Showing posts with label CCB. Show all posts
Showing posts with label CCB. Show all posts

Wednesday, August 25, 2021

AsiaStar JS6752T bus from SLTB Colombo City Bus service

This photo was taken on January 15, 2021, in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Colombo 'City Bus' service, AsiaStar JS6752T bus at the multimodal transport center, Makumbura. The bus hired from a private owner and allocated for the services under the Colombo 'Park and Ride City Bus' pilot project. Allocated for the services on the city bus route number 01. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොළඹ 'City Bus' නියමු ව්‍යාපෘතිය යටතේ ධාවනය වන ඒෂියාස්ටාර් JS6752T වර්ගයේ බස් රථයක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී. පුද්ගලික අංශයෙන් කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථය City Bus මාර්ග අංක 1 යටතේ මෙලෙස මාකුඹුර හා පිටකොටුව අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය ලබාගන්නා ලද්දේ City Bus සේවාවේ සමාරම්භක දිනයේ දීය.

Friday, May 7, 2021

Toyota Coaster B50 bus from SLTB Colombo City Bus service

This photo was taken on March 17, 2021, in Ethul Kotte, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Colombo 'City Bus' service, Toyota Coaster B50 bus (NC-2802) at the Ethul Kotte. The bus hired from a private owner and allocated for the services under the Colombo 'Park and Ride City Bus' pilot project. Allocated for the services on the city bus route number 174 between Makumbura and Pettah. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොළඹ 'City Bus' නියමු ව්‍යාපෘතිය යටතේ ධාවනය වන ටොයෝටා කෝස්ටර් B50 වර්ගයේ බස් රථයක් ඇතුල් කෝට්ටේ දී. පුද්ගලික අංශයෙන් කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථය City Bus මාර්ග අංක 174 යටතේ මෙලෙස මාකුඹුර හා පිටකොටුව අතර ධාවනයට යොදවා ඇත.

Sunday, January 31, 2021

Toyota Coaster B50 bus from SLTB Colombo City Bus service

This photo was taken on January 18, 2021, in Bambalaptiya, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Colombo 'City Bus' service, Toyota Coaster B50 bus at the Bambalapitiya junction. The bus hired from a private owner and allocated for the services under the Colombo 'Park and Ride City Bus' pilot project. Allocated for the services on the city bus route number 02. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොළඹ 'City Bus' නියමු ව්‍යාපෘතිය යටතේ ධාවනය වන ටොයෝටා කෝස්ටර් B50 වර්ගයේ බස් රථයක් බම්බලපිටිය මංසන්ධියේ දී. පුද්ගලික අංශයෙන් කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථය City Bus මාර්ග අංක 2 යටතේ මෙලෙස මාකුඹුර හා බම්බලපිටිය අතර ධාවනයට යොදවා ඇත. 

Friday, January 15, 2021

කොළඹ 'City Bus' සේවය -- Colombo 'City Bus' Service

'City Bus' සේවාව සඳහා යොදාගන්නා බස් රථ
කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් 'City Bus' සේවාව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙය ක්‍රියාත්මක වන්නේ 'Park and Ride' සේවාවක් හෙවත් මගියාගේ පුද්ගලික වාහනය ගාල් කර බස් රථයෙන් කොළඹ නගරයට ඇතුළු විය හැකි අයුරිනි. කොළඹ නගරය ආශ්‍රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද (2021 ජනවාරි 15) දින පෙරවරුවේ ආරම්භ කෙරිණ.

