Showing posts with label KOG. Show all posts
Showing posts with label KOG. Show all posts

Wednesday, June 7, 2023

Ashok Leyland Lynx 3900 bus from SLTB Koggala depot

This photo was taken on July 18, 2018, in Galle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Koggala depot, Ashok Leyalnd Lynx 3900 bus (NB-5449) in Galle. The bus acquired to the depot fleet in 2013. This photo was taken in July 2018 while it was parked near the Galle fort. It's allocated for the services between Ahangama and Galle under the local route number 375/4. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොග්ගල ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් Lynx 3900 වර්ගයේ බස් රථයක් ගාලු කොටුව ඉදිරිපිට දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය රථය 2013 වසරේ ඩිපෝවට ලැබී ඇත. 2018 වසරේ ජුලි මස ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ තම ධාවන වාරය පැමිණෙන තෙක් ගාල් කොට තිබුණි. මාර්ග අංක 375/4 යටතේ අහංගම හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, January 11, 2021

Azad bodied Ashok Leyland Viking AC luxury bus from SLTB Koggala depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Koggala depot, Azad bodied Ashok Leyland Viking AC luxury bus (NB-1900) at the Galle face green. The bus acquired by the SLTB Polonnaruwa depot in 2011. Transferred to the Koggala depot in mid-2020. Rehabilitated by the Koggala depot workers under the year-end special rehabilitation project. The bus will be allocated for the expressway services. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොග්ගල ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් AC වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. උපයා ගෙවීමේ පදනම මත 2011 වසරේ පොලොන්නරුව ඩිපෝව මගින් මිල දී ගෙන ඇති බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. 2020 වසරේ මැද භාගයේ, සේවා අවශ්‍යතා මත කොග්ගල ඩිපෝව මගින් NC-0736 බස් රථය සමඟ මෙම බස් රථය පොලොන්නරුව ඩිපෝව සමඟ හුවමාරු කර ඇත. මෙලෙස බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර ධාවනයට එක් කර තිබේ. රථය අධිවේගී මාර්ගයේ සේවාවන් සඳහා යෙදවීමට නියමිතය.

This bus under the SLTB Polonnaruwa depot before the tansffer -- මෙම බස් රථය ශ්‍රී ලංගම පොළොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වූ අවධිය පිලිබඳ අප පළ කල ලිපිය



Saturday, April 25, 2020

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Koggala depot

This photo was taken on July 04, 2013 in Koggala, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Koggala depot, Ashok Leyland Viking 222 Hinopower bus (KOG 32 / NA-4221) in the depot premises. Acquired to the depot in 2007. Allocated for the services between Galle and Matara under the route number 350. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොග්ගල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 හිනෝපවර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2007 වසරේ ලංගම රථ ඇණිය හා එක්වී ඇති බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 350 යටතේ ගාල්ල හා මාතර අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, June 24, 2018

Ashok Leyland Viking Hinopower bus SLTB Koggala depot

This photo was taken on July 04, 2013 in Koggala, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Koggala depot, Ashok Leyland Viking Hinopower bus (KOG 25 / NA-1420) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොග්ගල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2005 වසරේ මුල භාගයේ ලංගම රථ ඇණිය හා එක්වී ඇති බස් රථයකි.

Tuesday, August 4, 2015

Ashok Leyand Viking (Leasing) bus from SLTB Koggala depot

This photo was taken on January 20, 2015 in Koggala, Galle, Southern, LK, using a SONY DSC-W650.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Koggala depot Ashok Leyland Viking bus (KOG 35 / HO-7248) in the depot premises. (The images are copyright to the respective photographer) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) කොග්ගල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. 1995 වසරේ සීමා සහිත ගාල්ල ජනතා සන්තක ප්‍රවාහන සේවය කොග්ගල ඒකකය නමින් උප ඩිපෝවක් ලෙස ඇරඹුණු කොග්ගල ඩිපෝව, 2003 වසරේ රුහුණු බස් සමාගම යටතේ ප්‍රධාන ඩිපෝවක් ලෙස වැඩිදියුණු කර විවෘත කිරීමේ උත්සවයට සමගාමීව මෙම බස් රථය ඩිපෝව මගින් මිලදී ගෙන ඇත. මෙම අශෝක් ලේලන්ඩ් වයිකින්ග් මාදිලියේ ශ්‍රී ලංගම හා එක්වූ ප්‍රථම බස් රථය වන මෙය H*- කාණ්ඩය යටතේ ලියාපදිංචි එකම ලංගම බස් රථයද වේ. කොටස් වශයෙන්, උපයා ගෙවීමේ පදනම මත ලබාගෙන ඇති මෙය මෑතකාලීනව පෙට්ටිගලවත්ත ශ්‍රී ලංගම ප්‍රාදේශීය වැඩපොළේ බඳ අලුත්වැඩියාවකින් පසු මෙසේ දිස්වේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on January 20, 2015 in Koggala, Galle, Southern, LK, using a SONY DSC-W650.
Click on the image for full size picture.

Monday, April 21, 2014

SLCTB bodied Ashok Leyland Viking bus from SLTB Koggala depot

This photo was taken on March 27, 2014 in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Koggala depot, SLCTB bodied Ashok Leyalnd Viking bus (KOG 23 / 29ශ්‍රී7719) at the Galle bus stand. Rehabilitated and by depot workers in 2012 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොග්ගල ඩිපෝව යටතේ ධාවනය වන ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසු අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් ගාල්ල බස් නැවතුමේ දී. 1982 වසරේ ධාවනයට එක්වී ඇති රථය පසු කාලීනව ධාවනයන් සීමා කොට තිබී ඇති අතර 2012 වසරේ ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් කොග්ගල ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ගිනිගල හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on March 27, 2014 in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, September 1, 2013

Ashok Leyland Viking Modified bus from SLTB Koggala depot

This photo was taken on July 04, 2013 in Koggala, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Koggala depot, Ashok Leyland Viking  modified bus (KOG 06 / 63-2553) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොග්ගල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයට අයත් බස් රථයකි. මෙම බස් රථයේ පසුකාලීනව කරන ලද නවීකරණයන් නිසා බස් රථයට වෙනස් පෙනුමක් ලැබී ඇත. පසුපස මුහුණත අලුත්වැඩියාවේ දී ලටෙක් බසයක කොටස් උපයෝගී කරගෙන ඇති බවද නිරීක්‍ෂණය වේ.

This photo was taken on July 04, 2013 in Koggala, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on July 04, 2013 in Koggala, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, July 5, 2013

SLTB Breakdown Service - Koggala depot

This photo was taken on July 04, 2013 in Koggala, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Koggala depot, Ashok Leyland Viking breakdown service vehicle (23ශ්‍රී9628) in the depot premises.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොග්ගල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී.  ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසූ බස් රථයක් පරිවර්තනය කිරීමෙන් සකසා ඇත.