Tuesday, August 30, 2016

SLCTB bodied TATA 1210 bus from SLTB Ampara depot

This photo was taken in 2011 in Ampara Depot, Eastern, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ampara depot, SLCTB bodied TATA 1210 D bus (23ශ්‍රී8149) in the depot premises. The photo is copyright to the respective photographer -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්පාර ඩිපෝව යටතේ ධාවනය වන, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේ 1978 වසරේ මෙරටදී එකලස් කර ධාවනයට ඒක වූ පැරණි ටාටා 1210 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ඡායාරූපය අප  වෙත එවූ රජිත චාමික  මහතාට විශේෂ සතූතිය. ඡායාරූපයේ අයිතිය එහි මුල්  ඡායාරූප ශිල්පියා සතුය.

Friday, August 26, 2016

Ashok Leyland Comet Minior bus from SLTB Badulla depot

This photo was taken on May 02, 2016 in Badulla, Uva, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot Ashok Leyland Comet minior bus (62-3589) at Badulla. Playing on a local route to Haliela -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයට අයත් බස් රථයක් බදුල්ලේ දී. රථය බදුල්ල සිට හාලිඇල බලා ධාවනය  වන අවස්ථාවකි.

Wednesday, August 24, 2016

SLTB Breakdown Service (Elpitiya Depot)

This photo was taken on August 18, 2016 in Elpitiya, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Elpitiya depot (EP) breakdown service vehicle (23ශ්‍රී9579) in the depot premises.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඇල්පිටිය ඩිපෝවට අයත් කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයට අයත් ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසූ බස් රථයක් පරිවර්තනය කිරීමෙන් සකසා ඇත.

Rear view of the breakdown service vehicle -- මෙම රථයේ පිටුපස පෙනුම
This photo was taken on August 18, 2016 in Elpitiya, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, August 21, 2016

Azad bodied Ashok Leyland Comet Minor bus from SLTB Polonnaruwa

This photo was taken on June 22, 2013 in Polonnaruwa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, Ashok Leyland Comet Minor bus (PL 10 / 61-5607) in the depot premises. Body built by Azad coach builders in India. Acquired in 1993 for the service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොලොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1993 වසරේ ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇති මෙම රථයේ බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ අසාඩ් කෝච් සමාගම මගිනි.

Thursday, August 18, 2016

Ashok Leyland Viking Turbo bus from SLTB Ambalangoda depot

This photo was taken on August 18, 2016 in Ambalangoda, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot, 42 seater Ashok Leyland Viking Tubro bus (AB 63 / NC-0830) at Ambalangoda bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ආසන 42 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් අම්බලන්ගොඩ බස් නැවතුමේ දී. රථය මාර්ග අංක 876 ඔස්සේ බටපොල, උඩුවිල බලා පිටත් වීමට සූදානමින්. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Tuesday, August 16, 2016

Modified Wesco TATA 1313 bus from SLTB Rambukkana depot

This photo was taken on August 14, 2016 in Polgahawela, North Western, LK, using a Xiaomi 2014813.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot, Wesco TATA 1313 modified bus (RB 69/ 62-6885) at Polgahawela bus stand. (Pic by: Tharindu Wickramaratne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රඹුක්කන ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා 1313 වර්ගයේ බස් රථයක් පොල්ගහවෙල බස් නැවතුමේ දී. පසු කාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී අත. රථය පොල්ගහවෙල හා රඹුක්කන අතර ධාවනයට යොදවා තිබුණු අවස්ථාවකි. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

Saturday, August 13, 2016

Ashok Leyland Viking CTB Bodied C type bus from SLTB Alutgama depot

This photo was taken on February 01, 2013  in Aluthgama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Alutgama depot Ashok Leyland Viking C type bus (23ශ්‍රී7709) in the depot premises. Body built by CTB. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අලුත්ගම ඩිපෝවට අයත් පැරණි, අශෝක් ලේලන්ඩ් C කාණ්ඩයේ බස් රථයකි. මෙහි බඳ (Body)  ලංගම මගින් මෙරටදී නිපදවා ඇති අතර ග්‍රාමීය මාර්ග සඳහා යොදවන ලද  බස් රථයකි. මේ වන විට මෙය සම්පාදක සේවා රථයක් ලෙස පරිවර්තනය කර ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (පසුකාලීන අලුත්වැඩියාවන් වලදී මුල් පෙනුම යම් තරමක් වෙනස් වී ඇත)
This photo was taken on February 01, 2013  in Aluthgama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on February 01, 2013  in Aluthgama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, August 12, 2016

