Showing posts with label 1510c. Show all posts
Showing posts with label 1510c. Show all posts

Wednesday, September 28, 2022

Ruby bodied TATA LP 1510/42 bus from SLTB Keboithigollewa depot

This photo was taken on August 15, 2013, in Kebithigollewa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kebithigollewa depot, Ruby bodied TATA LP 1510/42 bus (NA-4905) at Kebithigollewa. The bus acquired to the SLTB fleet in 2007. This photo was taken in August 2013 while it was playing to Kebithigollewa. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැබිතිගොල්ලෑව ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/42 බස් රථයක් කැබිතිගොල්ලෑවේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 ධාවනයට එක්වී ඇත. 2013 වසරේ අගෝස්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මැදවච්චිය සිට කැබිතිගොල්ලෑව බලා ධාවනය වෙමින් තිබුණි.

Technical Specifications
Make :- Tata Motors in India
Model :- LP 1510/42
Coach Builder :- Ruby Coach Builders Ltd in India
Engine :- NA 697 DI (naturally aspirated ) 6 cylinders
Wheel base :- 4225 mm
Steering type :- Power
Seating Capacity :- 36
Year of Manufacturing :- 2007
No of Buses :- 252
SLTB type :- C
Status :- In Service

Information as at 28.09.2022

Monday, January 6, 2020

Ruby bodied TATA LP 1510/42 bus from SLTB Badulla depot

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, Ruby bodied TATA LP 1510/42 bus (NA-2662) at the badulla bus stand. Allocated for the services between badulla and Akiriya. Today (06/01/2020) When the bus traveling towards Madolsima from Passara, had fallen off a precipice near the 6th-mile post on the Passara-Madulsima road at around 5.20 pm this evening. Twelve persons are reported dead from the accident. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ, රුබී බඳ සහිත ටාටා LP 1510/42 වර්ගයේ බස් රථයක් බදුල්ල බස් නවතුමේ දී. 2006 වසරේ ධාවනයට එක් වී ඇති රථය ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ ඇකිරිය හා බදුල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

මෙම ලිපිය පල වන අද දින (2020/01/06), සවස 17.20 ට පමණ  බදුල්ල සිට ඇකිරිය බලා ධාවනය වෙමින් තිබියෙදී එම මාර්ගයේ 06 කණුව ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළී ගොස් ගමන් ගත්  අය  12 දෙනෙකු පමණ මිය ගොස් 36 දෙනෙකු පමණ තුවාල ලබා ඇත. බස් රථයද දැඩි ලෙස විනාශ වී ඇත. එම අවාසනාවන්ත අනතුරෙන් මිය ගිය සියළුම දෙනා වෙනුවන් ලංගම බස් අඩවියේ කණගාටුව පල කෙරෙන අතර තුවාල ලැබූ සියළුම දෙනාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු!

අනතුරේ බරපතල භාවය පිළිබඳ අදහසක් ගැනීම වෙනුවෙන් පහත ඡායාරූපය අද දෙරණ පුවත් අඩවියෙන් උපුටාගෙන මෙසේ පළකරමු. 

Tuesday, November 12, 2019

Antony bodied TATA LP 1510/42 bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on November 11, 2019 in Nuwara-Eliya, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, Antony bodied TATA LP 1510/42 bus (NE 21 / NA-3700) at the Nuwara-Eliya town. Playing to Highforest via the route number 1/746. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝවට අයත්, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/42 වර්ගයේ බස් රථයක් නුවරඑළිය නගරයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 1/746 යටතේ නුවරඑළිය සිට හයිෆොරස්ට් බලා ධාවනය වෙමින් තිබුණි.

Saturday, August 31, 2019

Ruby bodied TATA LP 1510/42 bus from SLTB Kegalle depot

This photo was taken on August 15, 2018 in Polgahawela, North Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot, Ruby bodied TATA LP 1510/42 bus (NA-4865) at the Polgahawela bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1510/42 වර්ගයේ බස් රථයක් පොල්ගහවෙල බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ධාවනයට එක් වී ඇත. රථය කෑගල්ල හා පොල්ගහවෙල අතර ධාවනයට යොදවා තිබුණි.

