Showing posts with label PettigalawattaWo. Show all posts
Showing posts with label PettigalawattaWo. Show all posts

Monday, December 3, 2018

SLTB Provincial Workshop - Pettigalawatta

This photo was taken on July 18, 2018 in Gintota, Galle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පෙට්ටිගලවත්ත ප්‍රාදේශීය වැඩපොළ, බස් රථ වල බඳ අලුත්වැඩියාව සඳහා පිහිටවන ලද්දකි. වරකට බස් රථ 05ක් වැඩපොළ තුළදී අලුත්වැඩියාවට ලක් කිරීමේ පහසුකම් පවතී. ඡායාරූප ලබාගත් අවස්ථාව වන විට මොරටුව හා කොග්ගල යන ඩිපෝවන්ට අයත් බස් රථ අලුත්වැඩියා වෙමින් පැවතුනි. අලුත්වැඩියාව පිණිස රැගෙන ආ තවත් බස් රථ භූමියේ ද ගාල් කොට තිබුණි.  මුලින් ගාල්ල පෙට්ටිගලවත්තේ පිහිටි වැඩපොළ 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය සමඟ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. වැඩපොළ භූමියද වෙරළේ සිට මීටර් 100 සීමාව තුල තිබීම නිසා නැවත එම ස්ථානයේ වැඩපොළ පිහිටුවිය නොහැකි වී ඇත. එහෙයින් පසුව ගාලු ඩිපෝ භූමියේම කොටසක වැඩපොළ නැවත ආරම්භ කර ඇති අතර මේ දක්වාම වැඩපොළ එහි ක්‍රියාත්මක වේ. 

වැඩපොළේ සේවක ප්‍රවාහන බස් රථයක්

Saturday, October 26, 2013

CTB bodied Leyland Comet staff bus from SLTB Pettigalawatta Workshop

This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Pettigalawatta regional workshop, CTB bodied Leyland Comet staff bus (22ශ්‍රී9719) in the workshop premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පෙට්ටිගලවත්ත ප්‍රාදේශීය වැඩපොළේ සේවක ප්‍රවාහන රථයක් ලෙස භාවිතා වන ලේලන්ඩ් කොමට් වර්ගයට අයත් බස් රථයකි. මෙහි තට්ටුව එංගලන්තයෙන් ආනයනය කර, බඳ ලංගම මගින් නිමවා ඇත. 1961 වසරේ ලංගම හා එක්වී ඇත. වර්තමානයේ බසයට ජවය සපයන්නේ අශෝක් ලේලන්ඩ් එන්ජිමකින් වන අතර මුහුණත මුල් පෙනුමද වෙනස් වී ඇත.