Showing posts with label live. Show all posts
Showing posts with label live. Show all posts

Monday, October 28, 2019

සජීව ලිපිය: 2019 ඔක්තෝබර් මස 28 දින ප.ව. 8.38 ට බොරැල්ල මංසන්ධියේ දී.

This photo was taken on October 28, 2019 in Colombo 08, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full size picture.
ශ්‍රී ලං.ග.ම. අංගොඩ ඩිපෝව මගින් උපයා ගෙවීමේ පදනම මත මිලදී ගත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ ආසන 50 ක් සහිත මෙම බස් රථයේ (AG 68 /ND-9452) මාර්ග අංක 154 යටතේ බම්බලපිටියේ සිට බොරැල්ල දක්වා සංචාරය කිරීමට මා හට අවස්ථාව ලැබුණි. වැඩි පිරිසකට අසුන් ගැනීමේ හැකියාවත් ආසන අතර එහා මෙහා ගමන් කිරීමට වැඩි ඉඩ පහසුවත් නිසා කොළඹ නගරයේ තදාසන්න මාර්ග සඳහා මෙම රථ වඩා යෝග්‍ය බව ප්‍රත්‍යක්ෂ විය. කෙසේ නමුදු ඉදිරියේ දී මෙම රථය වෙනත් දුර සේවාවක් වෙනුවෙන් යොදා ගැනෙනු ඇත.

මගීන්ට පහසු මෙවැනි රථ යොදා ගනිමින් කොළඹ නගරයේ තදාසන්න මාර්ග ආවරණය කරමින් මගී ජනතාවට වඩාත් හොඳ සේවාවක් ලබාදීම සඳහා ප්‍රවාහන බලධාරීන්ගේ අවධානය යොමුවේවායි පතමි.

සටහන
උත්පල දිල්හාන්

Thursday, June 14, 2018

සජීව ලිපිය: 2018 ජුනි මස 13 දින ප.ව. 3.25 ට මාතලේ නගරයේ දී.

This photo was taken on June 13, 2018 in Matale, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
1999 වසරේ ධාවනයට එක්වී ඇති ලටෙක් බඳ සහිත මෙම ටාටා LP 1510/52 බස් රථ මේ වන විට දැක ගැනීමට හැක්කේ ද කලාතුරකිනි. එහෙත් අද දින මාතලේ නගරයට පැමිණි මාහට නගර මධ්‍යයේ පිහිටි බස් නැවතුම්පොළ අසල දී වසර 18ක සේවා කාලයක් ඉක්මවූ මෙම සමකාලීනයන් දෙදෙනා (ML 18 / 63-4841 සහ ML 19 / 63-4846) එකවර දක්නට ලැබුණි.

Friday, June 1, 2018

සජීව ලිපිය: 2018 ජුනි මස 01 දින ප.ව. 3.30 ට කොළඹ 02 නවම් මාවතේ දී.

This photo was taken on June 01, 2018 in Colombo 02, Western, LK, using a HUAWEI BLL-L22.
Click for the full size picture.
2005 වසරේ එංගලන්තයෙන් සුනාමි ආධාර ලෙස ලංගමට ලැබුණු මෙම ECW බඳ සහිත ලේලන්ඩ් ෆ්ලීට්ලයින් වර්ගයේ බස් රථයේ (RL 61 / NA-0781) නැගී එංගලන්ත ජාතිකයෙකු සමඟ කොළඹ නගර සංචාරයක යෙදීමට අද දින මා හට වාසනාව උදා වුණි. එංගලන්තයේ සිට විශාල මුදලක් වැය කොට ඔහු හුදෙක්ම පැමිණ තිබුනේ මෙම රථයේ සංචාරයක් යාමටය. මේ වන විට අප රටේ සංචාරකන්යන් ප්‍රවාහනයට ඉතා ආකර්ශනීය බස් රැසක් තිබියෙදීත් ඔහු මේ බස් රථය තෝරා ගැනීමට හේතුව පිළිබඳව මා තොරතුරු සොයා බැලුවෙමි.

