Showing posts with label werahara body+Viking. Show all posts
Showing posts with label werahara body+Viking. Show all posts

Thursday, January 25, 2024

SLCTB bodied Ashok Leyland Viking 210 bus from SLCTB Panadura depot

This photo was taken in 1981 in Colombo, Western, LK.
Click for the full-size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Panadura depot, SLCTB bodied Ashok Leyland Viking 210 bus (23ශ්‍රී8480) in Colombo. The body of the bus was built by the SLCTB Ekala Workshop and allocated for the services in 1978. This photo was taken in 1981 while it was playing to panadura from Pettah under route number 100.  Photo by: Dave Spencer. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම.ග.ම.) පානදුර ඩිපෝව යටතේ ධාවනය වූ, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ ඒකල මධ්‍යම වැඩපොළ යටතේ බඳ එකලස් කර 1978 වසරේ ධාවනයට එක්ල කරන ලද අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් කොළඹ දී. 1981 වසරේ ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය මාර්ග අංක 100 යටතේ පිටකොටුව සිට පානදුර බලා ධාවනය වී ඇත. ලංගම වර්ග කිරීම් වලට අනුව B+ කාණ්ඩයේ බස් රථයකි. ඡායාරූපය: ඩේව් ස්පෙන්සර් මහතා.

Saturday, October 22, 2022

CTB bodied Ashok Leyland Viking 210 bus from KLBC Aluthgama depot

This photo was taken in 2004 in Aluthgama, Western LK.
Click for the full-size picture.
Kalutara Bus Company (KLBC / Now SLTB) Aluthgama depot CTB bodied, Ashok Leyland Viking 210 bus (AL 02 / 23ශ්‍රී6891) at Aluthgama. Acquired to the CTB fleet in 1975. This photo was taken in 2004 while it was running to Uragaha from Aluthgama under route number 413. The image is copyright to the respective photographer. -- කළුතර බස් සමාගමේ (වත්මන් ශ්‍රී ලංගම) අළුත්ගම ඩිපෝව යටතේ ධාවනය වන, ලංගම බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයට අයත් බස් රථයක් 2004 වසරේ අළුත්ගම දී. ඉන්දියාවේ නිෂ්පාදිත තට්ටුවකට ලංගම විසින් බඳ නිමවා 1975 වසරේ ධාවනයට එක් කර ඇත. 2004 වසරේ ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 413 යටතේ අළුත්ගම සිට ඌරගහ බලා ධාවනය වී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Viking 210
Coach Builder :- CTB Central Work Shop - Ekala, Sri Lanka
Wheel base :- 5334 mm
Steering type :- Manual
Year of Manufacturing :- 1975
SLTB type :- B+
Status :- Withdrawn

Information as at 19.09.2022

Monday, September 26, 2022

SRILANGAMA bodied Ashok Leyland Viking 210 bus from SRILANGAMA Moratuwa depot

This photo was taken on April 1984 in Kandy, Central LK.
Click for the full-size picture.
SRILANGAMA (now SLTB) Moratuwa depot SRILANGAMA bodied, Ashok Leyland Viking 210 bus (MR 139 / 30ශ්‍රී3356) at Colombo Fort. Acquired to the SRILANGAMA fleet in 1983. This photo was taken in 1984 while it was running to Pettah from Moratuwa under route number 100. The image is copyright to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වන, ශ්‍රීලංගම බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයට අයත් බස් රථයක් කොළඹ කොටුවේ දී. ඉන්දියාවේ නිෂ්පාදිත තට්ටුවකට ශ්‍රීලංගම විසින් බඳ නිමවා 1983 වසරේ ධාවනයට එක් කර ඇත. 1984 වසරේ ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 100 යටතේ මොරටුව සිට පිටකොටුව බලා ධාවනය වී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Viking 210
Coach Builder :- SRILANGAMA Central Work Shop - Ekala, Sri Lanka
Wheel base :- 5334 mm
Steering type :- Manual
Year of Manufacturing :- 1983
SLTB type :- B+
Status :- Withdrawn

