Sunday, September 16, 2012

2008 - 155 බස් බෝම්බ ප්‍රහාරය

2008 වසරේ  සැප්තැම්බර් මස 16 වන දින කොළඹ 07, හෝර්ටන් පෙදෙස වටරවුම අසලදී මට්ටක්කුලිය ඩිපෝවට අයත් මාර්ග අංක 155 දරණ බස් රථයක් තුළ පිපිරීමක් සිදුවිය. එහෙත් එම බස්රථයේ සිටි කොන්දොස්තර මහතාගේ සුපර්ක්ෂාකාරී බව නිසා මෙම අනතුරෙන් මගී ජීවිත කිසිවකට හානි සිදුවුයේ නැත. සැක කටයුතු පාර්සලය දුටු කොන්දොස්තර මහතා ඒ පිළිබඳව ආරක්ෂක අංශ දැනුවත් කර, උපදෙස් අනුව මගීන් බසයෙන් ඉවත් කර තිබේ. මගීන් ඉවත්ව ගොස් සුළු වෙලාවකට පසු බෝම්බය පුපුරා ගොස් ඇති අතර එමගින් බසයට දැඩි හානි සිදු විය.

එලෙස රුදුරු ත්‍රස්ත බෝම්බයට හසු වුයේ එවකට මට්ටක්කුලිය ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් හිනෝ පවර් (Ashok Leyland Hino Power) වර්ගයේ බස් රථයකි. එහි රථ ඇණි අංකය වුයේ MK 46 වන අතර ලියාපදිංචි අංකය වුයේ NA-3656 යි.

බෝම්බයට හසුවූ බස් රථය පිටුපසින්


බෝම්බය හසු වු බස් රථය පැත්තෙන් පෙනෙන ආකාරය..


බස් රථයේ ඇතුලත.


සුපරික්ෂාකාරීව ක්‍රියා කර මගී ජීවිත බේරාගැනීමට දායක වු මට්ටක්කුලිය ඩිපෝවේ කොන්දොස්තර මහතා.

යාවත්කාලීනය: ප්‍රහාරයෙන් පසු, මාතලේ කළුදෑවල පිහිටි ලංගම වැඩපොළ වෙත යැවුණු බස් රථය පූර්ණ අලුත්වැඩියාවකින් පසු නැවත ධාවනයට එක් වී ඇත. 2017 වසරේ ජනවාරි මස ලබාගත් රථයේ ඡායාරූපයක්.
This photo was taken on January 16, 2017  in Amar Street, Colombo, Western, LK, using a Canon IXUS 145.
Click for the full size picture.

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. Me bus eke ada thathwaya kohomada ? Aluthen body gahalada thiyenne ?

    ReplyDelete