Monday, April 30, 2012

SLCTB bodied ISUZU BF 50 bus from SLTB Udahamulla depot

This photo was taken  April 30, 2012  in Nugegoda, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken  April 30, 2012  in Nugegoda, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla depot, 1980 SLCTB bodied ISUZU BF 50 bus (UM 44 / 29ශ්‍රී1099) at Nugegoda bus stand. Awaiting to leave for Nawarohala (Sri Jayawardhanapura hospital) under the route number 259.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල ඩිපෝවට අයත් ඉසුසු BF50 වර්ගයේ බස් රථයක් නුගේගොඩ බස් නැවතුම් පොළේදී. ජපානයෙන් ආනයනය කරන ලද ISUZU BF 50 තට්ටු (chassis) මත ශ්‍රී ල.ම.ග.ම. මගින් මධ්‍යම වැඩපොළ වලදී බඳ එකලස් කර, මෙම වර්ගයේ බස් රථ මෙරටදී නිමවා ඇත. මෙම බස් රථය 1980 වසරේ මාර්තු මස 28 වන දින උඩහමුල්ල ඩිපෝවට ලැබී ඇත. ශ්‍රී ලංගම රථ ඇණියේ මෙම වර්ගයේ බස් රථ වලින් ධාවන තත්වයේ පවතින එකම බස් රථයද මෙය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 259 යටතේ නුගේගොඩ හා නවරෝහල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken  April 30, 2012  in Nugegoda, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken  April 30, 2012  in Nugegoda, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 22, 2012 in Nugegoda, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 22, 2012 in Nugegoda, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Air cleaning unit -- රථයේ වායු පිරිසිදු කරන ඒකකය රථය තුල පිහිටීම විශේෂත්වයකි. ගංවතුර ආපදා අවස්ථා වලට මුහුණ දුන් බස් රථ වල එංජිමට හානි වීම හේතු කොට ගෙන, මුලින් ඉදිරි පස රෝදය අසල සවි කොට පැමිණි මෙම ඒකකය මෙලෙස බස් රථය ඇතුලතට සවි කිරීමට එවකට ලංගම ඉංජිනේරු මහත්වරුන් විසින් තීරණය කොට ඇත.
This photo was taken on August 22, 2012 in Nugegoda, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

43 comments:

  1. මට මතක විදියට ලංකාවෙ හැසාර්ඩ් සිග්නල් ඉස්සෙල්ලම දකින්න ලැබුනෙ මේ බස් වල. ඒ වෙනකොට ජපන් වාහන ඒ තරං දකින්න තිබ්බෙ නෑ. පාරවල් වල දිව්ව හොඳම වාහන තිබුනෙ ලංගම, සතොස, සමුපකාර, තෙල් සංස්ථාව වගේ රජයේ ආයතන වලට.

    [වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලොත් කොමෙන්ට් දාන්න ලේසියි].

    ReplyDelete
    Replies
    1. ඔව්.. පුද්ගලික බස් වල ඒකාධිකාරය නිසා අද ලංගම මෙහෙම උනාට ඉස්සර ලංගම කියන්නේ රටේ ඉහලින්ම තිබුන ආයතනයක්..

      ස්තුතී ඔබේ කමෙන්ටුවට

      වර්ඩ් වෙරිෆිකේෂන් ඉවත් කරන ලදී.. :)

      Delete
  2. api podikale me bus mane tibbe.. :( e kale ctb bus ma tamai parata giyoth.. meke layland bus tamai godak tibbe..meke bell 1ka, seats,
    engine 1ken mara smell 1kak anawa..tama matakai :).. driver seat 1ka laga loku pettiyak tibba (pettagamak wage).. loku mirror 1kak tika..

    ReplyDelete
  3. Battry pettiya kiyanne e kale api iskole yanakota yanna aasama karapu thana Driver ta passen thiyana hodama seat eka... thamath e kaleta yanna aasai.... Season eka apita thibuna watinama de una...
    E kale nam maarai... Bus thibbe nathi unath dan tharam...
    Bus wala wada karapu ayath apita eyalage lamaita wage salakaddi.. thibichcha lengathukama thama mathakai.. e kale thibuna mahathma sewaya aththatama gaurawaniiyayi... Langama nawatha Nagitinawa nam me nara walen apeth full help langamata...

