Friday, March 15, 2013

Dimo TATA LP 1210/52 bus from SLTB Balangoda depot

This photo was taken on March 08, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot Dimo TATA LP 1210/52 bus (61-8531) in the depot premises. Body built by Dimo Lanka Auto-assembly LTD. Acquired in 1994 in PTS (Now SLTB) service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ඩිමෝ ටාටා LP 1210/52 බස් රථයකි. ටාටා LP 1210/52 තට්ටුවක් (chassis) යොදාගෙන ඩිමෝ ලංකා සමාගම මගින් මෙහි බඳ (body) නිපදවා ඇත. 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය හා එකතු වන මෙම බස් රථ බොහොමයක් විවිධ හේතු නිසා මේ වනවිට ධාවනයෙන් ඉවත්ව ඇත. බඳ අධික බරකින් යුක්ත වීම නිසා තට්ටුවට දැරිය නොහැකි වීම, යකඩ බඳ ඉක්මනින් දිරායාමට ලක්වීම වැනි හේතු ප්‍රධාන වේ. කෙසේ වෙතත් බලන්ගොඩ ඩිපෝවට අයත් මෙම බස්  තවමත් ඉතා හොඳ තත්වයෙන් ධාවනයේ යෙදේ. ඉදිරිපස ප්‍රධාන ලාම්පු පමණක් පසුකාලීනව වෙනස් කොට ඇත.

ඡායාරූප හා තොරතුරු ලබාගැනීමේදී උපරිම සහාය ලබාදුන් බලන්ගොඩ ඩිපෝ අදිකාරී තුමා (ඩබ්. කේ. ගුණතිලක මයා), ඩිපෝ ඉංජිනේරුතුමා (අයි. ඇම්. ඇස්. බණ්ඩාර මයා), ඩිපෝ ෆොර්මන් (නයන ප්‍රදීප් මයා) තාක්ෂණ ශිල්පී (පද්මකුමාර අබේසිංහ බණ්ඩාර) යන මහත්වරුන්ට විශේෂ ස්තූතිය.

This photo was taken on March 08, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This photo was taken on March 08, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

ඩිමෝ (dimo) බස් රථ හඳුන්වා දුන් සමයේ පුවත්පතක පළ වූ දැන්වීමකින් උපුටාගත් (මුල් පෙනුම) පින්තූරයක්.

10 comments:

  1. මේ මොඩලයේ බස් මට හොඳට මතක ඕකේ තියන පතන්දර දොරෙන් මාව වැටෙන්න ගිය නිසා එක පාරක් , මුල්ම කාලෙ ආපු මොඩලයේ බස් වල ෆුට් බෝඩ් එකේ සැහෙන සෙනඟක් යන්න පුලුවන් අපේ හිතවත් කොන්දොස් තර මහත්තයෙක් විහිලුවට කීවේ එයා කලින් වැඩකල ලංගම කොටයේ යන්න පුලුවන් සෙනඟ මේකේ ෆුට් බෝඩ් එකේ විතරක් ගිය හැකි කියලා

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. මේ බස් රථ වල දොර ඉතා පළලින් යුක්තයි.. :D

      Delete
  2. ඉදිරිපස ලාම්පු පරිගණක ආධාරයෙන් බද්ද කර මුල් පෙනුම ලබාගෙන ඇත. yANNA PEHEDILI KARANNA

    ReplyDelete
    Replies
    1. ප්‍රධාන ලාම්පු මේ ලිපියේ තියෙන පින්තූර වල වෙනස් කරලා නැහැ. ඔය තියෙන්නේ පින්තූර ගන්නකොට ඔකේ තිබුන රවුම් ලයිට්. මම පරිගණක ආධාරයෙන් ඔරිජිනල් ආපු කොටු ලයිට් බද්ද කරල දාපු පින්තූරේ තියෙන්නේ අපේ facebook පිටුවේ! :)

      Delete
  3. suba pathum sahadaraya.

    mama hamadama balana web page ekak thamai meka.

    jaya wewa

    ReplyDelete
  4. Me bus eka wada kare rassagala-balangoda root eke me bus eka mata kawadawath amataka wenne na

    ReplyDelete
    Replies
    1. මම මේ පින්තූරේ ගන්න පැය දෙකක් විතර ඩිපෝවේ හිටිය.. බස් එක රිපෙයාර් එකකට දාල තිබ්බේ. ඒක ඉවර වෙනකන් හිටිය බස් එක වටින නිසා.. :)

      Delete
  5. Dennam me bus eke keliwath nethuwa athi
    Depot ekatama thiyenne ekama eka dimo bus ekai
    62-1554 witharai
    Mn hithanne denata ctb eke duwana ekama dimo bus eka eka

    ReplyDelete
    Replies
    1. මෙම වර්ගයේ ඩිමෝ 1210 එකදු බස් රථයක් මේ වන විට ලංගම යටතේ ධාවනයේ නොමැත. එහෙත් ඔබ පවසන 62-1554 වර්ගයේ ඩිමෝ 1313 වර්ගයේ බස් කීපයක් දැනට ධාවනයේ ඇත.

      Delete