Information as at 19.09.2022

Monday, March 7, 2022

SLCTB bodied Ashok Leyland Viking 193 bus from KBC Kandy North depot

This photo was taken in 2003, in Kandy, Central, LK.
Click for the full-size picture.
Kandy bus company (KBC) Kandy north depot,SLCTB bodied Ashok Leyland Viking 193 bus (KN 88 / 29ශ්‍රී9088) at Kandy in 2003. The body was built by SLCTB Ekala Workshop and allocated for the services in 1982. This photo was taken in 2003 while it was Playing on a local route. The image is copyright to the respective photographer. -- මහනුරව බස් සමාගමේ (ම. බ.ස.) මහනුවර උතුර ඩිපෝව යටතේ ධාවනය වූ ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් 2003 වසරේ මහනුවර දී. 1982 වසරේ ශ්‍රී ලං.ම.ග.ම. ඒකල මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා ධාවනයට එක් වූ බස් රථයකි. ඉන් වසර 21 කට පසු මෙලෙස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මහනුවර බස් සමාගම යටතේ කෙටි ධාවනයට යොදවා තිබී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Sunday, June 20, 2021

SRILANGAMA bodied Ashok Leyland Viking 193 special bus from SRILANGAMA Katubedda special tour depot

This photo was taken in 1987 in Galle, Southern, LK.
Click for the full-size picture.
SRILANGMA (Now SLTB) Katubedda special tour depot, Ashok Leyland Viking 193 special tour bus (30ශ්‍රී8831) playing to Kataragama along the Galle road in 1987. Body built by SRILANGMA Ekala Workshop. Several of these were built in 1983-1987 period for the special tour purposes. They were attached to various depots. This photo is copyright to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) කටුබැද්ද විශේෂ සංචාර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයට අයත් විශේෂ සංචාර වෙනුවෙන් සැකසූ බස් රථයකි. මෙහි බඳ ශ්‍රීලංගම ඒකල වැඩපොළේදී නිපදවා ඇත. 1983-1987 කාලය තුල මෙම වර්ගයේ බස් රථ ප්‍රමාණයක් අවශ්‍යතා අනුව ධාවනයට එක් වී ඇති අතර ඒවා විවිධ ඩිපෝ වලට අනියුක්ත වී ඇත. 3 x 2 ආකාරයට ආසන පිහිටීම හා ඉදිරිපස තනි දොරකින් යුතු වීම මෙම බස් රථයේ ප්‍රමුඛ විශේෂතා වේ. 1987 වසරේ චායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 32 යටතේ කොළඹ සිට කතරගම බලා ධාවනය වී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. ඡායාරූපය උපුටා ගැනීම : පැරණි බස් රථ ඡායාරූප එකතු කරන්නන්ගේ සංගමය 

Friday, February 5, 2021

SLCTB bodied Ashok Leyland Viking 193 bus from SLCTB Trincomalee depot

This photo was taken in 1981 in Trincomalee, Eastern, LK.
Click for the full size
Sri Lanka Central Transport Board (SLCTB / Now SLTB) Trincomalee depot, SLCTB bodied Ashok Leyland Viking 193 bus (TM 51 / 23ශ්‍රී9327) playing to Anuradhapura on route number 835 at Trincomalee in 1981. Body built by SLCTB and acquired to the depot fleet in 1979. Photo courtesy: Ape Langama -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) ත්‍රිකුණාමලය ඩිපෝව යටතේ ධාවනය වූ ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ත්‍රිකුණාමලයේ දී. මධ්‍යම ගමනාගමන මණ්ඩලය මගින් බඳ නිමවා 1979 වසරේ ධාවනයට එක් කල බස් රථයකි. 1981 වසරේ ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ මාර්ග අංක 835 යටතේ ත්‍රිකුණාමලයේ සිට අනුරධපුර බලා (තාවකාලික ධාවන වාරයක) ධාවනය වී ඇත. ඡයාරූපයේ අයිතිය මුල් ඡායාරූප ශිල්පියා සතුය. උපුටා ගැනීම: අපේ ලංගම

Saturday, May 16, 2020

SLCTB bodied Ashok Leyland Viking bus from SLCTB Ratmalana depot

This photo was taken on 1981 in Colombo, Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB / now SLTB) Ratmalana depot, SLCTB bodied Ashok Leyland Viking bus (RL 177 / 23ශ්‍රී9334) at the Colombo central bus stand in 1981. The bus acquired to the fleet in 1979. Allocated for the services between Colombo and Hambantota under the route number 32. Photo by Geoff Bruse. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත්ව තිබුණු අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ මාර්ග අංක 32 හම්බන්තොට වේදිකාවේ දී. 1979 වසරේ මධ්‍යම ගමනාගමන මණ්ඩලය මගින් බඳ සකසා ධාවනයට එක් කරන ලද බස් රථයකි. 1981 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 32 යටතේ හම්බන්තොට හා කොළඹ අතර ධාවනයට යොදවා තිබී ඇත. ඡායාරූපය: Geoff Bruse.

