Showing posts with label LakdiwaWO. Show all posts
Showing posts with label LakdiwaWO. Show all posts

Thursday, December 31, 2015

Greatwall Staff bus from Ekala Lakdiwa workshop

This photo was taken on December 30, 2015 in Ekala, Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
This photo was taken on December 30, 2015 in Ekala, Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Ekala Lakdiwa Engineering (pvt) Ltd. (Government owned / Previously SLTB Ekala workshop) owned Greatwall staff bus (61-9401) in the workshop premises. Body built by Ceyno Automobile (pvt) Ltd. -- ශ්‍රී ලංකා ප්‍රවාහන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක වන ඒකල ලක්දිව ඉංජිනේරු (පුද්ගලික) සමාගම (මුලින් ශ්‍රී ලංගම ඒකල වැඩපොළ) සතු ග්‍රේට්වෝල් වර්ගයේ සේවක ප්‍රවාහන බස් රථයක් වැඩපොළ පරිශ්‍රයේ දී. මෙම වැඩපොළ පුද්ගලික අංශය යටතේ තිබියෙදී 1994 වසරේ සිනෝ ඔටෝමොබයිල් (Ceyno Automobile) නම් සමාගමක් විසින් චීනයෙන් ආනයනය කල තට්ටු (chassis) මත මෙම බස් රථ නිමවා ඇත. මුල් කාලීනව ශ්‍රී ලංගම ඩිපෝ  රැසක් යටතේ මේවා ධාවනයට එක් වූ අතර පසු කාලීනව ඒවායින් සමහරක් උතුරු ප්‍රදෙශිකයට යවා ඇත. ගියර් පෙට්ටි, එන්ජින් දෝෂ සහ අමතර කොටස්  පිලිබඳ ගැටළු  මේවා  ඉක්මනින්ම ධාවනයෙන් ඉවත්වීමට හේතු වශයෙන් සැලකේ. මෙම බස් රථ බොහොමයක් ශ්‍රී ලංගම මගින් වෙන්දේසි කිරීමෙන් පසු පුද්ගලික අංශය යටතේ වෙනත් එන්ජින් පද්ධති බද්ද කර ධාවනය වූවද දැන් ඒවාද දැක ගත හැක්කේ කලාතුරකිනි. කෙසේ වෙතත් දැනට ප්‍රවාහන අමාත්‍යංශය යටතේ ධාවනයේ පවතින්නේ මෙම බස් රථය පමණක්ම විය හැක. මුල් වර්ණ රටාවන් නොමැති වූවද මෙම බස් රථයේ මුල් පෙනුම තවමත් බොහෝ සෙයින් සුරැකිව තිබීම සතුටට කරුණකි. මෙම බස් රථය මෙම තත්වයෙන් පවත්වාගෙන යන ඒකල ලක්දිව වැඩපොළේ කළමනාකාරතුමන්ලා ඇතුළු සේවක මහතුන්ට ලංගම බස් අඩවියේ ප්‍රණාමය. 

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on December 30, 2015 in Ekala, Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.

ග්‍රේට්වෝල් බස් රථ හඳුන්වා දුන් සමයේ පුවත්පතක පළ වූ දැන්වීමකින් උපුටාගත් පින්තූරයකි.

Saturday, January 25, 2014

Supply division - Ekala Lakdiwa workshop

This photo was taken on November 14, 2013 in Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Ministry, Ekala Lakdiwa workshop, Mercedes-Benz LP 322/42 supply service vehicle (23ශ්‍රී0685) at Ja-Ela . A classic CTB bodied bus converted as the service vehicle. Currently re-powered with a TATA engine. -- ශ්‍රී ලංකා ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති ඒකල ලක්දිව ඉංජිනේරු (පුද්.) සමාගමට (පූර්වයෙහි ලංගම ඒකල මධ්‍යම වැඩපොළ) අයත්, මර්සිඩීස්-බෙන්ස් LP 322/42 වර්යේ සම්පාදන සේවා රථයක් ජ-ඇල දී. ලංගම බඳ සැකසු බස් රථයක්, මෙලෙස සම්පාදන සේවා රථයක් ලෙස පරිවර්ථනය කර තිබේ. රථයට වර්තමානයේ ජවය සැපයෙන්නේ ටාටා එන්ජිමක් මගිනි.

Tuesday, January 22, 2013

CTB bodied Leyland Comet bus from Ekala Lakdiwa workshop

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Ekala Lakdiwa Engineering (pvt) Ltd. (Government owned / Previously SLTB Ekala workshop) owned, CTB bodied Leyland Comet staff bus (23ශ්‍රී3872) at Kataragama. -- ශ්‍රී ලංකා ප්‍රවාහන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක වන ඒකල ලක්දිව ඉංජිනේරු (පුද්ගලික) සමාගම (මුලින් ලංගම ඒකල වැඩපොළ) සතු ලේලන්ඩ් කොමට් වර්ගයට අයත් සේවක ප්‍රවාහන බස් රථයක් කතරගම දී. 1971 වසරේ ලං.ග.ම. මගින් බඳ එකලස් කොට ධාවනයට එක්වූ බස් රථයකි. සෑම වසරකම දෙසැම්බර් 31 දින ශ්‍රී ලංගම මගින් සංවිධානය කෙරෙන පහන් පූජා පිංකමට සහාභාගී වීම සඳහා සේවක මහතුන් ප්‍රවාහනය කල අවස්ථාවකි.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.