Sunday, February 21, 2016

TATA 1510 Ruby bodied bus from SLTB Elpitiya depot

This photo was taken on April 09, 2014 in Ambalangoda, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Elpitiya Depot TATA 1510 Ruby bodied bus (EP 44 / 63-4491) at Ambalangoda bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඇල්පිටිය ඩිපෝවට අයත් ටාටා 1510 වර්ගයේ බස් රථයක් අම්බලන්ගොඩ බස් නැවතුමේ දී. රුබී සමාගම මගින් ඉන්දියාවේ බඳ සැකසූ මෙම බස් රථ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වන්නේ 2000 වසරේ පමණය. සවි ශක්තියෙන් යුක්ත බස් මාදිලියක් ලෙස ප්‍රචලිත මෙම  බස්  රථ, මගීන් දෙදෙනෙකුට පහසුවෙන් අසුන් ගත හැකි  ආසන, සවිශක්තියෙන් යුතු මහත ආධාරක පොළු, කල් ගතවූවද නොසෙල්වෙන පැති ජනේල, වැඩි මගීන් ප්‍රමාණයකට පහසුවෙන් සිටගෙන යා හැකි ආසන අතර පුළුල් ඉඩ වැනි ගුණාංගයන් ගෙන් යුතුය. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ මාර්ග අංක 390/1 යටතේ ඇල්පිටිය හා අම්බලන්ගොඩ අතර ධාවනයට යොදවා තිබුණි.

No comments:

Post a Comment