Wednesday, June 12, 2019

Ruby bodied TATA LP 1510/42 turbo (SLTB edition) bus from SLTB Bibila depot

This photo was taken on March 19, 2019 in Monaragala, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bibila depot, Ruby bodied TATA LP 1510/42 turbo bus (NA-7140) at Monaragala. Allocated for the services between Bibila and Monaragala via Namal oya and Medagama  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බිබිල ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත TATA LP 1510/42 turbo බස් රථයක් මොණරාගල දී. 2008 වසරේ ධාවනයට එක්වී ඇති රථය ටර්බෝ එන්ජිමකින් සහ ශ්‍රී ලංගම පිරිවිතරයන්ට අනුකූලව නිමවූ බඳකින් යුක්තය. රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ මොණරාගල සිට බිබිල බලා ධාවනය වන අවස්ථාවකි.

Sunday, March 17, 2019

Ruby bodied TATA LP 1510/42 turbo (SLTB edition) bus from SLTB Badulla depot

This photo was taken on October 03, 2018 in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, Ruby bodied TATA LP 1510/42 turbo bus (NA-7146) playing on the Wewelhinna 1/317 Badulla route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත TATA LP 1510/42 turbo බස් රථයක් බදුල්ලේ දී. 2008 වසරේ ධාවනයට එක්වී ඇති රථය ටර්බෝ එන්ජිමකින් සහ ලංගම පිරිවිතරයන්ට අනුකූලව නිමවූ බඳකින් යුක්තය. මාර්ග අංක 1/317 යටතේ වේවැල්හින්න සිට බදුල්ල බලා ධාවනය වන අවස්ථාවකි.

Sunday, April 8, 2018

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Wellawaya depot

This photo was taken on April 2, 2018 in Okkampitiya, Uva, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wellawaaya depot, Ruby bodied TATA LP 1510/52 bus (NA-1222) at Okkampitiya. Playing under the route no. 07/236 Buttala - Maligawila - Rathreewewa. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වැල්ලවාය ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඔක්කම්පිටියේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් (පුද්.) සමාගම විසිනි. 2005 වසරේ ශ්‍රී ලංගම හා ධාවනයට එක්වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 07/236 යටතේ බුත්තල සිට මාලිගාවිල හරහා රාත්‍රීවැව අතර ධාවනයට යොදවා ඇත.

Monday, February 26, 2018

Ruby bodied TATA LP1510/42 bus from SLTB Udadumbara depot

This photo was taken on February 22, 2018 in Hasalaka, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udadumbara depot, Ruby bodied TATA LP 1510/42 modified bus (UD 13 / NA-3529) at the Hasalaka bus stand.  It's awaiting for the turn to leave for Ratnaella. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩදුම්බර ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1510/42 වර්ගයේ බස් රථයක් හසලක බස් නැවතුමේ දී. 2006 වසරේ සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් (පුද්.) සමාගම විසිනි. රථය හසලක සහ රත්නඇල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

This bus at the Rathna Ella village (Pic by: Anushka Dodangoda)  -- මෙම බස් රථය රත්නඇල්ල ගම්මානයේ දී (ඡායාරූපය: අනුෂ්ක දොඩන්ගොඩ)
This photo was taken on February 19, 2018 in Ratnaella, Uva, LK, using a Lenovo A7020a48.
Click for the full size picture.

Thursday, November 30, 2017

Ruby bodied TATA LP 1510/42 modified bus from SLTB Balangoda depot

This photo was taken on November 27, 2017 in Ratnapura, Sabaragamuwa, LK, using a Samsung Galaxy J7 Nxt.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, Ruby bodied TATA LP 1510/42 modified bus (BG 68 / NA-4914) at the Ratnapura bus stand. (Photo by: Tharindu Wickramarathne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1510/42 වර්ගයේ බස් රථයක් රත්නපුර බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් (පුද්.) සමාගම විසිනි. 2007 වසරේ මන්නාරම ඩිපෝව යටතේ ධාවනයට එක් වී ඇති බස් රථය පසුකාලීනව සිදුවූ අනතුරක් හේතුවෙන් ධාවනයෙන් ඉවත් කොට තිබියෙදී 2017 වසරේ දී බලන්ගොඩ ඩිපෝව මගින් පවරා ගනිමින් රථයේ පූර්ණ අලුත්වැඩියාවකින් පසු මෙලෙස ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාව සිදු කර ඇත්තේ රථයට ටාටා 1512 බස් රථයක පෙනුමක් ලැබෙන පරිදිය. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