    ReplyDelete
    Replies
    1. පුද්ගලික බස් කඩ වල ආක්‍රමණයත් එක්ක මුළු බස් කර්මාන්තයම බාල්දු උනා.. ඒ ගැන නම් හිතනකොට පුදුම දුකක් ඇතිවෙන්නේ.. :/

      Delete
  4. 1976-1981 කාලයේ මේ වර්ගයේ ISUZU බස් රථ රාශියක් මීතොටමුල්ල ඩිපෝව සතුව තිබුණා එකල පාසල් ශිෂ්‍යයකු වූ මා හට මතක යි. ඒවායින් සමහරක් මාර්ග අංක 1 කොළඹ-මහනුවර අතර ධාවනයට යොදා තිබුණා. මාර්ග අංක 131 විජේරාම-වැල්ලම්පිටිය (දැන් මහරගම-වැල්ලම්පිටිය) මාර්ගයේත් මේ බස් වර්ගය තමා ධාවනය වුණේ. මේ බසයේ එන්ජින් ශබ්දයට මා ඉතා ප්‍රිය කළා. :-)

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදී.. මීතොටමුල්ල තලංගම වගේ ඩිපෝවල තිබුනා..මේක මමද ප්‍රිය කරන බස් රථයක්.. අවාසනාවට මෙන් දැන් ලංගම සතුව මේ බස් නෑ.. ධාවන තත්වයේ තිබෙන එකම බසය තමයි මේ UM 44

      Delete
    2. ඇත්තෙන්ම. මටත් ඉතාම ප්‍රියජනකයි මෙහි එන්ජිමේ ශබ්දය. තලංගම ඩිපෝවෙත් සැළකිය යුතු බස් රථ ප්‍රමාණයක් තිබුණා මේ වර්ගයේ. 174 කොට්ටාව-බොරැල්ල මාර්ගයේ ධාවනය උනා.

      මට දැනෙන විශේෂ දෙයක් නම් මෙම ඉසුසු බස් රථ වල බලය [අපි කියන්නෙ මාර පිකප් කියල :)]තරමක් වැඩියි. ඒ ඉතින් මට හිතෙන හැටි වෙන්නත් ඇති.

      Delete
    3. ඔව්.. ඔය ඉසුසු බස් ඒ වෙනකොට තිබුණු අශෝක් ලේලන්ඩ් බස් වලට වඩා බොහෝ උසස් ගුණාංග වලින් යුතු වෙලා තිබිල තියෙනවා.. පවර් ස්ටීයරින් නැති උනාට හැරවීමටත් ඉතා පහසුයි ලු..

      Delete
    4. මෙි එන්ජින් එකෙ හඩ කිසිම වාහනයක හඩට සමකරන්න බැහැ මෙිකෙ හෝන් එකත් ඒ වගේ

      Delete
  5. niyamama bus eakak meaka..... iskolea yanna aasama bus eakak meaka..eakalea mea bus hama eakakma aluth wadiya kalea wearahara work shop eakea........ eaka akkara [mata mathaka vidihata] siya ganaka work shop eakak... eakea electrical shop eaka vitarak tamai dan oya r.m.b licen denna aran tiyennea... eakenma hita ganna work shop eaka kochchara lokuda kiyala.... major repair eakakata may bas eakak aawahama eaka eaka. section walin eavith eagollanta adala kotas galawageana yanawa...passea work shop eakea hadal tiyana extra kotas geanath hikarala wadea iwara karanawa...ara mulin galawapuwa extra vidihata stors wala tiyanawa...puduma wada godak karapu tanak....4000k seawakayo wadakarapu thanak...langamata awashya hama deayakma meakea haduwa..........................meaka gana kiyanna giyoth dawas gaanak kiwwahaki..........kohoma unath oya may karana wadea itamath hondai... may gana wadi visthara ona nam amathanna..0757406379

    ReplyDelete
    Replies
    1. එකල ලංගමට තිබුණු සම්පත් විනාස වීම නම් බොහොම කණගාටුදායක කාරණයක්. අදටත් ලංගම සතු දේපොළ විවිධ පාර්ශව විසින් අල්ලනවා. ලංගම ට මෙසේ වීමට ප්‍රධාන හේතුව ප්‍රයිවට් බස් කඩ වල ආක්‍රමණය තමයි. ඒත් දැන් ලංගම වැනසීමේ පව ගෙවන්න වෙලා තියෙන්නේ වර්තමාන අහිංසක මගී ජනතාවට. :(
      කොහොම උනත් ඔබේ අගයකිරීම ගැන ස්තූතී.. :)

