Showing posts with label metrobus+MCW. Show all posts
Showing posts with label metrobus+MCW. Show all posts

Sunday, November 21, 2021

MCW Metro double decker buses from SLTB Maharagama depot

This photo was taken in 2008 in Maharagama, Western, LK.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, MCW (Metro Cammell Weymann) Metro double decker buses (MH 160 / NA-0773 and MH 177 / NA-0771) in the depot premises. Built by Metro Cammell Weymann in 1988. Provided to the SLTB as a Tsunami aid by the British Government in 2005. The two buses were parked at the depot when the photo was taken in 2008 and both were allocated to route number 112 (Kotahena - Maharagama). The NA-0773 bus has now been transferred to the Polonnaruwa depot. Photo by: Andy Izatt  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වී ඇති MCW වර්ගයේ තට්ටු දෙකේ බස් රථ ද්විත්වයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1988 වසරේ බ්‍රිතාන්‍ය Metro Cammell Weymann සමාගම මගින් නිමවා ඇති මෙම බස් රථ 2005 වසරේ ශ්‍රී ලංගමට ලැබී ඇත්තේ බ්‍රිතාන්‍ය රජය විසින් ලබාදෙන සුනාමි ආධාරයක් වශයෙනි. ඒ යටතේ මෙම වර්ගයේ බස් රථ 14 ක් ලැබී ඇති අතර වෙනත් වර්ග වලින් බස් රථ 2ක් ලැබී ඇත. මහරගම ඩිපෝවට ලැබී ඇති මෙම බස් රථ ද්විත්වය 2008 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබී ඇති අතර ඒවා ධාවනය කරවා ඇත්තේ මාර්ග අංක 112 යටතේ කොටහේන හා මහරගම අතරය. NA-0773 බස් රථය පසුකාලීනව ශ්‍රී ලංගම පොළොන්නරුව ඩිපෝව වෙත මාරු කර යවා ඇති අතර NA-0771 බස් රථය ධාවනයෙන් ඉවත් වී ඇත. ඡායාරූපය:  Andy Izatt.

Our previous article on the NA-0773 bus operating under the SLTB Polonnaruwa depot. -- ශ්‍රී ලං.ග.ම. පොලොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන NA-0773 බස් රථය පිලිබඳ අප පෙර පළ ලිපිය.


Tuesday, December 22, 2015

MCW Metro Bus from SLTB Ratmalana Depot

This photo was taken on December 12, 2015 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rathmalana depot MCW (Metro Cammell Weymann) double decker bus (RL 56 / NA-0769) at Bambalapitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වන  MCW වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් බම්බලපිටියේ දී. මාර්ග අංක 101 යටතේ ගල්කිස්ස බලා ධාවනය වන අවස්ථාවකි. මෙම බස් එංගලන්ත ආධාර ලෙස 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබුණු බස් රථ වේ.

පෙරහැර වර්ණ රටාවන්ගෙන් අලංකාර වූ බස් රථය 2017 අප්‍රේල් මස 10 වන දින ඩිපෝ ඉනිනේරු අංශයේ දී.
This photo was taken on April 10, 2017 in Mount Lavinia, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, May 19, 2014

MCW Metro double decker bus from SLTB Polonnaruwa depot

This photo was taken on June 22, 2013 in Polonnaruwa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, MCW (Metro Cammell Weymann) Metro double decker bus (PL 130 / NA- 0773) in the depot premises. Built by Metro Cammell Weymann in 1988. Provided to the SLTB as a Tsunami aid by the British Government in 2005. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) පොළොන්නරුව ඩිපෝවට අයත් MCW වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1988 වසරේ බ්‍රිතාන්‍ය Metro Cammell Weymann සමාගම මගින් නිමවා ඇති මෙම බස් රථය 2005 වසරේ ශ්‍රී ලංගමට ලැබී ඇත්තේ බ්‍රිතාන්‍ය රජය විසින් ලබාදෙන සුනාමි ආධාරයක් වශයෙනි. ඒ යටතේ මෙම වර්ගයේ බස් රථ 14 ක් ලැබී ඇති අතර වෙනත් වර්ග වලින් බස් රථ 2ක් ලැබී ඇත. මුලින් මහරගම ඩිපෝවට ලැබී ඇති මෙම බස් රථය පසුකාලීනව මෙලෙස පොලොන්නරුව ඩිපෝවට ලබා දී ඇත. ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය නව නගරය හා කදුරුවෙල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on June 22, 2013 in Polonnaruwa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, October 19, 2013

