Showing posts with label workshops. Show all posts
Showing posts with label workshops. Show all posts

Monday, December 3, 2018

SLTB Provincial Workshop - Pettigalawatta

This photo was taken on July 18, 2018 in Gintota, Galle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පෙට්ටිගලවත්ත ප්‍රාදේශීය වැඩපොළ, බස් රථ වල බඳ අලුත්වැඩියාව සඳහා පිහිටවන ලද්දකි. වරකට බස් රථ 05ක් වැඩපොළ තුළදී අලුත්වැඩියාවට ලක් කිරීමේ පහසුකම් පවතී. ඡායාරූප ලබාගත් අවස්ථාව වන විට මොරටුව හා කොග්ගල යන ඩිපෝවන්ට අයත් බස් රථ අලුත්වැඩියා වෙමින් පැවතුනි. අලුත්වැඩියාව පිණිස රැගෙන ආ තවත් බස් රථ භූමියේ ද ගාල් කොට තිබුණි.  මුලින් ගාල්ල පෙට්ටිගලවත්තේ පිහිටි වැඩපොළ 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය සමඟ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. වැඩපොළ භූමියද වෙරළේ සිට මීටර් 100 සීමාව තුල තිබීම නිසා නැවත එම ස්ථානයේ වැඩපොළ පිහිටුවිය නොහැකි වී ඇත. එහෙයින් පසුව ගාලු ඩිපෝ භූමියේම කොටසක වැඩපොළ නැවත ආරම්භ කර ඇති අතර මේ දක්වාම වැඩපොළ එහි ක්‍රියාත්මක වේ. 

වැඩපොළේ සේවක ප්‍රවාහන බස් රථයක්

Sunday, November 26, 2017

SLTB Provincial Workshop - Udubaddawa

This photo was taken on May 09, 2014 in Udubaddawa, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උඩුබද්දාව ප්‍රාදේශීය වැඩපොළ, මේ වන  විට බස් රථ වල බඳ අලුත්වැඩියාව සඳහා යොදා ගැනෙන වයඹ ප්‍රාදෙශිකය සතු වැඩපොළකි. 1973 වසරේ විවෘත්ත කර ඇති වැඩපොළ, පිහිටුවා ඇත්තේ 1969 වසරේ ඉවත් කෙරුණු උඩුබද්දාව (UB) ඩිපෝව පිහිටි භූමියේය. 1958 බස් ජනසතුවට පෙර එම භූමියේ පැවතී ඇත්තේ "ලංකා මාතා" නම් බස් සමාගමකි.

වැඩපොළ පිවිසුම
This photo was taken on May 09, 2014 in Udubaddawa, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on May 09, 2014 in Udubaddawa, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
1973 වසරේ වැඩපොළ ආරම්භ කිරීමෙහි මූලික අරමුණු වී ඇත්තේ බ්‍රිතාන්‍ය AEC RT වර්ගයේ දෙමහල් බස් රථ, තනි තට්ටුවේ බස් රථ ලෙස පරිවර්ථනය කිරීමත් මණ්ඩලයට අවශ්‍ය කාර්මික සේවා රථ පරිවර්ථනය කිරීමත් ය. එනමුත් වර්තමානය වන විට එම අරමුණු වලින් බැහැරව සාමන්‍ය බස් රථ බඳ අලුත්වැඩියාව සිදු කරෙන වැඩපොළක් ලෙස පවත්වාගෙන යනු ලැබේ. 
වරකට රථ 09 ක් වැඩපොළ තුළදී අලුත්වැඩියාවට ලක් කිරීමේ පහසුකම් පවතී. ඡායාරූප ලබාගත් අවස්ථාව වන විට වැලිසර හා මතුගම හා ගල්ගමුව ඩිපොවන්ට අයත් බස් රථ අලුත්වැඩියා වෙමින් පැවතුනි.

වැඩපොළ තුල බඳ අලුත්වැඩියාවට ලක් වන වැලිසර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක්. 
This photo was taken on May 09, 2014 in Udubaddawa, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
වැඩපොළ සතු 23ශ්‍රී0672 දරණ මර්සිඩීස්-බෙන්ස්  LP322 වර්ගයේ සම්පාදන සේවා රථය. එය ලොරි රථයක් ලෙස පරිවර්ථනය කර තිබීම විශේෂය.

Monday, November 13, 2017

SLTB Provincial Workshop - Bandarawela

This photo was taken on May 18, 2017 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on May 18, 2017 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බණ්ඩාරවෙල ප්‍රාදේශීය වැඩපොළ, බස් රථ වල බඳ අලුත්වැඩියාව සඳහා පිහිටවන ලද්දකි. 1960 දශකයේ මුල් භාගයේ  ආරම්භ කර ඇති වැඩපොළ බණ්ඩාරවෙල ඩිපෝවට යාබදව පිහිටුවා ඇත. වරකට බස් රථ 06 ක් වැඩපොළ තුළදී අලුත්වැඩියාවට ලක් කිරීමේ පහසුකම් පවතී. ඡායාරූප ලබාගත් අවස්ථාව වන විට බදුල්ල හා බණ්ඩාරවෙල ඩිපෝවන්ට අයත් බස් රථ අලුත්වැඩියා වෙමින් පැවතුනි.