      Delete
  6. Wennanppuwa, halawatha depo walata anuyukthawa me wage bus thiyanawa mage hithe.api iskole yanakale machan, thibuna wennappuwen oya wage bus godak dala.Eth oya wage parana ewwa godak yakada walata wikka man hithanne,amma German teck eke nam yanawa lamai aran man dakala tiyanawa.mona unat mahansiyata godak sthuthi, deyak kiyanda one, umba SLTB wada karana kenek nam, bahutharayak welawata CTB hondai, podi aulakata tiyanne samahara bus allandat hirikithai , ath alenawa jarawa nisa, ekata puluwan nam wisandumak yojana karahan.ethakota honda sewayaka labei.thnx

    ReplyDelete
  7. මේ වගේ ISUZU බස් තාමත් දුවනවා නිට්ටඹුව-රුවන්වැල්ල(348)පාරේ.එ සේරම ලංගමේන් දුවන්න බැ කියල බස් මුදලාලිලාට වෙන්දේසි කරපු බස්.ඒත් ඒවා තාමත් සුපිරි තත්වෙන් දුවනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්.. මේ බස් පසුකාලීනව ලංගම වෙන්දේසි කළා.. බොඩි හොඳ හයිය නිසා මුදලාලිලා ඇරගෙන හදාගෙන ප්‍රයිවෙට් බස් කඩ විදිහට ධාවනය වෙනවා.. මේක විතරයි දැන් ලංගම තියෙන්නේ...

      Delete
  8. Matath puduma ashawak denenne me bus photo dakkama. mage issara hobby eka tamai bus wala model hadana eka. Me ISUZU bus eka mama mulinma dekke ASnuradhapura stand ekedi. Route No 4 colombo wa\alin apu Meetotamulla Bus ekak.

    Thanks or updates

    ReplyDelete
    Replies
    1. ස්තූතී ඔබේ අගයකිරීමට. මේ බස් වර්ගය මමත් බොහොම කැමති බස් වර්ගයක්. අවාසනාවට වගේ මේ තමයි ලංගමට තියෙන අන්තිම බස් එක. මේ බස් ලැබුනේ සීමිත ඩිපෝ ගණනකට විතරයි. මීතොටමුල්ල, උඩහමුල්ල, තලංගම, යටිනුවර වගේ ඩිපෝ..

      Delete
  9. Me ape pare yana bus eka! :) podi kale scl giyeth meke. Dan office yanneth meke. Meka dakinakota aththatama sathutui. Thawa parampara godakata me bus eke yanna labewa!!

    ReplyDelete
    Replies
    1. oyaage paarata labila thiyenne niyama bus eka.. :)

      Delete
  10. පරණ යාලුවෙක් කාලෙකට පස්සේ දැක්කා වගේ.

    ඉස්සර ඉසුසු බස් වැඩිපුර තිබුනේ මීතොටමුල්ල, අංගොඩ , තලංගම, මට්ටක්කුලිය, යටිනුවර ඩිපෝ වල. නුවර කොලඹ බස් සේරම වගේ දිව්වේ මට්ටක්කුලිය ඩිපෝ වෙනුයි යටිනුවර ඩිපෝ එකෙනුයි. දැන් දකින්න නැතිඋනාට ඉස්සර කොලඹ නගරයේහොඳ ලංගම බස් සේවාවක් තිබුන. මාර්ග අංක 103 නාරහේන්පිට - කොටුව, 152 අංගොඩ පිටකොටුව බස් සේරම ඉසුසු බස්. මොන හේතුවක් නිසාද දන්නේ නැහැ, ගම්පහ දිස්ත්‍රිකයේ එක ඩිපෝවකටවත් ඉසුසු බස් තිබුනෙ නැහැ. මට තාමත් මතකයි අපේ පවුලෙ කට්ටිය රත්නපුරේ බාප්පලගෙ ගෙදර ගියේ MM 200 දරපු මීතොටමුල්ල ඩිපෝවෙ බස් එකක.

