Showing posts with label RTW. Show all posts
Showing posts with label RTW. Show all posts

Sunday, June 30, 2024

Ex London Transport Leyland RTW Double-decker bus from CTB Maharagama depot

This photo was taken in 1977 in Maharagama, Western, LK.
Click for the full-size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Maharagama depot, (Ex London transport) Leyland RTW double decker bus (23ශ්‍රී2696) on the Highlevel road in1977 . This photo was taken while it was running under the route number 138 between Maharagama and Townhall. Even though it has been 11 years since it was put into service under the CTB, the bus is unique in its original appearance and a high state of maintenance. Photo by: John Miller. Courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත්ව තිබූ ලේලන්ඩ් RTW වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් 1977 වසරේ හයිලෙවල් මාර්ගයේ දී. රථය 1966 වසරේ ලංගමට ලැබී ඇත. London transport ආයතනයේ භාවිතා කල මෙම රථ පසුව ලංගම සඳහා මිලදී ගෙන ඇත. Leyland වර්ගයේ තට්ටු යොදාගෙන "London Transport" ආයතනයේ පිරිවිතරයන්ට අනුව, Park Royal Vehicles Ltd මගින් බඳ නිමවා ඇති මෙම බස් රථ ලන්ඩන් නගරයට ආවේණික සංඛේතයක් බඳුය. ලංගමට ලැබුණු RT වර්ගයේ දෙමහල් බස් රථ අතරින් මෙම රථය සුවිශේෂී වී ඇත්තේ මම රථය වසර ගණනක්ම එහි මුල් පෙනුමෙන් මෙන්ම මනා නඩත්තු තත්වයකින් පැවතීම නිසාය. ධාවනයට එක්වූ දින සිටම එකම සේවක මඩුල්ලක් යටතේ රථය පැවතීම එම සුවිශේෂී බවට හේතු වී ඇත. ධාවනයට එක්වී ඇති දින සිටම මාර්ග අංක 138 ආවරණය කර ඇති මෙම රථය මුල් අවධියේ බොරලැස්ගමුව - නුගේගොඩ බාලිකා පාසල් බස් රථය ලෙස සේවා සලසා ඇත. රථයේ අවසාන කාල සීමාවේ මාර්ග අංක 112 යටතේ ද ධාවනය වී ඇති බව සැලයි. කෙසේ නමුත් 1980 දශකයේ අග භාගයේ මේම බස් රථය ආන්දෝලනාත්මක ලෙස ධාවන තත්වයේ තිබියේදීම වෙන්දේසි කොට ඇති අතර රථය පිලිබඳ  එවකට පාර්ලිමේන්තුවේ පවා කථිකා වී ඇත. අවාසනාවට මෙන් වත්මන් ශ්‍රී ලංගම සතුව මෙම වර්ගයේ එක් බස් රථයක් හෝ නොමැත. අවිධ්මත් ලෙස වෙන්දේසි නොකිරුණි නම්, අද වන විට ලංගම දෙමහල් බස් රථ වංශකතාවේ අපූරු නියෝජනයක් වීමට මෙම රථයට හැකියාව තිබෙන්නට ඇත. ඡායාරූපය: John Miller. උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide. තොරතුරු සැපයීම: ප්‍රේම් පෙරේරා මහතා

Thursday, April 11, 2019

Ex London Transport Leyland RTW Double-decker bus from CTB Meetotamulla depot

This photo was taken on 1973 in Colombo, Western, LK.
Click for the full size picture.
Ceylon Transport Board (CTB) Meetotamulla depot, ex London Transport Leyland RTW double-decker bus (23ශ්‍රී3078) in Colombo Fort. Allocated for the services on the route no. 166 between Angoda and Fort. Photo by: Andy on flickr -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම) මීතොටමුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ Leyland  RTW වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් කොළඹ දී. 1967 වසරේ ලංගමට ලැබී ඇති මෙම දෙමහල් බස් රථය, ලන්ඩනයේ ධාවනය වී පසුව ලංගම මගින් මිලදී ගත්තකි. 1973 වසරේ ඡායාරූපය ලබාගෙන ඇති අවස්ථාවේ මාර්ග අංක 166 යටතේ අංගොඩ හා කොළඹ කොටුව අතර ධාවනයට යොදවා තිබී ඇත. කෙසේ වූවද මේ වන මාර්ග අංක 166 යටතේ කිසිදු ශ්‍රී ලංගම බස් රථයක් ධාවනය නොවේ. ඡායාරූපය: Andy on flickr.

Monday, December 26, 2016

Ex London Transport Leyland RTW Double-decker bus from CTB Ratmalana depot

This photo was taken on 1971 in Colombo, Western, LK.
Click for the full size picture.
Ceylon Transport Board (CTB) Ratmalana depot, ex London Transport Leyland  RTW double-decker bus (23ශ්‍රී2690) in Colombo. Playing on route no. 100 Panadura - Colombo (Express Service) . (Pic by: Lloyd Rich on flickr) -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම) රත්මලාන ඩිපෝව මගින් මාර්ග අංක 100 න් කොළඹ සිට පානදුර බලා සීග්‍රගාමී සේවා යටතේ ධාවනය වන Leyland RTL වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් කොළඹ දී. 1967 වසරේ ලංගමට ලැබී ඇති මෙම තට්ටු දෙකේ බස් රථ ලන්ඩනයේ ධාවනය වී පසුව ලැබුණු ඒවාය. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1971 වසරේදීය. (ඡායාරූපය: ලොයිඩ් රිච්)

Wednesday, August 12, 2015

SLTB Supply division (Ratmalana depot)

Ceylon Transport Board (CTB) Ratmalana depot, Leyland RTW supply division vehicle (23ශ්‍රී3124) at Mount Lavinia in 1970's. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං. ග. ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වූ Leyland RTW වර්ගයේ සම්පාදක සේවා රථයක් 1970 දශකයේ  අග බාගයේ ගල්කිස්සේ දී. බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ලේලන්ඩ් RT වර්ගයේ තට්ටු  දෙකේ බස්  රථයක් පරිවර්තය කිරීමෙන් සකසා ඇත.

Wednesday, June 3, 2015

Leyland RTW double-decker bus from CTB Ratmalana depot

This photo was taken in 1972 in Colombo, Western LK.
Click for the full-size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Ratmalana depot, ex London transport Leyland RTW double-decker bus (23ශ්‍රී2093) in Colombo in 1972. Aquired to the CTB fleet in 1965. Playing to Moratuwa under the route number 100 on the Galle road. Photo by: Lloyd Rich. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වූ Leyland RTW වර්ගයේ දෙමහල් බස් රථයක් 1972 වසරේ කොළඹ දී. ලන්ඩන් ට්‍රාන්ස්පෝර්ට් ආයතනයේ ධාවනයවී 1965 වසරේ ලංගම වෙත මිලදීගෙන ඇති රථය මාර්ග අංක 100 යටතේ මොරටුව හා කොළඹ අතර ධාවනය වන අවස්ථාවකි. පසෙකින් ඇති මීතොටමුල්ල ඩිපෝවට අයත්ව තිබුණු Isuzu TX 50B වර්ගයේ 23ශ්‍රී6240 දරණ බස් රථය මාර්ග අංක 134 යටතේ ගල්කිස්ස දක්වා ධාවනය වූවකි. ඡායාරූපය: ලොයිඩ් රිච් මහතා