Tuesday, April 28, 2015

Ashok Leyland Viking 193 bus from SLTB Dambulla depot

This photo was taken on August 28, 2014, in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Dambulla depot Ashok Leyland Viking 193 Hinopower bus (DB 11 / NA-4617) at Anuradhapura. Acquired to the SLTB fleet in 2007. Allocated for the services between Anuradhapura and Kandy under the route number 42. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දඹුල්ල ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 Hinopower වර්ගයේ බස් රථයක් අනුරාධපුර ඩිපෝව ඉදිරිපිට දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 42 යටතේ අනුරාධපුර හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, April 26, 2015

Ruby bodied TATA LP 1510/36 bus from SLTB Thalangma depot

This photo was taken on March 20, 2014, in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangama depot, Ruby bodied TATA LP 1510/36 bus (TL 196 / GG-0854) in the depot premises. The bus acquired to the CMBC fleet in 2000. Allocated for the services on a local route between Bandarawatta and Borella. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/36 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2000 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ බණ්ඩාරවත්ත හා බොරැල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on March 20, 2014, in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Wednesday, April 22, 2015

CTB bodied Mercedes-Benz LP 312/32 staff bus from SRILANGAMA Uva regional office

This photo was taken on October 06, 1989, in Badulla, Uva, LK.
Click for the full-size picture.
SRILANGAMA Uva regional office, CTB bodied Mercedes-Benz LP 312/32 staff bus (23ශ්‍රී3915) in the Baddulla depot premises in 1989. The bus acquired to the CTB fleet in 1970. Photo by: K. P. Ariyadasa / Special thank goes to: Kavissara Sanjeewa) -- ශ්‍රීලංගම ඌව ප්‍රාදේශීය මණ්ඩලයට අයත්, ලංගම බඳ සහිත මර්සිඩීස්-බෙන්ස් LP 312/32 වර්ගයේ බස් රථයක් 1989 වසරේ බදුල්ල ඩිපෝ පරිශ්‍රයේ දී. ලංගම විසින් වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1970 වසරේ ධාවනයට එක් කල බස් රථයකි. මෙම ඡායාරූපය ලබාගන්නා අවස්ථාව වන විට භාවිතා වී ඇත්තේ ජංගම පරීක්ෂක රථයක් ලෙසය. පූර්ණ අලුත්වැඩියාකින් පසු ඡායාරූපය ලබාගෙන තිබේ. ඡායාරූපය: කේ. පී. ආරියදාස මහතා / ඡායාරූපය අප වෙත එවන ලද්දේ: කවිස්සර සංජීව මහතා.

Sunday, April 19, 2015

Kitamura bodied ISUZU MT111L (ELR 500) bus from SLTB Wattegama depot

This photo was taken on April 09, 2015, in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
This photo was taken on April 09, 2015, in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka transport board (SLTB) Wattegama depot, Kitamura bodied ISUZU MT 111L (ELR 500) bus (WG 19 / 60ශ්‍රී6922) in the depot premises. Body built by Kitamura coach builders in Japan and acquired to the SLTB fleet in 1988. Recently repowerd with an Ashok Leyland engine and allocated for the services between Kandy and Matale under the route number 636. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වත්තේගම ඩිපෝව යටතේ ධාවනය වන, කිතමුරා බඳ සහිත ඉසුසු MT 111L (ELR 500) වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. සම්පුර්ණයෙන්ම ජපානයේ නිමවා ඇති මෙම බස් රථය 1988 වසරේ ශ්‍රීලංගම රථ ඇණිය හා එක්වී ඇත. ISUZU MT111 වර්ගයේ තට්ටුවක් මත බඳ නිමවා ඇත්තේ ජපානයේ Kitamura සමාගම මගිනි. පසුකාලීනව මුල් ISUZU එන්ජින් පද්ධතිය කාර්මික දෝෂයන්ට ලක්වීම නිසා 2014 වසරේ මුල භාගයේ අශෝක් ලේලන්ඩ් එන්ජින් කට්ටලයක් බද්ධ කර නැවත ධාවනයට සපයා ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 636 යටතේ මහනුවර හා මාතලේ අතර ධාවනයට යොදවා තිබුණි.
This photo was taken on April 09, 2015, in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on April 09, 2015, in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
This photo was taken on April 09, 2015, in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Friday, April 17, 2015

Bharat bodied Ashok Leyland Comet Minor bus from SLTB Nittambuwa depot

This photo was taken on December 31, 2014, in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot, Bharat bodied Ashok Leyland Comet Minor bus (NT 45 / GE-3894) at Kataragama. The bus acquired to the GBC fleet in 2000. Rehabilitated by the depot workers in 2014 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිට්ටඹුව ඩිපෝවට අයත්, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් කතරගම ශ්‍රී ලංගම විශ්‍රාම ශාලාව ඉදිරිපිට දී. 2000 වසරේ එවකට ගම්පහ බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. පසු කාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති අතර හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් 2014 වසරේ දී ඩිපෝ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර ධාවනයට එක් කර තිබේ.

This photo was taken on December 31, 2014, in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

11th January 2018 update -- 2018 ජනවාරි 11 යාවත්කාලීනය
This photo was taken on January 11, 2018, in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture
This bus at the depot premises. Allocated for the services between Nittambuwa and Pallewela -- මෙම බස් රථය ඩිපෝ පරිශ්‍රයේ දී. රථය නිට්ටඹුව සහ පල්ලෙවෙල අතර ධාවනයට යොදවා තිබුණි.  