Friday, July 26, 2019

SLCTB bodied Ashok Leyland Viking C type bus from SLTB Avissawella depot

This photo was taken on November 17, 2016 in Avissawella, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Avissawella depot, SLCTB bodied Ashok Leyland Vinkg C type bus (AV 03 / 23ශ්‍රී9630) in the depot Premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අවිස්සාවේල්ල ඩිපෝවට අයත්, ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් C කාණ්ඩයට අයත් බස් රථයකි. රථය 1979 වසරේ එවකට ශ්‍රී ලං.ම.ග.ම. හා එකතු වී ඇති අතර මධ්‍යම රියදුරු අභ්‍යාස විද්‍යාලය යටතේ පැවතී, පසුව ධාවන අවශ්‍යතා මත මෙලෙස අවිස්සාවේල්ල ඩිපෝවට ලැබී ඇත. ඡායාරූපය ලබාගත් අවධියේ ධාවනයේ පැවතියද මෙම ලිපිය පල වන 2019 ජුලි වන විට රථය ධාවනයේ නොමැත.

This photo was taken on November 17, 2016 in Avissawella, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, October 13, 2018

SLCTB bodied Ashok Leyland Viking bus from SLTB Jaffna depot

This photo was taken on May, 2010 in Jaffna, Nothern, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Jaffna depot, SLCTB bodied Ashok Leyland Viking bus (29ශ්‍රී9158) in the depot premises. Acquired to the SLCTB fleet in 1982. This photo is copyright to the respective photographer -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යාපනය ඩිපෝව යටතේ ධාවනය වූ, ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1982 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය මේ වන විට ධාවනයෙන් ඉවත්ව ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. අප වෙත එවූ ලොශාන් මල්ලවආරච්චි මහතාට විශේෂ ස්තූතිය.

Tuesday, June 26, 2018

SLCTB bodied Ashok Leyland Viking open-top single-decker bus from SLTB Horana depot

This photo was taken on June 26, 2018 in Horana, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot, SLTB bodied Ashok Leyland Viking open-top single-decker bus (29ශ්‍රී8907) in the depot premises. Modified by the depot workers in 2018 June. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත බස් රථයකි. 1982 වසරේ ධාවනයට එක්වී ඇති මෙය මුල් කාලීනව හොරණ කොළඹ මාර්ගයේ ධාවයන වී ඇති බව සැලයි. 2010 වසරේ ජනපති පදවිප්‍රාප්තිය වෙනුවෙන් නැවත අලුත්වැඩියා වී ධාවනයට එක් වන මෙය මෑත කාලීනව නව බස් රථ ලැබීමත් සමඟ ඩිපෝ අංගනයට සීමා වී තිබී ඇත. ඒ අනුව ඩිපෝ ඉංජිනේරු තුමන් ඇතුළු ඩිපෝ සේවක පිරිසට පැමිණි අදහසකට අනුව රථයේ වහලය විවෘත්ත කර එයට නව මුහුණුවරක් හා වටිනාකමක් එක් කිරීමට මේ වන විට ඩිපෝව සමත්ව ඇත. මෙම රථය විශේෂ සංචාර සඳහා කුලී පදනම මත ලබා දීම ඩිපෝවේ අරමුණයි. ඉදිරියේදී රථය ලංගම අභිමානයත් රැගෙන වීථි පුරා සැරිසරනු ඇති.

This photo was taken on June 26, 2018 in Horana, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

රථයේ ඇතුලත. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් සපයා ගත් රුමේනියානු දුම්රිය මැදිරි වල ආසන මෙලෙස නවීකරණය කර රථයට සවි කර ඇත
This photo was taken on June 26, 2018 in Horana, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

රථයේ රියදුරු කුටිය
This photo was taken on June 26, 2018 in Horana, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

මෙම රථය 2012 වසරේ සාමාන්‍ය ධාවනයේ
This photo was taken on October 05, 2012 in Horana, Western, LK, using a Canon IXUS 210.
Click for the full post.

