Showing posts with label AM. Show all posts
Showing posts with label AM. Show all posts

Sunday, June 23, 2024

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Ampara depot

This photo was taken on February 22, 2018, in Kandy, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ampara depot, 54 seater Ashok Leyland Viking 210 bus (AM 60 / NB-8862) in Kandy. The bus acquired to the SLTB Ampara depot fleet in 2014. This photo was taken in February 2018 while it was allocated for the services between Ampara and Kandy under route bumber 22. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්පාර ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් මහනුවර දී. 2014 වසරේදී, බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2018 වසරේ පෙබරවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය අම්පාර හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණේ මාර්ග අංක 22 යටතේය.

Saturday, June 6, 2020

Ashok Leyland 12M SLTB edition bus from SLTB Ampara depot

This photo was taken on February 14, 2020 in Nuwara-eliya, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on February 14, 2020 in Nuwara-eliya, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ampara depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (ND-9740) at the Nuwara-Eliya town. The bus acquired to the SLTB fleet in 2019 under a special leasing scheme. Allocated for the services between Nuwara-Eliya and Ampara under the route number 77. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්පාර ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් අවස්ථා දෙකක දී නුවරඑළිය නගරයේ දී. උපයා ගෙවීමේ පදනම මත 2019 වසරේ අග භාගයේ ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 77 යටතේ නුවරඑළිය හා අම්පාර අතර ධාවනයට යොදවා තිබුණි.

Friday, May 24, 2019

SLTB Supply division - Ampara depot

This photo was taken on May 08, 2019 in Narahenpita, Western, LK, using a HUAWEI BLL-L22.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ampara depot Ashok Leyland Commet Minior supply division vehicle (63-1541) at the SLTB head-office, Narahenpita. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්පාර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ සම්පාදක සේවා රථයක් නාරාහේන්පිට ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලයේ දී. ලංකා අශෝක් වර්ගයේ බස් රථයක් මෙලෙස සම්පාදන සේවා රථයක් ලෙස පරිවර්තනය කර ඇත. අමතර කොටස් රැගෙන යාම පිණිස ප්‍රධාන කාර්යාලීය ගබඩාවට පැමිණි අවස්ථාවකි.

Tuesday, August 30, 2016

SLCTB bodied TATA 1210 bus from SLTB Ampara depot

This photo was taken in 2011 in Ampara Depot, Eastern, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ampara depot, SLCTB bodied TATA 1210 D bus (23ශ්‍රී8149) in the depot premises. The photo is copyright to the respective photographer -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්පාර ඩිපෝව යටතේ ධාවනය වන, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේ 1978 වසරේ මෙරටදී එකලස් කර ධාවනයට ඒක වූ පැරණි ටාටා 1210 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ඡායාරූපය අප  වෙත එවූ රජිත චාමික  මහතාට විශේෂ සතූතිය. ඡායාරූපයේ අයිතිය එහි මුල්  ඡායාරූප ශිල්පියා සතුය.

Monday, March 7, 2016

Ashok Leyalnd Viking Turbo bus from SLTB Ampara depot

This photo was taken on February 05, 2016 in Mahiyangana, Uva, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Ampara depot, Ashok Leyland Viking Turbo bus (NC-2207) at Mahiyangana bus stand. The Bus running under route No.22 Ampara - Kandy. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්පාර ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ බස් රථයක් මහියංගණ බස් නැවතුමේ දී. රථය මාර්ග අංක 22 යටතේ අම්පාර හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණි. ආසන 54 කින් යුතු බස් රථය 2014 වසරේ ඇරඹි බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ කොටස්  වශයෙන් ගෙවීමේ පදනමට ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Friday, August 14, 2015