Sunday, August 27, 2017

Ruby bodied TATA 1510 C bus from SLTB Kalawana depot

This photo was taken on August 24, 2017 in Kalawana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalawana depot, Ruby bodied TATA 1510 C bus (KLW 55 / NA-4829) at Kalawana bus stand. It's awaiting for the turn to leave for Gavaragiriya -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කලවාන ඩිපෝවට අයත් ටාටා 1510 C බස් රථයක් කලවාන බස් නැවතුමේ දී. 2007 වසරේ ශ්‍රී ලංගම හා එක්ව ඇති මෙම බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ රුබී කොච් බිල්ඩර්ස් පුද්ගලික සමගම විසිනි. රථය කලවාන සිට ගවරගිරිය බලා ධාවනයට යෙදවූ අවස්ථාවකි.

Thursday, November 10, 2016

Ruby bodied TATA 1510c bus from SLTB Alutgama depot

This photo was taken on September 04, 2014 in Aluthgama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Alutgama depot TATA 1510 c Ruby bodied bus (AL 18 / NA-4888) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අළුත්ගම ඩිපෝව යටතේ ධාවනය වන ටාටා 1510 c වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ඉන්දියාවේ රුබී සමාගම මගින් බඳ නිපදවා ඇති මෙම බස් රථ 2006 වසරේ වසරේ අග බාගයේ ශ්‍රී ලංගම හා එක්වී ඇත.

Wednesday, January 13, 2016

Ruby bodied TATA 1510 C bus from SLTB Hatton depot

This photo was taken on December 17, 2014 in Nortonbridge, Hatton, Central, LK, using a Samsung GALAXY S5-SM-G900F.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot TATA 1510 c Ruby bodied bus (HT 57 / NA-4795) at Nortonbridge bus stand. (Pic by: Daminda Prasangika)  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හැටන් ඩිපොවට අයත් ටාටා 1510 රුබී බඳ සහිත බස් රථයක් නෝටන්බ්‍රිජ් බස් නැවතුමේ දී. රථය ගිනිගත්හේන හා කලවැල්දෙනිය අතර ධාවනයට යොදවා ඇත. (ඡායාරූපය: දමින්ද ප්‍රසංගික)

Thursday, December 17, 2015

Ruby bodied TATA 1510 c bus from SLTB Meethotamulla depot

This photo was taken on October 15, 2015 in Malabe, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Meethotamulla depot TATA 1510 c Ruby bodied bus (MM 49 / NA-4804) at Malabe bus stand. The bus awaiting it's turn on route 164 Malabe - Town Hall. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මීතොටමුල්ල ඩිපොවට අයත් ටාටා 1510 රුබී බඳ සහිත බස් රථයක් මාලබේ බස් නැවතුමේ දී. රථය මාර්ග අංක 164 යටතේ මාලබේ හා පුරහල අතර ධාවනයට යොදවා තිබුණි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on October 15, 2015 in Malabe, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Thursday, October 8, 2015

TATA 1510c bus from SLTB Kinniya depot

This photo was taken on September, 2014 in Trincomalee, Eastern, LK using a Canon PowerShot G12.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kinniya depot, TATA 1510c bus (KNY 20 / NA-4968) at Trincomalee bus stand. (Special thank goes to Mr. Dave Spencer) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කින්නියා ඩිපෝව යටතේ ධාව්නය වන ටාටා 1510 c බස් රථයක් ත්‍රිකුණාමලය බස් නැවතුමේ දී. (ඡායාරූපය: ඩේව් ස්පෙන්සර් මහතා)

Friday, November 28, 2014

Ruby bodied TATA LP 1510/42 bus from SLTB Akuressa depot

This photo was taken on March 27, 2014 in Akuressa, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Akuressa depot Ruby bodied TATA LP 1510/42 bus (NA-4753) in the depot premises. The bus acquired to the SLTB fleet in 2007. Allocated for the services between Deniyaya and Kiriwaldola. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අකුරැස්ස ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/42 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ඉන්දියාවේ රුබී සමාගම මගින් බඳ නිමවා ඇති මෙම බස් රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ දෙනියාය හා කිරිවල්දොළ අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, March 2, 2014

