Showing posts with label 1210+Kesco. Show all posts
Showing posts with label 1210+Kesco. Show all posts

Sunday, August 2, 2020

Latec Kesco bodied TATA LP 1210/52 bus from GBC Kirindiwela depot

This photo was taken in 1998, in Kirindiwela, Western, LK.
Click for the full-size picture.
Gampaha Bus Company (GBC) Kirindiwela depot Latec Kesco bodied TATA LP 1210/52 bus (KD 52 / 61-6889) at Kirindiwela. Body built by Latec Kesco with Duple Metsec (UK) and acquired to the PTS Kirindiwela fleet in 1993. Allocated for the services between Hanwella and Kirindiwela under the route number 182. The photo is copyright to the respective photographer. Photo courtesy: Ceylon bus circle. -- ගම්පහ බස් සමාගමේ (සී/ස ග.බ.ස. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝව යටතේ ධාවනය වී ඇති ලටෙක් කෙස්කෝ බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කිරිඳිවැල දී. ඉන්දියාවෙන් ආනයනය කල ටාටා LP 1210/52 චැසියකට ලටෙක් සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව, පුද්ගලීකරණය කරන ලද ලංගම කැප්පෙටිපොළ වැඩපොළේ දී බඳ නිමවා 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කර ඇත. 1998 වසරේ ඡායාරූපය ලබාගෙන ඇති අවස්ථාවේ මාර්ග අංක 182 යටතේ කිරිඳිවැල සිට හංවැල්ල බලා ධාවනයට සූදානමින්. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. ඡායාරූපය උපුටා ගැනීම: ලංකා බස් කවය.

Friday, July 11, 2014

Latec Kesco TATA LP 1210/52 bus from SLTB Ratnapura depot

This photo was taken on July 10, 2014 in Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratnapura depot, Latec Kesco bodied TATA LP 1210/52 bus (RP 123 / 61-8894) at the Ratnapura bus stand. Body built by Latec Pvt Ltd with Duple Metsec UK technology. Awiting to leave for Kahangama on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්නපුර ඩිපෝවට අයත්, ලටෙක් කෙස්කෝ බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් රත්නපුර බස් නැවතුම්පොළේ දී. රථයේ බඳ (body) බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් (Duple Metsec) තාක්ෂනය යටතේ ලටෙක් (Latec) සමාගම මගින් පුද්ගලීකරණය කරන ලද ලංගම කහගොල්ල වැඩපොළේ දී නිමවා ඇත. 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇති බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රත්නපුර සිට කහංගම දක්වා ධාවනයට සූදානමින් තිබුණි.

This photo was taken on July 10, 2014 in Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, February 24, 2014

Latec Kesco bodied TATA LP 1210/52 bus from SLTB Hatton depot

This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot Latec Kesco bodied TATA LP 1210/52 bus (HT 100 / 61-6883) in the depot premises. Body repaired and modified by the SLTB bus Samawayaya, Badulla. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපෝවට අයත් ලටෙක් කෙස්කෝ ටාටා LP 1210/52 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1993 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ බඳ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ ලටෙක් සමාගම මගින් පුද්ගලීකරණය කරන ලද ලංගම කැප්පෙටිපොල වැඩපොළේ දී එකලස් කොට ඇත. මෑත කාලීනව බදුල්ල ශ්‍රී ලංගම බස් සමවායයේ (ප්‍රාදේශීය වැඩපොළේ) දී සිදු කරන ලද පූර්ණ බඳ අලුත්වැඩියාවකින් පසු නැවත මෙලෙස සේවයට සපයා ඇත. ඡායාරූප ලබාගත් අවස්ථාවේ මස්කෙළිය හා හැටන් අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, January 13, 2013

Latec Kesco bodied TATA LP 1210/52 bus from SLTB Kurunegala north depot

This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala north depot Latec Kesco bodied TATA LP 1210/52 bus (KGN 38 / 61-8292) at the Kurunegala bus stand. Body built by Latec (Pvt.) Ltd with the Duple Metsec (UK) technology. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල උතුර ඩිපෝවට අයත් ලටෙක් කෙස්කෝ බඳ සහිත ටාටා LP 1210/52 බස් රථයක් කුරුණෑගල බස් නැවතුම්පොළේ දී. මෙම බස් රථවල බඳ, බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ ලටෙක් සමාගම මගින් පුද්ගලීකරණය කරන ලද ලංගම කැප්පෙටිපොල වැඩපොලේ දී එකලස් කර ඇත. 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් වී ඇත.

This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, July 9, 2012

Latec Kesco bodied TATA 1210 bus from SLTB Kurunegala North depot

This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala north depot Latec Kesco bodied TATA 1210 bus (KGN 25 / 61-6910) at Kurunegala bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල උතුර ඩිපෝවට අයත් ලටෙක් කෙස්කෝ බඳ සහිත ටාටා 1210 වර්ගයේ බස් රථයකි. ඉන්දියාවේ නිෂ්පාදිත TATA 1210 චැසියකට ලටෙක් සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව බඳ එකලස් කර මෙම බස් රථ නිපදවා ඇත. 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් වී ඇති මෙම රථ ලංගම මධ්‍ය වැඩපොළවල් පුද්ගලීකරණය කිරීමෙන් පසු එකලස් කල මුල්ම බස් රථ වේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.