Sunday, September 23, 2012

1988 SLTB stamp and the first day cover


1988 SLTB stamp. The stamp issued  to mark the 30th anniversary of the Sri Lanka Transport Board. --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) 30 වන සංවත්සරය සැමරීම පිණිස 1988 වසරේ නිකුත් කළ තැපැල් මුද්දරය. මෙහි දැක්වෙන්නේ ISUZU ECR 500 වර්ගයේ බස් රථයකි. මෙම වර්ගයේ බස් රථ සම්පුර්ණයෙන්ම ජපානයේ නිෂ්පාදිත අතර පිටුපස් එන්ජිම හා ස්වයංක්‍රීය ගියර් පද්දතියකින් යුක්ත විය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) 30 වන සංවත්සරය සැමරීම පිණිස 1988 වසරේ නිකුත් කළ මුල්දින කවරය

4 comments:

  1. මා පාසල් අවධියේ මේ බස් රථයේ යන්න හරි කැමැත්තක් දැක්වුවා. මගේ මතකය නිවැරදි නම මෙය මෙට්‍රෝ රැපිඩ් යනුවෙන් නම් කර තිබුණා. එහි ස්වය්ක්රීයව ගියර් මාරු වන ආකාරය බලා සිටිය්න්නට මා මහත් රුචිකත්වයක් දැක්වුව.

    මේ බ්ලොග් අඩවිය කාලීන අවශ්‍යතාවක්. මගේ සුභ පැතුම්. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඔව්. මමද ඉතා ප්‍රිය කරන බස් රථයක්. ඒත් දැන් නම් මේ ස්වයංක්‍රීය ගියර් පද්දතිය තිබුණ බස් ලංගම සතුව නැහැ.. මැනුවල් බස් එක නම් භාවිත වෙනවා. කටුබැද්ද ඩිපෝවේ නියමෙටම හදපු බස් එකක් තියෙනවා..

      http://sltbbus.blogspot.com/2012/05/sltb-isuzu-mt-111-bus.html

      Delete
  2. මෙහි 3 ඉලක්කම තුළ ඇති 'ලංගම ඉලිප්සය' මා දන්න කාලයේ නම් තිබුණේ නිල් පැහැයෙන්... මෙහි දක්වා ඇති පරිදි රතු පැහැයෙන් නොවේ. එහෙත් මා දන්න කාලයට පෙර එසේ රත් පැහැයෙන් තිබුණාද කියා මා දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. එමගින් පේනවා තිබෙන්නේ මුල්ම ලංගම ලාංඡනයයි. එහිරතු වර්ණය නිවැරදී..

      Delete