Showing posts with label PT. Show all posts
Showing posts with label PT. Show all posts

Wednesday, April 17, 2024

Ruby bodied TATA LP 1510/36 bus from SLTB Puttalam depot

This photo was taken on June 19, 2019, in Puttalam, Wayamba, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Puttalam depot, Ruby bodied TATA LP 1510/36 bus (PT 27 / GE-1494) at the Puttalam bus stand. The bus acquired to Wayamba bus company the fleet in 2001. This photo was taken in June 2019 while it was allocated for the services between Puttalam and Kaladiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පුත්තලම ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/36 බස් රථයක් පුත්තලම බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2001 වසරේ එවකට වයඹ  බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2019 වසරේ ජුනි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ පුත්තලම හා කල්අඩිය  අතර ධාවනයට යොදවා තිබුණි.

Friday, January 8, 2021

Latec TATA LP 1510/52 bus from SLTB Puttalam depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Puttalam depot Latec TATA LP 1510/52 bus (PT 08 / GE-7691) at the Galle face green. Body built by the Latec (pvt) ltd with Deuple Metsec (UK) and acquired to the WBC fleet in 2001. Here after a rehabilitation done by the depot workers under the 2020 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පුත්තලම ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1510/52 bus වර්ගයේ බස් රථයක් කොළඹ ගාළුමුවදොර පිටියේ දී. රථයේ බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර වැඩපොළේ දී නිමවා, 2000 වසරේ එවකට වයඹ බස් සමාගම් යටතේ ධාවනයට එක් කර ඇත. පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය. 2020 වසරේ මෙලෙස ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර ඇත්තේ බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේය. පසුකාලීන අළුත්වැඩියාවන් වලදී රථයේ පැති ජනේල වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Interior of the bus -- රථයේ ඇතුලත
This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.

Sunday, September 6, 2020

ACCL bodied Ashok Leyland Viking 193 modified bus from SLTB Puttalam depot

This photo was taken on June 19, 2019 in Puttalam, Wayamba, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Puttalam depot, ACCL bodied Ashok Leyland Viking 193 modified bus (PT 01 / 60ශ්‍රී5748) at the Puttalam bus stand. Body built by Automotive Coaches & Components Ltd (ACCL) according to the SLTB specifications. Acquired to the SLTB fleet in 1988. Allocated for the services between Kiwula and Puttalam. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පුත්තලම ඩිපෝව යටතේ ධාවනය වන ACCL බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් පුත්තලම බස් නැවතුම්පොළේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථයේ බඳ ශ්‍රීලංගම පිරිවිතරයන්ට අනුකූලව Automotive Coaches & Components Ltd හෙවත් ACCL සමාගම මගින් නිමවා 1988 වසරේ ධාවනයට එක් කර ඇත. පසුකාලීනව කරන ලද අලුත්වැඩියාවන් නිසා මෙම රථයේ මුල් පෙනුම සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කිවුල හා පුත්තලම අතර ධාවනයට යොදවා තිබුණි.

Friday, May 8, 2020

SLTB bus stand - Puttalam

This photo was taken on June 26, 2014 in Puttalam, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on June 26, 2014 in Puttalam, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Puttalam SLTB bus stand in June 2014. -- පුත්තලම ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති පුත්තලම  හා එරාවූර් ඩිපෝවන්ට අයත් බස් රථ 2014 වසරේ ජුනි මස 26 වන දින.

Saturday, November 2, 2019

Bharat bodied Ashok Leyland Viking Hinopower bus from SLTB Puttalam depot

This photo was taken on June 19, 2019 in Puttalam, Wayamba, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Puttalam depot, Bharat bodied Ashok Leyland Viking Hinopower, bus (PT 46 / NA-4384) in the depot premises. Body repaired by the SLTB Udubaddawa workshop recently. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පුත්තලම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් Hinopower, භාරත් බඳ සහිත බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2006 වසරේ ධාවනයට එක්ව ඇති මෙම බස් රථයේ බඳ මෑත කාලීනව ශ්‍රී ලංගම උඩුබද්දාව ප්‍රාදේශීය වැඩපොළ මගින් අලුත්වැඩියාකොට ඇත.

Wednesday, February 27, 2019

SLCTB bodied TATA LP 1210/52 bus from SLCTB Puttalam depot

This photo was taken in 1981 in Chilaw, Wayamba, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Puttalam depot, SLCTB bodied TATA LP 1210/52 bus (PT 41 / 23ශ්‍රී8137) in Chilaw. Photo by Dave Spencer. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම.ග.ම.) පුත්තලම ඩිපෝව යටතේ ධාවනය වූ, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේ 1978 වසරේ මෙරටදී බඳ එකලස් කරන ලද ටාටා TATA LP 1210/52 වර්ගයේ බස් රථයක් හලාවත දී. ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය මාර්ග අංක 814 යටතේ හලාවත බලා ධාවනය වී ඇත. ඡායාරූපය ඩේව් ස්පෙන්සර්.

Friday, July 15, 2016

Ashok Leyland Viking Hinopower bus from SLTB Puttalam depot

This photo was taken on June 26, 2014 in Puttalam, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Puttalam depot Ashok Leyland Viking Hinopower bus (NA-3873) near the Pattalam bus stand. The bus awaiting it's turn on the route 81 Kurunegala - Puttalam. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පුත්තලම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් පුත්තලම බස් නැවතුම අසලදී. රථය මාර්ග අංක 81 කාර්යාල සේවා යටතේ කුරුණෑගල හා පුත්තලම අතර ධාවනයට යොදවා තිබුණි . 2007 වසරේ ලංගම රථ ඇණිය හා එක්වී ඇත.

