Showing posts with label 1313+ruby body. Show all posts
Showing posts with label 1313+ruby body. Show all posts

Thursday, September 27, 2018

Ruby bodied TATA LPO 1313/47 special bus from SRILANGAMA Badulla depot

This photo was taken in 1987 in Wewessa Ella, Uva, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SRILANGAMA) Badulla depot, Ruby bodied TATA LPO 1313/47 special bus (60ශ්‍රී5417) near the Wewessa Ella waterfall in 1987. The bus having a specially built body according to the requirements of the  Badulla - Colombo "Laksiri" service.  Photo taken form a SLTB 30th anniversary pocket calendar.  Special Thank goes to Mr. Kavissara Sanjeewa for the valuable photo and the information. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ රුබී බඳ සහිත ටාටා LPO 1313/47 වර්ගයේ විශේෂ බස් රථයක් (60ශ්‍රී5417) 1987 වසරේ දී  වේවැස්ස දිය ඇල්ල අසල දී. 1987 වසරේ මෙම වර්ගයේ විශේෂ බස් රථ දෙකක් බදුල්ල - කොළඹ "ලක්සිරි" සේවය වෙනුවෙන් විශේෂයෙන්ම ආනයනය කර ඇත. අනෙක් බසය වන්නේ 60ශ්‍රී5411 බස් රථයයි. ඩිපෝව මගින් රුබී සමාගමට ලබාදුන් අවශ්‍යතා අනුව මෙම විශේෂ බස් රථ ද්විත්වය නිමවා එවා ඇත. මෙම බස් රථ 2 x 3 ආසන සැකැස්මට සකසා ඇති අතර ඉදිරිපස තනි දොරටුවකින් යුක්තව තිබී ඇත. උස් ඇන්ද සහිත ආසන 52කින් සමන්විතව තිබී ඇති රථයේ සෑම ආසන දෙකක් අතරම විදුලි පංකා සවි කර තිබී ඇත. කම්පන උරා ගැනීමට සමත් දැවමුවා පොළවක් රථය සතුව තිබී ඇති අතර රථයේ ජනේල තිර රෙදි මෙන්ම ලක්සිරි වර්ණ රටාවද ඉන්දියාවෙන්ම නිමවා එවා ඇත. ඡායාරූපය උපුටා ගන්නා ලද්දේ 1988 වසරේ ශ්‍රීලංගම ට 30 වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් නිකුත් කරන ලද සාක්කු දින දර්ශණයකිනි. ඡයාරූපය සහ වටිනා තොරතුරු සමූහය වෙනුවෙන් කවිස්සර සංජීව මහතාට විශේෂ ස්තූතිය.

Monday, May 29, 2017

Ruby bodied TATA 1313 bus from SLTB Hatton depot

This photo was taken on September 09, 2016 in Ginigathhena, Central, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
This photo was taken on September 09, 2016 in Ginigathhena, Central, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot, Ruby bodied TATA LPO 1313 / 37 bus (HT 02 / 61-1309) at Ginigathhena bus stand. Acquired in 1991 in PTS service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) හැටන් ඩිපෝව යටතේ ධාවනය වන ටාටා  LPO 1313 / 37 රුබී බඳ සහිත බස් රථයක් ගිනිගත්හේන බස් නැවතුමේ දී. 1991 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය හා එකවී ඇති මෙම බස් රථ වල බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ රුබී සමාගම මගිනි. මෙම වර්ගයේ බස් රථ ඉතා සුළු ප්‍රමාණයක් ලංගම රථ ඇණිය සතුව පැවතී ඇති අතර ඒවායින්ද බොහොමයක් මේ වනවිට ධාවනයෙන් ඉවත්ව තිබේ.  රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ ගිනිගත්හේන හා කලවැල්දෙණිය අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (පසුකාලීන අලුත්වැඩියාවන් නිසා මුල් පෙනුම වෙනස් වී ඇත)
This photo was taken on September 09, 2016 in Ginigathhena, Central, LK, using a Canon IXUS 145.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on September 09, 2016 in Ginigathhena, Central, LK, using a Canon IXUS 145.
Click for the full size picture.

Saturday, March 15, 2014

Ruby bodied TATA LPO 1313/37 bus from SLTB Giriulla depot

This photo was taken on March 13, 2014  in Giriulla, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on March 13, 2014  in Giriulla, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Giriulla depot, Ruby bodied TATA LPO 1313/37 bus (GU 01 / 61-1390) at Giriulla. Acquired in 1991 in PTS service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගිරිඋල්ල ඩිපෝව යටතේ ධාවනය වන, ටාටා LPO 1313/37 රුබී බඳ සහිත බස් රථයක් ගිරිඋල්ලේ දී. 1991 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එකවී ඇති මෙම බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ රුබී සමාගම මගිනි. මෙම වර්ගයේ බස් රථ ඉතා සුළු ප්‍රමාණයක් ලංගම රථ ඇණිය සතුව පැවතී ඇති අතර ඒවායින්ද සමහරක් මේ වනවිට ධාවනයෙන් ඉවත්ව තිබේ. මේ වන විට හැටන් ඩිපෝව සතුව මෙම වර්ගයේ බස් රථ දෙකක් ධාවනයේ පවතී. මෙම බස් රථයේ පසුකාලීන අනතුරු අලුත්වැඩියාවක් නිසා මුහුණත මුල් පෙනුමේ සුළු වෙනස් කම් දක්නට තිබේ. ඡායාරූප ලබාගත් අවස්ථාවේ රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කුලියාපිටිය හා ගිරිඋල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on March 13, 2014  in Giriulla, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on March 13, 2014  in Giriulla, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.