Showing posts with label JL. Show all posts
Showing posts with label JL. Show all posts

Sunday, November 1, 2020

Ashok Leyland 12M SLTB edition bus from SLTB Ja-Ela depot

This photo was taken on February 04, 2020, in Kadugannawa, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ja-Ela depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (ND-9892) at Kadugannawa. Playing to Ja-Ela from Kandy under the route number 01. Acquired to the depot fleet in September 2019. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ජා-ඇල ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් කඩුගන්නාවේ දී. 2019 වසරේ සැප්තැම්බර් මස, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 01 යටතේ ජා-ඇල බලා ධාවනය වෙමින් පැවතියේ මහනුවර සිටය.

Tuesday, May 26, 2020

SLTB bus stand - Ja-Ela

This photo was taken on August 18, 2012 in Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 18, 2012 in Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Ja-Ela SLTB bus stand in August 2012. -- ජා-ඇල ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති ජා-ඇල හා වැලිසර ඩිපෝවන්ට අයත් බස් රථ 2012 වසරේ අගෝස්තු මස 18 වන දින.

Thursday, April 23, 2020

Ruby bodied TATA LP 909/36 bus from SLTB Ja-Ela depot

This photo was taken on November 14, 2013 in Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ja-Ela depot, Ruby bodied TATA LP 909/36 bus (63-0569) in the depot premises. Allocated for the services between Ja-Ela and Gampaha under the route number 201 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ජා-ඇල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේදී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් සමාගම විසිනි. 1998 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 201 යටතේ ජා-ඇල සහ ගම්පහ අතර ධාවනයට යොදවා තිබුණි.

Saturday, January 19, 2019

Ashok Leyland Viking Colombo Rider bus from SLTB Ja-Ela depot

This photo was taken on May 28, 2018 in Ja-Ela, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ja-Ela depot, Colombo Rider Ashok Leyland Viking bus (GA-6355) in the depot premises. Body built by Ceymo Lanka (Ltd.) in year 2000. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ජා-ඇල ඩිපෝව යටතේ ධාවනය වන කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේ, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් තට්ටුවක් යොදාගෙන මෙරටදී සිමෝ ලංකා සමාගම මගින් බඳ නිපදවා ඇත.  බහු ජාතික සමාගමක් මගින් මෙම බස් වල බඳ මෙරටදී නිපදවීම ආරම්භ කර ඇති අතර එහි ලාංකික නියෝජනය වූයේ සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ද සිමෝ (Ceymo) සමාගමයි. බොහෝ දුරට මෙම බස් රථයේ මුල් පෙනුම තවමත් දැකගත හැකි වීම විශේෂය.

Saturday, October 14, 2017

Wesco ISUZU MT111 L semi luxury bus from GBC Ja-Ela depot

This photo was taken in 1997 in Ja-Ela, Western, LK.
Click for the full size picture.
Gampaha Bus Company Ltd.  (GBC / Now SLTB) Ja-Ela depot, Wesco ISUZU MT111 semi luxury bus (JL 106 / 62-4470) playing on the Ja-Ela - Moratuwa semi luxury service. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd. The photo is copyright to the respective photographer. -- ගම්පහ බස් සමාගමේ (ග. බ. ස. / වත්මන් ශ්‍රී ලං. ග. ම.) ජා-ඇල ඩිපෝව යටතේ ධාවනය වූ වෙස්කො ඉසුසූ MT 111 වර්ගයේ අර්ධ සුඛෝපභෝගී බස් රථයක් ජා-ඇල හා මොරටුව අතර ධාවනය වන අවස්ථාවකි. ජපානයෙන් ආනයනය කරන ලද ඉසූසු MT111 වර්ගයේ තට්ටුවකට වෙස්කෝ සමාගම (වේරහැර ඉංජිනියරින් කෝපරේෂන් හෙවත් පුද්ගලීකරණය කරන ලද ශ්‍රී ලංගම වේරහැර මධ්‍යම වැඩපොළ) හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් මෙරටදී බඳ එකලස් කල මෙම බස් රථ අර්ධ සුඛෝපභෝගී බස් රථ ලෙස ධාවනය විය. මනා ඉඩප්‍රස්ථාවෙන් යුතු පළල් හා සුව පහසු ආසන, ආසන අතර මනා ඉඩ, කම්පන උරා ගන්නා ලී හා රබර් මිශ්‍ර තට්ටුව හා ගැස්සීම් අවම කරන මනා දුනු පද්ධතිය "අර්ධ සුඛෝපභෝගී" යන වදනට මනා සාධාරණයක් ඉටු කල බව එකල මෙම බස් රථ වලින් ගමන් පහසුව සලසාගත් මගී ජනතාව සාක්ෂි දරයි. (ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය)