Saturday, September 20, 2014

Wesco TATA LP 1313/55 bus from SLTB Puttalama depot

This photo was taken on June 26, 2014 in Puttalam, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Puttalam depot, Wesco TATA LP 1313/55 bus (62-6329) in the depot premises. The bus acquired to the fleet in 1997. Rehabilitated and modified in 2014 by the Ekala Lakdiwa worskop. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පුත්තලම ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා LP 1313/55 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1997 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ බඳ, වෙස්කෝ සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර, ලංගම මධ්‍යම වැඩපොළේ දී නිමවා ඇත. පසුකාලීනව රථයේ බඳ අබලන් වීම නිසා ඒකල පිහිටි ලක්දිව වැඩපොළේ දී බඳ අලුත්වැඩියා කර 2014 වසරේ නැවත ධාවනයට එක් කර තිබේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ හලාවත හා පුත්තලම අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on June 26, 2014 in Puttalam, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on June 26, 2014 in Puttalam, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, July 2, 2014

SLTB breakdown service - Puttalam depot

This photo was taken on June 26, 2014 in Puttalam, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Puttalam depot, Mercedes-Benz LP 322/42 breakdown service vehicle (23ශ්‍රී0345) in the depot premises. Classic CTB bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පුත්තලම ඩිපෝවට අයත් මර්සිඩීස්-බෙන්ස් LP 322/42 වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1963 වසරේ ලංගම බඳ සැකසු බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත.

This photo was taken on June 26, 2014 in Puttalam, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, March 16, 2014

Ashok Leyland Viking HinoPower bus from SLTB Puttalam depot

This photo was taken on September 20, 2013 in Madampe, North Western, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Puttalam depot, Ashok Leyland Viking HinoPower bus (PT 76 / NA-3983) at Madampe. Playing from Puttalam to Colombo under the route No.04 Puttalam - Colombo. Photo by Bhanuka Pahan. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පුත්තලම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් හිනොපව්ර් වර්ගයේ බස් රථයක් මාදම්පේ ප්‍රදේශය පසු කරමින්. රථය 2006 වසරේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 04 යටතේ පුත්තලම සිට කොළඹ බලා ධාවනය වන අවස්ථාවකි. ඡායාරූපය: භානුක පහන්

Monday, November 18, 2013

Antony bodied TATA LP 1510/52 bus from SLTB Puttalam depot

This photo was taken on November 17, 2013 in Puttalam, Wayamba, LK, using a fujifilm finepix s2950
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Puttalam depot, Antony bodied TATA LP 1510/52 bus (PT 66 / NA-3305) at Puttalam. Photo by : Darshana Karunarathna. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) පුත්තලම ඩිපෝවට අයත් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් පුත්තලමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම හා ඒක වී ඇත. ඡායාරූපය: දර්ශන කරුණාරත්න

Monday, August 26, 2013

Modified Ashok Leyland Colombo Rider bus from SLTB Puttalam depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Puttalam depot, Ashok Leyland Viking Colombo Rider bus (PT 97 / 63-4566) at Kataragama.  Rehabilitated and modofied (in 2012) by the Puttalam depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පුත්තලම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් කලම්බෝ රයිඩර් වර්ගයේ බස් රථයක් කතරගම දී. 2000 වසරේ බහු ජාතික සමාගමක් මගින් මෙම බස් වල බඳ මෙරටදී නිපදවීම ආරම්භ කර ඇති අතර එහි ලාංකික නියෝජනය වී ඇත්තේ සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ද සිමෝ (Ceymo) සමාගමයි. මෑත කාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති මෙම බස් රථය 2012 වසරේ දෙසැම්බර් මස, පුත්තලම ඩිපෝ සේවක පිරිස විසින් පූර්ණ අලුත්වැඩියාවකට ලක්කර නැවත ධාවනයට එකතු කර ඇත්තේ, ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍ප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිසයි.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, April 27, 2013

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Puttalam depot

This photo was taken on January 18, 2013  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Puttalam depot, Ashok Leyland Viking Turbo 54 seater bus (NA-8962) at the Central bus stand (CBS), Colombo. Allocated for the services on the route No. 04 Puttalam - Colombo. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පුත්තලම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී. ආසන 54 කින් යුතු රථය මාර්ග අංක 04 ඔස්සේ පුත්තලම හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි. උපයා ගෙවීමේ පදනම මත 2011 වසරේ ඩිපෝවට ලබාගත් බස් රථයකි.

Monday, May 14, 2012

UTKAL bodied Ashok Leyland Viking bus from SLTB Puttalam depot

This photo was taken on May 01, 2012  in Battaramulla, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri lanka Transport Board (SLTB) Puttalama depot, UTKAL bodied Ashok Leyland Viking bus (PT 78 / NA-4051) at Battaramulla Koswatta. Playing on a special journey.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පුත්තලම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් බත්තරමුල්ල කොස්වත්තෙදී. මෙම බස් රථයේ බඳ (body) ඉන්දියාවේ UTKAL සමාගම විසින් නිපදවා ඇත. පිටුපසින් පැමිණෙන අනෙක් බසය බණ්ඩාරවෙල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වර්ගයේම බස් රථයකි. එහි බඳ සකසා ඇත්තේ ඉන්දියාවේ රූබි (RUBY) සමාගම මගිනි. මෙම රථ විශේෂ චාරිකාවන් සඳහා පැමිණි අවස්ථාවකි.