Friday, June 16, 2017

ගැජමැටික්ස් - ලිපි අංක 08 - ලේලන්ඩ් MCW වායු අවලම්බන පද්ධතිය (Air suspension unit of the MCW Metro bus)

This photo was taken on February 16, 2017 in Mount-Lavinia, Western, LK, using a HUAWEI BLL-L22.
Click for the full size picture.
1986 වසරේ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත MCW මෙට්‍රෝ වර්ගයේ දෙමහල් බස් රථයක වායු අවලම්බන (Air suspension unit) පද්ධතිය ඉහත රූපයේ දැක්වේ.  එම දෙමහල් බස් රථ වල ඇක්සල හා තට්ටුව අතර පිහිටන මෙවන් ඒකක හතරක් මගින් රථයේ කම්පන උරා ගැනීම සිදුවේ. මගීන්ට, වඩා සුවපහසු ගමන් අත්දැකීමක් ලබාදීම මේවායෙහි අරමුණයි. රථයේ එන්ජින් පණ ගන්වා නොමැති අවස්ථාවල දී මේවා හැකිලී පවතින අතර රථයේ එන්ජිම පණ ගැන්වීම සමඟ ස්වයන්ක්‍රීයව මේවාට වාතය පිරී බඳ ඉහලට එසවේ. මෙයට පිටතින් තවත් ඝන රබර් ආවරණයක් පිහිටන අතර එමගින් මෙයට ආරක්ෂාව සැපයේ. ටොන් ගණනක් බර දෙමහල් බස් රථයේ බඳ ඉහලට එසවීමට, මෙම පද්ධති සතු ජවය විශ්මයජනකය. වසර 30 ක් පමණ පැරණි මෙම බස් රථ වල පවතින මෙම අවලම්බන පද්ධතිය තරම් දියුණු අවලම්බන පද්ධතියක් අද ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා වන නවතම බස් රථයකවත් දක්නට නැත. 2005 වසරේ සුනාමි ආධාර ලෙස අප රටට ලැබුණු MCW වර්ගයේ බස් රථ 15 න් 5ක් පමණ දැනට රත්මලාන ඩිපෝව සතුව ධාවන මට්ටමේ පවතින අතර ඒවා වෙනුවෙන් විශේෂයෙන් ආනයනය කර ඇති මෙම ඒකකය රත්මලාන ඩිපෝ ගබඩා පරිශ්‍රයේ දී ඡායාරූප ගත කර ගැනීමට ලැබුණි. විශේෂ ස්තූතිය: රන්ජන් මහගෙදර මහතා (රත්මලාන ඩිපෝව)

වායු අවලම්බන පද්ධතියේ ආරක්ෂාවට ඇති ඝන රබර් ආවරණය
This photo was taken on February 16, 2017 in Mount-Lavinia, Western, LK, using a HUAWEI BLL-L22.
Click for the full size picture.
ඒකකයට වාතය පිරෙන සිදුර
This photo was taken on February 16, 2017 in Mount-Lavinia, Western, LK, using a HUAWEI BLL-L22.
Click for the full size picture.
ඒකකය බස් රථයක් තුල පිහිටන ආකාරය
This photo was taken on February 16, 2017 in Mount-Lavinia, Western, LK, using a HUAWEI BLL-L22.
Click for the full size picture.

No comments:

Post a Comment