප්‍රහාරය. ලංගම බස් රථ 128 කට පමණ එලෙස ප්‍රහාර එල්ල වී ඇති බව ලංගම ආරංචි මාර්ග සඳහන් කරයි.  සේවක ප්‍රජාව මෙන්ම මගී ජනතාවද එම ප්‍රහාර වලින් අනතුරට ලක්ව ඇත. ඔවුන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට ශ්‍රී ලංගම පරිපාලනය කටයුතු කර තිබීම පැසසිය යුතුය.
ගල් ප්‍රහාරයකට ලක්වූ අම්පාර ඩිපෝවට අයත් බස් රථයක්. 
ගල් ප්‍රහාරයකට ලක්වූ කටුබැද්ද ඩිපෝවට අයත් බස් රථයක්.
ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.
ගල් ප්‍රහාරයකට ලක්වූ පොලොන්නරුව ඩිපෝවට අයත් බස් රථයක්.
ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.
කෙසේ වුවද ඒ ඒ නිවට ප්‍රහාර සියල්ල මැඩගෙන දිනය පුරා  සේවා පවත්වාගෙන යාටම ලංගමට හැකි විය.  එනම්, අතිශය වානිජකරණය වී ඇති අප රටේ පොදු ප්‍රවාහනය, සේවාවක් වශයෙන් පවත්වාගෙන යාමට ලංකා ගමනාගමන මණ්ඩලය සතුව තිබෙන වගකීමට ඔවුන් සාධාරණයක් ඉටු කර ඇති බව පෙනේ.

කොළඹ සහ අනෙකුත් ප්‍රදේශ වල වර්ජනය දින ශ්‍රී ලංගම සේවා පැවති අයුරු දැක්වෙන සෙයාරූ කීපයක් පහතින්.

බොරැල්ල බස් නැවතුම
බොරැල්ල. මාර්ග අංක 176, 175
බම්බලපිටිය. මාර්ග අංක 155 ගල්කිස්ස, 100 ගල්කිස්ස
බොරැල්ල. මාර්ග අංක 154 බම්බලපිටිය, ගල්කිස්ස/ 135 කොහුවල
නිට්ටඹුව බස් නැවතුම
මාතර බස් නැවතුම
ගල්කිස්ස. මාර්ග අංක 255 කොට්ටාව
මීට අදාළ ඡායාරූප ඔබ සතුව තිබේ නම් ඒවා sltbbus@hotmail.com යන ඊ ලිපිනය හරහා අප වෙත ලබාදෙන මේන් ඉල්ලා සිටිමු.

Sunday, October 30, 2016

හැටන් ඩිපෝ ඉංජිනේරු අංශය හිස්වේ...

This photo was taken on October 29, 2016 in Hatton, Central, LK.
Click for the full size picture.
ඊයේ දිනයේ පැවති දීපවාලී උත්සවය වෙනුවෙන්, ශ්‍රී ලංගම හැටන් ඩිපෝව මගින් ඩිපෝ අංගනයේ පැවති සියලුම බස් අලුත්වැඩියා කර මහජන සේවා වෙනුවෙන් යොදවා තිබුණි. එදින ඩිපෝ ඉංජිනේරු අංශය හිස්ව පැවතියේ මෙලෙසිනි. මහජන අවශ්‍යතා වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියාකළ සියලුම ඩිපෝ සේවක මහත්වරුන්ට ප්‍රණාමය!

Sunday, June 19, 2016

ඔබ සැමට පිංබර පොසොන් පොහෝ දිනයක් වේවා!

රතන්පුර ඩිපෝ සේවක පිරිස විසින් ඩිපෝ පරිශ්‍රයේ ඉදිකර ඇති බුදු මැදුර. 
ඔබ සැමට පිංබර පොසොන් පොහෝ දිනයක් වේවා!

Monday, October 13, 2014

යාල්දේවිය යාපා පටුනට

ලාංකේය පොදු ප්‍රවාහනයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්ද, උතුරු දකුණු සහෝදරත්වය සනිටුහන් කරමින්ද, මව්බිමේ ඒකීය භාවය සනිටුහන් කරමින්ද වසර 24 කට පසු යලි යාපා පටුනට පිවිසෙන යාල්දේවියට ලංගම බස් අඩවියේ සුභ පැතුම්! (ඡායාරූපය: Sundayobserver.lk)