Sunday, August 20, 2017

TVS bodied Ashok Leyland Viking bus from SLTB Ja-Ela depot

This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ja-Ela depot Ashok Leyland Viking IRZAR TVS bodied bus (63-3664) in the Nittambuwa depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ජා-ඇල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් නිට්ටඹුව ඩිපෝ පරිශ්‍රයේ දී. මෙම බස් රථ සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති අතර බඳ (body) සකසා ඇත්තේ ඉන්දියාවේ IRZAR TVS සමාගම විසිනි. 2000 වසරේ පෙබරවාරි මස එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් වී ඇත. රථය ඉංජිනේරුමය කටයුත්තක් සඳහා ඩිපෝවට පැමිණි අවස්ථාවකි.

Saturday, March 25, 2017

SLCTB bodied Ashok Leyland Viking D bus from SLCTB Ja-Ela depot

This photo was taken in 1981 in Colombo, Western, LK.
Click for the full size picture
Sri Lanka Central Transport Board (SLCTB) Ja-Ela depot Ashok Leyland Viking D bus (JL 79 / 23ශ්‍රී9613) playing on the route no 137 in Colombo. (Pic by: Dave Spencer) -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) ජා-ඇල ඩිපෝව අයත් ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ D කාණ්ඩයට අයත් බස් රත්යක් 1981 වසරේ කොළඹ දී මාර්ග අංක 137 යටතේ ධාවනය වන අවස්ථාවකි. මෙම වටිනා ඡායාරූපය අප වෙත ලබාදුන් ඩේව් ස්පෙන්සර් මහතාට විශේෂ ස්තූතියක් හිමි විය යුතුය.

Friday, December 23, 2016

Modified Ruby bodied TATA 1510 Padaviprapthi bus from SLTB Ja-Ela depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board Ja-Ela depot Ruby bodied TATA 1510 bus (JL 21 / 63-4095) at Katharagama. This bus rehabilitated and modified by depot workers (2014) to celebrate the former President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) ජා-ඇල ඩිපෝවට අයත් ටාටා 1510 රුබී බඳ සහිත බස් රථයක් කතරගම දී. ධාවනයෙන් ඉවත්ව තිබී ඇති මෙම බස් රථයද හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් (2014 වසරේ දී) ජා-ඇල ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

Monday, January 26, 2015

Dimo TATA LPO 1313/47 bus from G. B. C. Ja-Ela depot

This photo was taken in 1997 in Central Bus Stand, Colombo, Western, LK.
Click for the full size picture.
Gampaha Bus Company (GBC / Now Sri Lanka Transport Board) Ja-Ela depot, dimo TATA LPO 1313/47 bus (JL 97 / 62-2090) at the Colombo central bus stand. Body built by Dimo Lanka autoassembly limited and acquired to the PTS fleet in 1995. Allocated for the services between Raddolugama and Colombo under the route number 188. The photo is copyright to the respective photographer. -- ගම්පහ බස් සමාගමේ (ග. බ. ස. /වර්තමාන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ) ජා-ඇල ඩිපෝව යටතේ ධාවනය වූ ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් 1997 වසරේදී කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. ඩිමෝ ලංකා ඔටෝඇසෙම්බ්ලි සමාගම මගින් බඳ නිමවා 1995 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇති බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 188 යටතේ රද්දොළුගම හා කොළඹ අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Tuesday, March 18, 2014

Wesco ISUZU MT 111 L modified bus from SLTB Ja-Ela depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ja-Ela depot, Wesco ISUZU MT 111 modified bus (JL 01 / 62-9083) at Kararagama. Rehabilitated and modified by the depot workers in 2013 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ජා-ඇල ඩිපෝවට අයත් වෙස්කෝ ඉසුසූ MT111 වර්ගයේ බස් රථයක් කතරගම දී. බස් රථයේ බඳ වෙස්කෝ සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ ශ්‍රී ලංකාවේ නිමවා ඇත. 1998 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇති රථය පසුකාලීනව ධාවනයන් සීමාකර තිබී ඇති අතර ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් ජා-ඇල ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා ඇත.

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, May 5, 2013

SLTB breakdown service - Ja-Ela depot

This photo was taken on December 21, 2012, in Ja-Ela Depot, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ja-Ela depot, Ashok Leyland Comet breakdown service vehicle (23ශ්‍රී7482) in the depot premies. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) ජා-ඇල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. රථය  අශෝක් ලේලන්ඩ් කොමට් වර්ගයේ ලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත.