    උත්පල මල්ලිගෙ බ්ලොග් පිටුව හරි අපූරුයි. ඔබට ජය.

    ReplyDelete
  11. me wage tawa isuzu ekak udahamulla depot eke tibuna UM46 dan eka nadda ethakota.. aparade.mata mathaka me model eke bus tamai 23-7321/23-9172 yatinuwara/ 29-4243/ meke podi bus model ekath yatinuwarata tibuna.. aye leyland eka wage issarahinma dora tiyana model ekakuth tibuna...

    ReplyDelete
    Replies
    1. මේකත් අතහැරලා තියෙද්දී තමයි, විදානපතිරණ මහත්තයා ගොඩ දාල තියෙන්නේ. අනෙක් බසය වෙන්දේසි වෙලා ඇති අනිවාරයෙන්ම. :(

      Delete
  12. ඉස්සෙලම ස්තූති කරන්ට ඕනේ මෙවාගේ බ්ලොග් එකක් ලියන්න පටන් ගත්ත එකට. නියම වැඩක්.. මමත් හරිම ආසයි ලංගම බස් වලට. විශෙෂයෙන් පරන ඒවාට (23,29,30 හා 60 ශ්‍රි කාණ්ඩයේ ඒකල, මාතලේ වැනි වැඩපළවල බොඩි සාදන ලද බස් රථ වලට ) මම දැන් ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ..මම පාසැල් ගියේ 1980, 1994 කාලයේ නුවර, කටුගස්තොට. මාගේ ගෙවල් තිබුනේ පේරාදෙණිය පාරේ, මුල්ගම්පල. ඒ දවස්වල මම ගොඩක් වෙලාවට බස් දෙකක් ගන්නවා ඉස්කෝලේට යන්'ට. ඒ නිසා මම හොඳට බස් වල ගිහින් තියෙනවා. බස් වලට තියෙන ආසාව නිසාම ඒ දවස් වල නිතරම මහනුවර ඩිපෝවල බස් වර්ග ගැන අවධානයෙන් බලන්ට පුරුදුව හිටියා. මධ්‍යම පළාතේ වැඩි හරියක් දිව්වේ ටාටා සහ ඉසුසු බස්. ඊට අමතරව අශොක් ලේලන්ඩ් බස් (මාගේ ප්‍රියතම බස් රථ වර්ගය )කිහිපයකුත් ධාවනයට යොදා තිබුනා. ලේලන්ඩ් බස් කීපය අයිතිව තිබුනේ මහනුවර උතුර, මාතලේ, දඹුල්ල හා ගම්පොළ ඩිපොවලට. යටිනුවර ඩිපෝවට ඉසුසු බස් රාශියක් හා මහනුවර උතුර ඩිපෝවට ඒවායින් කීපයකුත් තිබුනා මතකයි. ඒ දවස් වල කඩුගන්නාව-මහනුවර මාර්ගයේ යටිනුවර ඩිපොවෙන් ධවනය කරපු සේරම බස් සේරම ඉසුසු වර්ගයේ ඒවා. මහනුවර උතුරට හා මහනුවර දකුණට පරන ලේලන්ඩ් මොඩ්ල් එකට සමානව බොඩිය තිබුන ටාටා බස් ගොඩාක් තිබුනා. මගේ මතකේ හැටියට ඒ මොඩල් එකේ බස් කුරුණෑගල උතුර හා දකුණ සහ මාතලේ ඩිපෝවලටත් දීලා තිබුනා. මම වැඩිහරියක් ඉස්කෝලේ ගියේ ඒ ජාතියේ බස් වල. මහනුවර දකුණට තමයි මේ බස් වැඩි ප්‍රමාණයක් තිබුනේ නගර සේවා සඳහා. අකුරණ-පේරාදෙණිය, පිළමතලාව-දුම්බරසරසවිය, පැනිදෙණිය-කටුගස්තොට හා මහනුවර උතුරින් මහනුවර-හෑදෙණිය යන මාර්ගවල මෙවා ධාවනය වුනා. මට හිතෙන හැටියට පින්තුරෙකටවත් ඒවාගෙන් එකක්වත් ඉතුරුවෙලා නෑ දැන්.