Friday, February 16, 2018

SLCTB bodied Ashok Leyland Viking bus from SLTB Alutgama depot

This photo was taken on September 04, 2010 in Mount Lavinia, Western, LK, using a Sony DSC-W35.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Alutgama depot, SLCTB bodied Ashok Leyland Viking bus (AL 10 / 29ශ්‍රී7722) in the Ratmalana depot. This bus rehabilitated in 2010 under a special project by the Ministry of Transport. Acquired to the SLCTB fleet in 1982. (This photo is copyright to the respective photographer) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අළුත්ගම ඩිපෝව යටතේ ධාවනය වූ, ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් රත්මලාන ඩිපෝ පරිශ්‍රයේ දී. 2010 වසරේ ශ්‍රී ලංකා ප්‍රවාහන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වූ විශේෂ පුනරුත්ථාපන ව්‍යාපෘතියක් යටතේ මෙම බස් රථයද මෙලෙස අලුත්වැඩියාවකට ලක් කර ඇත. 1982 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය මේ වන විට ධාවනයෙන් ඉවත්ව ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. අප වෙත එවූ ලොශාන් මල්ලවආරච්චි මහතාට විශේෂ ස්තූතිය.

Sunday, June 25, 2017

SLCTB bodied Ashok Leyland Viking bus from SLCTB Polonnaruwa depot

This photo was taken in 1980's in Kandy, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB / Now SLTB) Polonnaruwa depot, Ashok Leyland Viking SLCTB bodied bus (PL 46 / 23ශ්‍රී8886) in Kandy. Photo by: Dave Spencer.  -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග. ම.) පොලොන්නරුව ඩිපෝවට අයත්, ශ්‍රී ලං. ම. ග. ම. බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් මහනුවර නගරයේ දී.  රථය මහනුවර සිට පොලොන්නරුව බලා ධාවනය වන අවස්ථාවකි. මහනුවර ප්‍රාදෙශිකය අවට ටාටා, ඉසූසූ, බෙන්ස්, ෆියට් වැනි බස් වර්ග බහුලව ගැවසී ඇති එකල අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් දැක ගැනීමට ලැබී ඇත්තේ සීමිතවය.  ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1980 දශකයේ මුල භාගයේ දීය. (ඡායාරූපය: ඩේව් ස්පෙන්සර් මහතා)

Saturday, March 25, 2017

SLCTB bodied Ashok Leyland Viking D bus from SLCTB Ja-Ela depot

This photo was taken in 1981 in Colombo, Western, LK.
Click for the full size picture
Sri Lanka Central Transport Board (SLCTB) Ja-Ela depot Ashok Leyland Viking D bus (JL 79 / 23ශ්‍රී9613) playing on the route no 137 in Colombo. (Pic by: Dave Spencer) -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) ජා-ඇල ඩිපෝව අයත් ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ D කාණ්ඩයට අයත් බස් රත්යක් 1981 වසරේ කොළඹ දී මාර්ග අංක 137 යටතේ ධාවනය වන අවස්ථාවකි. මෙම වටිනා ඡායාරූපය අප වෙත ලබාදුන් ඩේව් ස්පෙන්සර් මහතාට විශේෂ ස්තූතියක් හිමි විය යුතුය.

Saturday, August 13, 2016

Ashok Leyland Viking CTB Bodied C type bus from SLTB Alutgama depot

This photo was taken on February 01, 2013  in Aluthgama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Alutgama depot Ashok Leyland Viking C type bus (23ශ්‍රී7709) in the depot premises. Body built by CTB. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අලුත්ගම ඩිපෝවට අයත් පැරණි, අශෝක් ලේලන්ඩ් C කාණ්ඩයේ බස් රථයකි. මෙහි බඳ (Body)  ලංගම මගින් මෙරටදී නිපදවා ඇති අතර ග්‍රාමීය මාර්ග සඳහා යොදවන ලද  බස් රථයකි. මේ වන විට මෙය සම්පාදක සේවා රථයක් ලෙස පරිවර්තනය කර ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (පසුකාලීන අලුත්වැඩියාවන් වලදී මුල් පෙනුම යම් තරමක් වෙනස් වී ඇත)
This photo was taken on February 01, 2013  in Aluthgama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on February 01, 2013  in Aluthgama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, April 5, 2016

SLCTB bodied Ashok Leyland Viking bus from CMBC Maharagama depot

This photo was taken in 2003 in Colombo, Western, LK.
Click on the image for the full size picture. 
Colombo Metropolitan Bus Company (CMBC / Now SLTB) Maharagama depot, SLCTB bodied Ashok Leyland viking bus playing to Pettah on route no 138. This photo was taken in 2003 in Colombo. (The photo is copyright to the respective photographer) -- කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස්  සමාගමේ (ක. මේ. බ. ක. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වූ ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය මගින් බඳ සැකසූ පැරණි අශෝක්  ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් මාර්ග අංක 138 යටතේ පිටකොටුව බලා ධාවනය වන අවස්ථාවක කොළඹ දී. (ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය)