Ruby bodied TATA LP 1510/42 turbo (SLTB edition) bus from SLTB Monaragala depot

This photo was taken on September 20, 2013 in Monaragala, Uva, LK, using a Nokia C6-00.
Click for the full size picture.
Sri Lanka transport Board (SLTB) Monaragala depot, TATA LP 1510/42 turbo SLTB edition bus (NA-7179) at Monaragala. Body built by Ruby Coach builders. Paying on a local route between Monaragala and Maligawila. Photo by: Hasaru Chaamikara  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොණරාගල ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත TATA LP 1510/42 turbo බස් රථයක් මොණරාගල දී. 2008 වසරේ ධාවනයට එක්වී ඇති රථය ටර්බෝ එන්ජිමකින් සහ ලංගම පිරිවිතරයන්ට අනුකූලව නිමවූ බඳකින් යුක්තය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාලිගාවිල හා මොණරාගල අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: හසරු චාමිකර

Wednesday, October 23, 2013

Ruby bodied TATA LP 1510/42 Turbo SLTB Edition bus from SLTB Monaragala depot

This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka transport Board (SLTB)  Monaragala depot, Ruby bodied TATA LP 1510/42 Turbo SLTB Edition bus (MON 66 / NA-7158) at the Kandy good shade bus stand. Body built by Ruby coach builders. Allocated for the services between Kandy and Monaragala via Bibila and Mahiyanganaya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොණරාගල ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා TATA LP 1510/42 වර්ගයට අයත් බස් රථයක් මහනුවර බස් නැවතුම්පොළේ දී. 2008 වසරේ ධාවනයට එක්වී ඇති මෙහි බඳ, ශ්‍රී ලංගම වෙනුවෙන් විශේෂතා සහිතව සකසා ඇත. ටර්බෝ එන්ජින් සහිතව පැමිණි පළමු ටාටා බස් කාණ්ඩය වන්නේද මේවාය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මහනුවර හා මොණරාගල අතර (බිබිල, මහියංගණය හරහා) ධාවනයට යොදවා තිබුණි.

Saturday, September 1, 2012

Ruby bodied TATA LP 1510/42 Turbo bus from SLTB Kandy North depot

This photo was taken on May 4, 2012 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka transport Board (SLTB) Kandy North depot, Ruby bodied TATA LP 1510/42 (Turbo) bus (KN 208 / NA-7153) at Kandy good shade bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝව යටතේ ධාවනය වන ටාටා  TATA LP 1510/42 වර්ගයට අයත් බස් රථයකි. රුබී සමාගම මගින් එකලස් කරන ලද මෙහි බඳ ශ්‍රී ලංගම වෙනුවෙන් විශේෂතා සහිතව නිමවා ඇත. ශ්‍රී ලංගම හා එක්වූ මුල්ම ටාටා ටර්බෝ බස් රථ කාණ්ඩය වන්නේද මේවාය.

This photo was taken on May 4, 2012 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, April 19, 2012

Ruby bodied TATA 1510 c bus from SLTB Matara depot

This photo was taken on April 17, 2012 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mathara depot Ruby bodied TATA 1510 c bus (MT 57 / NA-4935) at Mathara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මාතර ඩිපෝවට අයත් ටාටා 1510c වර්ගයේ රුබී බඳ සහිත බස් රථයක් මාතරදී.

Saturday, February 4, 2012

Ruby bodied TATA 1510c bus from SLTB panadura depot

This photo was taken on January 12, 2012 in Kollupitiya, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Panadura depot, Ruby bodied TATA 1510c bus (PN 19 / NA-4731) at Bambalapitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) පානදුර ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා 1510c වර්ගයේ බස් රථයක් බම්බලප්ටියෙදී. රථය මාර්ග අංක 100 යටතේ පානදුර බලා ධාවනය වන අවස්ථාවකි. 2006 වසරේ ලංගම රථ ඇණිය හා එක්වූ බස් රථයකි.