    ReplyDelete
    Replies
    1. ඔබේ අගය කිරීමට ස්තූතියි. පිටරට ඉන්න ලංගමට ආදරය කරන අය මේ අඩවිය නැරඹීම ගැන සතුටුයි. ඔබේ අදහස් අනුවත් ඔබ ලංගම ගැන උනන්දුවක් දක්වපු කෙනෙක් බව පෙන්වා. ඔබ නිවැරදී. දැන් පැරණි බස් බොහොමයක් නැහැ. ඡායාරූප පවා සොයා ගැනීමට අපහසුයි. කොහොම උනත් ලැබුනොත් අඩවියට දමන්නම්.. :)

      Delete
    2. @ Vajira අකුරණ-පේරාදෙණිය, පිළමතලාව-දුම්බරසරසවිය, පැනිදෙණිය-කටුගස්තොට හා මහනුවර උතුරින් මහනුවර-හෑදෙණිය යන මාර්ගවල මෙවා ධාවනය වුනා. Ewata kiwwe kola kawaya kiyala. Bade kola paata pasu bimak ethulatha 1, 2 wage number tibuna. Mema bus wargaya TATA eke issaraha dorak tibuna driver ta athin arinna puluwan. Mema wargaye bus ekak mama danna widihata thaama Kandy South wala tiyanawa.(29 sri 17,19,20,21 wage number tibune, Pasu kaleta private bus widihata 154 route eke diwwa.1998)
      Oba kiwwa wage Yatinuwara depot ekata ISUZU bus rashiyak tibuna. Ewage Thani dore bas tibuna. YT 104, YT 103 thama mathakai. mewage issaraha wam peththe dash board eke gediya wage ekak tibuna. Oba wagema ewage sadde ta mamath asa
      kala.

      @ Uthpala Obage me adawiya gena sathutuwenawa. Pictures hamba unoth ewannam. mamath podi kale CTB bus walata asa karapu kenek.

      Delete
    3. ඒ ගෙඩිය මම හිතන්නේ air cleaner එක

      Delete
  13. උත්පල
    අහන්නත් දුකයි ලංගම තිබුන මේ ඉසුසු වලින් එකයි දුවන තත්වයෙ තියෙන්නෙ කියලා.මම ඉස්කෝලෙ යනකාලෙ තමයි ඉසුසු ආවෙ,1974/5 විතර හරිම අවුරුද්ද මතක නෑ.මට්ටක්කුලිය ,මීතොටමුල්ල,තලංගම ඩිපෝ වල තිබුනා.අනික් බස් වලට වඩා අපිට පෙනුන විශේශය ත්මයි මේවයෙ තිබුන හාෆ් කම්ප්‍රෙශන් ලීවර් එක ඒක උඩට දාල ස්ටාටර් මෝටරය ක්‍රියාකරනගමන් ලීවර් එක පහලට දාල එන්ජිම ස්ටාට් කරනව, ඉස්කෝලෙ යන අපිට මේක හරි මැජික්.ලස්සන ඩෑශ් බෝඩ් එකකුත් තිබුනා.හැමදාම කනට හුරුවෙලා තිබුන ලේලන්ඩ් එන්ජිමේ සද්දෙට වඩා කනට වෙනස් බීට් එකක් තිබුනා. පස්සෙ ජර්මන් ටෙක් එකට ගිහින් මගෙ ලංගම රස්සාව පටන්ගත්තෙ යටිනුවර ඩිපෝවෙන්. ඒක ඒ වෙනකොට 1981 අලුත් ඩිපෝ එකක් අලුත් ඉසුසු ගොඩක් තිබුනා.මම බස් එලවන්න පුරුදු වුනෙත් මේ BF 50 කඩුගන්නාව පල්ලමේ එලවල.ඒ වෙනකොට ලංගම තිබුන බස් වලින් බ්‍රේක් සහ ස්ටියරිං හොඳම බස් ඉසුසු.පවර් ස්ටියරිං නොවුනට තනි අතින් හරවන්න පුලුවන් තරම් .කලින් ආපු ලොට් එකේ එන්ජිම DA 120. එකෙ පොඩි පොඩි ප්‍රශ්න වගයක් Dහිබුනා ඒත් ජපන්නු ඇවිත් ඒවට පිලියම් යොදල තිබුන.පස්සෙ ඒව DA 640 .ඔය ජපන් බොඩි බස් ටිකක් තිබුන එලවන්න හරිම ආසයි.මෙව්වයෙ තිබුන එකම අවුල පලවෙනි දෙවෙනි ගියර් කන්ස්ටන්ට් මෙශ්.අනිත් ඒවා සිංක්‍රෝමෙශ්. අකෙ ඉඳන් දෙකට මාරු කරන්න ක්ලච් එක දෙපාරක් පාගන්න ඕන.බස් එකේ පිකප් එකත් හොඳයි.ෆුල් ලෝඩ් ඉසුසු එකක් කඩුගන්නාව නගිනව 3 වෙනි ගියර් එකේ සමහර තැන් වලදි විතරක්සෙකන්ඩ් එකට දාන වෙනව ගල ලඟ වංගුවෙ වගෙ.එන්ජිමක් හොඳට නඩත්තු කලොත් කි.මී.150000 විතර යනව.ලංගම තිබුන බස් වලින් හෝන් වල සද්දෙන් බස් එක අඳුරගන්න පුලුවන් ඉසුසු විතරයි. පස්සෙ කාලෙක මේවට 6BD1 එන්ජින් යෙදුවා.ලංගම බස් වල ඉස්සෙල්ලම Hazard Lights,,\ Signal and Head light combination switch එහෙම තිබුනෙ ඉසුසු වල.