වැඩපොළ සතු 30ශ්‍රී9499 දරණ ටාටා 1210 වර්ගයේ සම්පාදන සේවා රථය

Tuesday, October 31, 2017

SLTB Provincial Workshop - Mallakam, Jaffna

This photo was taken on September 22, 2017 in Mallakam, Jaffna, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මල්ලාක්කම් ප්‍රාදේශීය වැඩපොළ යනු ශ්‍රී ලංගම උතුරු ප්‍රාදේශිකය සතු ප්‍රධානතම වැඩපොළයි, එය බස් රථ වල බඳ අලුත්වැඩියාව හා එන්ජින් කට්ටල අලුත්වැඩියාව සඳහා පිහිටුවන ලද්දකි. 1980 වසරේ ජනවාරි මස 15 වන දින වැඩපොළ ආරම්භ කර ඇත. දැනට වැඩපොළ තුල සේවක මහත්වරුන් 13 දෙනෙකු සේවයේ නිරත වෙන අතර අධීක්ෂණය සිදු කරෙන්නේ උතුරු ප්‍රාදේශිකයේ ප්‍රධාන ඉංජිනේරුතුමන් විසින්මය.

This photo was taken on September 22, 2017 in Mallakam, Jaffna, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
වරකට රථ 07ක් වැඩපොළ තුළදී අලුත්වැඩියාවට ලක් කිරීමේ පහසුකම් පවතී. ඡායාරූප ලබාගත් අවස්ථාව වන විට යාපනය, කිලිනොච්චි, මන්නාරම, සහ පේදුරුතුඩුව යන ඩිපෝවන්ට අයත් බස් රථ අලුත්වැඩියා වෙමින් පැවතුනි. 

මල්ලාක්කම් වැඩපොළ තුල බඳ අලුත්වැඩියා වෙමින් පවතින 63-0723 දරණ පේදුරුතුඩුව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථය.
This photo was taken on September 22, 2017 in Mallakam, Jaffna, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
 වැඩපොළ මගින් උතුරු පළාතේ පවතින රාජ්‍ය ආයතන වලට අදාල අලුත්වැඩියාවන් ද සිදුවන අතර එමගින් ඔවුන් අතිරේක අදායමක් ද  උපයා ගනී. උපයා ගත් මුදල් යොදවා වැඩපොළ විසින්ම රුපියල් මිලියන දෙකකට ආසන්න මුදලක් වැය කොට එන්ජින් ඉන්ධන විදින නොහොත් "injector" සකස් කිරීමට යන්ත්‍රයක්  මිලදී ගෙන ඇත. වැඩපොළ තුල අලුත්වැඩියා වන උතුරු පළාත්සහාවට අයත් වාහන. 
This photo was taken on September 22, 2017 in Mallakam, Jaffna, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

වැඩපොළ විසින් මිලදී ගත්, එන්ජින් ඉන්ධන විදින නොහොත් "injector" සකස් කරන යන්ත්‍රය

වැඩපොළ සතු, ටාටා 909 වර්ගයේ සම්පාදක සේවා රථය 

පසු සටහන:  මල්ලාක්කම් වැඩපොළ අධීක්ෂණය කිරීම්ට වෙනම ඉංජිනේරු මහතෙකු නොමැති අතර අධීක්ෂනය කෙරෙන්නේ උතුරු ප්‍රාදේශිකයේ ප්‍රධාන ඉංජිනේරුතුමන් විසින්මය. ඔවුන් සතුව කාර්මික අංශයේ සේවක මහත්වරුන් 13 දෙනෙකු පමණ සේවයේ නියුතු වේ. එවැනි අඩු පහසුකම් යටතේ උවද වැඩපොළ මේ වන විට අත් කරගෙන ඇති ප්‍රගතිය ප්‍රසංශනීයය. ඔවුන්ට අවශ්‍ය සම්පත්, සේවක පිරිස් හා සේවක සුභසාදන ආදිය ලබා දෙන්නේ නම් දිවයිනපුරා තිබෙන ඕනෑම ඩිපෝවක් වෙනුවෙන් තම සේවය ලබා දීමට සූදානම් බව ඉංජිනේරු තුමන් අප සමඟ පැවසීය.

Wednesday, October 11, 2017

SLTB Provincial Workshop - Badulla

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බදුල්ල ප්‍රාදේශීය වැඩපොළ නොහොත් බස් සමාවයය, බස් රථ වල බඳ අලුත්වැඩියාව සඳහා පිහිටවන ලද්දකි. 1979 වසරේ මාර්තු මස 31 වන දින වැඩපොළ ආරම්භ කර ඇත. වරකට බස් රථ 07ක් වැඩපොළ තුළදී අලුත්වැඩියාවට ලක් කිරීමේ පහසුකම් පවතී. ඡායාරූප ලබාගත් අවස්ථාව වන විට බදුල්ල, අම්පාර, අක්කරපත්තුව සහ මහියංගන යන ඩිපෝවන්ට අයත් බස් රථ අලුත්වැඩියා වෙමින් පැවතුනි.

වැඩපොළ සතු සේවා රථ
          

වැඩපොළ මගින් අලුත්වැඩියා කරන ලද බස් රථ වල යොදන ලාංඡනය

වැඩපොළ මගින් බඳ අලුත්වැඩියා කරන ලද බස් රථ වලට අදාළ ලිපි මෙතැනින්