Wednesday, June 20, 2012

CTB Leyland RT Double decker

CTB (Ceylon Transport Board) owned Ex London transport Leyland RT Double Decker buses in Colombo. Body built by AEC. This photo was taken on 1981. Photo courtesy: Bonusboy on Flickr. -- ලංකා ගමනාගමන මණ්ඩලයට (ලංගම) අයත්ව තිබු ලේලන්ඩ් RT වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් කොළඹදී. බ්‍රිතාන්‍ය ලේලන්ඩ් එන්ජිමකින් යුක්ත මෙම බස රථ වල බඳ නිපදවා ඇත්තේ AEC සමාගම මගිනි. මෙම බස් ලංගම පිහිටුවීමට සමගාමීව බ්‍රිතාන්‍ය ආධාර ලෙස ශ්‍රී ලංකාවට ලැබී ඇත. London transport ආයතනයේ භාවිතා කර පසුව ශ්‍රී ලංකාවට මෙම බස් ලබාදී ඇත. මෙහි දැක්වෙන්නේ මහරගම ඩිපෝවට අයත්ව තිබු බස් රථයකි. අවාසනාවට මෙන් ශ්‍රී ලංගම සතුව දැනට මෙම වර්ගයේ එකදු බස් රථයක් වත් නොමැත. අනාගත පරපුරට දැකගනීම් පිණිස සංරක්ෂණය කල යුතුව තිබුනද ප්‍රවාහන බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් අද අපට මෙම බස් රථ දැකගත හැක්කේ බ්‍රිතාන්‍ය ජාතිකයන් අපරටට පැමිණ ලබාගත් මෙවැනි ඡායාරූප වලින් පමණි. මා විසින් ලබාගන්නා ලද පින්තූර නොවුනද ඉතා වටිනා පින්තූර බැවින් flickr අඩවියෙන් උපුටාගෙන නැවත සකසා පලකරන ලදී. මෙවැනි වටිනා පින්තුරයක් අන් අයගේ දැකගැනීම පිණිස flickr අඩවියේ පළ කල කර්තෘ වැරුන්ට විශේෂ ස්තූතියක් හිමි විය යුතුමය.


Ex London transport RTL's 1345 & 1003 are in Colombo. Photo courtesy: Ledlon89 on Flickr -- 138 මාරගයේ ධාවනය වූ RTL වර්ගයේ බස් රථ. උපුටා ගැනීම: Ledlon89 on Flickr.



Rear view of a Leyland RT bus -- මෙම වර්ගයේ බස් රථයක පිටුපස පෙනුම


Another picture of a Leyland RT Double Decker bus. Photo courtesy: Ledlon89 on Flickr. -- මෙම වර්ගයේ බසයක තවත් ඡායරූපයක්. උපුටා ගැනීම: Ledlon89 on Flickr.


Single deck bus converted from RTL. Photo courtesy: Bonusboy on Flickr. -- ලංගම විසින් තනි තට්ටුවේ බසයක් ලෙස සැකසු මෙම වර්ගයේ බස් රථයක ඡායාරූපයක්. මෙසේ තනි ත්ට්ටුවට් පරිවර්තනය කිරීමට හේතු වී ඇත්තේ මහනුවර වැනි කඳුකර ප්‍රදේශ වල තට්ටු දෙකේ බස් රථ ධාවනය අපහසු වී ඇති නිසාය. උපුටා ගැනීම: Bonusboy on Flickr


Supply division lorry converted from RTL. Photo courtesy: Bonusboy on Flickr. -- ලංගම විසින් සම්පාදක සේවා ලොරියක් ලෙස සැකසු මෙම වර්ගයේ බස් රථයක ඡායාරූපයක්. උපුටා ගැනීම: Bonusboy on Flickr


London transport RT & RTL buses onboard ship bound for Ceylon Transport Board (CTB). This photo was taken on 1958. Photo courtesy: Ledlon89 on Flickr. -- එංගලන්තයේ London transport ආයතනයේ භාවිතා කල ලේලන්ඩ් RT වර්ගයේ බස්, 1958  ලංකා ගමනාගමන මණ්ඩලයට ලබාදීම පිණිස ශ්‍රී ලංකාවට රැගෙන එන නෞකාවක්‌. උපුටා ගැනීම: Ledlon89 on Flickr.

17 comments:

  1. ෂා මරු බ්ලොගක්. මම පොඩිම කාලෙ මේ බස් වල ගිහින් තියෙනවා. ඉස්සර කඩවත ඩිපෝවෙත් තිබ්බා

    ReplyDelete
    Replies
    1. ස්තුතී..ඔව්. කොළඹ අවට ඩිපෝ රැසකට මේ බස් ලැබිලා තියෙනවා.. පස්සේ 1980 දශකයේ තව ඩෙකර් ප්‍රමාණයක් ලැබුණා.. ඒවා තමයි routemaster කියල ආවේ.. search කරලා බලන්න මේ බ්ලොග් එකේ..