    ReplyDelete
    Replies
    1. මට මේ බස් එක්ක අත්දැකීම් තියෙන්නේ මම කුඩා කාලයේ. එතරම් කුඩා වෙලත් මේ බස් වල සද්දේ මට අද වගේ මතකයි. අදටත් මම මේ බස් වලට ගොඩක් ආසයි. ඉතින් ඔබ වගේ මේවා එක්ක අත්දැකීම් තිබෙන අයට මොන වගේ ආසාවක් ඇතිද. ඔබව ලංගම බස් අඩවියේ දැකීම සතුටක්. ඔබේ අදහස් වලට ස්තූතියි! :)

      Delete
  14. YT 21අපේ පාසැල් බස් සගයා කවදා,කොහොම අමතක කරන්නද ......

    ReplyDelete
    Replies
    1. මේ වර්ගයෙන් දැන් යටිනුවර ඩිපෝව සතුව තිබෙන්නේ කාර්මික සේවා රථයක් පමණි. :(

      Delete
    2. YT 21 photo ekak mage langa thiyenawa, danna danne nehe

      Delete
  15. UM වල මේ වගේ තව එකක් තිබුනා .. වැඩ කලේ 121 (උඩහමුල්ල, රත්තනපිටිය, දෙල්කඳ, කට්ටියහන්දිය,නුගේගොඩ . 1993 දි විතරත් තිබ්බා .. ඊට පස්සේ මොනව වුනාද දන්නේ නැහැ .. UM 44 හැමදාම වගේ දකිනවා ... ඇති වෙන්නේ පුදුම සතුටක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව්. මේ බස් එක දැක්කම හිතට එන සතුට වෙන දේ කින් නම් ලැබෙන්නේ නැහැ. <3

      Delete
  16. මම ඉන්නේ බදුල්ලෙ. අම්මගේ ගම මිරිහාන. අපි පොඩිකාලේ කොළඹ ආවම නව රෝහල බස් වල නිතරම යනවා. දැනුත් එහෙමයි. මේ බස් එකෙත් අනන්තවත් යන්න ඇති. ඇත්තන්ම මේ බස් සුරැකිය යුතුයි. ලංගමයට කෞතුකාගාරයක් හදන්න බලධාරින් උනනදු නොවන්නේ ඇයි? උත්පල ඇත්තෙන්ම කරන්නේ ලංගම බළධාරින් කලයුතු දෙයක්. ලංගමය කියන්නේ අපේ දෙවැනි ගෙදර අවු.13 පාසල් ගියේ ලංගමේ. එ කාලේ තිබුනු බස් වලින් එක ගානෙවත් සංරක්ෂනය කරලා තිබුනනම් අදට කොචිචර අගේද? කහගොල්ල ලංගම වැඩපල ලගින් අවු.13 පාසල් ගියා. අද ගරා වැටෙන හැටි දැක්කම හරිම දුකයි. කැප්පෙටිපොල වැඩපොලත් එහෙමමයි. උත්පල මේවගේ ලංගමට අහිමි වු සමිපත් ගැනත් තොරතුරු හැකි අවස්ථාවල ඉදිරිපත් කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔව්! අපේ දේශපාලුවෝ ලංගමට කරපු හැටි තමයි ඒ. :'(

      Delete


  17. First of all , i was shock to see a blog on this subject and Thank you very much Upthpala for your great initiative. Was little upset if you give this up in future what will happen to this site - hope it won’t happen at least in my life :) , Excellent work !!

