Showing posts with label BB. Show all posts
Showing posts with label BB. Show all posts

Wednesday, September 7, 2022

Ruby bodied Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Bibile depot

This photo was taken on September 02, 2022, in Bibile, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Bibile depot, Ruby bodied Ashok Leyland Viking 222 Hinopower bus (BB 24 / NA-3821) in the depot premises. The bus was acquired by the SLTB fleet in 2006. This photo was taken on 02nd Sepoember 2022 while it was in the depot. It is observed that the original appearance of the bus has changed a lot in later times.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බිබිල ඩිපෝවට අයත්, රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2022 වසරේ මාර්තු මස 19 වන දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ධාවන වාරය නිම කොට ඩිපෝව වෙත පැමිණෙමින් තිබුණි. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුල් පෙනුම බොහෝ සෙයින් වෙනස් වී ඇති බව නනිරීක්‍ෂණය වේ.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Viking 222
Coach Builder :- Ruby Coach Builders Ltd in India
Wheel base :- 5638 mm
Steering type :- Power
Year of Manufacturing :- 2006
No of Buses :- 467
SLTB type :- B+
Status :- in service

Information as at 07.09.2022

Wednesday, June 12, 2019

Ruby bodied TATA LP 1510/42 turbo (SLTB edition) bus from SLTB Bibila depot

This photo was taken on March 19, 2019 in Monaragala, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bibila depot, Ruby bodied TATA LP 1510/42 turbo bus (NA-7140) at Monaragala. Allocated for the services between Bibila and Monaragala via Namal oya and Medagama  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බිබිල ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත TATA LP 1510/42 turbo බස් රථයක් මොණරාගල දී. 2008 වසරේ ධාවනයට එක්වී ඇති රථය ටර්බෝ එන්ජිමකින් සහ ශ්‍රී ලංගම පිරිවිතරයන්ට අනුකූලව නිමවූ බඳකින් යුක්තය. රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ මොණරාගල සිට බිබිල බලා ධාවනය වන අවස්ථාවකි.

Sunday, May 19, 2019

ලංගම මතක සටහන් - ලිපි අංක 02

This photo was taken in February 25, 1978 in Jaffna, Northern, LK.
Click for the full size picture.
1978 වසරේ පෙබරවාරි මස 25 දින, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ බිබිල ඩිපෝව යටතේ ධාවනය වූ ලං.ග.ම. බඳ සහිත මර්සිඩීස් බෙන්ස් LP 1113/42 බස් රථයක් (23ශ්‍රී2381), සේවක සුභ සාධන චාරිකාවක් අතරතුර යාපනය ප්‍රදේශයේදී. මෙම බස් රථය මුලින් බදුල්ල ඩිපෝව හා එක්වී ඇති අතර 1974 වසරේ බදුල්ල ඩිපෝවේ උප ඩිපෝවක් ලෙස බිබිල ඩිපෝව පිහිටුවීමට සමගාමීව එම ඩිපෝව වෙත ලබා දී ඇති මුල්ම බස් රථ පහෙන් එකකි. 

ඉංජිනේරු කරුණාදාස, ඉංජිනේරු ගුණසේකර, ගබඩා භාරකරු අතුකෝරල ඇතුළු බිබිල ඩිපෝවේ සේවක මහත්වරුන් පිරිසක් ඡායාරූපයේ පෙනී සිටී. යාපනයේ පිහිටි චිත්‍රාගාරයක් හරහා ලබා ගෙන ඇති ඡයාරූපය බී. ආර්. ජිනදාස මහතා ගේ මතක සටහනකි. අප වෙත එවන ලද්දේ කවිස්සර සංජීව මහතා විසිනි.