      Delete
  2. ඔව් ඔව්. ඒකෙ තමා මං ගිහින් තියෙන්නෙ :)

    ReplyDelete
  3. THIS WAS THE LAST RTW DOUBLE DECKER THAT WAS IN OPERATION IN 1981- FROM MAHARAGAMA DEPOT- 23SRI 2696, THE LAST RTL WAS OPERATED IN 1994-FROM RATMALANA DEPOT- 22SRI 2949

    ReplyDelete
  4. RM එකත් RT එකත් අතර එච්චර ලොකු වෙනසක් නෑ නේද? මෑතක් වෙනකනම කඩුගන්නාව පැත්තෙ RT එකක් දිව්වා.

    ReplyDelete
    Replies
    1. RT එක ගොඩක් පරනයි. ඒ කියන්නේ 1958- 1970 අතර වගේ තමයි RT RTL RTW වගේ ඒවා ඇවිල්ල තියෙන්නේ. අනික RT කියන්නේ තනිකර Leyland නිෂ්පාදනයක්. එත් RM ආවේ මෑතක. ඒ කියන්නේ 1970 දසකයේ අග සහ 1980 දසකයේ මුල වගේ තමයි. RM එකේ චැසි Leyland උනාට බොඩි AEC කියල කම්පැනි එකකින් කරලා තියෙන්නේ..

      Delete
    2. Hi
      RT was made by AEC, RTL AND RTW had Leyland engines, RM's were first produced in 1954- prototype RM1 , RM's doesnt. have a chasis

      Delete
    3. Thanks a lot for your information (y) :)

      Delete
  5. Mata mathakai e dawas wala CTB eke "OM" single door saha "FIAT" single door saha double door bus thibba.E wagema Hungariya walin bus wagayak Kandy South depot eke thibba.Hakinum mewaye photos tikak daana

    ReplyDelete
    Replies
    1. ෆියට් බස් එකේ පින්තූර තියෙනවා. නමුත් බුද්ධිමය දේපොළ ප්‍රශ්න නිසා ප්‍රසිද්ධියේ පල කරන්න අමාරුයි. අවස්ථාවක් ලැබුනොත් පල කරන්නම්. :)

      Delete
  6. 80 දශකයේ අවසානය වන විට මෙම බස් රථ බොහොම අබලන් තත්වයේ තිබුණා. වැඩි පුරම ඉදිරිපස හුඩ් එක තමයි තුවාල වෙලා තිබුණේ. තව layland td2 බස් රථත් සමකාලීනව ලංගමට ලැබිල තියෙනවා. මම කලින් හිතුවෙ පභළින් තියෙන single deck එක ඒ වගේ එකක් කියල.

    ReplyDelete
    Replies
    1. Leyland TD කියල ආපු Tiger PS බස් එකක අපි හදල දාපු පින්තූරයක් තියෙනවා මේ අඩවියේ. "Leyland Tiger PS" කියල search කරලා බලන්න. :)

      Delete
  7. උත්පල
    ලංගමට කාලයක් සම්බන්ධවෙලා හිටපු මට මේ පොටෝ ටික දැක්කහම හරි සතු‍ටුයි.මේ උඩම තියන 23 ශ්‍රී 2696 ඩබල් ඩෙකර් එක මගෙ ජීවිතේට බොහොම සමීප එකක්.අපේ පාසැල් බස් එක .කහතුඩුවෙ ඉඳලා ගාමිනී හෝල් දක්වා ගියේ,ඒ වගේම මේ බස් එක එලවපු ලයනල් අයියා කියල අපි කියපු රියදුරු මහතා මේ බස් එක ඉතාම ආදරයෙන් බලා ගත්තා.එයා නිවාඩු නම් බස් එකටත් නිවාඩු.වෙන ඩ්‍රයිවර් කෙනෙකුට දෙන්නෙ නෑ ඩිපෝ එකෙන්.මම හිතාගෙන හිටියෙ මේ බස් එක තාම මහරගම ඩිපෝවෙ තියනව කියලයි.මේ anciant SLTB British Leyland කියල තියන බස් එකට කිව්වෙ අලියා කොමට් කියල.පරන ලේලන්ඩ් ගොඩක් ඒව මොඩල් එක කොමට්.ටයිගර් කබ් ,ඇල්බියන් ඇරුනහම.අර ඩබල් ඩෙකර් මූන තියන තනි තට්‍ටුවෙ ඒවට කිව්වෙ යකා බස්.

    ReplyDelete
  8. me doble dekker bus ekak tama marawila-naththandiya pare duwanawa

    ReplyDelete
  9. These photos of ex London Transport double decker buses in sri lanka brings back memories of the days they arrived in Ceylon from the UK. They were completely reconditioned in the UK before being shipped to Ceylon. On arrival all UK ads on the buses were ripped off, rear wheel covers taken off, the large and visible front direction indicators were ripped of, the single fog lamp on the left hand side front bottom was ripped off, destination boards were never used properly, etc etc etc.
    They were run till they fell apart with no servicing of any sort.
    The Leyland RTW's were slightly broader than the AEC RTW's.

    Anyway to put it bluntly Sri lankans are destructive people because their politicians are destructive persons. If you put a Sri lankan in Hell he will make it more worse than what it is. So be it.

    ReplyDelete
  10. Dear Uthpala
    Thanks for maintaining this web site
    As commented above sad that not a single RT / RTL/ RTW Double Decker has been preserved for the future generation.
    The Static Display RTL Double Decker bus at Bishops College ( 23 Sri 3397) has been removed, it was the Police mobile unit .

    ReplyDelete