    Actually why I was surprised was , I was one of the great fan of SLTB busses when I was a small child or during my school ages. I never though like there are lots of other people with the same interest and same gratitude towards this subject. I was living in Tangle in late 80’s and 90’s. Those days Tangalle depot (TG) had 74 busses . I can remember some of the school busses we had. TG 24 ( 29 SRI 9231 ) was our school bus , Tangalle – Weeraketiya road. Then TG 15 , Walasmulla – Weeraketiya , TG 8 ( 29 Sri 8686 ) , the school bus of Tangalle Balika and so many.. Both TG8 and TG 24 were burnt out during the JVP season so they are no longer with us. That day I really felt I lost some of our own property . I was a 8 year boy at that time  .

    One more thing I remember ,those days I used to maintain an inventory of busses that I saw. Almost all buses of Tangalle Deport I’ve seen , may of Matara (MT) , Katharagama (KTG) , Ambalagthota (AT) , Hakmana (HM ? ) and some of Ratmalana (Colombo-Kataragama) buses I have seen. Good old days… I thought I was the only one who had that uncommon interest –but today I realize that it is not un-common.

    Anyways , thanks again Uthpala for your dedication and commitment to maintain this excellent site. Let us know how best we can help you out there.
    --- Thanks. Sanjaya

    ReplyDelete
    Replies
    1. Thanks a lot for your kind comments! Happy to see you on this site. if have any photos related to the sltb, send them to us. :sltbbus@hotmail.com

      Delete
    2. I was going through my comments that I made 5 years ago !...love to see the progress and the growth of the site . Excellent job Uthpala. Good luck

      Delete
  18. ස්තුතියි මේ ඉසුසු බස් රථය පිළිබඳව විස්තර ගෙනාවට.ඔයාල ඔක්කොටම අමතක වුනු කාරණාවක් තිබුන මේ මාදිලියේ ඉසුසු බස් රථ ඔයාල කියපු හැම ඩිපොවකම තිබුන. එත් මේ ඉසුසු බස් රථ පමණක් තිබුණු ඩිපෝවක් තිබුන ඒ ඇඹිලිපිටිය ඩිපෝව. මේ බස් වල බඳ පිම්බුණු එකක් සහ බඳ කෙට්ටු එකක් තිබුන.එයින් බඳ කෙට්ටු බස් තමයි ඔක්කොම ඇඹිලිපිටිය ඩිපෝවේ තිබුනේ. ඒ බඳ කෙට්ටු බස් එක හරි ගාම්භීරයි. 80 දශකයේ තමයි ඒවා ධාවනය වුනේ. එන්ජින් සද්දෙයි හෝන් සද්දෙයි හරි අපුරුයි. ඇඹිලිපිටිය ඩිපෝවේ පරණ බස් එකක් හරි තියනවනම් අලුත් වැඩියා කරලා කොළඹ ඇඹිලිපිටිය ධාවනයට එක් කරනවානම් ලොකු සතුටක්.

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. issara embilipitiya depowe mewa thamai thibune . tika kalakata passe original body thiyena (japan body) bus warin wara awa . issellama thni dora ekaka. ewa thibune colombo witharai. ita passe 60-3xxxx auto bus eka rear engine eta passe 60-6xxx manual gear thiyena ekak. eth ewa tika kalayai diwwe. eta passe thamai isuzu chessi walin wesco semi luxury . kohoma unath ctb eke thibuna hondama bus thamai isuzu

    ReplyDelete
  21. Mata mataki mama podi kala ma bus akada kohada 176 route aka giya,bus aka atula hi karala tiyana way pirisidu karana yantrYa isara usata bus aka atule hi karala tibuna,Akan hitapu gaman minisunta hachimak yanawa wagae chose gala loku sadayak anawA

    ReplyDelete