Showing posts with label KK. Show all posts
Showing posts with label KK. Show all posts

Saturday, August 20, 2022

Ruby bodied Ashok Leyland Viking 210 Turbo SLTB edition bus from SLTB Kekirawa depot

This photo was taken on January 26, 2017, in Kekirawa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kekirawa depot, Ruby bodied Ashok Leyland Viking 210 Tubro, SLTB Edition bus (KK 26 / NB-3676) in the depot premises in January 2017. The bus acquired to the fleet in 2012. Allocated for the services between Colombo and Kekirawa under the route number 15. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැකිරාව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2012 වසරේ අග භාගයේ ශ්‍රී ලංගම හා එක් වී ඇති මෙම බස් රථය ඉන්දියාවේ රූබී කෝච් සමාගම මගින්, ලංගම වෙනුවෙන් විශේෂයෙන් එකලස් වූ බඳක් සහිත බස් රථයකි. රථය මාර්ග අංක 15 යටතේ කැකිරාව හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි. 2017 වසරේ ජනවාරි 16 දින ඩිපෝ පරිශ්‍රයට පැමිණි අවස්ථාවක ඡායාරූපය ලබාගන්නා ලදී. 

Sunday, May 10, 2020

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Kekirawa depot

This photo was taken on January 26, 2017 in Kekirawa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kekirawa depot, Ashok Leyland Viking 222 Hinopower, bus (NA-4381) in the depot premises. Acquired to the SLTB fleet in 2007. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැකිරාව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් 222 වයිකින්ග් Hinopower, බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ධාවනයට එක්ව ඇත.

Wednesday, May 8, 2019

SLTB breakdown service - Kekirawa depot

This photo was taken on May 08, 2019 in Narahenpita, Western, LK, using a HUAWEI BLL-L22.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kekirawa depot, Ashok Leyland Comet Minior breakdown service vehicle (62-1728) at the SLTB head office. Lanka Ashok Leyland bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැකිරාව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ශ්‍රී ලං.ග.ම. ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ දී. 1995 වසරේ ධාවනයට එක් වූ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් බඳ සැකසු බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් රථය සකසා ඇත. අමතර කොටස් රැගෙන යාම පිණිස ප්‍රධාන කාර්යාලය වෙත පැමිණි අවස්ථාවකි.

Saturday, August 25, 2018

Ruby bodied TATA LP 1510/36 bus from SLTB Kekirawa depot

This photo was taken on January 26, 2017 in Kekirawa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kekirawa depot, Ruby bodied TATA LP 1510/36 bus (GG-2484) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැකිරාව ඩිපෝවට අයත් ටාටා TATA LP 1510/36 රුබී බඳ සහිත බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය සම්පුර්ණයෙන්ම ඉන්දියාවෙන් ආනයනය කර ඇති අතර බඳ රුබී කෝච් සමාගමේ නිෂ්පාදිතය. රථය ග්‍රාමීය මාර්ග ආවරණය පිණිස භාවිතා වේ.

Thursday, February 8, 2018

SLTB bus stand - Kekirawa

This photo was taken on January 26, 2017 in Kekirawa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Kekirawa SLTB bus stand in January 2017. -- කැකිරාව ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති කැකිරාව හා දඹුල්ල ඩිපෝවන්ට අයත් බස් රථ 2017 වසරේ ජනවාරි මස 26 වන දින.

Sunday, September 17, 2017

Latec TATA 1510 LP 52 bus from SLTB Kekirawa depot

This photo was taken on January 26, 2017 in Kekirawa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kekirawa depot Latec TATA 1510 LP 52 (DM bodied) bus (GG-4055) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැකිරාව ඩිපෝවට අයත් ලටෙක් ටාටා 1510 LP 52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ (2001 වසරේ) පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර වැඩපොළේ දී නිමවා ඇත. පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය. රථයේ පැති ජනේල පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ හබරණ හා කැකිරාව අතර ධාවනයට යොදවා තිබුණි.

Friday, November 14, 2014

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Kekirawa depot

This photo was taken on November 05, 2014 in Katugatota, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kekirawa depot, Ashok Leyalnd Viking 210 Turbo bus (KK 52 / NB-9156) at Katugastota. The bus acquired to the SLTB fleet in 2014. Allocated for the services between Anuradhapura and Kandy under the route number 43. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) කැකිරාව ඩිපෝව යටතේ ධාවනය වනඅශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් කටුගස්තොට නගරයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති බස් රථය 2x3 ආකාරයෙන් සැකසූ ආසන 54 කින් යුක්තය. 2014 බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ මාර්ග අංක 43 යටතේ මහනුවර හා අනුරාධපුර අතර ධාවනයයට යොදවා තිබුණි.

Monday, May 12, 2014

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Kekirawa depot

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kekirawa depot Ashok Leyland Viking Turbo 54 seater bus (KK 67 / NB-2235) at the Anuradhapura bus stand. Allocated for the services between Anuradhapura and Colombo via Kurunegala, Dambulla, Kekirawa, and Maradankadawala under the route number 15.  Acquired to the depot in 2012 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැකිරාව ඩිපොවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් අනුරාධපුර බස් නැවතුමේ දී.  සම්පූර්ණයේම ඉන්දියාවේ නිමවා ඇති රථය 2012 වසරේ, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 15 යටතේ අනුරාධපුර හා කොළඹ අතර (කුරුණෑගල, දඹුල්ල, කැකිරාව, හා මරදන්කඩවල හරහා) ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, July 10, 2013

Wesco TATA LPO 1313/55 bus from SLTB Kekirawa depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kekirawa depot, Wesco TATA LPO 1313/55 bus (KK 28 / 62-8816) playing on the Buttala - Katharagama road with a special tour. Rehabilitated by the depot workers (2012) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැකිරාව ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් බුත්තල කතරගම මාර්ගයේ දී. මම බස් රථ වල බඳ වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී නිමවා ඇත. ධාවනයෙන් ඉවත්ව තිබී ඇති මෙම බස් රථය  ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් 2012 අග භාගයේදී කැකිරාව ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.