Showing posts with label Kaludewala body. Show all posts
Showing posts with label Kaludewala body. Show all posts

Sunday, March 9, 2014

Wesco ISUZU MT112 bus from SLTB Kandy South depot

This photo was taken on September 01, 2009 in Dodamwala, Kandy, Central, LK, using a Nokia N73.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy South depot, Wesco ISUZU MT112 bus (KS 53 / 62-8067) at Dodamwala. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd. Photo by Chanaka Ratnayake -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වූ වෙස්කො ඉසුසූ MT 112 බස් රථයක් දොඩම්වල දී. වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් මෙරටදී බඳ සැකසු මෙම බස් රථ මුල් කාලීනව වායුසමනය කල සුඛෝපභෝගී බස් රථ ලෙස ධාවනය විය. එහෙත් පසු කාලීනව වායුසමන යන්ත්‍ර අක්‍රීය වීමත් සමග නැවත සාමාන්‍ය සේවා සඳහා යෙදවුණි. සාමාන්‍ය ධාවනයේදී තනි දොර ප්‍රමාණවත් නොවුණු හෙයින් බොහොමයක් බස්රථ වල පිටුපස දොරක් ඩිපෝ මගින් සකසා ඇත. මෙම බස් රථයේ බඳ අලුත්වැඩියාවක් පසුකාලීනව, කළුදෑවල ප්‍රාදේශීය වැඩපොළ මගින් ද සිදු කර ඇත. කෙසේ වෙතත් මෙම බස් රථය වර්තමානයේ ධාවනයේ නොමැත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ දොඩම්වල හා මහනුවර අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූප  චානක රත්නායක

This photo was taken on September 01, 2009 in Dodamwala, Kandy, Central, LK, using a Nokia N73.
Click for the full size picture.

Friday, November 1, 2013

LAL bodied Ashok Leyland Commet Minor modified bus from SLTB Angoda depot

This photo was taken on November 01, 2013 in Borella, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Angoda depot, Lanka Ashok Leyland bodied Ashok Leyland Commet Minor modified bus (AG 18 / 62-1761) at the Borella bus stand. Body re-constructed by the SLTB workshop Kaludewala, Matale. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අංගොඩ ඩිපෝව යටතේ ධාවනය වන, ලංකා අශෝක් ලේලන්ඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් බොරැල්ල බස් නැවතුමේ දී. මාතලේ කළුදෑවල පිහිටි ශ්‍රී ලංගම ප්‍රාදේශීය වැඩපොළේ බඳ අලුත්වැඩියා කර ඇති මෙම රථය ඡායාරූප ලබා ගන්නා අවස්ථාවේ මාර්ග අංක 172  ඔස්සේ මොරගස්මුල්ල  හා බොරැල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on November 01, 2013 in Borella, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, July 30, 2013

ISUZU TLD54 bus from SLTB Kandy regional office

This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy regional office, ISUZU TLD54 bus (30ශ්‍රී6568) in the Kandy south depot premises. The body rebuilt by Kaludewala SLTB provincial Workshop. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)  මහනුවර ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රයෝජන සඳහා භාවිතා වන ISUZU TLD54 වර්ගයේ බස් රථයකි. පසුකාලීනව ශ්‍රී ලංගම, කළුදෑවල ප්‍රාදේශීය වැඩපොළේ දී පූර්ණ බඳ අලුත්වැඩියාවක් සිදුකර ධාවනයට එකතු කර ඇත.

Sunday, September 16, 2012

2008 - 155 බස් බෝම්බ ප්‍රහාරය

2008 වසරේ  සැප්තැම්බර් මස 16 වන දින කොළඹ 07, හෝර්ටන් පෙදෙස වටරවුම අසලදී මට්ටක්කුලිය ඩිපෝවට අයත් මාර්ග අංක 155 දරණ බස් රථයක් තුළ පිපිරීමක් සිදුවිය. එහෙත් එම බස්රථයේ සිටි කොන්දොස්තර මහතාගේ සුපර්ක්ෂාකාරී බව නිසා මෙම අනතුරෙන් මගී ජීවිත කිසිවකට හානි සිදුවුයේ නැත. සැක කටයුතු පාර්සලය දුටු කොන්දොස්තර මහතා ඒ පිළිබඳව ආරක්ෂක අංශ දැනුවත් කර, උපදෙස් අනුව මගීන් බසයෙන් ඉවත් කර තිබේ. මගීන් ඉවත්ව ගොස් සුළු වෙලාවකට පසු බෝම්බය පුපුරා ගොස් ඇති අතර එමගින් බසයට දැඩි හානි සිදු විය.

එලෙස රුදුරු ත්‍රස්ත බෝම්බයට හසු වුයේ එවකට මට්ටක්කුලිය ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් හිනෝ පවර් (Ashok Leyland Hino Power) වර්ගයේ බස් රථයකි. එහි රථ ඇණි අංකය වුයේ MK 46 වන අතර ලියාපදිංචි අංකය වුයේ NA-3656 යි.

බෝම්බයට හසුවූ බස් රථය පිටුපසින්


බෝම්බය හසු වු බස් රථය පැත්තෙන් පෙනෙන ආකාරය..


බස් රථයේ ඇතුලත.


සුපරික්ෂාකාරීව ක්‍රියා කර මගී ජීවිත බේරාගැනීමට දායක වු මට්ටක්කුලිය ඩිපෝවේ කොන්දොස්තර මහතා.

යාවත්කාලීනය: ප්‍රහාරයෙන් පසු, මාතලේ කළුදෑවල පිහිටි ලංගම වැඩපොළ වෙත යැවුණු බස් රථය පූර්ණ අලුත්වැඩියාවකින් පසු නැවත ධාවනයට එක් වී ඇත. 2017 වසරේ ජනවාරි මස ලබාගත් රථයේ ඡායාරූපයක්.
This photo was taken on January 16, 2017  in Amar Street, Colombo, Western, LK, using a Canon IXUS 145.
Click for the full size picture.