Showing posts with label URO. Show all posts
Showing posts with label URO. Show all posts

Monday, April 19, 2021

Ashok Leyland Viking 193 Hinopower bus from SLTB Uva regional office

This photo was taken on October 03, 2018, in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Uva regional office, Ashok Leyland Viking  193 Hinopower bus (URO 03 / NA-1097) in the Badulla depot premises. Acquired to the SLTB Thanamalwila depot in 2005. Recently taken by the regional office and re-powered with a new engine. This photo was taken in October 2018 while it was allocated for the services between Badulla and Colombo under route number 98. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඌව ප්‍රාදේශීය කාර්යාලයට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 හිනෝපවර් වර්ගයේ බස් රථයක් බදුල්ල ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා 2005 වසරේ ශ්‍රී ලංගම තණමල්විල ඩිපෝවට ලබා දී ඇති රථය පසුකාලීනව ධාවන අවශ්‍යතා මත මෙලෙස ඌව ප්‍රාදේශීය කාර්යාලයට පවරාගෙන ඇත. නව ටර්බෝ එන්ජින් කට්ටලයක් බද්ධ කර උස් ඇන්ද සහිත ආසන සකසා රථය මෙලෙස දුර සේවා සඳහා යෝග්‍ය වන පරිදි අලුත්වැඩියා කර ඇත. 2018 වසරේ ඔක්තෝබර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 98 යටතේ බදුල්ල හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි. ඒ වන විට දුර සේවා වල නියුතු වූ පැරණි බස් රථ අතලොස්සෙන් එකකි.

Monday, April 29, 2019

Latec Kesco TATA LP 909/36 staff bus from SLTB Uva regional office (URO)

This photo was taken on March 19, 2019 in Monaragala, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on March 19, 2019 in Monaragala, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Uva regional office Latec Kesco TATA LP 909/36 staff bus (63-1308) in the Monaragala depot premises. Body built by Kesco (pvt) Ltd. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඌව ප්‍රාදේශීය කාර්යාලයට අයත් ලටෙක් කෙස්කෝ ටාටා LP 909/36 වර්ගයේ සේවක ප්‍රවාහන බස් රථයක් මොණරාගල ඩිපෝ පරිශ්‍රයේ දී. 1998 වසරේ කෙස්කෝ සමාගම මගින් බඳ එකලස් කල මෙම බස් රථය එවකට ඌව බස් සමාගම හා එක් වී ඇත. ලටෙක් සමාගම මගින් පූර්වයෙහි ගෙන්වූ කොටස් උපයෝගී කර ගනිමින් එවකට රජයට පවරාගෙන තිබුණු කෙස්කෝ සමාගම මගින් එකලස් වී ඇති මෙම රථය, ඒ යටතේ එකලස් වූ අවසාන බස් රථයයි. ඌව බස් සමාගම යටතේ සුදු වර්ණයෙන් ධාවනයට එක් වී ඇති රථය මුල් අවධියේ සිට මේ දක්වාම පරීක්‍ෂක මහතුන් ඇතුළු ලංගම සේවක ප්‍රජාවගේ අවශ්‍යතා වෙනුවෙන් පරිහරණය වේ.

Wednesday, April 4, 2018

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Uva regional office

This photo was taken on February 25, 2018 in Poruwadanda, Western, LK, using a Samsung Galaxy J7.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Uva regional office, 54 seater Ashok Leyland Viking Tubro bus (URO 04 / NC-0434) at Poruwadanda. Playing to Badulla from Alutgama. (Photo by: Sachintha Madushan) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඌව ප්‍රාදේශීය කාර්‍යාලය යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් පෝරුවදණ්ඩ ප්‍රදේශය පසුකරමින්. රථය අලුත්ගම සිට බදුල්ල බලා ධාවනය වන අවස්ථාවකි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ලැබුණු බස් රථයකි. ඡායාරූපය: සචින්ත මදුශාන්

Wednesday, April 22, 2015

CTB bodied Mercedes-Benz LP 312/32 staff bus from SRILANGAMA Uva regional office

This photo was taken on October 06, 1989, in Badulla, Uva, LK.
Click for the full-size picture.
SRILANGAMA Uva regional office, CTB bodied Mercedes-Benz LP 312/32 staff bus (23ශ්‍රී3915) in the Baddulla depot premises in 1989. The bus acquired to the CTB fleet in 1970. Photo by: K. P. Ariyadasa / Special thank goes to: Kavissara Sanjeewa) -- ශ්‍රීලංගම ඌව ප්‍රාදේශීය මණ්ඩලයට අයත්, ලංගම බඳ සහිත මර්සිඩීස්-බෙන්ස් LP 312/32 වර්ගයේ බස් රථයක් 1989 වසරේ බදුල්ල ඩිපෝ පරිශ්‍රයේ දී. ලංගම විසින් වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1970 වසරේ ධාවනයට එක් කල බස් රථයකි. මෙම ඡායාරූපය ලබාගන්නා අවස්ථාව වන විට භාවිතා වී ඇත්තේ ජංගම පරීක්ෂක රථයක් ලෙසය. පූර්ණ අලුත්වැඩියාකින් පසු ඡායාරූපය ලබාගෙන තිබේ. ඡායාරූපය: කේ. පී. ආරියදාස මහතා / ඡායාරූපය අප වෙත එවන ලද්දේ: කවිස්සර සංජීව මහතා.

Friday, November 29, 2013

Mercedes Benz LP 312/32 tow truck from SLTB Uva regional office

This photo was taken on November 28, 2013 in Keppetipola, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Uva regional office, Mercedes Benz LP 312/32 tow truck (24ශ්‍රී8578)n the Keppetipola depot premises. Acquired to the CTB in 1973. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඌව ප්‍රාදේශිකයට අයත්, මර්සිඩීස් බෙන්ස් LP312/32 වර්ගයේ දොඹකර රථයක් කැප්පෙටිපොල ඩිපෝ පරිශ්‍රයේ දී. මර්සිඩීස් බෙන්ස් සමාගමේ බලපත්‍ර සහිතව ඉන්දියාවේ ටාටා සමාගම මගින් නිමවා ඇති රථය 1973 වසරේ ලංගම හා සේවයට එකතු වී ඇත.

This photo was taken on November 28, 2013 in Keppetipola, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.