Hino KC-HU2MLCA Luxury Bus form SLTB Kadawatha depot

This photo was taken on August 11, 2016 in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 11, 2016 in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kawatha depot  KC-HU2MLCA luxury bus (NA-0579) in the depot premises. Acquired in 2005 in SLTB service as a Tsunami aid from the Japanese Government. This bus rehabilitated and modified by Kadawatha depot workers. Repainted with the TOEI (Transportation Bureau of the Tokyo Metropolitan Government) color code. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කඩවත ඩිපෝවට අයත් ' KC-HU2MLCA' වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් රජයේ ආධාර වශයෙන් ලංකාවට ලැබී ඇත. කඩවත ඩිපෝව යටතේ සාමාන්‍ය සේවයේ යොදවා තිබී ඇති මෙම බස් රථය 2015 වන තුරුම සාමාන්‍ය ධාවනයේ තිබී ඇත. කඩවත ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස වායුසමන පද්ධතිය මෙන්ම බඳ අලුත්වැඩියාවකට ලක්කර පිටත වටරවුම්  අධිවේගී මාර්ගය හරහා දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කඩවත හා ගාල්ල අතර මාර්ග සුඛෝපබෝගී ධාවනයට එක් කිරීමට සූදානමින් සිටී. මෙම බස් රථයේ වායුසමන පද්ධතියේ අලුත්වැඩියාවන් කීපයක් හැරුණු කල අන් සියලු අලුත්වැඩියාවන් ඩිපෝ පරිශ්‍රයේ දීම සිදුකර තිබේ. ශ්‍රී ලංකාවට ලැබීමට පෙර ටෝකියෝ නාගරික ප්‍රවාහන කාර්යංශය යටතේ පැවති වර්ණ රටාවෙන්ම වර්ණ ගන්වා තිබීමද විශේෂත්වයකි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on August 11, 2016 in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත. මෙහි නාගරික සේවාවන්ට ගැලපෙන පරිදි සකසා තිබුණු ආසන 29 සැකැස්ම, පසුපස දොරටුව ස්ථීරව වසා දමා අධිවේගී ධාවනයට යෝග්‍ය වන ලෙස ඩිපෝව මගින් සකසා ඇත.
This photo was taken on August 11, 2016 in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 11, 2016 in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

With normal service in 2012 -- 2012 වසරේ මෙම බස් රථය සාමාන්‍ය ධාවනයේ දී
This photo was taken on June 15, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the previous post.

Wednesday, August 10, 2016

SLTB Southern Regional Ashok Leyland Tow truck

This photo was taken on March 27, 2014 in Udugama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Southern regional Ashok Leyland Tow truck (40ශ්‍රී7006) in the Udugama depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) දකුණු (රුහුණු) ප්‍රාදේශිකයට අයත් අශෝක් ලේලන්ඩ් වර්ගයේ දොඹකර රථයක් උඩුගම ඩිපෝ පරිශ්‍රයේ දී.

Monday, August 8, 2016

Ruby bodied TATA 909 bus from SLTB Welisara depot

This photo was taken on July 31, 2016 in Ragama, Western, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Welisara depot TATA 909 Ruby bodied bus (WS 26 / 63-0825) at Ragama bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වැලිසර ඩිපෝව යටතේ ධාවනය වන ටාටා 909 බස් රථයක් රාගම බස් නැවතුමේදී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස් රථ 1999 වසරේ ග්‍රාමීය සේවා සඳහා මෙරටට ගෙන්වා ඇත. රථය මාර්ග අංක 900/3 ඔස්සේ රාගම හා කිරිබත්ගොඩ අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි.

Friday, August 5, 2016

Ashok Leyland Viking Turbo bus from SLTB Galle depot

This photo was taken on June 08, 2016 in Moratuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, 54 seater Ashok Leyland Viking Tubro bus (GL 103 / NC-0976) at Moratuwa. Playing to Galle under the route No. 02 (Galle - Colombo)  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් ගාල්ල බලා ධාවනය වන අවස්ථාවක මොරටුවේ දී. රථය ගාල්ල හා කොළඹ අතර මාර්ග අංක 02 යටතේ ධාවනයට යෙදවූවකි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Wednesday, August 3, 2016

Ashok Leyland Lynx bus from SLTB Kotmale depot

This photo was taken on November 20, 2014 in Nuwara-Eliya, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kotmale depot, Ashok Leyalnd Lynx bus (KOT 22 / NB-6720) at Nuwara-Eliya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොත්මලේ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් LYNX වර්ගයේ බස් රථයක් මාර්ග අංක 700 ඔස්සේ පුඬළුඔය සිට නුවරඑළිය දක්වා ධාවනය වන අවස්ථාවකි. මෙම මාර්ගයේ ධාවනයට හැකියාව ඇත්තේ D කාණ්ඩයට අයත් මෙවන් කුඩා බස් රථ පමණි. නුවරඑළිය සිට පුඬළුඔය දෙසට ධාවනය වන මෙම වර්ගයේම බස් රථයක සිට ලබාගත් ඡායාරූපයකි.