Wednesday, March 25, 2020

අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන්ට අදාළ ප්‍රවාහන සේවාවන් සඳහා සම්බන්ධ කරගතයුතු දුරකථන අංක

ලොව පුරා වසංගත මට්ටමෙන් පැතිරී යන කොවිඩ් 19 වෛරසය ශ්‍රී ලංකාව තුල පැතිරී යාම වැලැක්වීම පිණිස රජය මගින් එක් එක් ප්‍රදේශ සඳහා පොලිස් බල ප්‍රදේශ මට්ටමින් ඇඳිරි නීතිය පනවා ඇත. ඒ අනුව ශ්‍රී ලංගම බස් සේවා සීමා වී ඇත. ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන ප්‍රදේශ වලට අදාළව ඇඳිරි නීතිය ලිහිල් කරන සීමිත කාල සීමාවන් වල දී පමණක් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංගම සූදානමින් සිටී. එලෙස පොදු ප්‍රවාහනය භාවිත කෙරෙන මගීන් පහත කරුණු වෙත අවධානය යොමු කරවන ලෙස ශ්‍රී ලංගම ඉල්ලා සිටී
  • බස් රථයේ ආසන සංඛ්‍යාවෙන් හරි අඩකට නොවැඩි මගීන් ප්‍රමාණයක් නංවා ගැනේ.
                               ආසන 54 - මගීන් 27 දෙනයි
                               ආසන 49 - මගීන් 24 දෙනයි
                               ආසන 37 - මගීන් 18 දෙනයි
                               ආසන 33 - මගීන් 16 දෙනයි
                               ආසන 53 - මගීන් 26 දෙනයි
                               ආසන 58 - මගීන් 30 දෙනයි
                               ආසන 42 - මගීන් 22 දෙනයි
                               ආසන 28 - මගීන් 14 දෙනයි
  • සියලුම මගීන් මුඛ ආවරණ අනිවාර්යෙන් පැළඳ සිටිය යුතුය.
  • මගී පෝලිම් අතර මීටරයක සමාජ දුරස්තභාවය තබාගැනීම අනිවාර්ය වේ.
  • කිසිම මගියෙකුට සිටගෙන ගමන් කිරීමට අවසර නැත.
  • මගීන්ගේ දෑත් පිරිසිඳු කරගැනීම සඳහා සෑම බස් රථයකම විශබීජ නාශක දියර සැපයීම සිදුකෙරෙනු ඇත.
  • සෑම ගමන් වාරයකටම අනතුරුව බස් රථ විෂබීජ හරණය කෙරේ.
  • බස් පර්යන්ත දිනපතා විෂබීජ හරණය කෙරෙනු ඇත.
සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් හි නියුතු සේවක ප්‍රජාව වෙනුවෙන් මණ්ඩලය මගින් විශේෂ බස් රථ සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති අතර ඒවා පිලිබඳ පහත අංක විමසීමෙන් තොරතුරු ලබා ගත හැක.

කොළඹ -077 105 63 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර )
                077 105 63 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර )
ගම්පහ -  077 105 65 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර)
                  077 105 65 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර)
කළුතර 077 105 67 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර)
077 105 67 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර)
රුහුණ -077 105 68 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර)
077 105 68 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර)
මහනුවර -077 105 70 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර)
077 105 70 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර)
සබරගමුව - 077 105 75 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර)
077 105 75 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර)
නුවරඑලිය - 077 105 74 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර)
077 105 74 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර)
වයඹ - 077 105 72 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර)
077 105 72 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර)
ඌව - 077 105 77 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර)
077 105 77 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර)
රජරට -077 105 79 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර)
077 105 79 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර)
නැගෙනහිර - 077 105 82 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර)
077 105 82 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර)
උතුර - 077 105 81 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර)
077 105 81 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර)
ශ්‍රී ලංගම -077 105 60 32 - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන)
077 105 60 34 - ප්‍රධාන මෙහෙයුම් අධිකාරී

සියළු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් ගමන් බිමන් සීමා කරමු! රජය මගින් ලබාදෙන  සෞඛ්‍ය පිළිවෙත් පිළිපදිමු! ජාතියක් ලෙස එක්වී වසංගතය පරදවමු!

2 comments:

  1. මහත්තයා ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඉහල පෙලේ නිලධාරියෙක්ද?

    ReplyDelete
    Replies
    1. නැත.. මා ලංගමට පරිබාහිර අයෙක්මි.

      Delete