MCW Metro double decker bus from SLTB Yatinuwara depot

This photo was taken on February 11, 2021, in Kadugannawa, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Yatinuwara depot, MCW Metrobus (NA- 0768) in the depot premises. Built by Metro Cammell Weymann in 1987. Provided to the SLTB as a Tsunami aid by the British Government in 2005. Rehabilitated by the SLTB Ekala Workshop in 2021. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යටිනුවර ඩිපෝවට අයත් MCW Metrobus වර්ගයේ දෙමහල් බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ  දී. 1987 වසරේ බ්‍රිතාන්‍ය Metro Cammell Weymann සමාගම මගින් නිමවා ඇති මෙම බස් රථය 2005 වසරේ ශ්‍රී ලංගමට ලැබී ඇත්තේ බ්‍රිතාන්‍ය රජය විසින් ලබාදෙන සුනාමි ආධාරයක් වශයෙනි. ඒ යටතේ මෙම වර්ගයේ බස් රථ 14 ක් ලැබී ඇති අතර වෙනත් වර්ග වලින් බස් රථ 2ක් ලැබී ඇත. මුලින් රත්මලාන ඩිපෝවට ලැබී ඇති මෙම බස් රථය පසුකාලීනව මෙලෙස යටිනුවර ඩිපෝවට ඒවා ඇත්තේ යටිනුවර ඩිපෝව සතුව තිබුණු 60ශ්‍රී6640 දරණ ලේලන්ඩ් රූට්මාස්ටර් වර්ගයේ බස් රථය විශේෂ ව්‍යාපෘතියක් වෙනුවෙන් රතමලාන ඩිපෝවට පවරා ගෙන ඇති නිසාය. එලෙස ලැබුණු බස් රථය කලක් මාර්ග අංක 690 යටතේ කඩුගන්නාව හා මහනුවර අතර ධාවනය වී ඇති අතර 2014 වසරේ කාර්මික හේතු මත ධාවනයෙන් ඉවත්ව ඇත. පසුව කළුදෑවල ලංගම වැඩපොලටත්, ඒකල ලක්දිව වැඩපොළටත් යැවුණු බස් රථය 2021 වසරේ මෙලෙස පුනරුත්ථාපනය කර ධාවනයට එක් කර ඇත්තේ  බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේය.


 This bus in August 2013 -- 2013 වසරේ අගෝස්තු මස ලබාගත් ඡායාරූප 
This photo was taken on August 29, 2013, in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Interior of the bus (upper deck) -- බස් රථයේ ඇතුලත (ඉහල තට්ටුව)
This photo was taken on August 29, 2013, in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Last update: 11 February 2021 -- අවසන් යාවත්කාලීනය: 2021 පෙබරවාරි 11

Saturday, May 5, 2012

MCW (Metro Cammell Weymann) double decker bus from SLTB Ratmalana depot

This photo was taken on February 23, 2011 in Dehiwala, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rathmalana depot MCW (Metro Cammell Weymann) double decker bus (RL 60 / NA-0779) at Dehiwala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත් MCW වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් දෙහිවල දී. මෙම බස් එංගලන්ත ආධාර ලෙස 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබුණු බස් රථ වේ. ඒ යටතේ මෙම වර්ගයේ බස් රථ 15ක් ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වී ඇත.

This bus with an advertisement -- මෙම බසය වෙළඳ දැන්වීමක් සමඟ (05-05-2012)
This photo was taken on May 05, 2011 in Kollupitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 05, 2011 in Kollupitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus (lower deck) -- බස් රථයේ ඇතලත (පහල තට්ටුව).
This photo was taken on May 05, 2011 in Kollupitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, February 12, 2012

City tour MCW Metro bus from SLTB Ratmalana depot

This photo was taken on February 7, 2012 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka transport Board (SLTB) Rathmalana depot MCW metrobus (RL 57 / NA-0775) in-front of the Anuradhapura railway station. -- ශ්‍රී ලංකා ගමගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත් 'MCW' වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් අනුරාධපුර දුම්රිය ස්ථානය ඉදිරිපිට දී . 2005 වසරේ එක්සත් රාජධානිය මගින් සුනාමි ආධාර ලෙස මෙම බස් රථ 15ක් ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. මෙහි වහලය විවෘත්ත කර සකසා ඇත්තේ ඩිපෝව මගිනි. ඡායාරුපය ලබාගන්නා අවස්ථාවේ 2012 දැයට කිරුළ ප්‍රදර්ශනයේ විශේෂ සේවා සඳහා යොදවා තිබිණි.

MCW metrobus (same bus - RL 57) at Oyamaduwa Dayatakirula (2012) exhibition  bus stop. --  මෙම බස් රථය දැයට කිරුල ප්‍රදර්ශන භූමියේදී.
This photo was taken on February 7, 2012 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, January 22, 2012

MCW Metro Bus from SLTB Ratmalana depot

This photo was taken on December 22, 2011, in Bambalapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Rathmalana depot MCW (Metro Cammell Weymann) double decker bus (RL 56 / NA-0767) at Bambalapitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වන  MCW වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් බම්බලපිටියේ දී. මාර්ග අංක 100 යටතේ පිටකොටුව බලා ධාවනය වන අවස්ථාවකි. මෙම බස් එංගලන්ත ආධාර ලෙස 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබුණු බස් රථ වේ.

Interior of the Bus (upper deck) බස් රථයේ ඇතුලත (ඉහල තට්ටුව)

This bus at the depot premises in February 2017 -- මෙම බස් රථය 2017 වසරේ පෙබරවාරි මස ඩිපෝ පරිශ්‍රයේ දී.