1980 වසරේ එංගලන්තයේ ලේලන්ඩ් සමාගම මගින් නිපදවූ චැසියක් සහිත මෙම බස් රථය බල ගැන්වෙන්නේ Gardner වර්ගයේ එන්ජිමකිනි. මෙහි බඳ සකසා ඇත්තේ ECW නොහොත් Eastern Coach Works මගිනි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ වන විට මෙම මාදිලියෙන් ලොව ධාවන තත්වයේ පවතින එකම බස් රථය මෙය වීමයි. එංගලන්තයෙ සංරක්‍ෂිත බස් රථ තිබුනද ඒවා ධාවන තත්වයේ නොමැති බවයි සැල වූයේ. 1980 නිපදවූවද මෙම රථය සතුව බැලුන අවලම්බක පද්දතියක් පවතිනවා. ඒවා හුලං පිරී සක්‍රීය වන්නේ රථයේ එන්ජිම පණ ගැන්වූ පසුවයි. එහෙයින් මෙහි ගැස්සීම් ඉතා අවමයි. කෙසේ නමුත් ඒ වන විට වායු සමන මෙම බස් රථ වලට හඳුන්වා තිබී නැහැ. ලංගම සමඟ අපට දැක ගත හැකි, 1987 වසරේ නිෂ්පාදීත ලේලන්ඩ් MCW බස් රථ මේවාට පසුව හඳුන්වා දුන් මාදිලියකි.
දැන් මෙම රථ අප රට සතු මනා සම්පතක්. මේවයේ වටිනාකම් හඳුනාගෙන ඒවායින් උපරිම ඵල ලබා ගන්නටත් අනාගත පරපුර වෙනුවෙන් මේවා සංරක්ෂණය කරගන්නටත් අප වග බලාගත යුතුයි.

- උත්පල -

Friday, February 9, 2018

සජීව ලිපිය: 2018 පෙබරවාරි මස 09 දින පෙ.ව. 9.15 ට බෞද්ධාලෝක මාවත ඩී. එස්. සේනානායක විද්‍යාලය අසල දී.

This photo was taken on February 09, 2018 in Colombo 07, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
හෙට දිනයේ (පෙබ. 10) පැවැත්වීමට නියමිත 2018 පළාත පාලන ආයතන ඡන්ද විමසීමේ රාජකාරී සඳහා ශ්‍රී ලංගම බස් 1500 ක් පමණ යොදාගන්නා බව වාර්තා වේ. මැතිවරණ රාජකාරි වෙනුවෙන් කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ පිහිටුවා ඇති කොළඹ දිස්ත්‍රික් මැතිවරණ මධ්‍යස්ථානයට වාර්තා කර ඇති ලංගම බස්රථ වලින් කොටසක් ඡායාරූපයේ දැක්වේ. කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස ආවරණය කෙරෙන සෑම ඩිපොවකින්ම පාහේ බස් රථ මෙම ස්ථානයට වාර්තා කොට තිබුණි. ඡායාරූපය ලබාගත්තේ එම අවස්ථාවේ මාර්ග අංක 154 යටතේ ධාවනය වූ රත්මලාන ඩිපෝවට අයත් NA-0774 දරණ දෙමහල් බස් රථයේ ඉහල මාලයේ සිටයි.

Wednesday, June 21, 2017

සජීව ලිපිය: 2017 ජුනි මස 21 දින ප.ව. 6.00 ට කොළඹ ම. බ. ක. පරිශ්‍රයේ දී.

This photo was taken on June 21, 2017 in Central Bus Stand, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
අද දින සවස කොළඹ ම. බ. ක. පරිශ්‍රයේ දී, රාත්‍රී 7.30 ට හැටන් බලා ධාවනය වීමට නියමිතව ගාල් කර තිබුණු මෙම, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ පළල් බඳ සහිත නවතම බස් රථය (HT 106 / NC-9529) දැකීමට ලැබීමෙන් මහත් සතුටක් ඇතිවිය. මුලින් 2x2 ආසන සැකැස්මට පැමිණි මෙම රථය, පළල් බඳෙන් වැඩි ඵලදායිතාවක් ලැබෙන පරිදි 3x2 ආසන සැකැස්මට ඩිපෝව මගින් සකසා තිබීමද සතුටට කරුණකි. ඒ අනුව දැන් මෙම රථය ආසන 54කින් යුක්තය. දැනට හැටන් ඩිපෝවට 10 ක් නුවරඑළිය ඩිපෝවට 04 ක් මහරගම ඩිපෝවට 04 ක් ආදී වශයෙන් කොටස් වශයෙන් ගෙවීමේ පදනම මත ඩිපෝවන් වෙත මෙම රථ ලබා දී ඇති බව සැලයි.