Showing posts with label 1210+dimo. Show all posts
Showing posts with label 1210+dimo. Show all posts

Saturday, June 8, 2024

Dimo TATA LP 1210/52 bus from SLTB Wariyapola depot

This photo was taken in 2005 in Wariyapola, Wayamba, LK.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Wariyapola depot, Dimo TATA LP 1210/52 bus (61-8675) at the Wariyapola bus stand in 2005. This photo is copyrighted to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වාරියපොළ ඩිපෝව යටතේ ධාවනය වූ ඩිමෝ ටාටා LP 1210/52 බස් රථයක් 2005 වසරේ වාරියපොළ බස් නැවතුමේ දී. ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් මෙරටදී බඳ එකලස් කර 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කර ඇති රථය එයින් වසර 12 කට පසු මෙලෙස දිස් වී ඇත. 2004 වසරේ සැප්තැම්බර් මස ශ්‍රී ලංගම නැවත පිහිටවූවද, බස් සමාගම් යුගයේ පැවති කහ පැහැය ඡයාරූපය ලබාගන්නා අවස්ථාව තෙක්ම පැවතී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Tuesday, December 25, 2018

Dimo TATA LP 1210/52 bus from CMBC Moaratuwa depot

This photo was taken in 2004 in Moratuwa, Western, LK.
Click for the full size picture.
CMBC (Colombo Metropolitan Bus Company. Now SLTB, Sri Lanka Transport Board) Moratuwa depot, Dimo TATA LP 1210/52 bus (MR 23 / 62-0098) at the Moratuwa bus stand in 2004. This photo is copyrighted to the respective photographer. -- ක. මේ. බ. ක. (කලම්බෝ මොට්‍රෝපොලිටන් බස් කම්පැනි. වර්තමාන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය)  මොරටුව ඩිපෝව යටතේ ධාවනය වූ ඩිමෝ ටාටා LP 1210/52 බස් රථයක් 2004 වසරේ මොරටුව බස් නැවතුමේ දී. ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් මෙරටදී බඳ එකලස් කර 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කර ඇති රථය එයින් වසර 10 කට පසු මෙලෙස දිස් වී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Sunday, February 23, 2014

Dimo TATA LP 1210/52 modified bus from SLTB Hoarana depot

This photo was taken on December 01, 2013 in Horana, Kalutara, Western, LK, using a Samsung S5230W
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot Dimo TATA LP 1210/52 modified bus (HR 46 / 62-0552) at the Horana bus stand. Body repaired and modified by the Elaka Lakdiwa workshop. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත් ඩිමෝ ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් හොරණ බස් නැවතුමේ දී. 1994 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ බඳ ඩිමෝ ලංකා සමාගම මගින් මෙරටදී එකලස් කර ඇත. විවිධ හේතුන් මත මෙම වර්ගයේ බස් රථ බොහොමයක් මේ වන විට ධාවනයෙන් ඉවත්ව ඇත. මෑත කාලීනව ඒකල ලක්දිව වැඩපොළේ සිදුකළ පූර්ණ බඳ අලුත්වැඩියාවකින් පසු මෙම බස් රථය මෙලෙස නැවත ධාවනයට එකතු කොට තිබේ. අලුත්වැඩියාවේ දී රථයේ මුහුණත මුල් පෙනුමට යම් වෙනස්කම් සිදු කොට ඇති බව නිරීක්‍ෂණය වේ.

Friday, March 15, 2013

Dimo TATA LP 1210/52 bus from SLTB Balangoda depot

This photo was taken on March 08, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot Dimo TATA LP 1210/52 bus (61-8531) in the depot premises. Body built by Dimo Lanka Auto-assembly LTD. Acquired in 1994 in PTS (Now SLTB) service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ඩිමෝ ටාටා LP 1210/52 බස් රථයකි. ටාටා LP 1210/52 තට්ටුවක් (chassis) යොදාගෙන ඩිමෝ ලංකා සමාගම මගින් මෙහි බඳ (body) නිපදවා ඇත. 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය හා එකතු වන මෙම බස් රථ බොහොමයක් විවිධ හේතු නිසා මේ වනවිට ධාවනයෙන් ඉවත්ව ඇත. බඳ අධික බරකින් යුක්ත වීම නිසා තට්ටුවට දැරිය නොහැකි වීම, යකඩ බඳ ඉක්මනින් දිරායාමට ලක්වීම වැනි හේතු ප්‍රධාන වේ. කෙසේ වෙතත් බලන්ගොඩ ඩිපෝවට අයත් මෙම බස්  තවමත් ඉතා හොඳ තත්වයෙන් ධාවනයේ යෙදේ. ඉදිරිපස ප්‍රධාන ලාම්පු පමණක් පසුකාලීනව වෙනස් කොට ඇත.

ඡායාරූප හා තොරතුරු ලබාගැනීමේදී උපරිම සහාය ලබාදුන් බලන්ගොඩ ඩිපෝ අදිකාරී තුමා (ඩබ්. කේ. ගුණතිලක මයා), ඩිපෝ ඉංජිනේරුතුමා (අයි. ඇම්. ඇස්. බණ්ඩාර මයා), ඩිපෝ ෆොර්මන් (නයන ප්‍රදීප් මයා) තාක්ෂණ ශිල්පී (පද්මකුමාර අබේසිංහ බණ්ඩාර) යන මහත්වරුන්ට විශේෂ ස්තූතිය.

This photo was taken on March 08, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This photo was taken on March 08, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

ඩිමෝ (dimo) බස් රථ හඳුන්වා දුන් සමයේ පුවත්පතක පළ වූ දැන්වීමකින් උපුටාගත් (මුල් පෙනුම) පින්තූරයක්.