This photo was taken on December 21, 2012, in Ja-Ela Depot, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Saturday, December 22, 2012

Greatwall Super bus from SLTB Ja-Ela depot

This photo was taken on December 21, 2012  in Ja-Ela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ja-Ela depot Greatwall Super bus (JL 06 / 62-5214) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ජා-ඇල ඩිපෝවට අයත් ග්‍රේට්වෝල් සුපර් වර්ගයේ බස් රථයකි. මෙම බස් රථය මුලින් නාරාහේන්පිට ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය සතුව පැවතී ඇති අතර පසුව ජා-ඇල ඩිපෝවට ලැබී ඇත. මෙම වර්ගයේ බස් රථ මුලින් වායුසමනය කල සුඛෝපොබෝගී බස් රථ ලෙස පැමිණියද වර්තමානයේ වායුසමනයකින් තොරව ධාවනය වේ. චීනයේ නිෂ්පාදිත ග්‍රේට්වෝල් වර්ගයේ තට්ටුවකට (chassis) පුද්ගලීකරණය කරන ලද ලං.ග.ම. ඒකල වැඩපොළේ දී සිනො ලංකා (Sino Lanka Automobile) සමාගම මගින් බඳ (body)  සකසා මෙම බස් රථ නිපදවා ඇත. 1996 වසරේ එවකට පොකුරු බස් සමාගම්දී යටතේ ධාවනයට එක්වී ඇත.

This photo was taken on December 21, 2012  in Ja-Ela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 21, 2012  in Ja-Ela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

ග්‍රේට්වෝල් සුපර් බස් රථ හඳුන්වා දුන් සමයේ පුවත්පතක පළ වූ දැන්වීමකින් උපුටාගත් (මුල් පෙනුම) පින්තූරයකි.
Click for the full size picture.

Saturday, October 20, 2012

Latec re-bodied Ashok Leyland Viking 193 bus from SLTB Ja-Ela depot

This photo was taken on October 20, 2012, in Ganemulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ja-Ela depot, Latec re-bodied Ashok Leyland Viking 193 bus (JL 12 / 29ශ්‍රී8762) at Ganemulla. A bus that was completed by Sri Lanka Central Transport Board and put into operation in 1982. As the original body of the bus later dilapidated, a new body was assembled by the Latec (pvt) Ltd and put on to the services. This photo was taken in October 2012 while it was allocated for the service between Ganemulla and Ja-Ela under route number 278. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ජා-ඇල ඩිපෝවට අයත්, ලටෙක් සමාගම මගින් නැවත බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 බස් රථයකි. මෙම බස් රථයේ මුල් බඳ ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය මගින් එකලස් කර 1982 වසරේ ධාවනයට එක් කර ඇති අතර පසුකාලීනව මුල් බඳ අබලන් වීම නිසා ලටෙක් සමාගම වෙත යවා නව බඳක් එකලස් කොට නැවත ධාවනයට සපයා ඇත. 2012 වසරේ ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 278 යටතේ ජා-ඇල සහ ගනේමුල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on October 20, 2012  in Ganemulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on October 20, 2012  in Ganemulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, October 3, 2012

Ashok Leyland Viking Hinopoer bus from SLTB Ja-Ela depot

This photo was taken on Auguast 18, 2012  in Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ja-Ela depot, Bharat bodied Ashok Leyland Viking Hinopower bus (JL 71 / NA-4136) at the Ja-Ela bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ජා-ඇල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනෝ පවර් වර්ගයේ බස් රථයක් ඩිපෝව ඉදිරිපිටදී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථය "භාරත්' වර්ගයේ බඳකින් යුක්තය.

Sunday, August 19, 2012

Utkal bodied Ashok Leyland Comet Minor bus from SLTB Ja-Ela depot

This photo was taken on Auguast 18, 2012  in Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ja-Ela depot, Utkal bodied Ashok Leyland Comet Minor bus (JL 48 / GD-9937) at Ja-Ela bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) ජා-ඇල ඩිපෝව යටතේ ධාවනය අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ජා-ඇල බස් නැවතුම්පොළේ දී. ධාවනයන් සීමා කර තිබුණු මෙම බස් රථය ජනාධිපති තුමාගේ පදවිප්‍රාප්තිය නිමිත්තෙන් ජා-ඇල ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත මෙලෙස ධාවනයට එක් කර ඇත.

This photo was taken on Auguast 18, 2012  in Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on Auguast 18, 2012  in Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.