පුද්ගලික අංශයෙන් කුලී පදනම මත ලබා ගන්නා ලද බස් රථ බස් රථ 25 ක පමණ ඇණියකින් මුල් අදියරේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ඒ සඳහා Toyota Coaster, Mitsubishi Rosa යන වර්ග ප්‍රමුඛව යොදාගෙන ඇති බව නිරීක්ෂණය වේ. ඉදිරියේ දී පත්ල පහත් (low Floor) නාගරික සේවා බස් රථ 200 ක ඇණියක් මෙම සේවාව සඳහා ශ්‍රී ලංගමට ලබා දීමට නියමිතය.
'City Bus' සේවාව සඳහා යොදාගන්නා බස් රථ
'City Bus' සේවාව සඳහා යොදාගන්නා බස් රථ
මෝටර් රථයෙන් සහ යතුරු පැදියෙන් ගමන් ගන්නා මගීන් සඳහා සුවපහසු, ආරක්ෂිත පොදු ප්‍රවාහන බස්රථ සේවාවක් සැපයීම මගින් කොළඹ සහ තදාසන්න නගර වලට ගමන් කරන වාහන සංඛ්‍යාව අඩු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. පරිසර දූෂණය, වැයවන කාලය සහ මගීන්ගේ මානසික පීඩනය අවම කිරීම ද අපේක්ෂා කෙරේ. 
ආසනගත මගීන් පමණක් රැගෙන යාමට සුඛෝපභෝගී බස්රථ පමණක් යොදා ගැනේ. අයකෙරෙන මුදල සාමාන්‍ය බස් රථ ගාස්තුව මෙන් දෙගුණයකි. නැවතුම්පොළ සීමිත සංඛ්‍යාවකින් පමණක් මගීන් නංවා ගැනීම, අඩු කාලයකින් ගමනාන්තය කරා ළඟාවීම, ආචාරශීලී, සුහදශීලී හා ආකර්ශණීය ප්‍රවාහන සේවාවක් සැලසීම, තාක්ෂණය උපයෝගී කරගෙන දිනපතා කෙරෙන පසුවිපරම සහ Clock Wise හා Anti Clock Wise ගමන් වර්ග දෙකක් ක්‍රියාත්මක වීම වැඩසටහනට අයත් වේ. 

මගීන්ට සිය පුද්ගලික වාහනය ආසන්නතම Park & Ride රථ ගාලෙහි මුදල් ගෙවීමකින් තොරව නතර කර තැබීමට පහසුකම් සලසා තිබේ. වැඩසටහනෙහි ප්‍රගතිය සැලකිල්ලට ගෙන වාහන නවතා තැබීමේ ඉඩ තවදුරටත් පුළුල් කිරීමට ලංගම සූදානමින් සිටී. පෙ.ව 06.00 සිට පෙ.ව 08.00 සහ ප.ව 04.00 සිට ප.ව 09.00 දක්වා විනාඩි 15 කට වරක් බස් රථ ධාවනය කරනු ලැබේ. පෙ.ව 08.00ත් ප.ව 04.00 ත් අතර කාලය තුළ බස් රථ ධාවනය වන්නේ විනාඩි 25කට වතාවකි. දැනට, දිනකට ගමන් වාර 64ක් සිදු කෙරේ.
'City Bus' සේවාව ක්‍රියාත්මක වන මාර්ග සිතියම. නිල් පැහැයෙන් වාහන ගාල් කල හැකි ස්ථාන දැක්වේ.
ධාවන_මාර්ගය 01
මාකුඹුර - කොට්ටාව - පන්නිපිටිය - තලවතුගොඩ - පැලවත්ත - බත්තරමුල්ල - රාජගිරිය - බොරැල්ල - මරදාන - පිටකොටුව - ගාමිණි හෝල් - පුරහල - නුගේගොඩ - කොට්ටාව - මාකුඹුර 

ධාවන_මාර්ගය 02
මාකුඹුර - මහරගම - නුගේගොඩ - නාවල - නාරාහේන්පිට - ටොරින්ටන් - පුරහල - කොම්පඤ්ඤ වීදිය - ගාලුමුවදොර - බම්බලපිටිය - තුම්මුල්ල - කිරුලපන - මාකුඹුර

ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව යන ආයතනවල දායකත්වය ද ව්‍යාපෘතියට හිමිව ඇත.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය, බස් රථ කාල සටහන සහ ආසන්නතම බස් රථයේ ළඟාවීම දැනගැනීමටත් හඳුන්වා දී ඇති විශේෂ 'City Bus' නම් ජංගම දුරකථන මෘදුකාංගය (APP) දියත් කිරීමද සමඟාමීව සිදුකෙරිණි.
'City Bus' නම් ජංගම දුරකථන මෘදුකාංගය (APP) 
'City Bus' ජංගම දුරකථන මෘදුකාංගය (APP) මෙතැනින් ගන්න  

විවෘත කිරීමෙන් පසු නව සේවාව සඳහා යොදවා ඇති බස් රථයක ගමන් කළ ජනාධිපතිතුමාද එහි පහසුකම් නිරීක්ෂණ කළේය.
'City Bus' සේවාව ආරම්භ කරමින් ජනාධිපතිතුමා අතින් විවෘත වූ බස් රථය.
ජනාධිපතිතුමා, ප්‍රවාහන ඇමතිවරුන් සහ ශ්‍රී ලංගම සභාපතිතුමා බස් රථයෙන් ගමන් කිරීම.