Thursday, May 21, 2015

ISUZU Cubic city bus from SLTB Jaffna depot

This photo was taken in September 2014 in Jaffna, Northern, LK.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Jaffna depot, ISUZU Cubic bus (NA-1726) at the Jaffna central bus stnad. Acquired to the SLTB fleet in 2005 as a Tsunami aid by the Japanese Government. Here it is seen in September 2014 in the original Japanese livery. Allocated for the services between Punnalaikadduvan and Jaffna under the route number 764. Photo by: Dave Spencer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යාපනය ඩිපෝවට අයත් ISUZU Cubic වර්ගයේ බස් රථයක් යාපනය මධ්‍යම බස් නැවතුම් පරිශ්‍රයේ දී. 2005 වසරේ ජපානයෙන් ලැබෙන සුනාමි අධාරයක් වශයෙන් ශ්‍රී ලංගමට ලැබී ඇති මෙම බස් රථය ටෝකියෝ අගනුවර පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් 1993 වසරේ නිමවා ඇත.  2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් ආධාර වශයෙන් ලංකාවට ලැබී ඇත. 2005 වසරේ මෙම බස් රථ යාපනය ඩිපෝවට ලබාදෙන අවධියේ, ත්‍රස්ත තර්ජන හේතුවෙන්  A9 ප්‍රධාන මාර්ගය වසා තිබුණු හෙයින් ඍජුව නැව් මහින්ම යාපනය වෙත ගෙන ගොස් ඇත. එහෙයින් ශ්‍රී ලංගම සම්මත රතු වර්ණය ගැල්වීම සඳහා අවස්ථාවක් ලැබී නොමැත. කෙසේ වෙතත් මෙම ඡායාරූපය ලබාගත් 2014 සැප්තැම්බර් වනතුරුම මෙම බස් රථය එහි මුල් ජපන් වර්ණ වලින්ම පැවතී ඇත. ඡායාරූපය ලබාගත් අවස්ථාවේ මාර්ග අංක 764 යටතේ පුන්නාලෙයිකඩ්ඩුවාන් හා යාපනය අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ඩේව් ස්පෙන්සර්.

No comments:

Post a Comment