Thursday, April 16, 2015

SLTB breakdown service - Walapane depot

This photo was taken on November 20, 2014, in Walapane, Nuwara-Eliya, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Walapane depot, TATA LP 1210/36 breakdown service vehicle (23ශ්‍රී5989) at the Walapane bus stand. A CTB bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වලපනේ ඩිපෝවට අයත් ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක්ව වලපනේ බස් නැවතුමේ දී. 1973 වසරේ ධාවනයට එක්වී ඇති ලංගම බඳ සහිත බස් රථයක්, මෙලෙස ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Sunday, April 12, 2015

Ashok Leyland Viking 193 Turbo bus from SLTB Galgamuwa depot

This photo was taken on March 12, 2015, in Raswehera, North Central, LK, using a NIKON COOLPIX S3000.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Galgamuwa depot, 42 seater Ashok Leyland Viking 193 Turbo bus (NB-9723) near the Raswehera temple. Acquired to the SLTB fleet in 2014. Allocated for the service between Reswehera and Galgamuwa via Ehetuwewa and Kathnoruwa. Photo by: Onal Karunarathne -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) ගල්ගමුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ ආසන 42 බස් රථයක් රැස්වෙහෙර විහාරස්ථානය අසල දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2014 වසරේ බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය ගල්ගමුව සිට ගල්ලෑව, ඇහැටුවැව, කත්නෝරුව හරහා රැස්වෙහෙර විහාරස්ථානය දක්වා සේවාවන් සඳහා යොදවා ඇත. ඡායාරූපය: ඔනාල් කරුණාරත්න.

Saturday, April 11, 2015

TVS bodied Ashok Leyland Viking 193 bus from SLTB Galle depot

This photo was taken on March 27, 2014, in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, TVS bodied Ashok Leyland Viking 193 bus (GL 98 / 62-6529) at Galle. Body built by Irzar TVS and imported to Sri Lanka in 1997. This bus was operated under the Katana Multipurpose Co-operative Society in 1997 and received at the SLTB Divulapitiya depot. Aquired to the SLTB Galle depot around 2012. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ගාල්ල නගරයේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති රථයේ බඳ සකසා ඇත්තේ Irzar TVS සමාගම විසිනි. 1997 වසරේ කටාන විවිධ සේවා සමූපකාර සමිතිය යටතේ ධාවනයට එක්වී පසුව දිවුලපිටිය ඩිපෝව වෙත ලැබී ඇති මෙම බස් රථය 2012 වසරේ පමණ ශ්‍රී ලංගම ගාල්ල ඩිපෝවට ලැබී ඇත.

This photo was taken on March 27, 2014, in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on March 27, 2014, in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Tuesday, April 7, 2015

Ruby bodied TATA LP 1510/36 bus from SLTB Walapane depot

This photo was taken on November 19, 2014, in Watumulla, Nuwara-Eliya, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Walapane depot, Ruby bodied TATA LP 1510/36 bus (WN 08 / GI-0476) coming out from the depot premises. The bus acquired to the NBC fleet in 2000. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වලපනේ ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1510/36 බස් රථයක් හිමිදිරි උදෑසන ඩිපෝ පරිශ්‍රයෙන් පිටතට පැමිණෙන ආකාරය. රථය 2000 වසරේ එවකට නුවරඑළිය බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත.

Sunday, April 5, 2015

Wesco TATA LPO 1313/55 bus from SLTB Ratmalana depot

This photo was taken on January 15, 2015, in Dematagoda, Western, LK, using a Canon IXUS 145.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ratmalana depot, Wesco TATA LPO 1313/55 bus (RL 31 / 62-7562) under the Dematagoda flyover bridge. Body built by Wesco with Duple Metsec UK and acquired to the CMBC fleet in 1998. Alloocated for the services between Dematagoda and Mount Lavinia under the route number 154. Photo by: Primal Madusanka -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වන, වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් දෙමටගොඩ ගුවන් පාලම යට දී. බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ වෙස්කෝ සමාගම මගින් බඳ නිමවා 1998 වසරේ ධාවනයට එක් කර ඇති බස් රථය මුල් කාලීනව අර්ධ සුඛෝපභෝගී සේවා යටතේ ධාවනය වී ඇත. වර්තමානයේ කෙටි දුර සාමාන්‍ය සේවා යටතේ ධාවනයේ දැක ගත හැකිය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 154 යටතේ දෙමටගොඩ හා ගල්කිස්ස අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක.

Thursday, April 2, 2015

SLCTB bodied Ashok Leyland Viking 193 bus from SLTB Kesbewa depot

This photo was taken on March 19, 2015, in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, SLCTB bodied Ashok Leyland Viking 193 bus (KB 01 / 29ශ්‍රී0241) in the depot premises. Aquired to the SLCTB fleet in 1979. Rehabilitated and modified by the depot workers in 2014 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝව යටතේ ධාවනය වන ශ්‍රී ලංමගම බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1979 වසරේ එවකට ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේ ධාවනයට එක් වී ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති මෙම බස් රථය හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් කැස්බෑව ඩිපෝවේ සේවක පිරිස විසින් 2014 වසරේ මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා තිබේ. පසුකාළීන අලුත්වැඩියාවන් වලදී රථයේ ඉදිරිපස සහ පිටුපස මුහුණත් මුල් පෙනුමෙන් වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ.

This photo was taken on March 19, 2015, in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on March 19, 2015, in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
This photo was taken on March 19, 2015, in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.