Showing posts with label MallakamWo. Show all posts
Showing posts with label MallakamWo. Show all posts

Tuesday, October 31, 2017

SLTB Provincial Workshop - Mallakam, Jaffna

This photo was taken on September 22, 2017 in Mallakam, Jaffna, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මල්ලාක්කම් ප්‍රාදේශීය වැඩපොළ යනු ශ්‍රී ලංගම උතුරු ප්‍රාදේශිකය සතු ප්‍රධානතම වැඩපොළයි, එය බස් රථ වල බඳ අලුත්වැඩියාව හා එන්ජින් කට්ටල අලුත්වැඩියාව සඳහා පිහිටුවන ලද්දකි. 1980 වසරේ ජනවාරි මස 15 වන දින වැඩපොළ ආරම්භ කර ඇත. දැනට වැඩපොළ තුල සේවක මහත්වරුන් 13 දෙනෙකු සේවයේ නිරත වෙන අතර අධීක්ෂණය සිදු කරෙන්නේ උතුරු ප්‍රාදේශිකයේ ප්‍රධාන ඉංජිනේරුතුමන් විසින්මය.

This photo was taken on September 22, 2017 in Mallakam, Jaffna, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
වරකට රථ 07ක් වැඩපොළ තුළදී අලුත්වැඩියාවට ලක් කිරීමේ පහසුකම් පවතී. ඡායාරූප ලබාගත් අවස්ථාව වන විට යාපනය, කිලිනොච්චි, මන්නාරම, සහ පේදුරුතුඩුව යන ඩිපෝවන්ට අයත් බස් රථ අලුත්වැඩියා වෙමින් පැවතුනි. 

මල්ලාක්කම් වැඩපොළ තුල බඳ අලුත්වැඩියා වෙමින් පවතින 63-0723 දරණ පේදුරුතුඩුව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථය.
This photo was taken on September 22, 2017 in Mallakam, Jaffna, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
 වැඩපොළ මගින් උතුරු පළාතේ පවතින රාජ්‍ය ආයතන වලට අදාල අලුත්වැඩියාවන් ද සිදුවන අතර එමගින් ඔවුන් අතිරේක අදායමක් ද  උපයා ගනී. උපයා ගත් මුදල් යොදවා වැඩපොළ විසින්ම රුපියල් මිලියන දෙකකට ආසන්න මුදලක් වැය කොට එන්ජින් ඉන්ධන විදින නොහොත් "injector" සකස් කිරීමට යන්ත්‍රයක්  මිලදී ගෙන ඇත. වැඩපොළ තුල අලුත්වැඩියා වන උතුරු පළාත්සහාවට අයත් වාහන. 
This photo was taken on September 22, 2017 in Mallakam, Jaffna, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

වැඩපොළ විසින් මිලදී ගත්, එන්ජින් ඉන්ධන විදින නොහොත් "injector" සකස් කරන යන්ත්‍රය

වැඩපොළ සතු, ටාටා 909 වර්ගයේ සම්පාදක සේවා රථය 

පසු සටහන:  මල්ලාක්කම් වැඩපොළ අධීක්ෂණය කිරීම්ට වෙනම ඉංජිනේරු මහතෙකු නොමැති අතර අධීක්ෂනය කෙරෙන්නේ උතුරු ප්‍රාදේශිකයේ ප්‍රධාන ඉංජිනේරුතුමන් විසින්මය. ඔවුන් සතුව කාර්මික අංශයේ සේවක මහත්වරුන් 13 දෙනෙකු පමණ සේවයේ නියුතු වේ. එවැනි අඩු පහසුකම් යටතේ උවද වැඩපොළ මේ වන විට අත් කරගෙන ඇති ප්‍රගතිය ප්‍රසංශනීයය. ඔවුන්ට අවශ්‍ය සම්පත්, සේවක පිරිස් හා සේවක සුභසාදන ආදිය ලබා දෙන්නේ නම් දිවයිනපුරා තිබෙන ඕනෑම ඩිපෝවක් වෙනුවෙන් තම සේවය ලබා දීමට සූදානම් බව ඉංජිනේරු තුමන් අප සමඟ පැවසීය.

Thursday, April 21, 2016

SLTB supply division - Mallakam workshop

This photo was taken on April 06, 2016 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mallakam workshop TATA 909 supply division vehicle (63-0257) playing on the Galle road, Bambalapitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මල්ලාක්කම් වැඩපොළට අයත් ටාටා 909 වර්ගයට අයත් සම්පාදක සේවා රථයක් බම්බලපිටියේ දී. රථය අම්තර කොටස් රැගෙන යාම පිණිස කොළඹට පැමිණි අවස්ථාවකි

Driver cab of the vehicle -- රථයේ රියදුරු කුටිය 
This photo was taken on September 22, 2017 in Mallakam, Jaffna, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Rest beds of the vehicle -- අමතර කොටස් රැගෙන ඒම පිණිස කොළඹ ප්‍රධාන කාර්යාල හා ගබඩා වෙත ගමනාගමන කටයුතු සිදු කිරීමේදී දිනකට වඩා ගත වන හෙයින් සේවක මහත්වරුන්ගේ විවේකය පිණිස ඇඳන් දෙකක් රථයේ සකසා ඇති අතර ඉහළ ඇඳ හැකිලිය පරිදි සකසා ඇත.
This photo was taken on September 22, 2017 in Mallakam, Jaffna, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.