Sunday, February 24, 2013

Park Royal bodied AEC Routemaster Double-decker bus from SLTB Maharagama depot

This photo was taken on February 20, 2013, in Maharagama depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot ex London Transport Routemaster double-decker bus (MH 48 / 60ශ්‍රී6605) in the depot premises. Body built by Park Royal Vehicles. Acquired to the Srilangama fleet in 1988 as an aid by the United Kingdom. At the time of taking the photo in February 2013, the bus was parked in the engineering section of the depot for repairs. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත් රූට්මාස්ටර් වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයේම එංගලන්තයේ නිෂ්පාදිත මෙම බස් රථ මුල් කාලීනව ලන්ඩන් ට්‍රාන්ස්පෝර්ට් යටතේ (ex London Transport) සේවය සපයා පසුව ආධාරයක් වශයෙන් 1988 වසරේ ශ්‍රීලංගම හා එක්වී ඇත.  ඒ යටතේ මෙම වර්ගයේ බස් රථ 50 ක් ලංගමට ලැබී ඇත. මෙම බස් රථයක මගීන් 64 දෙනෙකුට ගමන් පහසුව සලසාගත හැක. 2013 වසරේ පෙබරවාරි මස ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් ඩිපෝ ඉංජිනේරු අංශයට ගෙනැවිත් තිබුණු අතර ඉතා ඉක්මනින් ධාවනයට සැපයීමට නියමිත බව ඩිපෝ ඉංජිනේරුතුමන් අප සමඟ පැවසීය.

20 January 2021 update -- 2021 ජනවාරි 20 යාවත්කාලීනය
This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Later, this bus was repaired and under the year-end repair project of 2020, it has been repaired and made operational. The photo was taken while it was parked near the Galle face green in Colombo under the year-end repair project. After the relevant repairs, the bus was used for temporary coverage of the Route No. 122.-- පසුකාලීනව මෙම බස් රථය අලුත්වැඩියා කර ධාවනයට සැපයූ අතර 2020 වසරේ දී වර්ෂ අවසාන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ ද අලුත්වැඩියා කර ධාවනයට සපයන ලදී. 2020 වසරේ දෙසැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ අලුත්වැඩියාවෙන් පසු කොළඹ ගාළුමුවදොර පිටිය අසල ප්‍රදර්ශනය වෙනුවෙන් නවතා තිබුණි. අදාළ අළුත්වැඩියාවන්ගෙන් පසු බස් රථය මාර්ග අංක 122 යටතේ අවිස්සාවේල්ල හා මහරගම අතර තාවකාලික ගමන්වාර ආවරණය වෙනුවෙන් යොදවා තිබුණි.  

10 comments:

  1. Replies
    1. ow. meka hadala paarata aawa nam thawath niyamayi.. :)

      Delete
  2. RT, RTW වලට වඩා මේක ප්‍රමාණයෙන් විශාලයි නේද?

    ReplyDelete
    Replies
    1. පළලින් තරමක් වැඩිය. එන්ජින් ධාරිතාව වැඩිය.

      Delete
  3. Has it now got a bigger (taller) engine? The bonnet looks very odd.

    ReplyDelete
    Replies
    1. May be bonnet not fixed properly. Because the bus under a repair

      Delete
  4. Mekaka man gihillama ne.. Yanna asai uda thattuwaka.. denatath nuwara-kadugannawa ekak tiyanawa neda??

    ReplyDelete
    Replies
    1. ow! YT depot eken duwanne. YT depot click karala balanna "depots" kiyana page ekata gihilla. bus eka athi! :)

      Delete
  5. What engine is in this Routemaster please?

    ReplyDelete
  6. මේම පිටුව තුලින් ලබාගත් විස්තර අනුව විනෝද චාරිකාවක් සදහා තට්ටු දෙකේ බස් රථ ලබා ගැනීමට 24.08.2018 දින රත්මලාන ඩිපෝව වෙත අපි ගියමු. අද එම සියලුම බස් රථ වලට අත්වි ඇති තත්වය ගැන ඇති වුයේ මහත් කනගාටුවකි.

    ReplyDelete