ඔබටත් ශ්‍රී ලංගම හා බැඳුනු මෙවන් සුන්දර මතකයන් තිබෙන්නට ඇති. ඒවා ලංගම බස් අඩවියේ පාඨක ප්‍රජාව සමඟ බෙදා ගැනීමට, ඡායාරූපයේ විස්තරද සමඟ අදම අප වෙත යොමු කරන්න>> sltbbus@hotmail.com

Thursday, December 1, 2016

SLTB Breakdown Service (Bibila Depot)

This photo was taken on November 25, 2016 in Peliyagoda, Western, LK, using a Samsung SM-G530H.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bibila depot, breakdown Service vehicle (BB 01 / 30ශ්‍රී7727) at Peliyagoda. Classic TATA 1210 SLCTB bodied bus converted as a breakdown service vehicle. (Pic by: Dulaj Hasintha)  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) බිබිල ඩිපෝවට අයත් ඉංජිනේරු සේවා රථයක් පෑලියගොඩ දී. ලං.ම.ග.ම. බඳ සැකසු පැරණි ටාටා 1210 බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත. ටයර් රැගෙන යාම පිණිස පෑලියගොඩ පිහිටි පෞද්ගලික ටයර් ගබඩාවක් වෙත පැමිණි අවස්ථාවකි. (ඡායාරූපය: දුලාජ් හසින්ත)

Thursday, October 20, 2016

Ashok Leyland Lynx C type bus from SLTB Bibila depot

This photo was taken on February 05, 2016 in Mahiyanganaya, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture
Sri Lanka Transport Board (SLTB) Bibila depot Ashok Leyland Lynx C type bus (BB 73 / NC-3018) at Mahiyanganaya bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) බිබිල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් ලයින්ක්ස් වර්ගයේ බස් රථයක් මහියංගණය බස් නැවතුමේ දී. මෙම බස් රථ සම්පූරණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. 2014 වසරේ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමට ලබාදුන් වයිකින්ග් බස් රථ 2200 ක ඇණවුමට අමතරව, ඊට සමගාමීව කඳුකර මාර්ග ආවරණය කෙරෙන ඩිපෝවන් සඳහා මෙම C කාණ්ඩයේ ලයින්ක්ස් බස් රථ 80 ක් සඳහා ද ඇණවුම් ලබාදී තිබුණි.

Wednesday, November 11, 2015

Ashok Leyland Turbo bus from SLTB Bibila depot

This photo was taken on September 04, 2015 in Beragala, Badulla, Uva, LK using a Nokia C6-00.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Bibila depot Ashok Leyland Viking Turbo bus (BB 66 / NC-1166) at Beragala. The Bus running under route 99 Badulla - Colombo. (Pic by: Chandika Madushan) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) බිබිල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් බෙරගල දී.  බස් රථය මාර්ග අංක 99 ඔස්සේ බදුල්ල හා කොළඹ අතර ධාවනය වන අවස්ථාවකි. (ඡායාරූපය: චන්දික මදුෂාන්)

Sunday, May 31, 2015

Latec TATA LP 1510/52 bus from SLTB Bibila depot

This photo was taken on December 31, 2014, in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Bibila depot, Latec TATA LP 1510/52 bus (BB 15 / GD-8634) at Katharagama. Body built by Latec with Duple Metsec (UK) and aquired to the UBCo fleet in 2000. Rehabilitated and modified by the depot workers in 2014 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බිබිල ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් කතරගමදී. ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 2000 වසරේ එවකට ඌව බස් සමාගම යටතේ ධාවනයට එක් කර ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති මෙම බස් රථය හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් බිබිල ඩිපෝවේ සේවක පිරිස විසින් 2014 වසරේ දී මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා තිබේ. අලුත්වැඩියාවේ දී රථයේ මුල් පැති ජනේල වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on December 31, 2014, in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Monday, December 9, 2013

Ashok Leyland Lynx 3600 bus from SLTB Bibila depot

This photo was taken on November 28, 2013, in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Bibila depot, Ashok Leyland Lynx 3600 bus (NB-5466) at the Badulla bus stand. The bus acquired to the depot fleet in 2013. This photo was taken in 2013 while it was allocated for the services between badulla and Bibila under route number 351.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බිබිල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් Lynx 3600 වර්ගයට අයත් බස් රථයක් බදුල්ල බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2013 වසරේ ඩිපෝවට ලැබී ඇත. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 351 ඔස්සේ බදුල්ල සිට බිබිල බලා ධාවනය වීමට සූදානමින් තිබුණි.