Wesco TATA 1313 bus from SLTB Ampara depot

This photo was taken on May 24, 2014 in Ampara, Eastern, LK, using a Panasonic DMC-LS6
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Ampara depot, Wesco TATA 1313 bus (62-5307) at Ampara bus stand. Body built by Wesco with Duple Metsec. (Pic by: Primal Madusanka)  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අම්පාර ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා 1313 බස් රථයක් අම්පාර බස් නැවතුමේ දී. මෙම බස් රථ වල බඳ නිෂ්පාදනය කර ඇත්තේ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ වෙස්කෝ සමාගම මගිනි. මුල් කාලීනව අර්ධ සුඛෝපභෝගී සේවා යටතේ ධාවනය වූ මෙම බස් රථ වර්තමානයේ සාමාන්‍ය ධාවනයේ දැක ගත හැකිය. මධ්‍යම කඳවුර හා අම්පාර අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. (ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක)

Saturday, May 17, 2014

TVS bodied Ashok Leyland Viking bus from SLTB Ampara depot

This photo was taken on March 28, 2013 in Ampara, Eastern LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ampara depot, TVS bodied Ashok Leyland Viking bus (63-1271) at the Ampara bus stand. Recently re-bodied by the SLTB bus Samawayaya, Badulla (Badulla provincial workshop). Allocated for the services on a local route between Wadinagala and Ampara -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්පාර ඩිපෝවට අයත් TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් අම්පාර බස් නැවතුමේ දී. මෑත කාලීනව ශ්‍රී ලංගම බාදුල්ල බස් සමවායයේදී සිදු කරන ලද පූර්ණ බඳ අලුත්වැඩියාවකින් පසු රථය මෙලෙස ධාවනයට එකතු කර ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය වඩිනාගල හා අම්පාර අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, May 20, 2013

Ashok Leyland Viking Hinopower bus from SLTB Ampara depot

This photo was taken on March 28, 2013  in Ampara, Eastern LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ampara depot, Ashok Leyland Viking  Hinopower bus (NA-1501) at the Ampara bus stand. Body re-built by SLCTB bus Samawayaya, Badulla. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)  අම්පාර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් අම්පාර බස් නැවතුමේ දී. මෙම බස් රථය බදුල්ල ශ්‍රී ලංගම බස් සමවායයේ පූර්ණ බඳ අලුත්වැඩියාවකින් පසු නැවත ධාවනයට එකතු කර ඇත.

This photo was taken on March 28, 2013  in Ampara, Eastern LK, using a Canon IXUS 210.
Click for the full size picture.

බදුල්ල බස් සමවායය ලාංඡනය.
Click for the full size picture.

Thursday, May 9, 2013

Re bodied TATA LP 1210/52 bus from SLTB Ampara depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ampara depot, TATA LP 1210/52 re bodied bus (61-3935) at Kataragama. This bus rehabilitated with an an ALLWYN body by  Ampara depot workers (2012) to celebrate the President's induction using. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්පාර ඩිපෝවට අයත් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කතරගම දී. ධාවනයෙන් ඉවත්කර තිබුණු මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිස (2012) අම්පාර ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එකතු කර තිබේ. පුනරුත්ථාපනයේ දී රථයට ALLWYN වර්ගයේ බඳක් බද්ධ කර තිබේ. මුල් බස් රථය 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් වූවකි. බඳ සපයා ගත් ALLWYN වර්ගයේ බස් රථ ධාවනයට එක් වී ඇත්තේ 1988 වසරේ ශ්‍රීලංගම යටතේය.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, July 30, 2012

Ashok Leyland Viking 222 HinoPower bus from SLTB Ampara depot

This photo was taken on July 02, 2012, in Ambalangoda, Southern LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ampara depot, Ashok Leyland Viking 222 HinoPower bus (AM 43 / NA-3878) at Ambalangoda. The bus acquired to the SLTB fleet in 2006. Allocated for the services between Ampara and Ambalangoda under the route number 35. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්පාර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 හිනෝපවර් වර්ගයේ බස් රථයක් අම්බලන්ගොඩ නගරයේදී. සම්පුර්ණයෙන් ඉන්දියාවේ නිපදවා ඇති මෙම බස් රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 35 යටතේ අම්බලගොඩ හා අම්පාර අතර ධාවනයට යොදවා තිබුණි.