Saturday, November 21, 2015

SLCTB bodied Ashok Leyland Viking bus from SLCTB Nittambuwa depot

This photo was taken in 1980's in Kalutara, Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB / Now SLTB) Nittambuwa depot, Ashok Leyland Viking SLCTB bodied bus (NT 76 / 23ශ්‍රී7906) playing on Kataragama 32 Colombo route in 1980's. (Special thank goes to Mr. Dave Spencer) -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග. ම.) නිට්ටඹුව ඩිපෝවට අයත්, ශ්‍රී ලං. ම. ග. ම. බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් මාර්ග අංක 32 යටතේ කොළඹ සිට කතරගම බලා ධාවනය වන අවස්ථාවක්. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1980 දශකයේ මුල භාගයේ, කළුතර දීය. (ඡායාරූපය: ඩේව් ස්පෙන්සර් මහතා)

Saturday, October 17, 2015

SRILANGAMA bodied Ashok Leyland Viking bus SLTB Udahamulla depot

This photo was taken on October 28, 2009 in Nugegoda, Western, LK, using a Panasonic DMC-LS80.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla depot, SRILANGAMA bodied Ashok Leyland Viking bus (UM 33 / 29ශ්‍රී9391)  at Nugegoda bus stand. The bus awaiting it's turn on route 168 Nugegoda - Kotahena. (Pic by: Shalinka Jayasinghe) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ පැරණි ශ්‍රීලංගම බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් නුගේගොඩ බස් නැවතුමේ දී. රථය මාර්ග අංක 168 යටතේ නුගේගොඩ හා කොටහේන අතර ධාවනය වූවකි. (ඡයාරූයප: ශාලිංක ජයසිංහ)

Saturday, September 12, 2015

SLCTB bodied Ashok Leyland Viking bus from SRILANGAMA Aluthgama depot

This photo was taken in 1985 in Aluthgama, Western, LK.
Click on the image for full size picture.
SRILANGAMA Alutgama depot, Ashok leyland Viking bus (23ශ්‍රී7980) at Aluthgama in 1985. Body built by SLCTB (Sri Lanka Central Transport Board, 1977-1983). (Image is copyright to the respective photographer) -- ශ්‍රීලංගම අලුත්ගම ඩිපෝව යටතේ ධාවනය වන, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය මගින් බඳ සැකසූ, පැරණි අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් අලුත්ගම නගරයේ දී. ඡායාරූපය 1985 වසරේ පමණ ලබාගෙන ඇත. (ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය)

Thursday, April 2, 2015

SLCTB bodied Ashok Leyland Viking 193 bus from SLTB Kesbewa depot

This photo was taken on March 19, 2015, in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, SLCTB bodied Ashok Leyland Viking 193 bus (KB 01 / 29ශ්‍රී0241) in the depot premises. Aquired to the SLCTB fleet in 1979. Rehabilitated and modified by the depot workers in 2014 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝව යටතේ ධාවනය වන ශ්‍රී ලංමගම බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1979 වසරේ එවකට ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේ ධාවනයට එක් වී ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති මෙම බස් රථය හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් කැස්බෑව ඩිපෝවේ සේවක පිරිස විසින් 2014 වසරේ මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා තිබේ. පසුකාළීන අලුත්වැඩියාවන් වලදී රථයේ ඉදිරිපස සහ පිටුපස මුහුණත් මුල් පෙනුමෙන් වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ.

This photo was taken on March 19, 2015, in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on March 19, 2015, in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
This photo was taken on March 19, 2015, in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Sunday, October 5, 2014

SLCTB bodied Ashok Leyland Viking 193 bus from SLTB Kataragama depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using an Olympus VG120,D705.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, SLCTB bodied Ashok Leyland Viking 193 bus (KTG 24 / 29ශ්‍රී8692) at Kataragama bus stand. The bus acquired to the fleet in 1982. Photo by: Ishara Koralage -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝවට අයත් ශ්‍රී ලං. ම. ග. ම. විසින් බඳ සකසා 1982 වසරේ ධාවනයට එක් කල අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කතරගම බස් නැවතුම්පොළේ දී. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කතරගම හා සෙල්ල කතරගම අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ඉෂාර චතුරංග