Sunday, March 2, 2025

Ashok Leyland Viking 193 Turbo bus from SLTB Udugama depot

This photo was taken on January 28, 2016, in Udugama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Udugama depot, 42-seater Ashok Leyland Viking 193 Turbo bus (UG 26 / NC-0082) in the depot premises. The bus, fully made in India, was added to the depot fleet in 2014 and, at the time the photo was taken, it used to operate on the 'Ihala Udugama - Galle' route under route number 427/1. This photo was taken in January 2016 while it was parked in the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩුගම ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 42 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2014 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වූ බස් රථයකි. මාර්ග අංක 427/1 යටතේ ඉහළ උඩුගම හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණු බස් රථය 2016 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි.

Saturday, February 22, 2025

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Sammanthurai sub depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Sammanthurai sub depot, Ashok Leyland Viking 222 Hinopower bus (SMT 07 / NA - 4163) at the Galle face green. The bus acquired to the SLTB fleet in 2007. Rehabilitated by the depot workers under the 2020 year-end special rehabilitation project. In late 2022, the Sammanthurai sub-depot was closed and all buses were assigned to its main depot, the Kalmunai depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) සම්මාන්තුරේ (සමන්තර) උප ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 වර්ගයේ බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. පසු කාලීනව ධාවනයන් සීමා වී තිබී ඇති බස් රථය, මෙලෙස බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වූ පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර 2020 වසරේ දෙසැම්බර් 31 දින මෙලෙස සංඛේතාත්මකව ධාවනයට එක් කර තිබුණි. 2022 වසරේ අග භාගයේ සම්මාන්තුරේ උප ඩිපෝව වසා දමන ලද අතර බස් රථ සියල්ල එහි ප්‍රධාන ඩිපෝව වූ කල්මුණේ ඩිපෝව වෙත අනියුක්ත කරන ලදී. 

Sunday, February 9, 2025

Ashok Leyland Viking 222 Hino Power bus from SLTB Deraniyagala depot

This photo was taken on November 17, 2016, in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot, Ashok Leyland Viking  222 Hinopower bus (NA-4179) in the depot premises. Acquired to the depot in 2007. This photo was taken in November 2016 while it was waiting for fueling. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 හිනෝපවර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා 2007 වසරේ ඩිපෝවට ලබා දී ඇත. 2016 වසරේ නොවැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඉන්ධන සපයා ගැනීම වෙනුවෙන් ගාල් කොට තිබුණි.

Sunday, January 26, 2025

Wesco TATA LPO 1313/55 bus from SLTB Divulapitiya depot

This photo was taken on January 20, 2018 in Divulapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Divulapitiya depot, Wesco TATA LPO 1313/55 bus (DP 02 / 62-8179) in the depot premises. Body built by Wesco with Dupal Metsec (UK) and acquired to the fleet in 1998. This photo was taken in January 2018 while it was parked in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) දිවුලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථයේ බඳ, වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍ය වැඩපොළේ දී එකලස් කර ඇත. 1998 වසරේ එවකට ගම්පහ  බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීනව කරන ලද අලුත්වැඩියාවන් වලදී රථයේ පැති ජෙනේල වෙනස් කොට ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගත් 2018 ජනවාරි මස වන විට අතිරේක බස් රථයක් ලෙස පරිහරණය විය.

Sunday, January 19, 2025

TVS bodied Ashok Leyland Viking 193 bus from SLTB Kataragama depot

This photo was taken on March 15, 2024, in Katharagama, Southern, LK, using an Apple iPhone XR.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot Irzar TVS bodied Ashok Leyland Viking 193 bus (63-3746) at Kataragama. The bus acquired to the depot fleet in 2000.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝව යටතේ ධාවනය වන, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කතරගම දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථයේ බඳ සකසා ඇත්තේ ඉන්දියාවේ Irzar TVS සමාගම විසිනි. 2000 වසරේ ධාවනයට එක් වී ඇති රථයේ මුල් වර්ණය වී ඇත්තේ තද කහ වර්ණයයි. 2024 මාර්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ධාවන වාර අවසන් කර ඩිපෝව බලා ධාවනය වෙමින් තිබුණි.

Monday, January 13, 2025

Hino U-HT2MLAAKAI city bus from SLTB Kadawatha depot

This photo was taken on May 04, 2012, in Ragama, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot, Hino KC-HU2MLCA buses (KW 77 / NA-0564) parked at the Ragama bus stand. Acquired to the SLTB fleet in 2005 as a Tsunami aid by the Japanese Government. Allocated for the city services between Kadawatha and Ragama under the route number 222. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කඩවත ඩිපෝවට අයත් ' KC-HU2MLCA' වර්ගයේ බස් රථයක් රාගම බස් නවතුමේ දී. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් රජයේ ආධාර වශයෙන් ශ්‍රී ලංකාවට ලැබී ඇත. 2012 වසරේ මැයි මස ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය මාර්ග අංක 222 යටතේ කඩවත හා රාගම අතර ධාවනයට යොදවා තිබුණි.